යුරෝපා සංගමයෙන් ඉවත්වනවා නැද්ද යන්න තීරණය කිරීම සඳහා පැවති ජනමත විචාරණයෙන් බ්‍රිතාන්‍යයේ බහුතර ජනතාවක් ඊට සහය පළ කර තිබේ.
ඒ අනුව ලබා ගත යුතුව තිබු එක්කෝටි 68 ලක්ෂයක ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ඊට සහය පළ කළ පිරිසට හැකිව ඇත.
කොහොම වුණත් මෙසේ යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍ය ඉවත් වීමෙන් ශ්‍රී ලංකාව ඇතුළු ආසියාවේ රටවල් වල ආර්ථිකයට එක එල්ලේම බලපායි.
මේ හේතුවෙන් මෙම ඡන්ද විමසීම ශ්‍රී ලංකාවට අවාසිදායක තත්ත්වයක් ලෙස මේ සම්බන්ධ මත දරන්නන්ගේ අදහස වී තිබෙනවා.
මෙම පසුබිම තුළ බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයට එරෙහිව විශාල වශයෙන් පහත ගොස් තිබේ. අද දිනයේ දී බ්‍රිතාන්‍ය පවුම 11% කින් කඩා වැටී ඇති අතර මෙය පසුගිය දශක තුනක කාලය තුළ වාර්තා වූ අඩුම අගය ලෙසින් වාර්තා වේ.
අද උදෑසන සිට පවුමක වටිනාකම ඩොලර් 1.40 න් පහළ අගයක් කරා පැමිණීමට පටන් ගත් අතර එය ඩොලර් 1.35 දක්වා ත්, පසුව ඩොලර් 1.3224 ක් ලෙසත් පහත වැටී ඇත.