සංග්‍රාම භූමිය - 6

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සංග්‍රාම භූමිය - 6

    3JcxEdz.jpg

    නේටෝ සංවිධානයට අනුව යුරෝපය තුල ඔවුන්ට තිබෙන එකම අභියෝගය වන්නේ නූතන රුසියාවයි.රුසියාවේ ආක්‍රමණකාරී හැසිරීම හමුවේ නේටෝ සංවිධානය නොසන්සුන් වී තිබේ.රුසියාව ආක්‍රමණයක් දියත් කල හොත් යුරෝපයේ නේටෝ හමුදා දින 2ක් ඇතුලත පරාජය වන බවට ඇමෙරිකානු ආරක්ෂ අංශ ප්‍රධානියෙක් සිදුකල ප්‍රකාශය පසුගිය කාලේ දැඩි අවධානයට පාත්‍ර විය.යුද විශේෂඥයින්ගේ මතයද යුරෝපයේ නේටෝ බල ඇණි රුසියානු ආක්‍රමණයක් ව්‍යර්ථ කිරීමට ප්‍රමාණවත් නොවන බවයි.මෙවැනි වටපිටාවක් තුල නේටෝ සංවිධානය පෝලන්තයේ පවත්වන වාර්ෂික යුද අභ්‍යාසය ජූනි මස 6 වනදා වෝර්සෝ නගරයේදී උත්සවාකාරයෙන් ඇරඹිණි.මෙය ඇනකොන්ඩා 16 නමින් හඳුන්වන ලදි.

    6stUuFH.png
    ඇනකොන්ඩා 16 යුද අභ්‍යාසයේ සිතියම​

    මෙම යුද අභ්‍යාසය සඳහා ජාතීන් 24කින් 31,000කට වැඩි පිරිසක් සහභාගී විය.ඊට ඇල්බේනියාව,බල්ගේරියාව,කැනඩාව,ක්‍රොයේෂියාව,චෙක් ජනරජය,එස්ටෝනියාව,ෆින්ලන්තය,ජර්මනිය,හංගේරියාව,ලැට්වියාව,මැසිඩෝනියාව,පෝලන්තය,රුමේනියාව,ස්ලෝවැකියාව,ස්ලෝවේනියාව,ස්පාඤ්ඤය,තුර්කිය,එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය යන රටවල් ඇතුලත්විය.

    ඇනකොන්ඩා 16 යුද අභ්‍යාසයේ අවස්ථා කිහිපයක්




    පෝලන්තය සතු F-16 ප්‍රහාරක යානා ද්විත්වයක්


    rftpFJv.jpg





    පෝලන්තයේ Torun ප්‍රදේශයට ඉහල අහසේ සිට පොළොව වෙත ලඟාවන බ්‍රිතාන්‍ය,ඇමෙරිකා සහ පෝලන්ත පැරෂූට් භටයින්

    8Wz4IUs.jpg





    පෝලන්තයේ Wedrzyn හි නගරබද භූමියක ගුවන් මෙහෙයුමක නිරතවන සෙබලුන්

    60E6yUA.jpg





    පෝලන්තයේ ඉහළ අහසේ ගමන් කරන සන්නද්ධ ඇමෙරිකානු CH-47 Chinook හෙලිකොප්ටර් යානයක්

    kimYplh.jpg





    ඇමෙරිකානු සෙබලෙක් මෙහෙයුමක් අතරතුර

    56VBM4F.jpg





    එක්සත් ජනපද පාබල සෙබලුන් ,ගොඩබැස තිබෙන UH-60 Black Hawk හෙලිකොප්ටරයකට ආරක්ෂාව දෙමින්

    m6Fstz0.jpg





    ඇමෙරිකානු තුන්වන පාබල සේනාංක සෙබලුන් සිය යුද ටැංකියක් ආවරණය කර තිබෙන අයුරු

    e0uoieX.jpg





    පෝලන්ත සැහැල්ලු යුද ටැංකියක් තුවාල ලැබූ සෙබලුන් පිරිසක් ප්‍රතිකාර කිරීම සඳහා ගෙන යන අයුරු

    5HFmcEJ.jpg





    බ්‍රිතාන්‍යය සෙබලුන් සන්නද්ධ ජිප් රථයක ගමන් කරමින්

    Als3PlA.jpg





    බ්‍රිතාන්‍යය සෙබලුන් පෝලන්තයේ Swidwinහි නගරබද සංග්‍රාමික මෙහෙයුමක

    XQ0PdbA.jpg





    බ්‍රිතාන්‍යය සෙබලෙක් මෙහෙයුම් අතරතුර ආරක්ෂාව සපයන අයුරු


    OhFOuM6.jpg





    කැනේඩියානු සෙබලුන් ගොඩනැගිල්ලකට ඇතුලුවීමට එහි දොරක් පුපුරවා හරින අයුරු

    jM3PLln.jpg





    සෙබලෙක් .50 caliber මැෂින් තුවක්කුවකින් වෙඩි තබමින්

    PEJejkX.jpg





    පෝලන්ත සෙබලුන් සතුරන් සේ සැරසී සිටින ගොඩනැගිල්ලක් තුලට කඩා වැදීමට සූදානම් වන බ්‍රිතාන්‍යය සෙබලුන්

    snsZAzr.jpg





    පෝලන්තයේ Konotopහි අණදෙන ස්ථානයකට ආරක්ෂාව සපයන පෝලන්ත සෙබලෙක්

    FLMoxcz.jpg





    තුර්කි සෙබලුන් ගොඩනැගිල්ලක් පිටුපස

    zLCy9Be.jpg





    පෝලන්තයේ Pomorskieහි ඇමෙරිකානු සෙබලුන් M198 කාලතුවක්කුවකින් වෙඩි තබන අයුරු

    akWcS9j.jpg





    Paladin M109A6 කාලතුවක්කු පද්ධතිය ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටින ඇමෙරිකානු සෙබලෙක්

    mYghoOo.jpg





    High Mobility Artillery Rocket System (HIMARS) පද්ධතියක් ප්‍රහාර එල්ල කරමින්

    W2HlotP.jpg



    Source:businessinsider.com

    -HarshaLulzSec-