මිස්ටර් ක්ලීන් දැන් මොකද කියන්නේ..
රනිල්-අර්ජුන් කපෝතියි.! බැදුම්කර මගඩිය කෝප් කමිටුවේදී තහවුරුවෙයි.! පාඩුව බිලියන 1.6ක්.!
පසුගිය කාලය තුල මහත් ආන්දෝලනයට තුඩු දුන් ශ්රීලංකා මහබැංකුවේ බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් අද දින පාර්ලිමේන්තුවේදී රැස්වූ විශේෂ කෝප් කමිටුව හමුවේ එහි සියළු තොරතුරු අනාවරණය වී ඇත. විගණකාධිපතිවරයා විසින් සිදු කරන ලද පරීක්ෂණයට අනුව අද දින කෝප් කමිටුවට අදාල තොරතුරු ලැබී ඇත. එම වාර්තාවට අනුව 2015 පෙබරවාරි 27 දින බැදුම්කර නිකුතුවේදී වලක්වාගත හැකිව තිබූ රුපියල් 889,358,050 ක ඇස්තමේන්තුගත අවාසිය සහ 2016 මාර්තු 29 දින පැවති භාණ්ඩාගාර බැදුම්කර වෙන්දේසියේදී වලක්වාගත හැකිව තිබූ රුපියල් 784,898,755ක ඇස්තමේන්තුගත අවාසිය යන දෙකෙහිම එකතුව රුපියල් 1,674,256,805 ක ඇස්තමේන්තු ගත අවාසිය වලක්වාගැනීමට කටයුතු නොකිරීම පිළිබදව මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් වගකිවයුතු බව මේ අනුව තහවුරු වී ඇත.
විශේෂයෙන්ම මෙම පරීක්ෂණය විගණකාධිපතිවරයා සිදුකර ඇත්තේ ඔහුට පැවරී ඇති බලතල හා විෂය සීමාව තුල වන අතර ඉන් ඔබ්බට සාපාරාධී හෝ විගණකාධිපතිට නිගමනය කළ නොහැකි මට්ටමේ නීති විරෝධී කටයුතු මහබැංකුව තුල සිදුවී තිබේ නම් ඒවා මෙම පරීක්ෂාවට හසු නොවන හෙයින් එවැනි පරීක්ෂාවක් සම්බන්ධයෙන් විශේෂිතවූ ආයතනයන්හි සහය ලබාගෙන එය සිදු කිරීම සුදුසු බවට විගණකාධිපතිවරයා තහවුරු කොට ඇත.