Koenigsegg Regera කොඑනිග්සෙග් රෙගේරා
සුපිරි කාර් ගැන උනන්දු අයට නම් මෙයා හොඳට දන්න අදුනන යාලුවෙක් , මේ තමයි කොඑනිග්සෙග් රෙගේරා.
ලෝකයේ තියෙන සුපිරිතම ක්‍රීඩා මෝටර් රථ සමාගම් අතර වැජඹෙන නමක්නෙ ස්වීඩනයේ කොඑනිග්සෙග් කියන්නෙ.
රෙගේරා කියන්නෙ ස්වීඩන් වචනයක්, විකිපීඩියා එකට අනුව තේරුම "To Reign" එහෙම නැත්නම් "To Rule" කියන එක. සරලව ගත්තොත් පාලකය, රජ කියන්න පුලුවන්.
කොඑනිග්සෙග් එක පටන්ගත්ත දවසේ ඉඳලම තිබ්බ ලක්ෂණයක් තමයි ලෝකයේ මෝටර් රථ ක්ශේත්‍රයේ කළ නොහැකි කියල තිබ්බ දෙවල් කල හැකිය කියල ඔප්පු කරන එක.
ඉතින් මේ පහුගිය අවුරුද්දේ ඒකියන්නෙ 2015 දී මේ කට්ටිය අමුතුම කාර් ඒකක් හදන්න යනව කියල මාධ්‍යට කිව්වා, මේක පුදුම වෙන්න කාරණා කීපයක්ම මාධ්‍යට ඉදිරිපත් කලා. ඒවයෙන් කිහිපයක් තමා,
කොඑනිග්සෙග් එකකෙන් හදන පලමුවන හයිබ්‍රිඩ් කාර් එක, ඒ කියන්නෙ අපි හැමෝම දන්න විදියට මේකෙ දහන එන්ජිමක් වගේම විදුලි මෝටර් භාවිත කරනව.
මේකෙ දහන එන්ජිමක් තිබුනත් ගියර් පෙට්ටියක් නෑ. ඒක තමා විශ්වාස කරන්න අමාරුම කාරණය.
බොහෝවිට සම්පූර්ණයෙන් එලෙක්ට්‍රික් නොවන කාර් වලින් ලෝකයේ ගියර් බොක්ස් එකක් නැති එකම කාර් එක.
අශ්වබල 1800ක බලයක්.
මෙච්චර කාලෙකට කොඑනිග්සෙග් එකෙන් කරපු ඔක්කොම කාර් පාරට වඩා රේසිං ට්‍රැක් එකට තමයි ගලපෙන්නෙ මොකද එවයෙ සස්පෙන්ශන් ගොඩක්ම රලු නිසා.
මෙකෙන් ටිකක් ඉවත් වෙලා ට්‍රැක් එකට වගෙම සාමාන්‍ය පාරෙත් පහසුවෙන් ගමන් කරන්න පුලුවන් වෙන එක. හරියට බුගාටි කාර් එක වගේම.
කොහොම කොහොමහරි මේ අවුරුද්දේ මුල වගේ කාර් එක වැඩ නිමකරල මාධ්‍යයට ඉදිරිපත් කලා.
කොඑනිග්සෙග් රෙගේරා එක පොරොන්දු වුන විදියටම ඉහත සඳහන් කරපු සියලුම හැකියාවන් අන්තර්ගත වුනා.
නිමකරපු කොඑනිග්සෙග් රෙගේරා එකේ මේ දේවල හා හැකියාවන් අන්තර්ගත වුනා.
දහන එන්ජිම - අශ්වබල 1100ක කොඑනිග්සෙග් 5.0L ට්වින් ටර්බෝ V8
විදුලි මෝටර් - අශ්වබල 700ක විදුලි මෝටර් 3 ක්
බැටරි - කිලෝවොට් පැය 4.5 වෝල්ට් 800ක ලික්විඩ් කූල්ඩ් ලිතියම්-අයන්
බර - කිලෝ 1420 (දියර රහිත), කිලෝ 1628(දියර සහිත ඒකියන්නෙ එන්ජින් ඔයිල්, කූල්න්ට්, පෙට්‍රල් වගේ ධාවනයට අවශ්‍ය ද්‍රව සහිතව)
බ්රේක් - වෙන්ටිලේට්ඩ් කාබන් සෙර්මික් කැලිපර් 6යේ ඩිස්ක් බ්රේක්
උපරිම වේගය - පැයට කිලෝමීටර් 420
0 සිට 100 පැයට කිලෝමීටර් වේගයක් ලබාගැනීමට ගතවන කාලය - තත්පර 2.8
0 සිට 200 පැයට කිලෝමීටර් වේගයක් ලබාගැනීමට ගතවන කාලය - තත්පර 6.6
0 සිට 300 පැයට කිලෝමීටර් වේගයක් ලබාගැනීමට ගතවන කාලය - තත්පර 10.9
0 සිට 400 පැයට කිලෝමීටර් වේගයක් ලබාගැනීමට ගතවන කාලය - තත්පර 20
මේකෙ තියෙන ප්‍රධානම කාරණය වුනේ ගියර් පෙට්ටියක් නැති එක කියල කලින් සඳහන් කලානෙ, මේ අභියෝගය කොඑනිග්සෙග් එක ජයග්‍රහණය කරපු විදිය මේ ඔක්කොටම වඩා පුදුමසහගතයි.
ඒකට පොඩි විස්තරයක් කරන්නම වෙනව.
කොඑනිග්සෙග් එකේ නිර්මාතෘ ,හිමිකරු සහ ප්‍රධාන ඉන්ජිනේරුව වෙන්නෙ ක්‍රිස්ටියන් වොන් කොඑනිග්සෙග්, මෙයා මේගොල්ලන්ගෙ අනිත් කාර් හදන්න කරන පරීක්ෂණය අතරතුර හඳුනාගත්ත කොයිතරම් හොද මෝටර් රථයක වුනත්
එන්ජිමෙන් හදන බලයෙන් 20%-30% ප්‍රමාණයක් ගියර් බොක්ස් එකෙන් තාපය ඇතුළු විවිධ හේතු නිසා හානි වෙනව කියන එක. ඉතින් මෙයා දෙපාරක් නොහිතම තීරණය කලාලු ගියර් පෙට්ටිය අයින් කරල දාන්න.
(කොහොමද මේක අපේ ලංකාවෙ ටෙක්නිකල් කොලේජ් එකක කොල්ලෙක් එහෙම හොයගෙන ගියර් පෙට්ටිය අයින් කරල දාන්න ඕන කියල කිව්වනම්, කන රත්වෙන්න එකක් දීල එලවල දායි.)
කොඑනිග්සෙග් එක කලේ එන්ජිමේ බලය කෙලින්ම රෝද වලට සම්බන්ධ කරල ගියර් පෙට්ටිය නැතුව, ඒ කියන්නෙ එන්ජිමේ උපරිම බලය එන්නෙ කාර් එක උපරිම වේගයෙන් ධාවනය වන වෙලවට විතරයි.
මේකනිසා අනිත් ස්පෝර්ට්ස් කාර් වගේ ක්ශනිකව නිශ්චල තත්ත්වයේ ඉඳල වේගෙ වැඩි කරගන්න බලයක් රෙගේරට නෑ. මේ අභියෝගය ජයගන්න තමයි හයිබ්‍රිඩ් සිස්ටම් එක පාවිච්චි කරන්නෙ.
අඩු වේගයෙන් ධාවනය වෙනකොට (0-100kmph වගේ) අවශ්‍ය බලය ලබාදෙන්නේ එලෙක්ට්‍රික් මෝටර් 3කින්. වැඩි වේගවලදී එන්ජිම හදන බලය ප්‍රමාණවත් වෙනව කාර් එක ඇක්සලරේට් කරන්න අධික වෙගෙයෙන්.
හැබැයි එහෙම කියල එතනින් පස්සෙ එලෙක්ට්‍රික් මෝටර් නිකම් තියන්නෙ නම් නෑ, එලෙක්ට්‍රික් මෝටර් ටික අයෙත් වැඩේට එනව එන්ජිම එකෙ උපරිම RPM වලට ලං වෙනකොට,
එතකොට අශ්වබල 1100ක V8 එන්ජිමයි + අශ්වබල 700ක එලෙක්ට්‍රික් මෝටර් ඔක්කොම රෙගේරා එකට බලය දෙනව. 420kmph වලින් යන එක අහන්නත් දෙයක්ද එතකොට.
මේ ප්‍රබල එලෙක්ට්‍රික් මෝටර් 3 නිෂ්පාදනය කරන්නෙ එන්ගලන්තයෙ යාසාස් සමාගම.
දැන් දන්නවනෙ මේ කාර් එකේ අනිත් කාර් වලදි වගේ අඩු ගියර් දාල හොඳ සද්දයක් දාන්න බැ, මොකද එන්ජිමෙ උපරිම ස්ද්දෙ එන්නම් උපරිම වේගයෙන් යන්න වෙනව.
ඒක් ඉතින් කරන්න අමාරු දෙයක් නෙමෙයි, කරන්න බැරි දෙයක්නෙ.
මේක විසඳුමක් විදියට කොඑනිග්සෙග් එක තව අමුතු දෙයක් කරල තියෙනව, ඒ මෙකෙ එක්ස්හෝස්ට් එහෙම නත්නම් ස්යිලන්ස්ර් සිස්ටම් එක.
හැමෝම දන්නවනෙ හැම ස්පෝර්ට්ස් කාර් එකකම වගේ එක්ස්හෝස්ට් බැක් ප්‍රෙශර් අඩු කරගන්න තියෙන්නේ සාපේක්ෂව පොඩි ස්යිලන්සර් කියල. ඒනිසාම ශබ්දයත් ගොඩක් වඩී.
මේ නිසා රෙගේරා එකේ සාමාන්‍ය වෙගවලදිත් අනිත් කාර් වගෙ ශබ්දයක් ගන්න ඕන නිසා තියෙන්නෙ අනිත් ස්පෝර්ට්ස් කාර් වලට වඩා ගොඩක්ම පොඩි ස්යිලන්සර් එකක්.
මේ අමුතුම ස්යිලන්ස්ර් එක නම් කරන්නෙ "Fish Tail එක්ස්හෝස්ට්" කියලයි, කොඑනිග්සෙග් එකට මේ Fish Tail ස්යිලන්ස්ර් හදල දෙන්නෙ රේසිං එක්ස්හෝස්ට් වලට නම ගියපු ස්ලෝවේනියාවෙ ඇක්රාපොවික් සමාගම.
මේකෙ එක්ස්හෝස්ට් එක තියෙන විදියත් ගොඩක් වෙනස්.
දක්කනෙ අනිවාර්යයෙන්ම වගෙ රැවටෙනව මෙකෙ පිටිපස්සෙ හරි මැද තියෙන අධිබල බැටරි කූල් කරන ෆෑන් වල කූලින් වෙන්ට් එකට එන්ජිමේ එක්ස්හෝස්ට් කියල.
හැබැයි ඇත්තම එක්ස්හෝස්ට් තියෙන්නෙ දෙපැත්තෙ එයාර් ඩිෆියුසර් එකේම, ඔය Akrapovic කියලම තියෙන්නෙ. Fish Tail ස්යිලන්ස්ර් කියන එක හරියටම හරිනෙ ඉතින්.
මේ බැටරිත් එසේ මෙසේ බැටරි නෙමේ, ලෝකයේ කාර් එකකට පාවිච්චි කරන ප්‍රබලම බටරි තමයි රෙගේරා එකේ තියෙන්නෙ.
මේ සුපිරි බැටරි කොඑනිග්සෙග් එකට දෙන්නෙ ක්රොයේශියාවෙ රිමැක් සමාගම.
කොඑනිග්සෙග් රෙගේරා එක රේසිං ට්‍රැක් වලට වගේම සාමාන්‍ය පාරවල් වලත් අධි සුඛෝපභෝගිව යන්න හදන්නෙ කියල කිව්වනෙ, එක ගැනනම් කියන්න කිසි දෙයක් නෑ, බලන්න තමා තියෙන්නෙ.
කොඑනිග්සෙග් සමාගම මුල්ම වතාවට තමයි එගොල්ලන්ගෙ කාර් එකකට සම්පූර්ණයෙන් ස්වයංක්‍රීයව දුරස්ථපාලකයකින් දොර්වල්, එන්ජින් බේ කවර්, බොනට් හා මුලු මෝටර් රථයම ග්‍රව්න්ඩ් ක්ලියරන්ස් වෙනස් කරගැනීමට උස් පහත් කරන්න පහසුකම කොඑනිග්සෙග් රෙගේරා එකට ලබා දීල තියෙන්න්නෙ. මේ ෆීචර් එකට කියන්නෙ "කොඑනිග්සෙග් ඔටෝ ස්කින්" කියල. හැබැයි ස්වයංක්‍රීය කරන්න කියල එලෙක්ට්‍රික් මෝටර් එකතු කරගෙන බර වැඩි කරගන්න කොඑනිග්සෙග් එක කැමති වෙලා නෑ,
ඒක නිසා මේ ස්වයංක්‍රීයව පද්ධතිය වැඩ කරන්නෙ හයිඩ්‍රොලික් වලින්.
ලෝකයේ පලමු හැකිලවියහැකි, විවිධ ප්‍රමාණයේ කෝණයන් රාශියකින් පිහිටියහැකි, එහලින් සවිකළ ස්පොයිලර් එක තියෙන්නෙත් මෙයාටම තමා.
ඒවගේම මේ ස්පොයිලර් එකට පැයට කිලෝමීටර් 250 ක වේගයකදී කිලෝ 450ක බරක් පහළට ලබා දෙන්න පුලුවන්.
තවත් පොඩි දෙයක් තියෙනව, ඒ තමයි මේක හයිබ්‍රිඩ් කාර් එකක් නිසා චාජ් කරන එක. රෙගේරා එකට බැටරි ආරෝපණය කරන්න පුලුවන් ස්වයංක්‍රීයව දහන එන්ජිම හරහා, ඒ වගේම විදුලියට සම්බන්ධ කිරීමෙනුත්.
හබැයි මේකෙ චාජින් පෝර්ට් එක තියෙන්නෙත් ටිකක් හොයගන්න අමාරු තනක. පිටිපස්සෙ නම්බර් ප්ලේට් එකට පිටිපස්සෙ.
වටිනාකම වැඩි කරන්නම මේ වගේ කාර් වල හැමදාමත් ලෝකෙට නිෂ්පාදනය කරන්නෙ අතිශයින්ම සීමිත ප්‍රමාණයක් නෙ. ඒක රෙගේරා එකටත් අදාළයි කිසි වෙනසක් නැතුව.
ලෝකෙටම කොඑනිග්සෙග් රෙගේරා හදන්නෙ 80ක් විතරයි. එකෙනුත් 40ක් ම මේ අවුරුද්දේ මාර්තු වෙනකොට ඇනවුම් කරල ඉවරයි.
දැන් තියෙන ලොකුම ප්‍රශ්නෙනෙ මේකෙ ගාන, මේක බොහොම සාධාරණ අමෙරිකානු ඩොලර් මිලියන 1.9ක් වගේ පහසු මිලකට ගන්න පුලුවන්.
මූලාශ්‍ර
http://koenigsegg.com/regera/
http://www.autoblog.com/2016/02/29/koenigsegg-regera-geneva-official/#slide-3817037
https://en.wikipedia.org/wiki/Koenigsegg_Regera

Last edited: