මම TV Series බලන එකෙක් නෙමෙයි මචන්. කැමතිම නෑ. අනික රජ කාලේ ඒවාට කොහොමත් ආස නෑ. Harry potter, Lord of the rings වගේ ඒවා පෙන්නන්න බෑ. ආසම නෑ. ඒ නිසා GoT බලන්න හීනෙකින්වත් හිතුවේ නෑ.
ඔය අතරේ තමයි අපේ White Walker කාරයා ෆිට් වුණේ මාත් එක්ක. උගෙන් බේරෙන්න බෑ Episode 2,3 ක්වත් බලපන් කියලා. පස්සේ මල වදෙන් බේරෙන්නම බැරි තැන බලන්න කියල ගත්තා මොන වගේද කියලවත් බලන්න.
ඊට පස්සේ ඉතින් ගංජා ගැහුවා වගේ තමයි බන්. addict වුණා කියන්නේ ආයේ ගැලවීමක් නෑ බන්. දැන් White Walker කාරයාටත් වඩා මට GoT පිස්සුව. හොඳම උදාහරනේ බලපන්කො දත් කිඹුලට වෙච්ච දේ. සඳුදා උදේ පාන්දරම අඬාගෙන එනවා ලින්ක් ඉල්ලගෙන.
මොනවා වුනත් පට්ටම කතාව බන්. George R..R. Martin කියන්නේ පට්ටම මොල කාරයෙක් බන්. ඌ කතාවේ මුල මැද අග ඔකොම හොඳට plan කරලා බන් ලියල තියෙන්නේ ඒක. ඒක නිකන් ඇබ්බැහිවීමක් බන්. උඹත් මම කිව්වට බලපන්කො Season 1ක්. Episode 10 යි නේ තියෙන්නේ. මම white walker කාරයට පින් දෙනවා වගේ උඹත් මට පින් දෙයි දවසක.
