Suppa review eka machan
Raththaran ge Cheena panda katha wasthuwa thtead eka mathak una



Suppa review eka machan
Raththaran ge Cheena panda katha wasthuwa thtead eka mathak una



ඉන්දියන් ඒවගෙන් දැනට හොදටම තියෙන්නේ K10 සහ Celerio තමයි. සැහෙන කාලයක් මාකට් එකේ තිබිල තියෙනවා. පාට්ස් ගණන් අඩුයි. කාලයක් තිස්සේ තිබුන නිසා දැන් අඩු පාඩු හදල ඇති. 2nd hand මාකට් එක ශේප්.
ටවුමේ පදින්න නම් AMT ගන්න නැත්තම් manual සැහෙන stable.
මේකෙත් මම විස්තර ටිකක් දැම්ම - http://elakiri.com/forum/showthread.php?t=1749528


රෙනෝල්ට් ඉන්දියා සමාගමෙන් හඳුන්වාදීපු අලුත්ම වණ්ඩිය තමා ක්විඩ් එකමේ ගැන shan4djfun සහෝදරයා දැනටම ත්‍රෙඩ් කිහිපයක් පළ කරගෙන යනවා, ඒත් ඒවෑ තරමක අන්බැලන්ස්ඩ් ගතියක් තියෙන නිසා මමත් එකක් දාන්න හිතුවා.
මම මේ ෆොටෝස් ගත්තේ මෙතනින්.
උන් කියනව මේක මිනි හැච්බැක් SUV ලු. ඇල්ටො එකට අසාධාරණයක් වෙන්න දෙන්න බෑ. ඇල්ටොත් මිනි හැච්බැක් SUV තමා එහෙනම්.
![]()
මෝඩ සිංහළුන්ව වගේම මෝඩ ඉන්දියන් කාරයින්වත් මුලා කරන්න පුළුවන් ඇස රවටන පෙනුමක් මේකට තියෙනවා.
![]()
ලක්ෂ 22කට තක්සේරු කරල තියෙන වාහනේ සැපපහසුව ආරක්ෂාව ටිකක් බලමු.
මේකෙ එයාබෑග් එකක් (1) තියෙනවලු.
![]()
ඒ තියෙන airbag එකත් ඔප්ෂනල්. මෙහෙම සවිශක්තිය තියෙන වාහනේ එයාබෑග් එක ඔබට පාවිච්චි කරන්න පුළුවන් හදිසියකට වමනෙ දාන්නහොඳට ගසලා ගෙදර එන දවසක වාහනෙ ඇතුලෙම කබරයා පාරක් සෙට් වුනොත් සෙනිකව ඇදල ගන්න බඩු තිබේ
. එහෙම නැත්නම් මෙක හැප්පුනොත්, ඇතුලෙ ගිය එකාගෙ කෑලි ටික එකතු කරල දාගන්නත් එයාබෑග් එක ප්‍රයෝජනවත්
.
![]()
වාහනේ හැප්පුනොත් සීට් බෙල්ට් එක මෙතනින් ගලෝල එන්නත් ඉඩ තියෙනවා.
![]()
![]()
Euro NCAP ටෙස්ට් වලදී KWID (I) සහ (II) බිත්තරේ පොළේ ගැහුව වගේ කුඩු වෙලා තරු 0 හම්බුනාට පස්සෙ රෙනෝල්ට් සමාගම පොරොන්දු වුණා ආයෙ එහෙම කුඩු නොවෙන්න KWID (III) හදනවා කියලා. ඒක තමයි මේ තියෙන්නෙ.
ටෙස්ට් එකෙන් පස්සේ චෙක් කරලා බැලින්නම් EURO NCAP ටෙස්ට් එකේ Front Collision Test එකේ හප්පලා බලන කොටස (Driver's side එකේ ) විතරක් බොඩි ෂෙල් එක Reinforce කරලා අටෝලා දීල තියෙන්නෙ රෙනෝල්ට් එකෙන්.එහෙම කරලා airbag එකකුත් දුන්නත් බොඩි ෂෙල් එක Unstable හින්ද එයා බෑග් එකෙනුත් සත පහක වැඩක් නැති වෙලා.
ඒකෙන් වුණේ අන්තිමට Update කරපු KWID (III) එකටත් Safety Score 0 ම ලැබිච්ච එක.
![]()
ABS???
විහිළු කරන්න එපා.
සැපපහසුව සහ ඔප්ෂන්ස් බැලුවොත් ඇත්තටම ලක්ෂ 22කට ලැබිල තියෙන අගය ගැන දුකක් තමා මුලින්ම දැනෙන්නේ. පවර් වින්ඩෝස් තියෙන්නේ ඉස්සරහට විතරයි. ඒකෙත් දොරට ස්විච් දාන්නෙ නැතුව ඩෑෂ්බෝඩ් එකට අරන් තියෙනවා. සෙන්ට්‍රල් ලොකිං ස්විච් එකත් එතනම තිබේ. පස්සෙ දොරවල් වලට පවර් ෂටර්ස් නෑ. වැදගත්ම දේ තමා, පවර් මිරර්ස් නැති කම. ලක්ෂ 22 වාහනේ පවර් මිරර්ස් නෑ. අර ඇල්ටෝ එකේ වගේ ඇතුලෙන් කරකවන්න පුලුවන් පොඩි මෙව්වා එකක් වත් නෑ.
![]()
ඊට පස්සෙ අපිට දකින්න තියෙනවා මේකෙ සෙටප් එක. බැලූ බැල්මට හොඳයි. අවශ්‍ය කරන හැම දේම තියෙනවා. හැබැයි මේ වගේ සෙට් එකක් බොහෝම අඩු මිලකට ලංකාවෙ ගන්න පුළුවන්. දාර සෙටප් එකක් තිබ්බට මොකෝ ස්පීකර් දෙකයි තියෙන්නෙ ඩෑෂ් බෝඩ් එකටම හයි කරපු.
![]()
![]()
ඉස්සරහ සීට් වල ඇජෙස්ටබල් හෙඩ්‍රෙස්ට් වත් නෑ. සීට් පෙනුමෙන් නම් ගල් ආසන වගේ. හැබැයි එච්චරටම අවුලකුත් නෑ. ලක්ශ 22කට අවුල්. හොඳට ඉඩකඩ තියෙන බූට් එකක් තියෙනවා.
![]()
![]()
මේකෙ digital instruments cluster එකක් තියෙනවා.
![]()
ඒක බොහොම ප්‍රාථමික පෙනුමයි.පෙට්‍රල් වලට කුණු පෙරේත උන්ව වැඩිපුර ආකර්ශනය කරගන්න තමා මේක පැලෑන කොරපු උන් කල්පනා කරල තියෙන්නේ. පැට්‍රල් 25ක් කරනවලු
ටැංකියෙ පැට්‍රල් ඉවර වෙන්න තියෙන දුරයි, පෙට්‍රල් කරන ප්‍රමාණයයි පෙන්නනවා. ඒවගෙ නිරවද්‍යතාවය නම් කොහොමද දන්නෙ නෑ ඉතින්. ටැකෝමීටර් එහෙම බලාපොරොත්තු වෙන්න එපා.
හෑන්ඩ්බ්‍රේක් ලීවර් එකත් ඇදයි
![]()
එන්ජිමයි කියන එකේ ලෝහ වලට තියෙන්නෙ බ්ලොක් එකයි හෙඩ් එකයි විතරයි. ටැපට් කවරෙ, සම්ප් එක, ඉන්ලට් මැනිෆෝල්ඩ් එක ප්ලාස්ටික්. යටින් skid plate එකක් එනවනම් සම්ප් එක ප්ලාස්ටික් වීම ගැටලුවක් නෙමෙයි, නමුත් සම්ප් එක බොහොම අනාරක්ෂිතයි මේකේ. අනික ඉන්දියන් ප්ලාස්ටික් මැනොෆොල්ඩ් එක.
![]()
![]()
(අර ඇක්සල් එකත් මළකඩ කාලද මන්ද)
හිඟන හැතිකරේ එන්ජින් බේ එකට ෆුල් පේන්ට් එකක්වත් ගහල නෑ.
![]()
ඔය බැටරියට එහායින් තියෙන්නෙ ECU එකලු.
![]()
800CC එන්ජිම. හෝස් පවර් 54යි. ඒසී දාලා අයිඩ්ලිං තියන්න බෑ, දෙදරනවා. මුළු වාහනේම දෙදරනවා.
ඇල්ටෝ එකේ දිග පළලම, ඇත්තටම ඊටත් ටිකක් වැඩියෙන් තියෙන වාහනෙ බර කිලෝ 660. බජාජ් ටූ ඉස්ට්‍රොක් ත්‍රීවීල් දෙකක බර.![]()
රෝදෙට ඇණ තුනයි. ඇලෝයිවීල් එහෙම දාන්න බෑ ඉතින්. උන් දෙන වීල් එකක් තමා දාන්න පුළුවන්. පියාජියෝ ත්‍රීවීල් එකේ රෝද මේකට ඩිරෙක්ට් ෆිට්.![]()
මේ තියෙන්නේ 2016 බ්‍රෑන්ඩ් නිව් වාහනේක හෙඩ්ලයිට් ඇජෙස්ටර් එක.
![]()
පස්සට සස්පෙන්ෂන් කියල ජාතියකුත් තියෙනවා. ඒකෙ පින්තූරයක් දැක්කම තත්වෙ හිතගන්න පුළුවන්. ත්‍රීවීල් එකක් වගේ.
![]()
මුන් කොච්චර හිඟන හැතිකරයක්ද කියනවනම් රිවස් ලයිට් දෙකක් දාල නෑ කියාංකොඇත්තටම ලයිට් දෙකක් තියෙනවා, බල්බ් එකක් තියෙන්නෙ වම් පැත්තෙ විතරයි. දකුණු පැත්තෙ බොරු ලයිට් එකක්.
![]()
![]()
![]()
windshield cowl එක හරියට කවර් කරල නෑ. ඉතින් ඇතුලෙ කුණු රොඩු පිරෙනවා. එක වයිපරයයි තියෙන්නෙත්.![]()
![]()
නම්බර් ප්ලේට් එකේ ලයිට් එකට යන වයර් එක තමා ඔය ඩිකිය හරහට ඇදලා ටේප් කෑලි දෙකක් ගහල තියෙන්නේ.
![]()
මේ තියෙන්නේ ඉන්දියන් ලඩි කීපයක තොරතුරු සංසන්දනයක්.
![]()
![]()
මේක අලුත්ම මාදිලියේ බාගෙ කාර් එකක් විදියට හඳුන්වන්න පුළුවන්. මොකද හැම දේම බාගෙ බාගෙ තියෙන්නේ. වයිපර් බාගයයි, වීල් නට් බාගයයි, රිවස් ලයිට් බාගයයි, එන්ජින් බාගයයි,පේන්ට් බාගයයි, වයරින් බාගයයි etc...![]()
ඉන්දියාවෙ පාරෙ රීපු අනාත සොන්නළුන්ට නොතෙමී ඩීසන්ට් පිට යන්න හදන තුට්ටු දෙකේ ලඩ වලට ඔබගේ වටිනා මුදල් යටකිරීමෙන් වලකින්න.
ලක්ෂ 22 කට 2000න් උඩ හදපු හොඳ කාර් එකක් ගන්න පුළුවන් කම තියෙද්දි බ්‍රෑන්ඩ් නිව් වීම කියන සාධකය මත සහ පෙනුමට රැවටිලා මේවා ගන්න එපා. අපරාදේ සල්ලි.
අන්න බඩා මාමි ඊයේ එකක් උස්සන් ආවා....වැගන් ආර් එක ගැන රිවිව් පාරක් දාපන්කෝ. .![]()

ගෙදර ගිහින් තමා බලන්න වෙන්නේ. ඔෆිස් එකේ ඉන්නේ

රත්තරං;20404463 said:ABS නැති ඉන්දියන් මරන
රත්තරං;20390063 said:දෙකක් ගන්න එක හොදයි කෝකටත්.. අව්රුද්දක් දෙකක් යද්දි දෙකේම කෑලි එකතු කරලා එකක් හැදුවහැකි
රිදිච්ච තරමින් නැතුව පේන තරමින් ෆොන්ට් දාපන්. මේකේ පොට්ටයෙක්ට ඉන්නේ උබ විතරයි




අපෝ රත්තරං කට ඇරියා නේද දැන් නම් මුන් ඉදල ඉවරයි
මට නම් සංසාරේ එපා වුනේ අර පිටිපස්සේ සස්පෙන්ෂන් දැක්කට පස්සේ
විල් බැරක්කයකට ස්ප්‍රින් එකක් තියල වගේ![]()



අපෝ රත්තරං කට ඇරියා නේද දැන් නම් මුන් ඉදල ඉවරයි
මට නම් සංසාරේ එපා වුනේ අර පිටිපස්සේ සස්පෙන්ෂන් දැක්කට පස්සේ
විල් බැරක්කයකට ස්ප්‍රින් එකක් තියල වගේ![]()



පෙනුම විතරයි සිරාවටම . එකනේ බන් ඉන්දියාවේ ඕක . ලක්ෂ 5කතත් අඩුයිනේ .
ඉන්දියාවෙ ලක්ෂ 8 යි බං
Renault Kwid Std - Rs 2,56,968
Renault Kwid RxE - Rs 2,88,960
Renault Kwid RxE - Rs 2,94,960
Renault Kwid RxL - Rs 3,11,664
Renault Kwid RxT - Rs 3,44,131
Renault Kwid RxT - Rs 3,53,131
Read more at:
http://economictimes.indiatimes.com...ofinterest&utm_medium=text&utm_campaign=cppst