Renault KWID සාධාරණ review

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    655
    113
    කඩුවෙල
    රෙනෝල්ට් ඉන්දියා සමාගමෙන් හඳුන්වාදීපු අලුත්ම වණ්ඩිය තමා ක්විඩ් එක :cool::yes: මේ ගැන shan4djfun සහෝදරයා දැනටම ත්‍රෙඩ් කිහිපයක් පළ කරගෙන යනවා, ඒත් ඒවෑ තරමක අන්බැලන්ස්ඩ් ගතියක් තියෙන නිසා මමත් එකක් දාන්න හිතුවා. :D මම මේ ෆොටෝස් ගත්තේ මෙතනින්.

    උන් කියනව මේක මිනි හැච්බැක් SUV ලු. ඇල්ටො එකට අසාධාරණයක් වෙන්න දෙන්න බෑ. ඇල්ටොත් මිනි හැච්බැක් SUV තමා එහෙනම්. :yes:

    154854.jpg


    මෝඩ සිංහළුන්ව වගේම මෝඩ ඉන්දියන් කාරයින්වත් මුලා කරන්න පුළුවන් ඇස රවටන පෙනුමක් මේකට තියෙනවා.

    154861.jpg


    ලක්ෂ 22කට තක්සේරු කරල තියෙන වාහනේ සැපපහසුව ආරක්ෂාව ටිකක් බලමු.

    මේකෙ එයාබෑග් එකක් (1) තියෙනවලු.:yes:

    Renault-Kwid-I1.jpg



    ඒ තියෙන airbag එකත් ඔප්ෂනල්. මෙහෙම සවිශක්තිය තියෙන වාහනේ එයාබෑග් එක ඔබට පාවිච්චි කරන්න පුළුවන් හදිසියකට වමනෙ දාන්න:yes: හොඳට ගසලා ගෙදර එන දවසක වාහනෙ ඇතුලෙම කබරයා පාරක් සෙට් වුනොත් සෙනිකව ඇදල ගන්න බඩු තිබේ:D:love:. එහෙම නැත්නම් මෙක හැප්පුනොත්, ඇතුලෙ ගිය එකාගෙ කෑලි ටික එකතු කරල දාගන්නත් එයාබෑග් එක ප්‍රයෝජනවත්:yes::yes:.


    154938.jpg


    වාහනේ හැප්පුනොත් සීට් බෙල්ට් එක මෙතනින් ගලෝල එන්නත් ඉඩ තියෙනවා. :dull:

    tnqF1Sf.png

    jBuiDEe.png


    Euro NCAP ටෙස්ට් වලදී KWID (I) සහ (II) බිත්තරේ පොළේ ගැහුව වගේ කුඩු වෙලා තරු 0 හම්බුනාට පස්සෙ රෙනෝල්ට් සමාගම පොරොන්දු වුණා ආයෙ එහෙම කුඩු නොවෙන්න KWID (III) හදනවා කියලා. ඒක තමයි මේ තියෙන්නෙ.

    ටෙස්ට් එකෙන් පස්සේ චෙක් කරලා බැලින්නම් EURO NCAP ටෙස්ට් එකේ Front Collision Test එකේ හප්පලා බලන කොටස (Driver's side එකේ ) විතරක් බොඩි ෂෙල් එක Reinforce කරලා අටෝලා දීල තියෙන්නෙ රෙනෝල්ට් එකෙන්.:lol: එහෙම කරලා airbag එකකුත් දුන්නත් බොඩි ෂෙල් එක Unstable හින්ද එයා බෑග් එකෙනුත් සත පහක වැඩක් නැති වෙලා.

    ඒකෙන් වුණේ අන්තිමට Update කරපු KWID (III) එකටත් Safety Score 0 ම ලැබිච්ච එක.:cool::cool:

    qpsY89T.png


    ABS??? :confused:
    විහිළු කරන්න එපා.:lol:

    සැපපහසුව සහ ඔප්ෂන්ස් බැලුවොත් ඇත්තටම ලක්ෂ 22කට ලැබිල තියෙන අගය ගැන දුකක් තමා මුලින්ම දැනෙන්නේ :(. පවර් වින්ඩෝස් තියෙන්නේ ඉස්සරහට විතරයි. ඒකෙත් දොරට ස්විච් දාන්නෙ නැතුව ඩෑෂ්බෝඩ් එකට අරන් තියෙනවා. සෙන්ට්‍රල් ලොකිං ස්විච් එකත් එතනම තිබේ. පස්සෙ දොරවල් වලට පවර් ෂටර්ස් නෑ. වැදගත්ම දේ තමා, පවර් මිරර්ස් නැති කම. ලක්ෂ 22 වාහනේ පවර් මිරර්ස් නෑ. අර ඇල්ටෝ එකේ වගේ ඇතුලෙන් කරකවන්න පුලුවන් පොඩි මෙව්වා එකක් වත් නෑ. :sorry::baffled:

    154899.jpg



    ඊට පස්සෙ අපිට දකින්න තියෙනවා මේකෙ සෙටප් එක. බැලූ බැල්මට හොඳයි. අවශ්‍ය කරන හැම දේම තියෙනවා. හැබැයි මේ වගේ සෙට් එකක් බොහෝම අඩු මිලකට ලංකාවෙ ගන්න පුළුවන්. දාර සෙටප් එකක් තිබ්බට මොකෝ ස්පීකර් දෙකයි තියෙන්නෙ ඩෑෂ් බෝඩ් එකටම හයි කරපු. :lol:

    154916.jpg

    154913.jpg


    ඉස්සරහ සීට් වල ඇජෙස්ටබල් හෙඩ්‍රෙස්ට් වත් නෑ. සීට් පෙනුමෙන් නම් ගල් ආසන වගේ. හැබැයි එච්චරටම අවුලකුත් නෑ. ලක්ශ 22කට අවුල්. හොඳට ඉඩකඩ තියෙන බූට් එකක් තියෙනවා.

    154892.jpg

    renault-kwid-02.jpg


    මේකෙ digital instruments cluster එකක් තියෙනවා.

    154884.jpg


    ඒක බොහොම ප්‍රාථමික පෙනුමයි.:rolleyes: පෙට්‍රල් වලට කුණු පෙරේත උන්ව වැඩිපුර ආකර්ශනය කරගන්න තමා මේක පැලෑන කොරපු උන් කල්පනා කරල තියෙන්නේ. පැට්‍රල් 25ක් කරනවලු :lol: ටැංකියෙ පැට්‍රල් ඉවර වෙන්න තියෙන දුරයි, පෙට්‍රල් කරන ප්‍රමාණයයි පෙන්නනවා. ඒවගෙ නිරවද්‍යතාවය නම් කොහොමද දන්නෙ නෑ ඉතින්. ටැකෝමීටර් එහෙම බලාපොරොත්තු වෙන්න එපා. :no:

    හෑන්ඩ්බ්‍රේක් ලීවර් එකත් ඇදයි

    154906.jpg


    එන්ජිමයි කියන එකේ ලෝහ වලට තියෙන්නෙ බ්ලොක් එකයි හෙඩ් එකයි විතරයි. ටැපට් කවරෙ, සම්ප් එක, ඉන්ලට් මැනිෆෝල්ඩ් එක ප්ලාස්ටික්. යටින් skid plate එකක් එනවනම් සම්ප් එක ප්ලාස්ටික් වීම ගැටලුවක් නෙමෙයි, නමුත් සම්ප් එක බොහොම අනාරක්ෂිතයි මේකේ. අනික ඉන්දියන් ප්ලාස්ටික් මැනොෆොල්ඩ් එක.:dull:

    154808.jpg

    154815.jpg

    (අර ඇක්සල් එකත් මළකඩ කාලද මන්ද :baffled: )

    හිඟන හැතිකරේ එන්ජින් බේ එකට ෆුල් පේන්ට් එකක්වත් ගහල නෑ.:angry:

    154807.jpg


    ඔය බැටරියට එහායින් තියෙන්නෙ ECU එකලු.

    154810.jpg



    800CC එන්ජිම. හෝස් පවර් 54යි. ඒසී දාලා අයිඩ්ලිං තියන්න බෑ, දෙදරනවා. මුළු වාහනේම දෙදරනවා.

    ඇල්ටෝ එකේ දිග පළලම, ඇත්තටම ඊටත් ටිකක් වැඩියෙන් තියෙන වාහනෙ බර කිලෝ 660. බජාජ් ටූ ඉස්ට්‍රොක් ත්‍රීවීල් දෙකක බර. :D

    රෝදෙට ඇණ තුනයි. ඇලෝයිවීල් එහෙම දාන්න බෑ ඉතින්. උන් දෙන වීල් එකක් තමා දාන්න පුළුවන්. පියාජියෝ ත්‍රීවීල් එකේ රෝද මේකට ඩිරෙක්ට් ෆිට්.:D

    මේ තියෙන්නේ 2016 බ්‍රෑන්ඩ් නිව් වාහනේක හෙඩ්ලයිට් ඇජෙස්ටර් එක. :dull:

    154960.jpg


    පස්සට සස්පෙන්ෂන් කියල ජාතියකුත් තියෙනවා. ඒකෙ පින්තූරයක් දැක්කම තත්වෙ හිතගන්න පුළුවන්. ත්‍රීවීල් එකක් වගේ. :lol:

    154816.jpg


    මුන් කොච්චර හිඟන හැතිකරයක්ද කියනවනම් රිවස් ලයිට් දෙකක් දාල නෑ කියාංකො :shocked: ඇත්තටම ලයිට් දෙකක් තියෙනවා, බල්බ් එකක් තියෙන්නෙ වම් පැත්තෙ විතරයි. දකුණු පැත්තෙ බොරු ලයිට් එකක්. :baffled::baffled::baffled::baffled:

    154952.jpg

    154848.jpg




    GwQvZ7i.png


    windshield cowl එක හරියට කවර් කරල නෑ. ඉතින් ඇතුලෙ කුණු රොඩු පිරෙනවා. එක වයිපරයයි තියෙන්නෙත්.:(

    renault-kwid-28.jpg


    නම්බර් ප්ලේට් එකේ ලයිට් එකට යන වයර් එක තමා ඔය ඩිකිය හරහට ඇදලා ටේප් කෑලි දෙකක් ගහල තියෙන්නේ.:cool:

    154948.jpg


    මේ තියෙන්නේ ඉන්දියන් ලඩි කීපයක තොරතුරු සංසන්දනයක්.

    1426809d1444738324t-renault-kwid-official-review-prices.png


    xPTY6S8.jpg


    මේක අලුත්ම මාදිලියේ බාගෙ කාර් එකක් විදියට හඳුන්වන්න පුළුවන්. මොකද හැම දේම බාගෙ බාගෙ තියෙන්නේ. වයිපර් බාගයයි, වීල් නට් බාගයයි, රිවස් ලයිට් බාගයයි, එන්ජින් බාගයයි,පේන්ට් බාගයයි, වයරින් බාගයයි etc...:D

    ඉන්දියාවෙ පාරෙ රීපු අනාත සොන්නළුන්ට නොතෙමී ඩීසන්ට් පිට යන්න හදන තුට්ටු දෙකේ ලඩ වලට ඔබගේ වටිනා මුදල් යටකිරීමෙන් වලකින්න. :angry:

    ලක්ෂ 22 කට 2000න් උඩ හදපු හොඳ කාර් එකක් ගන්න පුළුවන් කම තියෙද්දි බ්‍රෑන්ඩ් නිව් වීම කියන සාධකය මත සහ පෙනුමට රැවටිලා මේවා ගන්න එපා. අපරාදේ සල්ලි.
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    794
    113
    අපේ රටේ කස්ටිය එකතු වෙලා හොද වාහනයක් හදමුකො.මන් දැක්ක ගොඩක් දැනුම තියෙන අය ඕවයෙ වැරදි එහෙම පෙන්නල දෙනව.ඉතින් ඉන්ටර්නෙට් එකේ ආගියු කරන්නැතිව කට්ටිය සෙට් වෙලා හොද වාහනයක් හදල පෙන්නමුකො :)
     
    • Like
    Reactions: Sithira Weerasinghe

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    45,010
    2
    42,852
    113
    අපේ රටේ කස්ටිය එකතු වෙලා හොද වාහනයක් හදමුකො.මන් දැක්ක ගොඩක් දැනුම තියෙන අය ඕවයෙ වැරදි එහෙම පෙන්නල දෙනව.ඉතින් ඉන්ටර්නෙට් එකේ ආගියු කරන්නැතිව කට්ටිය සෙට් වෙලා හොද වාහනයක් හදල පෙන්නමුකො :)

    අපේ දේසපාලුවෝ එක්ක බැහැ බන් ඕව කරන්න

    http://obeth-mageth-addakeem.blogspot.com/2013/05/upali-mazda-1968.html
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    45,010
    2
    42,852
    113
    Team-bhp Ownership reviews වල හැටියට 13kmpl-18kmpl අතර පෙට්‍රල් කරන්නෙ :yes:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    655
    113
    කඩුවෙල
    අපේ රටේ කස්ටිය එකතු වෙලා හොද වාහනයක් හදමුකො.මන් දැක්ක ගොඩක් දැනුම තියෙන අය ඕවයෙ වැරදි එහෙම පෙන්නල දෙනව.ඉතින් ඉන්ටර්නෙට් එකේ ආගියු කරන්නැතිව කට්ටිය සෙට් වෙලා හොද වාහනයක් හදල පෙන්නමුකො :)

    අපේ දේසපාලුවෝ එක්ක බැහැ බන් ඕව කරන්න

    http://obeth-mageth-addakeem.blogspot.com/2013/05/upali-mazda-1968.html

    තෑන්ක්ස් මචන්.රටේ අයට කැපිල්ල කොහෙ ගියත් :( ඉතින් කොහොමැයි කොරන්නෙ :sorry:

    දේසපාලුවො විතරක්නෙමෙය්, මේ රටේ ලඩි වෙලඳාම අල්ලගෙන ඉන්න ඩේවිඩ් පීරිස්ලා, AMWලා මයික්‍රෝලත් කරන්න දෙන්නෙ නෑ. මොකද මෙහෙ බජට් වාහන හැදුවොත් උන්ට බිස්නස් නැති වෙන නිසා :growl::frown:. මේ වගේ වාහනයක් හදන්න පහසුකම් තාක්ෂණය හැමදේම ලංකාවෙ තිබේ...:yes:
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,062
    1,107
    113
    දේසපාලුවො විතරක්නෙමෙය්, මේ රටේ ලඩි වෙලඳාම අල්ලගෙන ඉන්න ඩේවිඩ් පීරිස්ලා, AMWලා මයික්‍රෝලත් කරන්න දෙන්නෙ නෑ. මොකද මෙහෙ බජට් වාහන හැදුවොත් උන්ට බිස්නස් නැති වෙන නිසා :growl::frown:. මේ වගේ වාහනයක් හදන්න පහසුකම් තාක්ෂණය හැමදේම ලංකාවෙ තිබේ...:yes:
    Haduwath minissu ganna ekak na ban "local product" kiya kiya indee.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    13,875
    2,949
    113
    රූකඩ රාජ්ජේ
    ඉන්දියන් හුට්ටලම් ඔක්කොම එකයි වගේ. තව කෙනෙක් ත්‍රෙඩ් තිබුනා ඔය වගේමම ඉන්දියන් ලදී වල ෆෝල්ට්ස් ගැන.

    Rep 4+
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    655
    113
    කඩුවෙල
    Haduwath minissu ganna ekak na ban "local product" kiya kiya indee.

    මචන් ලංකාවෙ ත්‍රීවීල් එකක් හදලා ඒක ලක්ෂ 2-3ට දුන්නොත් මිනිස්සු නොගෙන ඉඳීද? මේ වගේ, මීට වඩා හොඳ කොලිටි කාර් එකක් හදලා ලක්ෂ 7-8කට විතර දුන්නොත් නොගෙන ඉඳීද? වගේ බයික් එකක් හදලා ඒක රුපියල් පනස්දහකට විතර බ්‍රෑන්ඩ් නිව් දුන්නොත් නොගෙන ඉඳීද? ලංකාවෙ හදන නිසා අනිවා ටැක්ස් අඩු වෙනවා. ඉතින් අඩුවට දෙන්න පුළුවන්...:)
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    655
    113
    කඩුවෙල
    ඉන්දියන් හුට්ටලම් ඔක්කොම එකයි වගේ. තව කෙනෙක් ත්‍රෙඩ් තිබුනා ඔය වගේමම ඉන්දියන් ලදී වල ෆෝල්ට්ස් ගැන.

    Rep 4+

    ලිංක් එක නැද්ද ඒ ත්‍රෙඩ් එකේ :oo:


    :):):yes:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    6,758
    4,823
    113
    අපේ ඔෆ් එක ලග මුන්ගේ Showroom එක තියෙන්නේ.. එයේ ගියාම කියනවා දවසට 5+ යනවලු. 2nd Shipment එක කාර් 1500 ක් ලු. අත්ත නෑත්ත දන්නේ නෑ... :shocked::shocked:
    මරුම අතල් එක කියන්නේ මොකක් හරි අඩු පඩුවක් කිවුවම කරන්නනේ TAX FREE කරන්න ඔක නෑත්තේ කියලා පොර ටොකක්එ දෙනව. ;)
    ගිහින්ම ආතල් ඒකක් ගනින්, :angry::angry:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    655
    113
    කඩුවෙල
    Ela mcn uba thread eka dapu eka watinawa:love:

    අනිවා මිනිස්සු මේවට රැවටෙනවනෙ ඉතින් :sorry:

    අපේ ඔෆ් එක ලග මුන්ගේ Showroom එක තියෙන්නේ.. එයේ ගියාම කියනවා දවසට 5+ යනවලු. 2nd Shipment එක කාර් 1500 ක් ලු. අත්ත නෑත්ත දන්නේ නෑ... :shocked::shocked:
    මරුම අතල් එක කියන්නේ මොකක් හරි අඩු පඩුවක් කිවුවම කරන්නනේ TAX FREE කරන්න ඔක නෑත්තේ කියලා පොර ටොකක්එ දෙනව. ;)
    ගිහින්ම ආතල් ඒකක් ගනින්, :angry::angry:

    කියන්න බෑ මචන් සමහර විට. අපේ බූරු උට්ටලා දැක්ක ගමන් දුවගෙන ගිහින් උස්සන් එනවනේ කිසි හෙවිල්ලක් බැලිල්ලක් නෑ :(
    උගෙ ආච්චිට හාල් ගරන්ඩ :lol:
    එතකොට රිවස් ලයිට් එකක් අඩු කලාම ඒකටත් ටැක්ස් අඩු වෙනවද යකෝ :shocked:
    රෝදෙට ඇණ හතරක් දැම්මත් ටැක්ස් වදිනවද දන්නෑ :sorry:
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    හොද රිවිව් එකක්. සැහෙන කරුණු දැන ගත්ත. රේප් නම් දෙන්න බැහැලු. හෙට දෙන්නම්.

    ලංකාවේ බහුතරේ වැඩ කරන්නේ trend එකට. වැඩිය ඕනේ නැහැ Cherry QQ ආපු කාලේ කොලබම කොච්චර තිබ්බද? දැන් නම් බෙතටත් හොයන්න නැහැ. ඔය වගේ තමයි තත්වේ. ඉතින් ඉලක්කම් වලට නම් රැවටෙන එපා කියල තමයි කියන්න තියෙන්නේ.

    අදුරන එකෙක් කිඋව Alto ගණන් අඩු කාලේ මාසෙට 6000 - 8000 කලාලු. ආපු නම්බර් ප්ලේට් දැම්මේ වෙනමම කබරයක් පුරවළලු. ඉතින් හිතා ගත හැකිනේ.