(BREAKING NEWS) ලසන්ත ඝාතනයට සැකපිට බුද්ධි අංශ සාමාජි&#348

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,456
    17,689
    113
    (BREAKING NEWS) ලසන්ත ඝාතනයට සැකපිට බුද්ධි අංශ සාමාජි&#348

    මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැකපිට යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයෙක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    රහස් පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ හමුදා සැරයන්වරයෙක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.
     
    • Like
    Reactions: 3rdEye

    monson

    Well-known member
  • May 7, 2007
    26,124
    29,891
    113
    ලසන්ත ඝාතන කණ්ඩායමේ නායකයා, යුද හමුදා සාජන්ට් මේජර් අල්ලයි..!


    (ලංකා ඊ නිව්ස් -20­­­­16.ජූලි.16, පෙ.ව‍‍‍‍‍‍.8.05) සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සිදුකළ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ යුද හමුදාවේ සාජන්ට් මේජර් වරයෙකු ඊයේ රාත්‍රී 11 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

    ඝාතනය සම්බන්ධයෙන් ලැබී තිබූ පරිවේශනීය සාක්කි මත මෙකී සාජන්ට් මේජර් වරයා අත් අඩංගුවට ගත් අතර මේ වන විට ඔහු කොළඹට ගෙනැවිත් ප්‍රශ්න කරමින් සිටී.

    රාජපක්ෂලාගේ වනචාරී බිහිසුනු ලේ වැකි යුගයේදී සිංහල දෙමළ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම් ප්‍රහාර එල්ල කිරීම් රැසක් සිදුකළ මිනීමරු කණ්ඩායමේ නායකයා වූයේ මොහුය. මොහු වත්මන් යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියාගේ ලඟම හිතවතෙකු වන බැවින් අත් අඩංගුවට ගැනීමට විශාල ලෙස බාධා ඇති කර තිබේ.

    මොහු විසින් රාජපක්ෂලාට අවශ්‍ය ඕනෑම ම්ලේච්ඡ ඝාතනයක් ඉටු කර දීම නිසා විදේශ සංචාර උසස් වීම් ආදිය නොඅඩුව ලබා දී ඇත.

    මීට සතියකට පමණ පෙර ඝාතකයන් ඇසින් දුටුවන්ගේ සාක්ෂි මත නිර්මාණය කරන ලද ඝාතනය සිදුකළ පුද්ගලයන් දෙදෙනෙකුගේ සිතුවම් දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ජනමාධ්‍ය වෙත නිකුත් කරන ලද අතර මහජනතාවගෙන් ඔවුන් පිලිබඳ තොරතුරු ඉල්ලා තිබිණ. (එකී සේයාරූ දෙක මෙහි දැක්වේ)

    ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කෙළේ 2009 ජනවාරි 08 වැනි දා දෙනෝදහක් බලා සිටියදී මහා දවාලේ දෙහිවල මහ පාරේදී ය. බැටළුවන් ඝාතනයට භාවිතා කරන උළක් වැනි අවියකින් ලසන්ත මහතාගේ හිස පසාරු කරගෙන යන ලෙස ඇනීමෙන් ඝාතනය කර තිබිණ. මෝටර් සයිකල් වලින් පැමිණි ඝාතකයන් තම ඉලක්කය සපුරා ගැනීමෙන් පසුව නිරුපද්‍රිව පලා ගියේ එවකට ඒ අසලම හමුදා මුර කපොලූ රැසක් තිබිය දී ය. එවක කොළඹ ආරක්ෂාව බාරව සිටියේ ගෝඨාභයගේ හෙංචයියෙක් වූ පසුගියදා විශ්‍රාම ගිය මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ ය.

    ලසන්ත මැරුවේ බැටලුවන් ඝාතනය කරන රහසිගත අවියකින් : ඒවා තිබුනේ 6 යි

    ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වී ඇති පරිදි ලසන්ත ඝාතනයට යොදා ගත් බැටළුවන් ඝාතන උපකරණ 6 ක් වැනි ඉතා සුළු ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ හමුදාවේ විශේෂ බලකාය වෙත ඊට මඳ කලකට පෙර ආනයනය කර ගෙනැවිත් දී තිබුනේ එවක හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ වුවමනාව සහ අනුමැතිය පරිදි ආරක්ෂක අමාත්‍යාංශය විසිනි. ට්‍රිගරයක් එබීමෙන් තියුණු උලක් ක්ෂණිකව එළියට පනින එම අවිය යළි ඉවතට ඇදීමේදී උලේ ඇමිණී තිබෙන මස් වැදලි කඩාගෙන එළියට එයි. උණ්ඩයක් භාවිතා කිරීමේ දී ශබ්දයක් පිටවන බැවින් රහසිගත ඝාතන සඳහා මෙම අවිය භාවිතා කෙළේ ය. මෙම සුවිශේෂී අවිය පිලිබඳ පුහුණුවක් තිබුනේ ද ස්වල්ප දෙනෙකුට පමණි.

    ලසන්ත ඝාතනයේදී ඝාතකයන්ට ආරක්ෂිත කලාපයෙන් නිරුපද්‍රිතව පිටව යෑමට නම් ආරක්ෂක අංශ වල සහායක් තිබිය යුතුමය. ඒ සම්බන්ධයෙන් එවක ඒ ප්‍රදේශය බාර පොලිස් ලොක්කාගෙන් අද වනතුරු ප්‍රශ්න කර නැත. ලසන්ත ඝාතනයට පොලිසිය සම්බන්ධ වන ආකාරය දැක්වෙන සාක්කියක් මෙසේය. ලසන්ත විසින් ගෝඨාභයට චෝදනා එල්ල කරමින් ලියූ මිග් ගනුදෙනුව ගැන වාර්තාව පළ වූ පසු ලසන්තව අත් අඩංගුවට ගන්නැයි එවක රහස් පොලිස් අධ්‍යක්ෂකව සිටි සිසිර මෙන්ඩිස් මහතාට ගෝඨාභය විසින් නීති විරෝධී නියෝගයක් දුන්නේය. මෙන්ඩිස් මහතා ඊට නීතිමය ප්‍රතිපාදන නොමැති යැයි කී බැවින් මෙන්ඩිස් මහතා වවුනියාවට මාරු කර යැවීය. ප්‍රභාකරන්ට වසර සියයක සිර දඬුවම් දුන් නඩුව මෙහෙයැවූ සිසිර මෙන්ඩිස් මහතා වවුනියාවට මාරු කර යැවුයේ එල්ටීටීඊයට ගොදුරු කරවා ඝාතනය කරවීමට යන්න වෙනම කතාවක් වන නමුත් ලසන්ත ඝාතනය කෙළේ ඊට සති කිහිපයකට පසුව ය. එම ඝාතනය සම්බන්ධයෙන් රහස් පොලිසියට පරීක්ෂණ බාර දුන්නේ පෙර කී සිසිර මෙන්ඩිස් අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත් කිරීමෙන් පසුවය.

    අද යලිත් පරීක්ෂණ ආරම්භ වූයේ රාජපක්ෂ රෙජීමය පෙරලා යහපාලන ආණ්ඩුව පත්වීමෙන් පසුවය. සිසිර මෙන්ඩිස් මහතා අද ආරක්ෂක උපදේශකවරයෙකි.

    -ලංකා ඊ නිව්ස් විශේෂ වාර්තාකරුවෙකු විසිනි-


    - http://www.lankaenews.com/news/4272/si
     
    Last edited:
    • Like
    Reactions: akilar25

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,456
    17,689
    113
    අලි තන්තෝසයි......
    දැන් පිටිපස්සෙ ඉන්න අයත් ඇල්ලුවොත් හොදයි!

    ෆොනීට බඩු බනිස් වෙයිද.අපරාදේ ලක්‍ෂ 700 කාර් ඵක..
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ෆොනීට බඩු බනිස් වෙයිද.අපරාදේ ලක්‍ෂ 700 කාර් ඵක..
    ව්ද්‍යාත්මක සාක්ෂි වෙනසි්කල හැකි තැනක ඉන්න හින්ද අව්ලක් වෙන එකක් නැ.....
     
    • Like
    Reactions: 3rdEye

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැකපිට යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයෙක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    රහස් පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ හමුදා සැරයන්වරයෙක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

    බුද්දි අන්ස දඩයම වහා නවතනු..... කවුරු හරි එකෙක් අර දිවයින පත්තරේ රිපෝට් එක දාපල්ලා.....
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,124
    29,891
    113
    ලසන්ත ඝාතනයෙන් පසුව උදලාගමව යුරෝපයට ඇරලා!

    ඊයේ (15) රාත්‍රී රහස් පොලිස් අත්අඩංගුවට පත්වූ යුධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ සාජන් මේජර් උදලාගම, ලසන්ත වික්‍රමතුංග ඝාතනයෙන් අනතුරුව ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය සඳහා, යුධ හමුදා බුද්ධි අංශයේ නිර්දේශයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් යවා ඇති බව තතු දත් ආරංචි මාර්ග සඳහන් කර සිටී.

    ඊයේ (15) අත්අඩංගුවට පත්වූ සාජන් මේජර් උදලාගම ලසන්ත ඝාතනයේ අනිවාර්ය සැක කරුවෙකු බවට රහස් පොලිසිය මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔහුව අද (16) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ.

    2009 වසරේ ජනවාරි මස 08 වන දා පෙරවරු 10.30ට පමන සිදුවූ ලසන්ත ඝාතනය සියැසින් දුටුවන් කිහිප දෙනෙකු ඒ පිළිබඳව පොලිසියට කට උත්තර දී ඇති අතර එකී කට උත්තර පවා මේ වන විට අතුරුදන් වී තිබේ.

    මේ සම්බන්ධයෙන් පලමු අවස්ථාවේදී අත්අඩංගුවට පත්වූ පුද්ගලයන් හදුනාගැනීමේ පෙරෙට්ටුවකට හෝ ඉදිරිපත් නොකොට නිදහස් කර හරින ලෙසට විමර්ශණ බාරව සිටි විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කීර්ති ගජනායක මහතාට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියාව සිටි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.එන්. වාකිෂ්ඨ මහතා නියෝග කර ඇති බව මේ වන විට හෙලිදරව් වී තිබේ. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී කීර්ති ගජනායක මහතාගෙන් හා සී.එන්. වාකිෂ්ඨ මහතාගෙන් ප්‍රශ්න කිරීමට නියමිත වේ.


    ලසන්ත ඝාතනයට තෑග්ගක් වශයෙන් යුරෝපයට යැවුණු සාජන් මේජර් උදලාගම ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසර තුන හමාරකට ආසන්න කාලයක් සේවය කර ඇති බව පැවසේ.


    මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වා ඇති යුධ හමුදාවේ ජේෂ්ඨ නිලධාරියෙකු පවසා ඇත්තේ ‘ඊයේ අත්අඩංගුවට ගත් සාජන් මේජර්වරයා ලසන්ත ඝාතනයට කිසිසේත්ම සම්බන්ධ නැහැ. රහස් පොලිසිය ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සෙල්ලම් කරනවා. පසුගිය කාලයේ සිදුවූ බලපෑම් හේතුවෙන් මේ වෙනකොට යුධ හමුදා බුද්ධි අංශය කඩා වැටිලා එදා යුද්ධයේදී විශාල කාර්යභාරයක් කළ බුද්ධි අංශ සාමාජිකයන්ට එල්ල වී ඇති බලපෑම් ගැන අද කවුරුත් කතා කරන්නේ නැහැ. හරිම කණගාටුදායක තත්වයක්' යනුවෙනි.

    මේ පිලිබඳව ලංකා නිවුස් වෙබ් වෙත සිය අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොලිසියේ ජේෂ්ඨ නිලධාරියෙකු පැවසුයේ ‘යුද්ධයකට මුවාවෙලා මිනී මරන්න කාටවත් බැහැ. මිනී මරුවන්ට රණවිරු ලේබලයට මුවා වෙන්න බෑ. ලසන්ත ඝාතනය කියන්නෙ මුලු ලෝකයක් බලාගෙන ඉන්න සිද්ධියක්. රණවිරුවො කියල මේව යට ගහන් හිටපු කාලයක් තිබුනා. යුක්තිය පසිදලන කොට අනිවාර්යෙන්ම විත්තිකාරයන්ට හිත් රිදෙනවා. තමන් හරි දේ කරානම් ඒ අය බය වෙන්න අවශ්‍ය නෑ. තමන්ට ඉහලින් ආපු බලපෑම් නිසා මේක කලා කියල කියනවනම් ඒවායේ විස්තර අධිකරණයේ පාපොච්ඡාරණයක් මගින් කරන්න පුළුවන්' කියාය.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තුල යුක්තිය සාධාරණත්වය යලි ස්ථාපිත කිරීම උදෙසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුව ගන්නා උත්සාහය අතිශය පැසසුම් කටයුතු බව මේ පිළිබඳව මනා අවධානයකින් සිටින දැනුවත් පුරවැසියන් සඳහන් කර සිටිති.

    - http://sinhala.lankanewsweb.net/news/special-news/item/4713-2016-07-16-09-31-14
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වද පොනිලම පාර්ලිමේන්තුවෙ කියුව නේද ලසන්තව මැරුව ෆොන්සේක කියල,ඌට ඇමතිකමක් දුන්න අහවල් දේටද අගමැතියො ෆොනීව කුද්ලල කුඩු කරපිය,

    ආණ්ඩුව පෙරලුන ගමන් වද අගමැතියත් කුඩුවෙ මහ බැoකුවෙන් බිලියන 1.6 හොරා කෑවට.
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,638
    1,488
    113
    වයබ පාලාතේ
    ෆොනීට බඩු බනිස් වෙයිද.අපරාදේ ලක්‍ෂ 700 කාර් ඵක..

    ව්ද්‍යාත්මක සාක්ෂි වෙනසි්කල හැකි තැනක ඉන්න හින්ද අව්ලක් වෙන එකක් නැ.....

    ගොටාබය ව අල්ලයි ඔකට ෆොන්සෙකා ලස්සනට ලිස්සලා යයි
    :baffled:​
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113


    පොnන පබයට චන්දෙ දීල, මේ රට අද තියෙන අගාධයට ඇදලා දාන්න දායක උන උන්ට සාප වේවා...
     
    Jul 5, 2012
    1,773
    265
    0
    යකෝ මෙකෙ ඉන්න බයියෝ හිතං ඉන්නේ බුද්ධි අංශ සාමාජිකයෝ කිව්වහම නිවන් දැකපු උන් කියලනේ. බුද්ධි අංශ කියන්නේ ආමි එකේ එක යුනිට් එකක් විතරයි. ඒකේ හොඳ උන් ඉන්නවා, එක එක ආන්ඩුවලට, මැදමූලන වලව්වට කඩේ ගිය කුනු හෝදපු මජරයොත් ඉන්නවා. ඔය අල්ලලා තියෙන්නේ මේ රටේ ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙක් වන ලසන්ත මරපු මිනීමරු බල්ලෙක් ව.
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,124
    29,891
    113
    ජිංතක ජිල්ලබකිට;20424009 said:
    යකෝ මෙකෙ ඉන්න බයියෝ හිතං ඉන්නේ බුද්ධි අංශ සාමාජිකයෝ කිව්වහම නිවන් දැකපු උන් කියලනේ. බුද්ධි අංශ කියන්නේ ආමි එකේ එක යුනිට් එකක් විතරයි. ඒකේ හොඳ උන් ඉන්නවා, එක එක ආන්ඩුවලට, මැදමූලන වලව්වට කඩේ ගිය කුනු හෝදපු මජරයොත් ඉන්නවා. ඔය අල්ලලා තියෙන්නේ මේ රටේ ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙක් වන ලසන්ත මරපු මිනීමරු බල්ලෙක් ව.

    ලසන්ත ඝාතනයට කණ්ඩායම් දෙකක් යොදවලා: කරුණාගේ අය බාරව සිටි සාජන්ට් මේජර් ප්‍රේමානන්ද උදලාගම වමාරයි..! මෙතෙක් හෙලි වූ සුල මුල

    (ලංකා ඊ නිව්ස් -20­­­­16.ජූලි.18, පෙ.ව‍‍‍‍‍‍.4.10) සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කරද්දී එකිනෙකා නොහඳුනනා කණ්ඩායම් දෙකක් යොදවා ඇතැයි අත් අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශ සාජන්ට් මේජර් ප්‍රේමානන්ද උදලාගම හෙවත් ආනන්ද උදලාගම නමැති අවනීතික ඝාතන කණ්ඩායම් ලීඩර්ගෙන් ප්‍රශ්න කරද්දී හෙළි වී ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ.

    ඝාතකයන් කණ්ඩායම ඝාතන සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා ඩයලොග් සිම් කාඩ් 5 ක් ඊට සතියකට පෙර මිලදී ගෙන ඇති අතර ඝාතනය සිදුකිරීමෙන් පසු ඒ එකදු සිම් කාඩ් පතකින්වත් යලි අද දක්වා කිසිදු ඇමතුමක් ගෙන නැත.

    පසුගිය 15 වෙනිදා රාත්‍රී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශයේ සාජන්ට් මේජර් ප්‍රේමානන්ද උදලාගම අද යලිත් වතාවක් ගල්කිස්ස මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව 27 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලදී.

    ප්‍රේමානන්ද උදලාගම යනු එල්ටීටීඊයෙන් කරුණා පිල වෙන් වූ පසුව කරුණාගේ පිරිස් සමග රහසිගත මෙහෙයුම් බාරව සිටි යුද හමුදාවේ බුද්ධි අංශ ප්‍රධානියෙකු වේ. ඔහුගේ ගම් පළාත මාතලේ ප්‍රදේශය වූ බැවින් ඔහුට සිංහල දෙමළ භාෂාවන් මනා ලෙස හැසිරවීමේ හැකියාවක් තිබිණ. මිලේනියම් සිටි සිද්ධියේදී ද ඔහු අත් අඩංගුවට පත්ව තිබිණ.
    උදලාගම සිටියේ කොහුවල කඳවුරේ බුද්ධි ඒකක 3 කින් එකක

    ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළ 2009 ජනවාරි 08 දා වන විට ප්‍රේමානන්ද උදලාගම සේවය කරමින් සිටියේ කොහුවල පිහිටි බුද්ධි අංශ ඒකකයක් සමගය. එවක කොහුවල කඳවුරේ බුද්ධි ඒකක 3 ක් තිබූ අතර එකක් කර්නල් ප්‍රසන්න නමැති නිලධාරියෙක් යටතේද තවත් එකක් ‘අන්සාර්‘ නමැති නිලධාරියෙක් යටතේද අනෙක් ඒකකය රියැදුරන් ආදීන්ගෙන් සමන්විත ‘පසුපස හඹා යෑම්‘ සිදුකරන ඒකකයක් විය. කර්නල් ප්‍රසන්න යටතේ තිබූ ඒකකයේ නිලධාරියෙක් සමග සෙබලුන් 17 ක් සිටි අතර කරුණාගේ පිරිස් කටයුතු කළේ ‘අන්සාර්‘ යටතේ ය. ප්‍රේමානන්ද උදලාගම යනු අන්සාර් යටතේ කරුණාගේ පිරිස් සමග ක්‍රියා කළ අයෙකි. කරුණාගේ පිරිස් වලට ආරක්ෂිත නිවස්න ආදිය සපයමින් ඔවුන් බාරව සිටියේ සහ ඔවුන්ව මෙහෙයැවුයේ ප්‍රේමානන්ද උදලාගම ය.

    ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් ඒ දිනවලදීම අත් අඩංගුවට ගෙන පොලිස් ඇප මත නිදහස් කරන ලද හමුදා සෙබලුන් 17 දෙනා වූයේ පෙර කී කර්නල් ප්‍රසන්න යටතේ ක්‍රියාත්මක වූ බුද්ධි අංශ සෙබලුන් 17 දෙනා ය. ඒ අවස්ථාවේදී අන්සාර් යටතේ ක්‍රියාත්මක වූ කරුණාගේ පිරිස් සමග උදලාගමද සිටි බුද්ධි අංශ කණ්ඩායම ගැන කිසිදු පරීක්ෂනයක් පවත්වා නැත.

    ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වන පරිදි කර්නල් ප්‍රසන්න යටතේ ක්‍රියාත්මක වූ බුද්ධි අංශ නිලධාරියා සහ සෙබලුන් 17 දෙනාගේ ඒකකය ඍජුවම පාලනය වී ඇත්තේ එවක යුද හමුදාපතිවරයා වූ සරත් ෆොන්සේකා මහතා වෙතිනි. ඔවුන් ක්‍රියා කර ඇත්තේ යුද හමුදාපතිගේ ආරක්ෂාව සඳහා ය. අන්සාර් යටතේ ක්‍රියාත්මක වූ කණ්ඩායම යුද හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ වරයා යටතේ පාලනය වී තිබේ. එවක යුද හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂක ලෙස කටයුතු කර ඇත්තේ වර්තමානයේ ත්‍රිකුණාමලයේ සේවය කරන මේජර් ජෙනරාල් (එවක බ්‍රිගේඩියර්) අමල් කරුණාසේකර ය. කෙසේ වෙතත් මේ සියල්ලටම ඉහලින් උපදෙස් දෙමින් ආරක්ෂක අමාත්‍යාංශයේ බුද්ධි අංශ උපදේශක වරයා ලෙස කටයුතු කරන ලද්දේ විශ්‍රාමික මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ ය. ඔහු එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අතිජාත මිත්‍රයා ය.
    ලසන්ත ඝාතනයටම අලුතින් ගත් සිම් කාඩ් 5

    ආරම්භයේ දී සඳහන් කරන ලද පරිදි ඝාතකයන් භාවිතා කළ ඩයලොග් සිම් කාඩ් 5 මිලදී ගෙන තිබුනේ මරදානේ ට්‍රිපොලි කඳවුරේ සිටි බුද්ධි අංශ රියැදුරෙක් වන කන්දෙගෙදර පියවංශ නමැත්තෙකි. ඔහු තමාගේ හිතවතෙක් වූ නුවරඑළිය ප්‍රදේශයේ ගරාජ් හිමියෙකු වූ පිච්චේ නමැති දෙමළ ජාතිකයෙකුගේ හැඳුනුම්පතක් සොරකම් කරගෙන සිම් කාඩ් 5 මිලදී ගෙන තිබිණ. රාජපක්ෂ රෙජීමය විසින් ලසන්ත ඝාතනය ගැන පරීක්ෂන කරන බව පෙන්වීම සඳහා පියවංශ සහ පිච්චේ දෙදෙනාම වසර කිහිපයක් රිමාන්ඩ් බාරයේ තබාගෙන සිටි අතර කිසිවක් නොදැන සිටි ගරාජ් හිමි පිච්චේ රිමාන්ඩ් භාරයේදී මිය ගියේ ය. පියවංශගෙන් තමා ලබා ගත් සිම් කාඩ් පත් දුන්නේ කාටදැයි පරීක්ෂන කළ වුන් සොයා බැලුවේ ද නැත. එම සිම් කාඩ් පත් වලින් දුරකථන ඇමැතුම් ලබා ගත්තේ කාටදැයි සොයා බැලුවේ ද නැත. රාජපක්ෂ රෙජීමය කෙළේ පියවංශ පෙන්වා ජනතාව ගොනාට ඇන්දවීම ය.

    ඒ සියලු පරීක්ෂණ යලි ආරම්භ කෙරුණේ වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුවය. පසුගිය කාලයේ සිදුකළ අපරාධ සඳහා බහුතරයක් යොදාගෙන තිබුනේ ඩයලොග් සිම් කාඩ් පත්ය. ඒවායින් ලබා ගත් දුරකථන ඇමැතුම් මොනවාදැයි රහස් පොලිසිය සොයද්දී මුලදී ඩයලොග් සමාගමේ අයිතිකාර හාන්ස් විජේසූරිය ඊට බාධා කළා මිස සහායක් දුන්නේ නැත. ලංකා ඊ නිව්ස් පසුගිය 2015 දෙසැම්බර් 06 වෙනිදා “ඩයලොග් අධිපති හාන්ස් විජේසූරිය විහින් අනතුරේ“ යනුවෙන් තත්ත්වය හෙලිකරමින් ලිපියක් පළ කෙළේය. ඉන් පසුව හාන්ස් විජේසූරිය තම ස්ථාවරය වෙනස් කරමින් රහස් පොලිස් පරීක්ෂණ වලට සහාය දීමට ඉදිරිපත් විය. ඒ අනුව ලසන්ත ඝාතකයන් භාවිතා කළ සිම් කාඩ් පත් වලින් වසර 7 කට පෙර ලබා ගත් දුරකථන ඇමැතුම් මොනවාදැයි රහස් පොලිසියට සොයා දීම සඳහා ඔහුට අලුතින් යන්ත්‍ර සූත්‍ර පවා පිටරටින් ගෙන්වා ගැනීමට සිදුවිය. හාන්ස් විජේසූරිය සහ ඩයලොග් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය එම යන්ත්‍ර සූත්‍ර සඳහා රු මිලියන 60 ක් පමණ අධික අතිරේක වියදමක් දැරීමට කැමැති වීම ගැන ඔවුනට ස්තූතියක්ද පළ කළ යුතුය.

    කෙසේ වෙතත් පසුගිය 15 වෙනිදා ලසන්ත ඝාතන කණ්ඩායමේ ලීඩර් වූ යුද හමුදා බුද්ධි අංශයේ සාජන්ට් මේජර් ප්‍රේමානන්ද උදලාගම අත් අඩංගුවට ගැණුනේ එවැනි බිඳලිය නොහැකි පරිවේශනීය සාක්කි මත ය. ඉදිරියට තවත් අය අත් අඩංගුවට ගැණෙනු ඇත.
    උදලාගම ජර්මනියේ දී දෙමළ ජනතාවගෙන් කප්පම් අරන්

    පරීක්ෂණ පැවැත්වෙන බැවින් වැඩි විස්තර හෙලි කළ නොහැකි නමුත් දැනට හසුවී සිටින සාජන්ට් මේජර් ප්‍රේමානන්ද උදලාගම ගැන ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වෙත ලැබී ඇති වැදගත් වේ යැයි සිතන තොරතුරු කිහිපයක් හෙලි කරමින් මෙම ලිපිය අවසන් කරමු.

    මැදමූලනේ රාජපක්ෂ මෘගයන් මාධ්‍යවේදීන්ට එරෙහිව එල්ල කළ මාරාන්තික ප්‍රහාර 2011 මැද පමණ වන විට ක්‍රමයෙන් අඩු වන්නේය. ලංකා ඊ නිව්ස් ගිනි තැබුවේ 2011 ජනවාරි 30 දා ය. ඉන්පසුව රාජපක්ෂ රෙජීමය විසින් සාජන්ට් මේජර් ප්‍රේමානන්ද උදලාගමව ජර්මනියට යවන්නේ බර්ලිනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සාමාන්‍ය සේවකයෙකු ලෙසය. වසර 3 හමාරක පමණ කාලයක් එහි සේවය කරන උදලාගම යලි සිය රට කැඳවන්නේ 2014 මැද භාගයේ ය. ඒ අතර කාලයේදී අලුතින් ශ්‍රී ලංකා පාස්පෝට් ඉල්ලුම් කරන ජර්මනියේ වෙසෙන දෙමළ ජනතාවගෙන් ඔහු කප්පම් මුදල් ලබා ගන්නේ හිතක් පපුවක් නැතිවය. කප්පම් නොදුන හොත් කොළඹ සිටින ඔහුගේ කල්ලිය සමග එක්වී ඒ අය එල්ටීටීඊ කාරයන් ලෙස හං වඩු ගසා පාස්පෝට් නොදෙනවා පමණක් නොව ඔවුන්ගේ ලංකාවේ සිටින ඥාතීන්ට නොයෙකුත් හිරිහැර කරවන්නේය. එම නිසාම ඔහු ජර්මනියේ දෙමළ ඩයස්පෝරාව අතර ප්‍රසිද්ධව සිටියේ “කප්පම් ආනන්ද“ ලෙසයි.

    තමාගේ පුද්ගලික සතුරෙක් නොවන අහිංසක මාධ්‍යවේදීන් මරා දැමීමට හැකි පුද්ගලයෙකු අහිංසකයෙකුගෙන් කප්පම් ලබා ගැනීම යනු ‘අහිංසක අපරාධයක්‘ සේ පෙනුනා විය හැකිය.

    කෙසේ වෙතත් යුද හමුදාවක බුද්ධි අංශයක් යනු රටක කොඳු නාරටිය වැනිය. ශ්‍රී ලංකාවේ යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් සහ සෙබලුන් 4000 කට අධික පිරිසක් ජීවිතය නොතකා රට වෙනුවෙන් සේවය කළහ. ඉදිරියටත් කරති. එබැවින් මෘග රෙජීමයක පුද්ගලික වුවමනාවන් මත අපරාධ කළ අතේ ඇඟිලි ගණනකට අඩු තිරශ්චීන මිනිසුන් කිහිප දෙනෙකු නිසා සමස්ථ බුද්ධි අංශයක වටිනාකම් කැප කිරීම් නිගරු වීමට ඉඩ නොතැබීමට වත්මන් යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියාත් යුද හමුදාපතිවරයාත් වග බලා ගත යුතුය. වරදකරුවන් සහ වරදට මෙහෙයැවූ නායකයන් අල්ලා උපරිම දඬුවම් ලබා දී යුද හමුදාවේ කීර්තිය ආරක්ෂා කර ගත යුතුය. වින්දිතයන්ට සාධාරණය ඉටු කළා වන්නේ එවිට ය.


    - http://www.lankaenews.com/news/4277/si
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    13770438_1786991718203375_4219976506642563372_n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,124
    29,891
    113
    දිලීපගේ ගේ වටේ පෝස්ටර් ගැහුවේ සාජන්ට් මේජර් උදලාගම !

    ප්‍රගීත් එක්නැලිගොඩ නඩුවේ පැමිණිල්ල මෙහෙයවන රජ‍යේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ දිලීප පීරිස් මහතාගේ අතුරුගිරිය නිවසේ තාප්පයේ එම මහතාට තර්ජණය කරමින්, ගම්වාසීන්ගේ මුවාවෙන් පෝස්ටර් අලවන ලද්දේ, පසුගිය සිකුරාදා අත්අඩංගුවට ගෙන මේ වනවිට රිමාන්ඩ්භාරයේ පසුවන සාජන්ට් මේජර් පේමානන්ද උදලාගම විසින් බව යුද හමුදා අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටී.
    මීට අමතරව උදලාගම විසින් යුද හමුදා බුද්ධි අංශයේ සිට දැනට විශ්‍රාම ගොස් ඇති නොච්චියාගම ප්‍රදේශයේ වෙසෙන පුද්ගලයෙකුට නිවසටම ගොස් මරණ තර්ජන එල්ල කර තිබේ. එසේ උදලාගම විසින් මෙම විශ්‍රාමික නිළධාරියාට මරණ තර්ජන එල්ල කර ඇත්තේ ඔහු එක්නැලිගොඩ ඝාතනය සම්බන්ධයෙන් රහස් පොලීසියට පාපොච්චාරණය කිරීම හේතුවෙනි.

    එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුව හා ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩු සඳහා යුද හමුදා බුද්ධි අංශය විසින් සිය බුද්ධි අංශ අරමුදලින් නීතිඥ ගාස්තු ගෙවන බව මේ පිළිබඳව අපට කරුණු හෙළිකළ හමුදාවේ උසස් නිළධාරියෙකු සඳහන් කර සිටියේය. එකී බුද්ධි අංශ අරමුදල විගණනය කළ නොහැකි එකක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

    දැනට රිමාන්ඩ්භාරයේ පසුවන සාජන්ට් මේජර් උදලාගමගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ෂිරාශ් නූර්ඩීන් මහතා පෙනී සිටී.


    - http://sinhala.lankanewsweb.net/news/special-news/item/4746-2016-07-18-11-07-18
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,124
    29,891
    113
    ලසන්ත ඝාතනයේ ලීඩර් සාජන්ට් මේජර් උදලාගමගේ වැමෑරිල්ලෙන් ඇදහිය නොහැකි තොරතුරු එළියට..!

    (ලංකා ඊ නිව්ස් -20­­­­16.ජූලි.19, පෙ.ව‍‍‍‍‍‍.8.15) අතුරුදහන් කරන ලද මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ රාජගිරියේදී පැහැර ගැනීම සිදුකළ දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින ගිරිතලේ කඳවුරේ එවක ප්‍රධානියා වූ ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න, ලුතිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන ඇතුළු පිරිස නිදහස් කරන ලෙස ඉල්ලමින් පසුගියදා උද්ඝෝෂනයක් සංවිධානය කරන ලද්දේ අද කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතන කණ්ඩායමේ ලීඩර් ලෙස කටයුතු කළ බවට හසුවී සිටින යුද හමුදා බුද්ධි අංශයේ සාජන්ට් මේජර් ප්‍රේමානන්ද උදලාගම විසින් බව රහස් පොලිසිය වෙත හෙලි වී තිබේ. ඒ අත් අඩංගුවේදී උදලාගම විසින්ම කරන ලද පාපෝච්ඡාරණයේදී ය.

    එපමණක් නොව මිනීමරුවන් රණවිරුවන් ලෙස පුම්බමින් ගලගොඩ අත්තේ ඥානසාර අධිකරණයට අපහාස කළ අවස්ථාවේදී ඥානසාරව අත් අඩංගුවට ගෙන නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කර ඔහු රිමාන්ඩ් කළ දා අධිකරණය ඉදිරියේ ඩෙඟා නැටීම සංවිධානය කරන ලද්දේ තමා විසින් යැයිද, තමා සමග එදා බුද්ධි අංශ නිලධාරීන් පිරිසක් ඊට සහභාගී වූ බවත් සාජන්ට් මේජර් ප්‍රේමානන්ද උදලාගම විසින් පාපෝච්ඡාරණය කර ඇත.



    ‘ඥානසාරගේ සහායට හෝමාගම අධිකරණයට ආ හෙංචාසාරලා අතර යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් 20 ක් හඳුනාගෙන‘ මැයෙන් 2016 -ජන - 28 දා ලංකා ඊ නිව්ස් මේ බව වාර්තා කර තිබේ.


    Read more:
    http://www.lankaenews.com/news/4289/si
     
    • Like
    Reactions: DjAtrocity