ලැබ්‍රඩෝර්~රිට්‍රීවර්

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලැබ්‍රඩෝර්~රිට්‍රීවර්

    labrador-retriever-031.jpg


    ලැබ්‍රඩෝර් රිට්‍රීවර් කිව්වාම ගොඩක් අය දන්න බ්‍රීඩ් එකක් තමා අද වන විට මේ ලෝකේ.
    බල්ලෝ ගැන මෙලෝ හසරක් දන්නේ නැති අය පවා ලැබ් එකෙක්ව දැක්කාම ආනේ මේ ලැබ් එකෙක්නේ කියන තරමට ලැබ් එවුන්ව හිත් වලට වැදිලා තියනවා.
    ලැබ් කියන්නේ ගොඩක් උස යන බ්‍රීඩ් එකක් නෙවෙයි ජර්මන් ශෙපර්ඩ් වගේ.
    ලැබ් කියන්නේ මහත් වෙන බ්‍රීඩ් එකක් ජර්මන් ශෙපර්ඩ් උන්ට වඩා.
    ලැබ් එකෙක්ව හදනවා කියන්නේ ඉතින් කන්න දෙන්න ලෑස්ති වෙලා ඉන්න ඕන සතාට වැඩිපුර හොදට.

    labrador-retriever-dog-pictures-1.jpg


    ලැබ් කිව්වාම අපේ හිත් වලට මුලින්ම එන්නේ හුරතල් බ්‍රීඩ් එකක් විදියටයි.
    ලෝකේ ඉන්න හුරතල්ම බල්ලෝ බ්‍රීඩ් වලින් එකක් තමා ලැබ් කියන්නේ.
    ලැබ් එකෙක්ව හදලා තියනවානම් ඒ අය දන්නවා හුරතලේ කොහොමද කියලා.
    ලැබ් වනාහි හොද ඉවසීමක් තියන බල්ලෝ බ්‍රීඩ් එකක් ස්වභාවයෙන්ම.
    හොද ඉවසීම,දෙයක් ඉක්මනින් තේරුම් ගැනිමට ඇති හැකියාව,හොද ශරීර ශක්තියක් තිබීම,කරුණාවන්තකම,දියුණු ඉවක් තිබීම ආදිය ලැබ් අයගේ ප්‍රධාන ලක්ශන වශයෙන් පෙන්නවන්න පුලුවන්.
    පොඩි ලමයි එක්ක ගොඩක් ලන් වෙන බ්‍රීඩ් එකක් තමා ලැබ් කියන්නේ මොකද එයාලගේ තියන හුරතල් පෙනුම නිසා.
    ජර්මන් ශෙපර්ඩ් එකෙක්ගේ තියන මැචුවර්ඩ් ලුක් එක නැතුව ලැබ් උන්ට තියෙන්නේ උන්ටම ආවේනික හුරතල් ලුක් එකක්.
    ඒ ලුක් එක නිසාම ගොඩක් අය ලැබ් එකෙක් දැක්ක ගමන් බය වෙන්නේ නෑ ඌව හුරතල් කරන්න හිතෙනවා මිසක්.

    st_boy2.jpg


    ජර්මන් ශෙපර්ඩ් උන් ආවේ ජර්මන් වලින් කියලා ඕන කෙනෙක් දන්නවනේ.
    ලැබ් උන් කොහෙන්ද ආවේ ?
    ඒ කතන්දරේ මම මෙහෙම කියන්නම්කෝ.
    කැනඩාව ගාව තියනවා නිව්ෆවුන්ඩ්ලන්ඩ් කියලා දූපතක්.
    අන්න ඒ දුපතෙන් මේ ලෝකෙට ආව බල්ලෝ ජාතියක් තමා මෙයාලා.
    නිව්ෆවුන්ඩ්ලන්ඩ් කියන දූපතෙන් නිව්ෆවුන්ඩ්ලන්ඩ් කියලා බල්ලෝ ජාතියකුත් ආවා ලැබ් එවුන් ඇරුනාම.

    tumblr_inline_myt5anrdF91rppb6t.jpg


    ඔන්න ඔය ඉමේජ් එකේ ඉන්නේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් කියන බල්ලෝ ජාතිය.
    ලැබ් එවුන් ඒ දුපතේ ගොඩක්ම ප්‍රසිද්ධ උනේ ධීවරයෝ අතර මොකද කිව්වොත් දැල් අදින්න,ලණු අදින්න,මාලු දැල් වලින් පැනලා යන්න හදන මාලුන්ව පැනලා යන්න නොදි අල්ලන් එන්න වගේ දේවල් ලැබ් උන් කෙරුවා ධීවරයන්ට.
    ධීවරයන්ට උදව් වෙච්ච නිසාම ලැබ් උන් ධීවරයෝ අතර ගොඩක් ප්‍රසිද්ධ උනා.
    ඒ නිසාම ගොඩක් ධීවරයෝ කරේ ලැබ් උන්ව ගෙදර එක්කන් ගිහින් ගෙදර ඇති කරපු එක.
    සුලුතරයක් ලැබ් උන්ව දඩයම් බල්ලෝ විදියටත් යොදා ගත්තා ඒ දූපතේ.
    ගෙදරට හොරෙක් පැන්නොත් ඒ හොරාව ආදරෙන් පිලි අරන් කෑම බීම තියන තැනට එක්කන් යන්න පවා ලැබ් උන්ගේ හුරතල් ගතිය ඉහවහ ගියා.
    ඒ නිසා ලැබ් උන්ව ගෙවල් වල ආරක්ශාවට හදන්නේ නැතුව හුරතලේට හදන්න මිනිස්සු යොමු උනා.
    ආබාධිත අය අතර ලැබ් උන් ගොඩක්ම ෆේමස් උනා ලැබ් උන්ගේ තිබ්බ කරුණාවන්තකම සහ උදව් කිරිමේ ගුණ නිසා.
    නිව්ෆවුන්ලන්ඩ් දූපතේ හිටපු කොමන් බ්‍රීඩ් බල්ලන් සහ නිව්ෆවුන්ඩ්ලන්ඩ් බල්ලන් ක්‍රොස් වෙලා ලැබ්‍රඩෝර් උන් ඇති උනා කියලා තමා කියන්නේ ගොඩක් අය.
    ලැබ් උන්ගේ ඩිසිප්ලින් සහ ගුණ යහපත් බව නිසා නිව්ෆවුන්ඩ්ලන්ඩ් දූපතේ හිටපු එන්ගලන්ත වැසියෝ කීප දෙනෙක් ලැබ් උන් කීපදෙනෙක්ව එන්ගලන්තෙට අරන් ගියා ආදරේට හදන්න .

    250px-3rd_Earl_of_Malmesbury.jpg


    එන්ගලන්තයේදි ජේම්ස් හාවර්ඩ් හැරිස් කියන පුද්ගලයා විසින් තමා ලැබ් උන්ට ලැබ්‍රඩෝර් කියලා නම තිබ්බේ.
    James Harris, 3rd Earl of Malmesbury


    5326ac63-da4c-45af-aac7-49bfdaf8e3d1.jpg


    ජේම්ස් එඩ්වර්ඩ් හැරිස් විසින් තමා ඉස්සෙල්ලාම එන්ගලන්තෙට ලැබ් උන්ව ගෙනාවේ.
    James Harris, 2nd Earl of Malmesbury


    ඔය දෙන්නා නොහිටින්න අද වන විට ලැබ්‍රඩෝර් කියලා බ්‍රීඩ් එකක් නොතිබෙන්න පුලුවන්.
    ඒ මොකෝ ඒ?
    මෙහෙමයි සීන් කෝන් එක.
    නිව්ෆවුන්ඩ්ලන්ඩ් වල බල්ලන්ට ටැක්ස් එකක් ගහන්න ගත්තා.
    එක ගෙදර එක සතෙක්ට වඩා තියාගන්න බෑ කියලා නීතියක් ගෙනවා නිව්ෆවුන්ඩ්ලන්ඩ් වලින්.
    ගෑණු සතෙක්ව තියාගන්නවා කියන්නේ ටැක්ස් ගොඩක් ගෙවන්න උනා නිව්ෆවුන්ඩ්ලන්ඩ් වල අයට.
    ඉතින් ගොඩක් අය කරේ ලැබ් උන්ව හදන එක අතඇරලා දාපු එක.
    ඔය තත්වය යටතේ ලැබ් උන්ව නිව්ෆවුන්ඩ්ලන්ඩ් වලින් නැත්තටම නැති වෙලා ගියා කාලයත් එක්ක.
    එන්ගලන්තේ ගෙනිච්ච අයව විතරයි ඉතුරු උනේ ලැබ් උන්ගෙන් මේ ලෝකේට.
    එන්ගලන්තෙන් ඊට පස්සේ ලැබ් උන්ව ඇමරිකාවට ගියා බ්‍රීඩ් වෙලා.
    ඇමරිකාවේදි ලැබ් උන් ගොඩක්ම ෆේමස් උනා එන්ගලන්තෙටත් වඩා.
    ඇමරිකා වල ලැබ්‍රඩෝර් කියන්නේ ෆේමස්ම බල්ලෝ අතර ඉන්න බ්‍රීඩ් එකක්.
    ලෝක යුද්ධ කාලෙන් පස්සේ ලැබ් උන් තව තව ෆේමස් වෙන්න ගත්තා.
    අද වෙනකොට සමහර රටවල් වල සමහර ෆෝසර්ස් වලට ලැබ් උන්ව යොදා ගන්නවා මත්ද්‍රව‍‍ය සෙවීම් මෙහෙයුම් වලට,පුපුරණ ද්‍රවය සෙවීම් මෙහෙයුම් වලට.

    පොඩි කේස් එකක් තියනවා අපේ අයට විසදලා දෙන්න.
    ලැබ්‍රඩෝර් සහ ලැබ්‍රඩෝර් රිට්‍රීවර් කියන්නේ බ්‍රීඩ්ස් දෙකක්ද එකක්ද?
    මේ සීන් එක මාත් හරියටම දැනගත්තේ මේ මෑත කාලයේදි තමා.
    ලැබ්‍රඩෝර් සහ ලැබ්‍රඩෝර් රිට්‍රීවර් කියන්නේ බ්‍රීඩ් දෙකක් නෙවෙයි එකක්.
    ලැබ්‍රඩෝර් රිට්‍රීවර් කියන එක කොට කරලා තමා ලැබ්‍රඩෝර් කියලා කියන්නේ.

    අපි දැන් බලමු මෙයාලගේ මෙව්වා ටිකක්.

    DJD_Probability_PennHIP_hip_dysplasia_dog_breeds.jpg


    laborador_web.jpg


    මෙයාලගේ පාට ප්‍රධාන වශයෙන් තුනයි තියෙන්නේ.
    චොකලට් පාට.
    කහ පාට.
    කලු පාට.

    ලැබ් අයගේ ෆර් එක ගැන ලොකුවටම වද වෙන්න නම් දෙයක් නෑ මොකද කිව්වොත් මෙයාලට එන්නේ ශෝර්ට් ෆර් එකක් නිසා.
    ජර්මන් ශෙපර්ඩ්ලාගේ වගේ මෙයාලගේ ෆර් එක මහන්සි වෙලා මේන් ටේන් කරන්න දෙයක් නෑ.
    මෙයාලට දිනපතා එක්සර්සයිස් නම් අනිවාර්ය වෙනවා මොකද මෙයාලගේ පැවැත්මට ඒක ගොඩක්ම බලපනවා.
    ලැබ් එකෙක් ගන්නවානම් අනිවා ඒ දේ ගැන සලකා බැලිය යුතුමයි.
    එක්සර්සයිස් කිව්වේ හැමදාම ඇවිදින්න එක්කන් යන එක,දුවවන එක වගේ ශරීරය හොදින් වෙහෙසෙන ක්‍රියා වලට.

    Labrador_Retriever_Scheduling_Basics.jpg


    මෙයාලගේ පොඩි කාලේ නම් ගොඩක්ම හුරතලේට බර විදියට තමා මෙයාලා හැසිරෙන්නේ.
    පොඩි පැටියා කාලේ බලන්න ලස්සනයි මාරම හුරතලයක් තියෙන්නේ ලැබ් උන්ගේ.
    ලැබ් හොද පැටියෙක් ගන්න පුලුවන් රු.40000.00 - රු.70000.00 අතර ගානකට KASL රෙජිස්ටර් වෙච්ච එකෙක්ව.
    මේ ලගදි කිරියේ මෙම්බර් කෙනෙක්ටම ලැබ් පැටියෙක්ව ගත්තා රු.45000.00 දීලා.
    දවසම හොයලා හොයලා තමා ඌව හොයාගත්තේ ඉක්මන් එකෙන්.
    පුන්චි කාලේ ඉදන්ම ට්‍රේනින් කියන දේ නම් තියෙන්නම ඕන එක්සර්සයිස් එක්ක.
    එහෙම නොවුනොත් සතා හැදෙන්නේ නෑ හරියට.
    පොඩි කාලේදි අපිට දරාගන්න බැරි තරමේ හුරතලයක් දෙන්න ලැබ් පැටව් සමත් වෙනවා.
    ඒ නිසාම වැඩි වැඩියෙන් ඌට ආදරේ හිතෙනවා දකින වාරයක් පාසා.
    හුරතලේට හදනවානම් ලැබ් කියන්නේ ගොඩක් හොද බ්‍රීඩ් එකක්.

    thankyou_trio_roses_FB2.png



    ඔන්න ඔය විදියට කියලා මම මේ ත්‍රේඩ් එක අවසන් කරනවා.
    මම මේ ත්‍රේඩ් එක දැම්මේ කිරියේ සාමාජිකයෙක් මගේ කලින් ත්‍රේඩ් එකක ලැබ්‍රඩෝර් රිට්‍රීවර් හදන අය වෙනුවෙන් ත්‍රේඩ් එකක් දාන්න කිව්ව නිසයි.
    ඔන්න ඒ ආසාව ඉශ්ට කරමින් මම ත්‍රේඩ් එකක් දැම්මා.

    මේක දැම්මේ කාටහරි දෙයක් ඉගෙන ගන්න පුලුවන් කියන චේතනාවෙන්.
    කියවලා අනිවා කමෙන්ට් එකක් දාලා යන්න.
    උබලගේ කමෙන්ට්ස් නිසයි මම ත්‍රේඩ්ස් දාන්නේ.
    කියන්න තියන දෙයක් කෙලින් කියන්න හැබැයි තමන්ට තමුන් කියන දේ ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන.
    ඔප්පු කරන්න බැරි නම් කරුණාකරලා තවුසන්ඩ් ටෝල්ක්ස් නොදි ඉන්න ඕන පාඩුවේ.
    දරුණු වෝනින් එකක් දෙන්නේ මම.
    එහෙනම් ජය වේවා.
    කූඩුවේ දාලා,ගැට ගහලා හදන්න හිතන් ඉන්නවානම් කිසිම බ්‍රීඩ් එකක බල්ලෙක් ගන්න එපා.
    ඊට වඩා හොදයි ඒ සල්ලි වලින් ගෙදරට සිසිටිවි සිස්ටම් එකක් සෙට් කරගන්න එක.
    වියදම් කරන්න පුලුවන්නම්,ඉඩ තියනවානම්,කැප වෙන්න පුලුවන්නම් විතරක් සතෙක්ව හදන්න.
    දුක් දෙන්න සත්තු හදන්න එපා තමන්ගේ ආරක්ශාවට,ජොලියට කියලා.







     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,464
    1,028
    113
    KANDY
    patta machan mage gf hadanneth Labrador kenek.
    Lamayek wage thamai ithin :love: :love:

    Newfoundland lagen ena nisa wenda athi meyala wathurata godak kamathi
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Ela machan. Ape gedara nam inne full koil wechcha balu nambiyek. Habai u nam family ekata full love.

    Amma uwa reject kala. Ithin api uwa hadanna gaththa. Kauru unath jeewithayak ne. Deyyane kiyala kanna thiyena ona deyak kala full fun eke innawa u nam :D
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    පුදුම හුරතල් පෙනුමක් තියෙන්නේ.
    White එකා තමයි මටනම් ලස්සනම.
    :love: :love: :love:

    You must spread some Reputation around before giving it to akilar25 again.
     

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    ah niyamai kolla niyama thread eka. thanks

    ow ban lab lage pissu wada gananam kiyala wadak na. meyala kanawa kisima seemawak nathuwa. e nisa hadanawanam eka gana odak care karanna ona. mokada meyalage fat eka wadi wela leda godak hadenawa kaama nisama. monawa unath pattama hurathal ballo jathiya :love: