ලංකට්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,942
    1
    43,260
    113
    “ලංකට්“ සිංහල වචනයක් ද?
    මේ වචනයේ ආරම්භය මොකක් ද?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,942
    1
    43,260
    113
    විත්තිකරුගේ ලන්කට් එක අධ්කරණයේ දී පොලීසියට ඇන්දීම

    thumb.php


    ඇඳපිය මේක ඇඳපිය මේක :lol:

    ලංකාවේ පොලීසිය සම්බන්ධයෙන් බොහෝ දෙනා අතර ඇත්තේ එතරම් පැහැදීමක් නොවේ. පොලීසියේ ක්‍රියාකලාපය සමාජයේ අප්‍රසන්න නමුත් විවාද රහිත සංසිද්ධියක් බවට පත්ව ඇත. බොහෝ විට පොලීසිය විසින් මඩලනු ලබනු ඇතැයි ජනතාව විශ්වාස කරන අපරාධ සදහා විශේෂයෙන් පොලීසියේ පහල කොටස් සම්බන්ධ වීම සහ පූර්ණ වශයෙන් දේශපාලණීකරනය වීම පොලීසියට එරෙහිව ඇති ප්‍රධාන චොදනාවකි. මේ වන විටත් මානව හිමිකම් පිළිබදව විශ්ව ප්‍රකාශයේ පාර්ශවකරුවෙකු වන ශ්‍රී ලංකාව ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කරනු වස් කෲර සහ අමානුෂික දඩුවම් වලට එරෙහි ජාත්‍යන්තර සම්මුතියකටද මේ වන විටත් අත්සන් තබා අවසන්ය. නමුත් ජනතාවගේ අයිතිවාසිකම් දිනෙන් දින පරිහානියට පත් වනවා විනා ආරක්ෂා වන බවක් දක්නයට නැත.

    සාමාන්‍යයෙන් පොලීසියට වැරදිකරුවන් නිවරදිකරුවන් කරන්නටත් නිවරදිකරුවන් වැරදිකරුවන් කරන්නටත් මනා පරිචයක් ඇත. මේ නිසා පොලිස් සේවය ගුණාත්මක අතින් පරිහානියට පත්වනවා පමණක් නොව ජනතාවගේ ජීවිතය සහ මරණය වැනි සංවේදී කාරණා සම්බන්ධයෙන් කටයුතු කරන පොලිස් සේවය දිනෙන් දින පරිහානියටද පත්වේ. මේ නිසා රටේ නීතියේ ආධිපත්‍යයට සහ ස්වභාවික යුක්ති මූල ධර්මයන්ට අත්වන පරිහානිය සුලුපටු නැත.

    පසුගිය දිනක මේ ආකාරයෙන් වූ අපූර්ව නඩුවක් කොළඹ අලුත්කඩේ මහාධිකරණය තුළ අසනු අපට දක්නට ලැබිණි. නීතිමය තර්කණයන්ට අනුව මේ නඩුවේ සිද්ධිය කෙතරම් දුරටත් අදාලද නැද්ද යන්න ගැන අප නොදන්නා අතර මෙය රටේ ජනතාවගේ අයිතාවාසිකම් සම්බන්ධයෙන් අතිශයින්ම වැදගත් වන බැවින් මේ සිද්ධිය අප ඔබට ඉදිරිපත් කරන්නෙමු.

    මෙම නඩුවේ විත්තිකරුට එරෙහිව අධි චොදනා ගොනුකර තිබු වරද වූයේ හෙරොයින් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමයි. මෙහිදී පොලීසිය විසින් දැක්වු කරුණු අනුව අදාල සැකරු සිය යට ඇදුමේ සගවාගෙන හෙරොයින් ප්‍රවාහනය කරණු ලැබීයැයි අධි චොදනා ගොනු විය. මෙහිදී මේ විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වසන්ත පිටිගල මහතා සිය සේවාදායකයාට එරෙහිව එළ්ල කළ මෙම චොදනාව ප්‍රතික්ශේප කරණු ලැබීය. මෙහිදි විත්තිකරු කියා සිටියේ තමන් මෙම වරදට නිවරදිකරු වන බවයි. ඒ අනුව විත්තිකරු සිය නිර්දෝෂිභාවය ඔප්පුකර පෙන්වන්නට ඩී.එන්.ඒ පරීක්ෂනයක් පවත්වන්න යැයි අධිකරණයෙන් ඇයැද සිටියේය. එහිදී එය අධිකරණයේ වියදමින් නොව විත්තිකරගේ වියදමින් කරන්නට යැයි අධිකරණය නියෝග කළේය. ඒ අනුව අදාල සැකකරු විසින් රුපියල් 16000ක පමණ මුදලක් වියදම්කර ජින්ටෙක් ආයතනයෙන් කළ ඩී.එන්.ඒ පරීක්ෂනයෙන් ඔප්පු වූයේ අදාල යට ඇදුම විත්තිකරුගේ එකක් නොවන බවයි. පසුව මේ ගැන කළ පරීක්ෂනයක දී හෙළිදරව් වූයේ මෙම යට ඇදුම පොලිස් බැරැක්ක තිබූ යට ඇදුමක් බවත් එය විත්තිකරුගේ එකක් නොවන බවත්ය. ඒ අනුව විත්තියේ නීතිඥ වසන්ත පිටිගල මහතා සිය සේවාදායකයාගේ නිවරදිභාවය ඔප්පු කරන්නට සම්පින්ඩන දේශණයක් පවත්වනු ලැබීය.

    ඉහත සිද්ධිය බලන ඕනෑම අයෙකුට එය එතරම් වැදගත් සිද්ධියක් යැයි එක්වරම හැගී යන්නේ නැති බව අපට විශ්වාසය. නමුත් මෙහිදී ගැටලු වන්නේ මේ ආකාරයෙන් පොලීසිය විසින් බොරු චෝදනා නගමින් මේ වන විටත් අහිංසකයින් කීයක් නම් පෝරකයට යවන්නට ඇත්තද යන්නයි. මෙවැනි වාතාවරණයක් පවතින රටක අපරාධ නඩු විධාන සංග්‍රහයට බරපතල සංශෝධනයක් ගෙන එන්නට රජය උත්සහා කරමින් සිටියි. නීතිය අප සිතන ආකාරයෙන් යම් ප්‍රශස්ත මට්ටමක පවතිනවා යැයි සිතන කාලයක පවා මෙවැනි දෑ සිදු වනවා නම් මෙවැනි බරපතල පනතක් ගෙනඑනු ලැබු විට පොලීසිය කෙසේ කටයුතු කරණු ඇත්ද?

    අප ජීවත් වන්නේ ධනවාදී සමාජයක බව මේ වන විටත් බොහෝ අයට මතක නැත. මනුෂ්‍ය සම්බන්ධකම් යනු මේ කාලයේ විවෘත වෙළෙද පොලේ සිල්ලර ආකාරයෙන් අළෙවි වන පාරිභොගික භාණ්ඩයක තත්ත්වයට පත්ව ඇත. නමුත් මේ රටේ පීඩිත පංතියේ ජනතාව රජයේ මර්ධන උපකරනයක් වන පොලීසිය අතින් දිනෙන් දින මර්ධනයට ලක් වන විට අපට කියන්නට ඇත්තේ පංති විෂමතාව අත් දකින්නට නම් පොලීසියට සහ අධිකරණයට යන ලෙසයි. :lol: ධනවාදය මේ වන විටත් මනුෂ්‍ය ජීවිතය ඇතුලතින් කා දමමින් සිටින බව නොදන්නා උදවියට මහපාරේ අමු අමුවේ මිනිසුන් මරා දැමීම, අත් අඩංගුවට ගෙන මිනිසුන් මරා දැමීම සහ අතුරුදන් කිරීම මෙන්ම දෛනිකව මිනිසුන් දහස් ගණනක් ආහාර නොමැතිව මියයාම පූරුවේ කරුමයක් යැයි කියමින් සිත සනසා ගන්නට පුලුවන.
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,942
    1
    43,260
    113
    ගූගල් කෙරුවත් තොරතුරක් හොයාගන්ඩ බැරි වුණානෙ :dull:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,942
    1
    43,260
    113
    තාම කිසිම තොරතුරක් හොයාගන්ඩ බැරි වුණානෙ ලන්කට් එක ගැන :no:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කොල්ලන්ට ජන්ගි කේස්නම් අම්බානට වෙනව.. ඒත් මෙහෙම ජන්ගි කේස් එකක් ඇහුවමයි...:rofl:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    අමුඩයට ඉංගිරිසියෙන් කියන්නේ loin cloth කියල...:rolleyes: එතකොට ඉස්සර අපේ සිඞ්හළු ඇන්දේ අමුඩේ නෙව..:lol: සුදු මහත්තුරු ආවහම ඕකට කියන්න ඇති "ලං ක්ලොත්" කියල..(අපේ උන්ට ඇහෙන හැටි :rofl::P)

    ඔහොම ඔහොම වෙලා වෙලා "ලන්කට්" වෙන්න ඇති බව මහාචාර්ය කොලවරිගේ අදහසයි...:rofl:

    දන්නේ නැහැ බන්...හිතට ආපු දෙයක් කිව්වේ...උබටත් මාර ප්‍රශ්න තියෙන්නේ :lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අමුඩයට ඉංගිරිසියෙන් කියන්නේ loin cloth කියල...:rolleyes: එතකොට ඉස්සර අපේ සිඞ්හළු ඇන්දේ අමුඩේ නෙව..:lol: සුදු මහත්තුරු ආවහම ඕකට කියන්න ඇති "ලං ක්ලොත්" කියල..(අපේ උන්ට ඇහෙන හැටි :rofl::P)

    ඔහොම ඔහොම වෙලා වෙලා "ලන්කට්" වෙන්න ඇති බව මහාචාර්ය කොලවරිගේ අදහසයි...:rofl:

    දන්නේ නැහැ බන්...හිතට ආපු දෙයක් කිව්වේ...උබටත් මාර ප්‍රශ්න තියෙන්නේ :lol:

    :nerd::nerd::nerd::baffled::P
     
    • Like
    Reactions: kolavari

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,942
    1
    43,260
    113
    අමුඩයට ඉංගිරිසියෙන් කියන්නේ loin cloth කියල...:rolleyes: එතකොට ඉස්සර අපේ සිඞ්හළු ඇන්දේ අමුඩේ නෙව..:lol: සුදු මහත්තුරු ආවහම ඕකට කියන්න ඇති "ලං ක්ලොත්" කියල..(අපේ උන්ට ඇහෙන හැටි :rofl::P)

    ඔහොම ඔහොම වෙලා වෙලා "ලන්කට්" වෙන්න ඇති බව මහාචාර්ය කොලවරිගේ අදහසයි...:rofl:

    දන්නේ නැහැ බන්...හිතට ආපු දෙයක් කිව්වේ...උබටත් මාර ප්‍රශ්න තියෙන්නේ :lol:

    මාර පැහැදිලි කිරීමක් නේ... :P
     
    • Like
    Reactions: kolavari