සංග්‍රාම භූමිය - 7

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සංග්‍රාම භූමිය - 7

    U2d4Zbr.jpg

    ලොව විශාලතම ගුවන් හමුදාව හිමි එක්සත් ජනපදය ගුවනේ ආධිපත්‍යය ලබාගැනීමට දරන වියදම නම් සුළු පටු නොවේ.සාමාන්‍යයෙන් එක්සත් ජනපදයේ යුද ගුවන් යානා බොහොමය මෙහෙයුම් වියදම ඔවුන්ගේ ප්‍රතිවාදියා වන රුසියාවට වඩා ඉහළය.ඇමෙරිකාව සතු ඉහළම මෙහෙයුම් වියදම සහිත ගුවන් යානා දහය අතරින් අඩුම වියදම සහිත යානයේ ගුවන් පැයක මෙහෙයුම් වියදම ඇරඹෙන්නේ ඇ.ඩො.58,000 පමණය.එම වියදම ලැයිස්තුවේ ඉහළටම යද්දී ඇ.ඩො. ලක්ෂයද ඉක්මවා යයි.පහත රූපය දැක්වෙන්නේ එක්සත් ජනපදය සතු යුද ගුවන් යානා අතරින් මෙහෙයුම් වියදම ඉහළම ගුවන් යානා 10යයි.

    MI4zpOe.png
    E-4B​

    ඊ-4 නයිට්වොච් යනු එක්සත් ජනපද ගුවන් හමුදාව සතු වැඩිම මෙහෙයුම් වියදම සහිත ගුවන් යානයයි.නමුත් එය නිතරම භාවිතා කරන යානයක් නොවේ.නයිට්වොච් යනු විධාන සහ පාලන වර්ගයේ යානයකි.ජාතික ආපදාවකදී එක්සත් ජනපද ජනපතිවරයා සහ කැබිනට් මණ්ඩල සාමාජිකයින් මෙම යානාය භාවිතා කරන බව කියවේ.මෙම යානයේ ප්‍රමාණයෙන් විශාල නිසා සහ එහි තාක්ෂණික හැකියාවන් ඉහළ නිසා මෙහෙයුම් වියදම අසාමාන්‍යය ලෙස ඉහළ ගොස් තිබේ.තවද විද්‍යුත් චුම්භක ස්පන්දන,තාපජ සහ න්‍යෂ්ඨික ප්‍රහාර වලින් ආරක්ෂාවීමට අවශ්‍ය හැකියාවන් සහිත මෙම යානයට ගුවනේදී ඉන්ධන පුරා ගැනීමටද හැකියාව තිබේ.එහි ගෙන යා හැකි උපරිම මගීන් සංඛ්‍යාව 112ක් වේ.

    zGzlAEa.png

    නමුත් ඇමෙරිකා එක්සත් ජනපදයේ නවතම ප්‍රහාරක යානය වන එෆ්-35 යානය පැයක් පියාසර කරවීමට අවශ්‍ය වියදම එය මෙම ලැයිස්තුවේ 7වන ස්ථානය තෙක් පහළ දමා තිබීම පුදුමයට කරුණකි.නමුත් එෆ්-35 වැඩසටහන තවමත් 100%ක් අවසන් කර නොමැති නිසා ඉදිරියේදී මෙම වියදම ඉහළ යෑමටද හැකියාව තිබේ.පැයක මෙහෙයුම් වියදම අවම යානා දෙක වන්නේ ප්‍රඩේටර් ඩ්‍රෝන් ප්‍රහාරක යානය සහ ඒ-10 යානයයි.පිළිවෙලින් මෙම යානා දෙකෙහි ගුවන් පැයක වියදම වන්නේ ඇ.ඩො.1,500 සහ ඇ.ඩො.11,500ක්ය.

    nKE8H65.jpg

    ඒ-10 තන්ඩර්බෝල්ට්2 යානය යනු ඇමෙරිකානු ගුවන් යානා ඉතිහාසයේ සුවිශේෂී යානයකි.මෙය පියාඹන යුද ටැංකියක් වැනිය.අවම පහසුකම් සහිත දුර බැහැර ප්‍රදේශවල සිට මෙහෙයුම් කිරීමේ හැකියාව තිබෙන මෙම යානය ඇමෙරිකානු ගුවන් නියමුවන්ගේත් ඉහළ ප්‍රසාදයක් දිනාගත් යානයකි.නමුත් නුදුරේදීම මෙම යානය වෙනුවට එෆ්-35 යානය ආදේශ කිරීමට නියමිතය.එෆ්-35 යනු නඩත්තුව සඳහා ඉහළ වියදමක් සහ දැනුමක් අවශ්‍ය යානයකි.මෙම ආධුනිකයාගේ පැයක මෙහෙයුම් වියදම ඒ-10 යානයක මෙහෙයුම් වියදම මෙන් තුන් ගුණයක් පමණ වේ.

    jUAiEZq.jpg
    ඒ-10 තන්ඩර්බෝල්ට්2 යානයක්​

    5pocyBn.jpg
    ප්‍රඩේටර් ඩ්‍රෝන් ප්‍රහාරක යානයක්​

    පහත දැක්වෙන්නේ 2012 වර්ෂයේදී ඇමෙරිකානු ගුවන් හමුදාවේ යුද ගුවන් යානා සහ හෙලිකොප්ටර්වල ගුවන් පැයක මෙහෙයුම් වියදම් ලැයිස්තුවකි.මෙම වියදම් පසුකාලීනව පහළ බැස තිබෙන බව ඉහත රූප සටහන් වලින් පෙනෙන්නට තිබේ.


    A-10C Warthog ප්‍රහාරක යානය - ඇ.ඩො.17,716​

    YmilLin.jpg




    AC-130U Spooky ප්‍රවාහන ගුවන් යානයක් සහ Gunship - ඇ.ඩො.45,986

    kmzbiin.jpg




    B-1B Lancer බෝම්බ හෙළන යානය - ඇ.ඩො.57,807

    Ybjj1rh.jpg




    B-2A Spirit ස්ටෙල්ත් බෝම්බ හෙළන යානය - ඇ.ඩො.169,313

    dP78Mn0.jpg




    B-52H Stratofortress බෝම්බ හෙළන යානය - ඇ.ඩො.69,708

    ovotiyo.jpg




    C-130J Hercules භාණ්ඩ ප්‍රවාහන යානය - ඇ.ඩො.14,014

    TjV4XWY.jpg




    C-17 Globemaster භාණ්ඩ ප්‍රවාහන යානය - ඇ.ඩො.23,811

    rVqqqiF.jpg




    C-20B විශේෂ පුද්ගලයින්(පෙන්ටගනයේ ඉහළ පෙලේ නිලධාරීන් සඳහා)සඳහා වූ යානය - ඇ.ඩො.32,212

    IoaD18q.jpg




    C-32A විශේෂ පුද්ගලයින්(උප ජනපති සහ කැබිනට් මණ්ඩල සභිකයින් සඳහා)සඳහා වූ යානය - ඇ.ඩො.42,936

    PMjqXcS.jpg




    C-5B Galaxy භාණ්ඩ ප්‍රවාහන යානය - ඇ.ඩො.78,817

    JyTDFaS.jpg




    CV-22B Osprey හෙලිකොප්ටරය - ඇ.ඩො.83,256

    7AUjvw6.jpg




    E-3B වාසර පුර්ව අනතුරු ඇඟවීමේ සහ පාලන ගුවන් යානය - ඇ.ඩො.39,587

    H4ixFUt.jpg




    E-4B පියාඹන මූලස්ථානය - ඇ.ඩො.163,485

    M4Zng6a.jpg




    F-15C Eagle ප්‍රහාරක යානය - ඇ.ඩො.41,921

    a1UK5ur.jpg




    F-16C Viper ප්‍රහාරක යානය - ඇ.ඩො.22,514

    h5SE3rb.jpg




    F-22A Raptor ප්‍රහාරක යානය - ඇ.ඩො.68,362

    EXyIqiP.jpg




    HH-60G Pave Hawk හෙලිකොප්ටරය - ඇ.ඩො.24,475

    lyqXo4q.jpg




    KC-10A ගුවනේදී ඉන්ධන සපයන යානයක් - ඇ.ඩො.21,170

    DgLV3AL.jpg




    MC-130H විශේෂ මෙහෙයුම් යානය - ඇ.ඩො.32,752

    aFNMwWV.jpg




    MQ-1B Predator ඩ්‍රෝන් යානය - ඇ.ඩො.3,679

    BxePJVw.jpg




    MQ-9A Reaper ඩ්‍රෝන් යානය - ඇ.ඩො.4,762

    KC5yip6.jpg




    RQ-4B Global Hawk ඔත්තු බලන ඩ්‍රෝන් යානය - ඇ.ඩො.49,089

    zGBZI2U.jpg




    T-38C Talon ගුවන් නියමුවන් පුහුණු කිරීමේ ජෙට් යානයක් - ඇ.ඩො.9,355

    ums6vun.jpg




    T-6A Texan II ගුවන් නියමුවන් පුහුණු කිරීමේ යානයක් - ඇ.ඩො.2,235

    FqxJ8A7.jpg




    U-2 Dragon Lady ඔත්තු බලන යානය - ඇ.ඩො.30,813

    E5AsEWn.jpg




    UH-1N Huey හෙලිකොප්ටරය - ඇ.ඩො.13,634

    EystDTL.jpg




    VC-25A Air Force One ජනපති ප්‍රවාහන යානය - ඇ.ඩො.161,591

    kj1ns6k.jpg






    Source:businessinsider.com

    -HarshaLulzSec-
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    14.gif
    සංග්‍රාම භූමිය -6
    http://www.elakiri.com/forum/showthread.php?t=1748150

    14.gif
    සංග්‍රාම භූමිය -5
    http://www.elakiri.com/forum/showthread.php?t=1748130

    14.gif
    සංග්‍රාම භූමිය -4
    http://www.elakiri.com/forum/showthread.php?t=1747102

    14.gif
    සංග්‍රාම භූමිය -3
    http://www.elakiri.com/forum/showthread.php?t=1745920

    14.gif
    සංග්‍රාම භූමිය -2
    http://www.elakiri.com/forum/showthread.php?t=1743607

    14.gif
    සංග්‍රාම භූමිය -1
    http://www.elakiri.com/forum/showthread.php?t=1740046



    උඹ ඉතින් කිව්වට index ඒකක හදන්නේ නැනේ:rolleyes::rolleyes:

     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    Thanks

    patta bro :)
    Thanks

    :rofl:

    14.gif
    සංග්‍රාම භූමිය -6
    http://www.elakiri.com/forum/showthread.php?t=1748150

    14.gif
    සංග්‍රාම භූමිය -5
    http://www.elakiri.com/forum/showthread.php?t=1748130

    14.gif
    සංග්‍රාම භූමිය -4
    http://www.elakiri.com/forum/showthread.php?t=1747102

    14.gif
    සංග්‍රාම භූමිය -3
    http://www.elakiri.com/forum/showthread.php?t=1745920

    14.gif
    සංග්‍රාම භූමිය -2
    http://www.elakiri.com/forum/showthread.php?t=1743607

    14.gif
    සංග්‍රාම භූමිය -1
    http://www.elakiri.com/forum/showthread.php?t=1740046



    උඹ ඉතින් කිව්වට index ඒකක හදන්නේ නැනේ:rolleyes::rolleyes:

    :oo: Thanks


    RePost බුවා;20461982 said:
    jayawewaa..
    TFS,,
    REP+
    Thanks

    Thanks