2016 Jul -29- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මිනිසාට වඩාත්ම කුතුහලදායකම දෙය මරණයයි... එය වින්ද කිසිවෙක් එහි අරුම පවසන්නට යලිදු නො එන බැවිනි.
    මරණය අතින් ගෙන අප ජීවත් වෙන්නෙමු.
    කෙදිනක හෝ අප වෙත එය එන බව දනිමු.
    එයට බිය වන්නෙමු.
    නොමැරෙන්නා සේ ජීවත් වෙන්නෙමු.
    හදිසියේ යමෙක් මරණාසන්න වූ විට, ඒ පිලිඹදව මදක් සංවේදී වන්නෙමු.
    ඉන් පසු අමතක කර දමන්නෙමු.
    ජීවිතයේ අනේකවිධ මිරිගුවන් පසු පස දිව යන්නෙමු.
    ඇතැම් විට ජීවිතයේ සියලුම බලාපොරොත්තු බිද වැටී ඉච්ඡා භංගත්වයට පත්වන්නෙමු.
    ජීවිතයේ සියලුම බලාපොරොත්තු ගිලිහී ගිය කල, මරණය අවසන් බලාපොරොත්තුව වේ.
    එවැන්නෙකුට මරණය ජීවිතය අලුතෙන් පටන් ගන්නට සියුම් බලාපොරොත්තුවක් දල්වයි.
    මරණය පිලිබදව ඇත්තේ ආගමික පැහදිලි කිරීම් පමණයි.
    බොහෝ විට ඒ සුභවාදී, ප්‍රියමනාප ඒවා නොවේ.
    මරණය කියන තරම් අසුන්දරද?
    මරණය බලාපොරොත්තුවක් නම්, මරණයට පෙම් කල නොහැකිද?
    මරණය ආදරයෙන් සිප වැලද ගත් නොහැකිද?
    මරණය සමග රමණය කල නොහැකිද?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මිනිසාට වඩාත්ම කුතුහලදායකම දෙය මරණයයි... එය වින්ද කිසිවෙක් එහි අරුම පවසන්නට යලිදු නො එන බැවිනි.
    මරණය අතින් ගෙන අප ජීවත් වෙන්නෙමු.
    කෙදිනක හෝ අප වෙත එය එන බව දනිමු.
    එයට බිය වන්නෙමු.
    නොමැරෙන්නා සේ ජීවත් වෙන්නෙමු.
    හදිසියේ යමෙක් මරණාසන්න වූ විට, ඒ පිලිඹදව මදක් සංවේදී වන්නෙමු.
    ඉන් පසු අමතක කර දමන්නෙමු.
    ජීවිතයේ අනේකවිධ මිරිගුවන් පසු පස දිව යන්නෙමු.
    ඇතැම් විට ජීවිතයේ සියලුම බලාපොරොත්තු බිද වැටී ඉච්ඡා භංගත්වයට පත්වන්නෙමු.
    ජීවිතයේ සියලුම බලාපොරොත්තු ගිලිහී ගිය කල, මරණය අවසන් බලාපොරොත්තුව වේ.
    එවැන්නෙකුට මරණය ජීවිතය අලුතෙන් පටන් ගන්නට සියුම් බලාපොරොත්තුවක් දල්වයි.
    මරණය පිලිබදව ඇත්තේ ආගමික පැහදිලි කිරීම් පමණයි.
    බොහෝ විට ඒ සුභවාදී, ප්‍රියමනාප ඒවා නොවේ.
    මරණය කියන තරම් අසුන්දරද?
    මරණය බලාපොරොත්තුවක් නම්, මරණයට පෙම් කල නොහැකිද?
    මරණය ආදරයෙන් සිප වැලද ගත් නොහැකිද?
    මරණය සමග රමණය කල නොහැකිද?
    මරණය එක්ක නම් නෙවෙයි මරණයක් වගේ එකක් එක්ක නං පුළුවන්.........:oo:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ශිවන්යා ඔයා....

    soba1.jpg
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මරණය එක්ක නම් නෙවෙයි මරණයක් වගේ එකක් එක්ක නං පුළුවන්.........:oo:

    මටනං බැහැ.
    මටනම් මරණය පේන්නේ උඩරට මංගල ඇදුමෙන් සැරසී , සුවද වත්සුනු උලා, සුදු පාවඩ මැදින් වඩින රූමත් ලලනාවක් ලෙසයි....:yes:
     

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    කුරුල්ලෙක් වී මං
    ඔබේ හද මත වසා
    ඉකිගසා හඬන්නෙමි
    එවිට ඔබ
    ගල් පතුරකින් මට නො ගසන්න

    පාළු ගිරි කඳු මතින්
    ඔන්න දැන් සීත කාලය ඇවිත්
    කළුවරේ පිනි පොකුරු කැටි ගැසෙත්
    ඇස් මලානික වෙන්න නොදී මං
    සර්ව සුභ සිහිනයක් දකින්නම්
    එවිට ඔබ
    රාත්‍රිය වී මගේ ළඟ ඉන්න

    පෙරළී කරණම්
    සුළං මාරුත වළා දියවෙමින්
    මහ වැස්ස ළඟම එන බව පෙනෙයි
    මහපොළොව තලාගෙන ගංවතුර ගලන විට
    සැඩ වතුර මගේ ඇස් තෙමා යයි
    එවිට ඔබ
    උණුසුම් සිහින කවුළුවක සිට
    මට සිනා නොමසෙන්න

    පෙඟුණු පරඬලා මත
    බිඳුණු සඳ රැස් වැටෙයි
    වසන්තය මරණයෙන් අවදි වී
    සට සට තටු ගසා
    පඳුරු මත මිදුණු පිනි බිම දමයි

    සිනාසෙන සිතින් බර ජීවිතය
    මලානික තොල් සලන්නට තනයි
    එවිට ඔබ
    රතුපාට තරුවක්ව
    මට පේන දුර ඉන්න
    මෙතෙක් පුපුරා සැළුණු
    හෙණ අකුණු පරවෙමින්
    අසහ පැහැදිළි වෙමින් බැබළෙයි
    තෙමුණු ඇස සාකාවෙන් බරව
    ප්‍රීතියෙන් පිය ගසයි
    එවිට ඔබ
    ඔබේ දිළිසෙන දෑස
    මගේ දෑ සඟළ මත රඳවන්න

    හද උදුන අවුළුවා බුරා ලූ
    සංවේග ගර්ජනා නිවලා
    හැම තැනම
    මල් සුවඳ චමත්කාරය පිරෙයි
    ජීවිතය අළුත් වී හැඩ ගැහෙයි
    උදෑසන සුවපත්ව
    ගීතයෙන් පිරී යයි

    එවිට ඔබ
    නිවී ගිය මගේ දෑ සඟළ මත
    ඔබේ අවසන් කඳුළු බිඳ තබා
    නිවෙන පහනක් වගේ
    හිමිදිරි අඳුර සේ
    මගෙන් සමුගෙන යන්න

    නාඳුනන ඇස් නිදන
    පොදු සොහොන් බිම් පියස
    පර නොවන මලක් වී ඉපදෙන්න
    ඉතින් මට ඉඩ දෙන්න
    ඉඳහිට ඇවිත් මා දෙස බලා
    කඳුළු බිඳුවක් රැගෙන
    යළි සෙමෙන් නික්මෙන්න

    භුගත කවි සිත- 2009

    චන්ද්‍රකුමාර වික්‍රමරත්න


    කිඹුලා අය්යා නුඹ චන්ද්‍රකුමාර වික්‍රමරත්න කියවිය යුතුයි...