මිනිසාට වඩාත්ම කුතුහලදායකම දෙය මරණයයි... එය වින්ද කිසිවෙක් එහි අරුම පවසන්නට යලිදු නො එන බැවිනි.
මරණය අතින් ගෙන අප ජීවත් වෙන්නෙමු.
කෙදිනක හෝ අප වෙත එය එන බව දනිමු.
එයට බිය වන්නෙමු.
නොමැරෙන්නා සේ ජීවත් වෙන්නෙමු.
හදිසියේ යමෙක් මරණාසන්න වූ විට, ඒ පිලිඹදව මදක් සංවේදී වන්නෙමු.
ඉන් පසු අමතක කර දමන්නෙමු.
ජීවිතයේ අනේකවිධ මිරිගුවන් පසු පස දිව යන්නෙමු.
ඇතැම් විට ජීවිතයේ සියලුම බලාපොරොත්තු බිද වැටී ඉච්ඡා භංගත්වයට පත්වන්නෙමු.
ජීවිතයේ සියලුම බලාපොරොත්තු ගිලිහී ගිය කල, මරණය අවසන් බලාපොරොත්තුව වේ.
එවැන්නෙකුට මරණය ජීවිතය අලුතෙන් පටන් ගන්නට සියුම් බලාපොරොත්තුවක් දල්වයි.
මරණය පිලිබදව ඇත්තේ ආගමික පැහදිලි කිරීම් පමණයි.
බොහෝ විට ඒ සුභවාදී, ප්‍රියමනාප ඒවා නොවේ.
මරණය කියන තරම් අසුන්දරද?
මරණය බලාපොරොත්තුවක් නම්, මරණයට පෙම් කල නොහැකිද?
මරණය ආදරයෙන් සිප වැලද ගත් නොහැකිද?
මරණය සමග රමණය කල නොහැකිද?

එතකොට පිළිවෙලයි නේ..