පිංවත් කමල්,
මේ ගොල්ලෝ හිතං ඉන්නේ මේ වගේ සත පණහේ වැඩ කරලා මිනිස්සු රවට්ටලා "මම දිනුවා" කියල මායාවක් ඇතුලේ බොරුවට "රජ වෙන්න" විතරයි. ඔය ප්රශ්නෝත්තර සෙෂන් එක දෙපාරක් කියවන්න ඕනේ නැහැ මොකක්ද වුනේ කියලා තේරුම් ගන්න. රැවටිලි කාරයෝ රැවටිලිකාරයන්ටම එකතු වෙනවා කියන එකට හොඳ උදාහරනයක් මේක. ඔබ නොබියව මේ සද්කාර්ය කරගෙන යන්න. මගේත් පූර්ණ සහය ඔබට ලැබෙනවාමයි.![]()
පින්වත් Harvard-Bio,
බොහෝම පිං ඔබේ සහයෝගය ලබා දෙනවාට. එහෙම සහයෝගයක් නැතිව මට තනියම කරන්න පුළුවන් දෙයකට නොවෙයි මම උත්සාහ ගන්නේ. ඒ නිසා බොහෝම පිං ඔබේ සහයෝගය ලබා දෙනවාට. මට සහයෝගය දෙන්න පුළුවන් හොඳම ක්රමය තමයි ධර්මය කුමක්ද, අධර්මය කුමක්ද, විනය කුමක්ද, අවිනය කුමකද ලෙස විමස විමසා බලා ඔබත් වැඩි වැඩියෙන් ධර්මයට හා විනයට අනුව කටයුතු කිරීම. එය ඔබ ධර්ම අවබෝධය ලබන්නත් හේතු වන ක්රමය, එය අන් අය ධර්ම අවබෝධය ලබන්නත් හේතු වන ක්රමය.
අනෙක් අයටත් බොහෝම පිං මට සහයෝගය ලබා දෙනවාට.
Skylark




