වාහන වල එන්ජිම වෙනස් කලොත්

kapiladinirukshana

Active member
  • Jan 21, 2011
    267
    76
    28
    Veyangoda
    වාහන වල එන්ජිම වෙනස් කලොත්

    වාහන වල එන්ජිම වෙනස් කලොත් ආපහු රෙජිස්ටර් කරන ක්‍රියා පටිපාටිය කොහොමද?
     
    Sesky_Buwa

    Member
    Jul 5, 2016
    216
    30
    0
    Colombo
    කන්වර්ට්ද, එකම වර්ගයේද, වෙනත් වර්ගයකද කියලා දාපන් :rolleyes:. මම නම් දන්නේ නැ දන්න අය කියයි :yes:
     
    kapiladinirukshana

    Active member
  • Jan 21, 2011
    267
    76
    28
    Veyangoda
    කන්වර්ට්ද, එකම වර්ගයේද, වෙනත් වර්ගයකද කියලා දාපන් :rolleyes:. මම නම් දන්නේ නැ දන්න අය කියයි :yes:

    එකම වර්ගයේ
    තොට කොහොමද මට ආපු ප්‍රශ්නෙම ආවෙ? :eek:

    අපි එකම සිතුවිලි ඇති අය නිසා :P:P
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එකම වර්ගයේ

    එකම වර්ගයේ නම් ප්‍රශ්නයක් නෑ, වෙනස් නොකලට කමක් නෑ...

    අපි එකම සිතුවිලි ඇති අය නිසා :P:P

    මට ඇතිවුනේ බයික් එකක එන්ජිම ගැන පුරස්නයක් :baffled:
     
    kapiladinirukshana

    Active member
  • Jan 21, 2011
    267
    76
    28
    Veyangoda
    කන්වර්ට්ද, එකම වර්ගයේද, වෙනත් වර්ගයකද කියලා දාපන් :rolleyes:. මම නම් දන්නේ නැ දන්න අය කියයි :yes:

    තොට කොහොමද මට ආපු ප්‍රශ්නෙම ආවෙ? :eek:

    එකම වර්ගයේ නම් ප්‍රශ්නයක් නෑ, වෙනස් නොකලට කමක් නෑ...

    මට ඇතිවුනේ බයික් එකක එන්ජිම ගැන පුරස්නයක් :baffled:
    දන්නේ නැහැ හොයලා බලමු

    Engine number වෙනස් නිසා ප්‍රශ්නයක් වෙයි නේද RMV එකෙන්
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    දන්නේ නැහැ හොයලා බලමු

    Engine number වෙනස් නිසා ප්‍රශ්නයක් වෙයි නේද RMV එකෙන්

    නෑමචන්. එන්ජිම ගත්ත තැනින් දෙන රිසිට් එක තියාගන්න වාහනේ ඩොකියුමන්ට් එක්ක. එන්ජිම අංකෙ වෙනස් වෙන එක ගැටලුවක් නෙමේ. වාහනේට ආපු මොඩෙල් එකේම එන්ජිමක් නම් පොත වෙනස් කරන්න ඕන නෑ

    ඒත් හරි මදි නම් හොඳ කොට්ටෝරුවෙක් අල්ලල පරන එන්ජින් අංකෙ කොටවපන් අලුත් එන්ජිමේ. ඉවරයි කතන්දරේ ;)
     
    kapiladinirukshana

    Active member
  • Jan 21, 2011
    267
    76
    28
    Veyangoda
    කන්වර්ට්ද, එකම වර්ගයේද, වෙනත් වර්ගයකද කියලා දාපන් :rolleyes:. මම නම් දන්නේ නැ දන්න අය කියයි :yes:

    තොට කොහොමද මට ආපු ප්‍රශ්නෙම ආවෙ? :eek:
    මම ගත්ත පුත්ගලයා බිල නැති කරගෙන එකයි අවුල
     
    kapiladinirukshana

    Active member
  • Jan 21, 2011
    267
    76
    28
    Veyangoda
    කන්වර්ට්ද, එකම වර්ගයේද, වෙනත් වර්ගයකද කියලා දාපන් :rolleyes:. මම නම් දන්නේ නැ දන්න අය කියයි :yes:

    තොට කොහොමද මට ආපු ප්‍රශ්නෙම ආවෙ? :eek:

    කීයක් විතර යයිද? කොහොමද ඒක කරනේ, කොහේද කරන්නේ?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අංකෙ කොටල දාහන් බං...

    හරි නම් RMV දාන්න ඔනේ. ඉස්සෙල්ල ගිහිල්ල අවසර ගන්න ඔනේ.ඒකට ෆෝම් දෙකක් තියෙනව CMT 72 & CMT 130. පල්ලෙහා RMV site එකෙන් ගත්ත විස්තර ඈති. ඔය ටික අරන් ගිහින් නාරාහෙන්පිට ඔෆිස් එකේ කාර්මික අන්ශයෙන් අවසර අරන් එන්න ඔනේ. ඊට පස්සෙ බර කිරාගෙන එහෙම වේරහෑර ගිහින් පරීක්ශකට පෙන්නන්න ඔනේ. ඌ එන්ජින් අන්කේ විතරක් නෙමේ හෑන්ඩ් බ්‍රෙක්, ලයිට් වගෙ දේවලුත් බලනවලු. ඊට පස්සෙ ට්‍රන්ස්ෆෙර් එකට බාර දෙනව. එන්ජින් අන්කේ කොටල දාන්න පුලුවන් හෑබෑයි ඒක නීති විරොදි. හුගක් අය ඒ වෑඩේ කරනව ඉතින්. ගරාජ් එකකින් අහපන් උන් දන්නව කොටන්නො

    ලියාපදිංචි සහතිකයේ තොරතුරු සංශෝධනය කරගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු ලියවිලි

    1. CMT 72 අයඳුම්පත
    2. වාහනයේ ලියාපදිංචි සහතිකය
    3. වාහනයේ හැඳුනුම්පත (නව ඉංශ්‍රීසි අක්ෂර අංක සහිත වාහන සඳහා පමණි)
    4. වාහනයේ පාට, එන්ජින් අංක ආදි ‍තොරතුරු වෙනස් වන‍්නේ නම් මෝටර් රථ පරීක්ෂක සහතිකය (CMT – 130 )
    5. සු‍ඛෝපබෝගි බදු ඇත්නම් ඒවා ගෙවු රිසිට් පත් වල මුල් පිටපත් සහ ඡායාපිටපත්
    6. වෙනත් එන්ජිමක් සවි කර ඇත්නම් කොමසාරිස් ජනරාල් තුමාගේ පුර්ව අනුමැතිය සහ එන්ජිම මිලදි ගත් රිසිට් පත (ඡායාපිටපත්ක් සමඟ ).
    7. නම , ලිපිනය සංශෝධනය වන්නේ නම් එය සනාථ කිරීම සදහා ඊට අදාල ලිපි ලේඛන ඉදිරිපත් කර යුතුය.(උදා :- උප්පැන්න සහතිකය , ජාතික හැදුනුම්පත , ග්‍රාම නිළධාරී වාර්තාව , දිවුරුම් ප්‍රකාශයක් වශයෙන්.)
    ගාස්තුව රු. 300

    http://www.motortraffic.gov.lk/web/...ontent&view=article&id=119&Itemid=123&lang=si
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    හරි නම් RMV දාන්න ඔනේ. ඉස්සෙල්ල ගිහිල්ල අවසර ගන්න ඔනේ.ඒකට ෆෝම් දෙකක් තියෙනව CMT 72 & CMT 130. පල්ලෙහා RMV site එකෙන් ගත්ත විස්තර ඈති. ඔය ටික අරන් ගිහින් නාරාහෙන්පිට ඔෆිස් එකේ කාර්මික අන්ශයෙන් අවසර අරන් එන්න ඔනේ. ඊට පස්සෙ බර කිරාගෙන එහෙම වේරහෑර ගිහින් පරීක්ශකට පෙන්නන්න ඔනේ. ඌ එන්ජින් අන්කේ විතරක් නෙමේ හෑන්ඩ් බ්‍රෙක්, ලයිට් වගෙ දේවලුත් බලනවලු. ඊට පස්සෙ ට්‍රන්ස්ෆෙර් එකට බාර දෙනව. එන්ජින් අන්කේ කොටල දාන්න පුලුවන් හෑබෑයි ඒක නීති විරොදි. හුගක් අය ඒ වෑඩේ කරනව ඉතින්. ගරාජ් එකකින් අහපන් උන් දන්නව කොටන්නො

    මේ තියල තියෙන්නෙ ඔරිජිනල් එන මොඩ්ල් එකේම එන්ජිමක්ලු බන්. ඉතින් කටු කන එකේ තේරුමක් නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එන්ජිමේ වරගය සමානයි නම් ඔර්ජිනල් එන එක නම්, නම්බරේ කෙටුවම හොදටම ඇති.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    එන්ජිමේ වරගය සමානයි නම් ඔර්ජිනල් එන එක නම්, නම්බරේ කෙටුවම හොදටම ඇති.
    හොදටම ඈති කියන එක වෑරදි. නමුත් RMV ගිහිල්ල කන්න වෙන කට්ට මතක් වෙනකොට උබල හරි. ඕක පෙන්නන්න අරන් ගියහම ජරාවක් දුන්නේ නෑත්නම් ටිකක් අමාරු වෙයි. හෑබයි වාහනේ අවුලක් නෑත්නම් ගොඩ. කොහොම හරි කොටන එක නීති විරෝදී කියන එක මතක තියාගෙන පරිස්සමට වෑඩේ කරගනින්. අනික පොතේ නම්බර් එකයි වාහනේ එන්ජින් නම්බර් එකයි වෙනස් වෙලා හෑප්පිලා වාහනේ engine damage වුනොත් සමහර විට claim කරන්න ගියහම කචල් ඒ හින්ද කොහොමහරි දෙක සමාන කර ගනින් :D :D:D:D