මෙහෙමයි. මේ විඩියෝ එක කලින් අවුරුද්දක වුණ දෙයක්. අලි ඇත්තු දමනය කරන පුද්ගලයා ඒ සතාව දමනය කරන්නේ ඊට අදාල විදිහට. ඒකනේ ඇත්ගොව්වා ගාව හෙණ්ඩුව කියලා දෙයක් තියෙන්නේ. ඒකට වේවැල් කෝට්ටක් හරියන් නැති නිසයි. ඒක ඒ ඒ සතාව දමනය කරන විදිහ. ඇතෙක්ව දමනය කරන විදිහට නෙමෙයි අශ්වයෙක් දමනය කරන්නේ. මේක අන්තවාදීව බැලුවොත් සත්ත්ව හිංසනයක්. නමුත් හීලෑ ඇතෙක් කුලප්පු වුනහම ඌව දමනය කරන්න මේක තමයි ඇත්ගොව්වෝ භාවිතාකරන විදිහ. අද කාලේ නෙමයි සංසාරේ ඈත අතීතයේ ඉඳලම රජවරු තමන්ගේ ඇත් ගාලක් වෙනමම පවත්වාගෙන ගියා. අරමුණ සත්ත්වයාට හිංසා කිරීම නෙමෙයි නමුත් යුද්ධ වලටත් බර වැඩ කරන්නත් යොදාගත්තා. මේ සම්ප්‍රදාය අලි ඇත්තු ඉන්නකම් පවතීවී. කතාබහට ලක්වෙන්න ඕනේ අද කාලේ පෞද්ගලිකව අලි ඇතුන් තබාගන්න එක වෙනුවට රජයෙන් මැදිහත්වෙලා රජයේ අනුග්‍රහයෙන් හීලෑ ඇත්ගාලක් එක තැනක පවත්වාගෙන යන එකයි. පාර්ලිමේන්තුවේ ඉන්න කකුල් දෙකේ හරක් නඩත්තු කරනවාට වඩා රජයේ වියදමින් මේ සතුන්ට කන්න බොන්න දෙන්න ඕනේ. බර වැඩ සඳහා යොදාගන්න එක තහනම් කරන්න ඕනේ. ගොඩක් හීලෑ අලි ඇත්තු අකාලයේ මැරෙන්නේ පෞද්ගලික අයිතිකාරයෝ සල්ලි හොයන්න බර අදින්න මේ සත්තුන්ව යොදවගන්න නිසා. අනික තමයි පෞද්ගලිකව මේ සතුන්ව ඇතිකරන්න අවසර දුන්නහම කැලෑවේ ඉන්න ඇතින්නව මරලා කුඩා කලම පැටවා ලබාගන්න ජවාරම් සිද්ධවෙන එක. ඒ දේ පහුගිය රජය කාලේ සිද්ධ වුනා. පස්සේ හොර ලයිසන් හදලා දින එහෙට මෙහෙට කරලා වංචාකරලා අසුවුනා. රජයේ අනුග්‍රහයෙන් ඇත්ගාලක් පවත්වාගෙන ගිහින් සංස්කෘතික අංගයක් වුන පෙරහැරකට පමණක් ඒ සතුන් සම්බන්ධ කරන්න ඕනේ. මේ සඳහා අනාථ වූ අලි පැටවුන් යොදාගත්තනම් ප්‍රශ්ණය ඉවරයි. එතකොට ජාවාරම් නවතිනවා. සත්ත්ව හිංසාව ගැන කතාකලොත් ඉතින් පිටරටවල අශ්ව රේස් වලට පුහුණුකරන සත්තු ගැනත් කතාකරන්න ඕනේ. කකුල් කැඩුණහම වෙඩිතියලා දාන්නේ. ඒවත් කතා කරන්න ඕනේ. මේ රටේ ධීවර කර්මාන්තයත්, මස් පිණිස සතුන් මැරීමත් තහනම් කරන්න ඕනේ. ඒක තමයි සැබෑම සත්ත්ව හිංසාව. මේ පැත්තෙන් මැෂින් එකට හියහම පිටරටවල එහා පැත්තෙන් ටින් එක මතුවෙන්නේ. ඒවත් කතාකරන්න ඕනේ. සත්ත්ව හිංසාව කියලා පෙරහැරේ ගෙනියන අලිගැනම කතාකරන අයට ඇයි ඒවත් පේන්නේ නැත්තේ? ( උපුටා ගැනීමකි...කතාව ඇත්ත )