ජෝක් කරන එකා හිනා නොවී ජෝක් කරන්න ඕනේ කියල නියමයක් නෑනෙ බන්. ඒක එක එක නළුවගේ විදිහ. දැන් බලපන් මිස්ට බින් හිනා නොවී පට්ට සීරියස් කරනව සමහර ඒවා අමුම අමු ගොන් පාට්. මටනං හිනා යන්නේ නෑ සමහර ඒවට. අර බන්දු සමරසිංහ පෙරලි පෙරලි හිනා වේවි කරනව ඒ හිනා යන්නෙත් නෑ. මම නං හිතන්නෙ නළුවගේ හැකියාව තමා, ඌ හිනා වේවිද කරන්නේ නිනා නොවිද කියන්නේ නෙවේ. කලින් කිව වගේ බලන මිනිහ සන්තෝසෙන් හිනාවෙලා යනවනං එච්චරයි.
හැබැයි හිනා නොවී ජෝක් කරනවනං එක සෑහෙන හැකියාවක් තමාගොඩක් ටීවී සිරිස් වල එහෙම උන් හිනා නොවී සීරියස් නෙ කරන්නේ එත් හිනා වෙන්න පුළුවන් බඩ අල්ලගෙන
හිනා නොවී ජෝක් කරනව කියන එකෙන් අදහස් කරේ තමාගෙ ජෝක් එකට තමාට හිනා නොවී ඉදීමේ හැකියාව, අනික ඒක ගොඩක් කොලිටි වලින් එකක් විතරයි.
ගොන් ජෝක් වලයි සිරා ජෝක්වලයි වෙනස්කම් ගොඩක් තියනව, හැබැයි උබ කියන එක හරි ජෝක් කරන්නෙ මිනිස්සු හිනාගස්සන්න තමයි, ඒත් කරන ජෝක් එකේ කොලිටිය අනුව අපිට ලැබෙන හිනාවෙ/රසාස්වාදයේ වෙනස්කම් තියනව.

ඇත්ත, ලංකාවේ ගොඩක් උන් ජෝක් කරන්නේ එක්කෝ කටහඬ වෙනස් කරල වෙන උච්චාරනෙකට කතා කරල, නැත්තන් මුණෙන්, අත පය වලින් අමුතු කෝලන් පෙන්නලා. නැත්තන් කුණුහරුප කියල .තමන් කියන වචන වල තේරුමෙන් මිනිස්සු හිනස්සන අය අඩුයි(ඇත්තෙම නෑ).

ටාසන් රෑල්ල... කොල්ලෝ සීයලාගේ වොයිස් එකෙන් රේඩියෝ එකේ ජෝක්ස් කර්න රෑල්ල.ඇත්ත, ලංකාවේ ගොඩක් උන් ජෝක් කරන්නේ එක්කෝ කටහඬ වෙනස් කරල වෙන උච්චාරනෙකට කතා කරල,
xxx comedy වගේම parody එහෙමත් තියෙනවා, ඔය Game of Thrones එහෙමත් තියෙන්නේ...හැබැයි අර කට්ටියගේ ඒවට ගොන් ජෝක් කියන එක හොඳ නෑ නෙ. xxx වලත් erotic වගේම fetish ඒවත් තියෙනව නෙ![]()

සාපේක්ෂයි බන් ඔක්කොම. උබේ ස්ටෑන්ඩඩ්වලට හරියන්න සෙට් උනොත් උබට අනුව ඒක පට්ටම එක. උබ වගේම හිතන උන් ප්‍රමාණය වැඩි නන් ඒ කොට්ටාසයට අනුව ඒක තමා කොලිටිම.ජෝක් වල උනත් කොලිටියක් ටියෙන්න ඔනෙ බන්. ජොක් කරන එකා හිනා නොවී ප්‍රේක්ශකය හිනාගස්සන්න ඔනෙ. කරන ජොක් බහුසෘත වෙන්න ඔනෙ. ඔය වගේ ගොඩක් කොලිටි තියනව.,
ඔව නැතුවත් ඉතින් ජෝක් කාරයෙක් විඩියට ජනප්‍රිය වෙන්න පුලුවන්, මියුසික් වගේ තමයි දැන බලපන් ලෝකෙ ඉන්න ජනප්‍රියම ගායකය ජස්ටින් බීබර්නෙ ඒත් ලොකෙ ඉන්න හොදම ගායකයො 1000 අතරවත් ඌ නැතුව ඇති. ඒ වගේ තමයි.
ඔයා හරි අයියේ....විජය නන්දසිරිගේ ජෝක් හොදා හුගාක්..අනිත් පොන්නයිට වඩා.එයාලව විවේචනය කරන අනිත් උන්ට පුලුවන්ද minihekwa හිනා ගස්සන්නවත්...ගූ පොන්නයෝ..එක එක්කෙනාගේ චරිත වර්ගීකරනය තම තමාගේ මිනිම් දඬු වලින් වෙනස් වෙන්ඩ පුලුවන්.මම නම් ඉතින් ඉංග්‍රීසිත් බැරි අමු මෝඩය හින්ද බුද්ධිමත් චරිතවලට මෝඩ ජෝක් විදිහට පෙනෙන ඒවා මට හොඳයි.විජය නන්දසිරි ,ආනන්ද වික්‍රමගේ,ජයලත් මනෝරත්න, කියන්නේ මම ඇතුලු ලංකාවේ බහුතරයක් මෝඩ මිනිස්සුන්ගේ ප්‍රහසනයේ වටිනා චරිත කීපයක්.
![]()
![]()
![]()
බුද්ධිමත් අයට රෙප් කපා එවිය හැක

හෙළයෙක්;20537369 said:සාපේක්ෂයි බන් ඔක්කොම. උබේ ස්ටෑන්ඩඩ්වලට හරියන්න සෙට් උනොත් උබට අනුව ඒක පට්ටම එක. උබ වගේම හිතන උන් ප්‍රමාණය වැඩි නන් ඒ කොට්ටාසයට අනුව ඒක තමා කොලිටිම.