ඉඩමක් සම්බන්ඳයෙන් උදවුවක්....!!!!!

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ඉඩමක් සම්බන්ඳයෙන් උදවුවක්....!!!!!

    මචන්ලා මම නිට්ටඹුව ප්‍රදේශයෙන් පර්.20ක ඉඩම් කෑල්ලක් මිලදී ගත්තා. බොහොමත්ම ආසාවෙන් මගේම කියලා ගේ කෑල්ලක් හදාගන්න කියලා ප්ලෑන් අඳින එකාවත් ඉඩමට එක්කන් ගියා ඉඩම පෙන්නන්න. ඒත් එතනදි ප්‍රශ්නයක් මතු උනා. ඒක තමා මේ ඉඩමේ වතුර ගලන් යන්නෙ ස්භාවිකවම පල්ලෙහා ඉඩමකට. ඒ ඉඩමේ ගෙයකුත් හදලා තියෙනවා. වැඩේ අවබෝධ කරගන්න මම දල සටහනක් ඇන්ඳා, ඒක බලලා වැඩේ කියන්නම්.

    29mk9hg.jpg

    මේ ඉඩම් දේපල වෙලඳ සමාගමකින් දැනට අවුරුදු 40කට විතර කලින් කොටස් කරලා විකුනපුවා. ඔය පාර සාමාන්‍යයෙන් අඩි 15ක වගේ බොරලු පාරක්. ඒත් කානුවක් නෑ. මගේ ඉඩමෙ බෑවුම තියෙන්නෙ පාරෙ පැත්තෙ ඉඳලා අර රතුපාටින් වෙනත් ඉඩම කියලා තියෙන ඉඩම පැත්තට. වතුර දැනට ගලන්නෙ ඔය රතුපාට වෙනත් ඉඩමට. පාරෙ මට්ටමේ ඉඳලා මගේ ඉඩමේ අනිත් කොනට බෑවුම තියෙනවා සාමාන්‍යයෙන් අඩි 05ක් විතර.

    2jtg6v.jpg

    ප්ලැන අන්ඳින්න ආපු ඩයල් එක කිවුවා බෑවුම පැත්තෙන් බැම්මක් ගහලා පාර මට්ටමට ඉඩම උස්සමු කියලා. ඒකට ලක්ශ 6ක් වත් යයිලු. ඒ ගාන ඉඩම ගොඩ කරන්නම යට කරනවා කියන්නේ මට සහ මගේ සිහින ගෙදරට සැහෙන්න දැනෙන ගානක්. අනිත් කාරනේ තමා අර රතුපාට වෙනත් ඉඩමටත් මගේ ඉඩමේ බවුන්ඩ්‍රියේ ඉඳන් අඩි 03ක වගේ බැස්මක් තියෙනවා, කන්ඬිය කැඩි කැඩී යන නිසා ඒ පැත්තෙන් (රතුපාට වෙනත් ඉඩම පැත්තෙන්) බැම්මක් ගැසීම අනිවාර්යයි. එතකොට මගේ ගැටලු ටික මේකයි.

    01. මේ විදියට ඉඩම ගොඩකරා කියමුකො, මන් කලින් කිවුවා වගේ මේ පාරේ කානුත් නෑ, ඉතින් ස්භාවික වතුර හා අපේ ගෙදර පරිභෝජනය වන වතුර පාරට හැරෙව්වට කමක් නැද්ද. අවුල්නම් විසඳුම මොකද්ද..?

    02. ඉඩම ගොඩ නොකර මේකට ගහන්න වෙන ගේමක් ඇත්තෙම නැද්ද.?

    03. ප්ලෑන අඳින්න ආපු ඩයල් එක කිවුවා අර රතුපාට වෙනත් ඉඩමේ පොරගෙ කැමැත්ත අහලා උගේ කානුවකට අපේ වතුර හරවගන්න පුලුවන්නම් ගොඩ කියලා.. එහෙම කිරීමෙන් ඇතිවන බලපෑම් මොනවද..? අපිට නීතිමය ආවරණයක් තියෙනවද..?

    මේ සම්බන්ඳයෙන් දැනුම ඇත්තො උදවු කරත්වා...!!
    :sorry::sorry::sorry::sorry:
     
    • Like
    Reactions: Double S

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,694
    46,065
    113
    අයියෝ බන්.මේ කාලේ හොදට බලලා ඉඩම් ගන්න ඕන.මාත් ඉඩමක් අරගෙන ප්‍රාදේශීය එකෙන් පාස් කරගන්න බැරි උනා තාමත්.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,694
    46,065
    113
    උබේ කුපාඩි වැඩක්නෙ ඒක..:rofl:

    මම නෙමේ බන්.ඉඩම මට විකුනපු එකා.ඌ දැන් රටෙත් නෑ..මාත් හදිස්සියට ගත්තේ.:sorry:ඉඩම් කවදාවත් හදිස්සි වෙලා ගන්න හොද නැහැ.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    මම නෙමේ බන්.ඉඩම මට විකුනපු එකා.ඌ දැන් රටෙත් නෑ..මාත් හදිස්සියට ගත්තේ.:sorry:ඉඩම් කවදාවත් හදිස්සි වෙලා ගන්න හොද නැහැ.
    මම ඉඩම ගත්තේ අලුත් මිනින්දෝරුවෙක් ලව්වා ඉඩම අයිතිකාරයා ලවා මැන්නවලා අලුත් ප්ලෑනක් ඇඳලා, පත්තිරු චෙක් කරවලා හිමිකම් වාර්තාවකුත් හදාගෙනමයි..:P
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    හොඳම විසඳුම එහා ඉඩම ලඟින් බැම්මක් බඳින එක තමයි. නැත්නම් කොහොමත් කාලයක් යනකොට පහලට වතුර ගලල උඹගේ ඉඩමේ පස් අනිත් ඉඩමට හේදිලා යනවා... පාරේ කානුවක් නැතුව ඉඩමේ වතුර පාරට හරවල අනිත් අයගෙන් ප්‍රශ්න ඒවි. එක කොහොමත් හොඳ වැඩක් නෙමේ.. ඉඩමේ වතුර බස්සන්න ඉඩමේම ලොකු වලක් කපල එකට සිලින්ඩර් බස්සන්න. (එහා ඉඩමේ එකා කැමතිනම් වතුර එහෙන් බස්සන්න අවුලක් වෙන්නේ නෑ. මොකද කෙස් එකක් එනවනම් එන්න ඕනේ ඒ මිනිහගෙන්නේ)

    පාරේ මට්ටම වඩා ඉඩම පාත් කරන්න යන්නනම් එපා. එක හෙන මෝඩ වැඩක්.. පුලුවන්නම් පාරේ මට්ටමට වඩා ටිකක් ඉඩම උස්සන්න බලන්න.

    මුදල් යට කරන්න අමාරුනම් ඉඩම විකුණලා වෙන හොඳ ඉඩමක් ගන්න බලන්න මචෝ.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,798
    6,362
    113
    palleha idame owner ekka katha karala uge kanuwakata wathura harawana eka thamayi wiyadam adu lesi wade habayi passe kaleka u ekka waliyak ehema dagaththoth sorry . com thamyi .
     
    • Like
    Reactions: Pink panther

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    හොඳම විසඳුම එහා ඉඩම ලඟින් බැම්මක් බඳින එක තමයි. නැත්නම් කොහොමත් කාලයක් යනකොට පහලට වතුර ගලල උඹගේ ඉඩමේ පස් අනිත් ඉඩමට හේදිලා යනවා... පාරේ කානුවක් නැතුව ඉඩමේ වතුර පාරට හරවල අනිත් අයගෙන් ප්‍රශ්න ඒවි. එක කොහොමත් හොඳ වැඩක් නෙමේ.. ඉඩමේ වතුර බස්සන්න ඉඩමේම ලොකු වලක් කපල එකට සිලින්ඩර් බස්සන්න. (එහා ඉඩමේ එකා කැමතිනම් වතුර එහෙන් බස්සන්න අවුලක් වෙන්නේ නෑ. මොකද කෙස් එකක් එනවනම් එන්න ඕනේ ඒ මිනිහගෙන්නේ)

    පාරේ මට්ටම වඩා ඉඩම පාත් කරන්න යන්නනම් එපා. එක හෙන මෝඩ වැඩක්.. පුලුවන්නම් පාරේ මට්ටමට වඩා ටිකක් ඉඩම උස්සන්න බලන්න.

    මුදල් යට කරන්න අමාරුනම් ඉඩම විකුණලා වෙන හොඳ ඉඩමක් ගන්න බලන්න මචෝ.
    ඒ කිවුවේ බන්..? ටොයිලට් වලක් වේගේ එකක්ද..?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉඩම පුරවන්නේ නැතුව ස්ටෙප්ස් කීපයකට හදපන්.ඉඩම පුරවලා ගෙවල් හදන්න ගියොත් උබ විකිණෙයි.මේ වගේ හදහන්

    Blog-59.jpg

    w300x200.jpg
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ඉඩම පුරවන්නේ නැතුව ස්ටෙප්ස් කීපයකට හදපන්.ඉඩම පුරවලා ගෙවල් හදන්න ගියොත් උබ විකිණෙයි.මේ වගේ හදහන්
    මචන්, ඉඩමේ බැස්ම තියෙන්නෙ එහා පැත්තේ ගෙදර එකාගෙ පැත්තටනේ..:sorry:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන්, ඉඩමේ බැස්ම තියෙන්නෙ එහා පැත්තේ ගෙදර එකාගෙ පැත්තටනේ..:sorry:

    ඉතින් මොකද බන් වෙන්නේ.ඕනිනම් රැඳවුම් බැම්මක් ගහපන් ඒ පැත්තට.උගේ වත්තට වතුර ගලායන එකට කරන්න දෙයක් නෑ.ඉඩමේ ස්වාභාවිකව තියෙන විදියනේ.ඒක එහෙමම තියෙන්න ඇරහන්.නැත්නම් වැහි වතුර එකතු වෙන්න ටැංකියක් හදන්න.අඩුතරමේ ඒකෙන් ගහකට දාන්න වතුර ටිකක්වත් ගන්න බැරියෑ.