ඉඩමක් සම්බන්ඳයෙන් උදවුවක්....!!!!!
මචන්ලා මම නිට්ටඹුව ප්‍රදේශයෙන් පර්.20ක ඉඩම් කෑල්ලක් මිලදී ගත්තා. බොහොමත්ම ආසාවෙන් මගේම කියලා ගේ කෑල්ලක් හදාගන්න කියලා ප්ලෑන් අඳින එකාවත් ඉඩමට එක්කන් ගියා ඉඩම පෙන්නන්න. ඒත් එතනදි ප්‍රශ්නයක් මතු උනා. ඒක තමා මේ ඉඩමේ වතුර ගලන් යන්නෙ ස්භාවිකවම පල්ලෙහා ඉඩමකට. ඒ ඉඩමේ ගෙයකුත් හදලා තියෙනවා. වැඩේ අවබෝධ කරගන්න මම දල සටහනක් ඇන්ඳා, ඒක බලලා වැඩේ කියන්නම්.
මේ ඉඩම් දේපල වෙලඳ සමාගමකින් දැනට අවුරුදු 40කට විතර කලින් කොටස් කරලා විකුනපුවා. ඔය පාර සාමාන්‍යයෙන් අඩි 15ක වගේ බොරලු පාරක්. ඒත් කානුවක් නෑ. මගේ ඉඩමෙ බෑවුම තියෙන්නෙ පාරෙ පැත්තෙ ඉඳලා අර රතුපාටින් වෙනත් ඉඩම කියලා තියෙන ඉඩම පැත්තට. වතුර දැනට ගලන්නෙ ඔය රතුපාට වෙනත් ඉඩමට. පාරෙ මට්ටමේ ඉඳලා මගේ ඉඩමේ අනිත් කොනට බෑවුම තියෙනවා සාමාන්‍යයෙන් අඩි 05ක් විතර.
ප්ලැන අන්ඳින්න ආපු ඩයල් එක කිවුවා බෑවුම පැත්තෙන් බැම්මක් ගහලා පාර මට්ටමට ඉඩම උස්සමු කියලා. ඒකට ලක්ශ 6ක් වත් යයිලු. ඒ ගාන ඉඩම ගොඩ කරන්නම යට කරනවා කියන්නේ මට සහ මගේ සිහින ගෙදරට සැහෙන්න දැනෙන ගානක්. අනිත් කාරනේ තමා අර රතුපාට වෙනත් ඉඩමටත් මගේ ඉඩමේ බවුන්ඩ්‍රියේ ඉඳන් අඩි 03ක වගේ බැස්මක් තියෙනවා, කන්ඬිය කැඩි කැඩී යන නිසා ඒ පැත්තෙන් (රතුපාට වෙනත් ඉඩම පැත්තෙන්) බැම්මක් ගැසීම අනිවාර්යයි. එතකොට මගේ ගැටලු ටික මේකයි.

01. මේ විදියට ඉඩම ගොඩකරා කියමුකො, මන් කලින් කිවුවා වගේ මේ පාරේ කානුත් නෑ, ඉතින් ස්භාවික වතුර හා අපේ ගෙදර පරිභෝජනය වන වතුර පාරට හැරෙව්වට කමක් නැද්ද. අවුල්නම් විසඳුම මොකද්ද..?
02. ඉඩම ගොඩ නොකර මේකට ගහන්න වෙන ගේමක් ඇත්තෙම නැද්ද.?
03. ප්ලෑන අඳින්න ආපු ඩයල් එක කිවුවා අර රතුපාට වෙනත් ඉඩමේ පොරගෙ කැමැත්ත අහලා උගේ කානුවකට අපේ වතුර හරවගන්න පුලුවන්නම් ගොඩ කියලා.. එහෙම කිරීමෙන් ඇතිවන බලපෑම් මොනවද..? අපිට නීතිමය ආවරණයක් තියෙනවද..?

මේ සම්බන්ඳයෙන් දැනුම ඇත්තො උදවු කරත්වා...!!