Treatment for deaf. (kang ehennethi ekata beheth)

M ismath

Junior member
  • Dec 26, 2008
    373
    13
    18
    can any one suggest me treatment (ayurvedic, home treatment) for deafness.

    Kang eahennethi eakata Treatment danna aya innavanang Kiyannako.
     
    අපේ වෙදැදුරු
    සර්වාංග රෝග නසා ගත සනසන
    යෝගරත්න වෙදගෙදර


    n1.jpg
    සිංහල වෙදකමේදී ඔසු නිපදවීම එතරම් පහසු කටයුත්තක්‌ නොවේ. ගසේ, වැලේ, මුලේ, කොළේ මලේ සාරය ගෙන රෝග තත්ත්වය මත නිපදවන මෙම ඖෂධ වෙදදුරුවරයාගේ අත්ගුණයත් එකතුවීමෙන් ලැබෙන සුවය වචන වලින් කිව නොහැකි තරමට ප්‍රබලය.

    මේ ඖෂධ නිපදවීම ඇතැම් වෙදැදුරුවරයකු මහා පරිමාණයෙන් යන්ත්‍රානු සාරයෙන් කළත් ගමේ ගොඩේ තවත් වෙදදුරුවරයකු මේවා කරන්නෙ තම නිවසේ තිබෙන පැරණි ගල් වනයක්‌ හෝ එවැනි තවත් උපකරණයක්‌ මුල්කරගෙනය.

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙවන් ඔසු නිපදවා බොහෝ රෝගීන් සුවපත් කරන පැරණි පරපුරකට නෑකම් කියන වෙදැදුරුවරියක පසුගියදා මට මුණගැසිණි. ඇය කිසි විටෙක කිසිම ඖෂධයක්‌ පිටතින් නොගෙන තම නිවසේදීම නිපදවාගන්නා ඖෂධවලින් කරන ප්‍රතිකාරයක්‌ වැරදුනේ නැත.

    මෙම වෙදදුරුවරිය තම ඖෂධ නිපදවා ගැනීමේදී තමාගේම අධීක්‍ෂණයෙන් සියලු අමුද්‍රව්‍යන් සපයා ගැනෙන අතර පිටස්‌තර පුද්ගලයන්ගෙන් සපයා ගන්නා ඖෂධ පිළිබඳවද කිසියම් අවධානයකින් සිටින බව නම් මම පැහැ ලිවම දනිමි. මෙතුළින් ඇය අපේක්‍ෂා කරන්නේ තමන් නිපදවා ගන්නා බෙහෙත් වලින් සියයට සියයක්‌ සාර්ථක ප්‍රතිඵලයක්‌ ගෙනදීමටය.

    මේ වෙදදුරුවරිය අන් කිසිවකු නොව නාරම්මල යෝගරත්න ඖෂධාලයේ අධිපති විජයසුන්දර වෙද නෝනාය. අඳ ගොළු බිහිරි දරුවන්ගේ සියලු ආබාධ වලට ප්‍රතිකාර කරන ඇය සර්වාංග රෝගවලටද දක්‌වන්නේ සුවිශේෂී බවකි. ඇතැම් නෙක මේ වෙදනිවසට පිවිසෙන මා, ඇය විසින් නිපදවන ඖෂධ කෙරෙහි අවධානයක්‌ යොමු නොකළාමත් නොවේ. එහිදී විශේෂයෙන් මට දැනගන්නට ලැබුනේ බොහෝ ඖෂධ මාස ගණනක්‌ පොලොව් වළලා තිබෙන බවකි.

    නාරම්මල යෝගරත්න ඖෂධාලයේ නිරතුරුවම නිපදවන මේ තෙල් බෙහෙත් රෝගීන්ගේ සුවයම සඳහා භාවිත කෙරෙනවා. මිස පිටතට අලෙවියත් නැත. අලෙවිකිරීමට තරම් ඇයට අවශ්‍යතාවයක්‌ද නැත. මේ පිළිබඳව ඇය අදහස්‌ ප්‍රකාශ කරමින් මෙසේ කීවාය.

    සිංහල බෙහෙත නිපදවන්න එච්චර ලෙහෙසි නැහැ. අපි මේ බෙහෙත් හදනකොට යන්ත්‍ර සූත්‍ර කොහෙත්ම භාවිත කරන්නෙත් නැහැ. මොකද ඒකෙන් වෙන්නේ ඒ බෙහෙතෙ තිබෙන නියම ගුණය ගන්න බැරි නිසා.

    මම ඒකට හොඳ උදාහරණයක්‌ කියන්නම්. ඇතැම් ගෘහණියන් තමන්ගෙ නිවසෙ හදාගන්නා කොළ කැඳ ටිකටත් බ්ලෙන්ඩරයක්‌ පාවිච්චි කරන බව අපි දන්නවා. මේ බ්ලෙන්ඩරය මගින් කොටාගන්නා කොළ ටිකේ ගුණය සියයට හැටකින් හැත්තෑවකින් පමණ අඩුවෙන බව ඒ අය දන්නේ නෑ. මෙතනදී වෙන්නෙ කොළ ටිකේ සාරය අපතේ ගිහිල්ල පැහැය විතරක්‌ මතුවෙන එක විතරයි.

    නමුත් අප නිවසේ තිබෙන වංගෙඩියට හා මෝල්ගහට මේ ඖෂධයේ නියම සාරය ලබාදෙන්න එතරම් කාලයක්‌ අවශ්‍ය නෑ. මෙන්න මේ හේතුව නිසා අපි හැම විටම දේශීය උපකරණ උපයෝගී කරගෙන තමයි ඖෂධ නිපදවා ගන්නෙ.

    යෝගරත්න වෙදගෙදර විජයසුන්දර වෙදදුරුවරිය නිරන්තරයෙන්ම කැප වී සිටින්නේ රෝගීන්ගේ රෝග නිවාරණය සඳහාමයි කීවොත් එහි වරදක්‌ නැත. අඳ ගොලු බිහිරි දරුවන්ට විශේෂයෙන්ම සාර්ථකව ප්‍රතිකාර කරන ඇය අනෙක්‌ වැඩිහිටියන්ගේ සර්වාංග රෝග වලටද කරන ප්‍රතිකාරය වැරදුණේ නැහැ.

    මේ පිළිබඳවද මම ඇයගෙන් ප්‍රශ්නයක්‌ අසමින් ඔබ මේ ආබාධිත දරුවන්ට ප්‍රතිකාර කරන ගමන් අනෙක්‌ අයටත් ප්‍රතිකාර කරන බවක්‌ තමයි මට පෙනෙන්නේ. ඒ මොන මොන වගේ රෝගවලටද?

    අපි හැම වෙලාවටම කරන්නෙ සර්වාංග රෝගවලට ප්‍රතිකාරනේ. ඒ අතර අපේ පැරණි වට්‌ටෝරුවල තිබෙන විශේෂ ඔසුවලින් මේ අසරණ ආබාධිත දරුවන්ටත් විශේෂ ප්‍රතිකාරයක්‌ කරනවා. මේක මට විශාල සතුටක්‌. ඒ වගේම ආත්ම තෘප්තියක්‌. අනේ.. කතාකරන්න බැරි ඇවි න්න බැරි පොඩි දරුවකුට සුවයක්‌ ලබාදෙන්න තිබෙනවාය කියන එක කොච්චර හාස්‌කමක්‌ද? ඒ වගේම කෙතරම් පිංකමක්‌ද? මම හැම තිස්‌සෙම හිතන්නෙ පතන්නෙ ඒ අයගෙ නිරෝගීභාවය.

    එතකොට වැඩිහිටියන්ගෙ මොන මොන රෝග තත්ත්වයන්ටද ප්‍රතිකාර කරන්නේ?

    මේ පංචස්‌කන්ධයට වැලඳෙන රෝගවලින් වැඩිහිටි පොඩිහිටි කියල භේදයක්‌ නැහැ. රෝගය රෝගයමයි. මෙතෙන්දී කියන විශේෂත්වය තමන් වැඩිහිටියන්ට වඩා පොඩිහිටියාට කරන ප්‍රතිකාරය කල්යන්නේ නැති එක කොහොම වුණත් මේ වෙදගෙදරද ප්‍රතිකාර නොකෙරන රෝගයක්‌ තියෙනවා කියල වෙන් කරගන්න බැහැ.

    ඒ කියන්නෙ ඔබ සියලුම රෝගවලට ප්‍රතිකාර කරනව කියන එකද

    ඔව්. ඉතිං වෙදෙක්‌ වුණාම හැම දෙයක්‌ම දැනගෙන ඉන්න ඕන.

    අද සමාජයෙ ගොඩාක්‌ අයට තියෙන රෝග තත්ත්වයන් තමයි යවැඩියාව, කොලෙස්‌ටරෝල්, අධිරුධිර පීඩනය වගේ රෝග. මේ රෝගවලට බටහිර වෛද්‍යවිද්‍යාවේදී නම් එක එක බේත් වර්ග පැය හයෙන් හයට හෝ දොළහෙන් දොළහට බොන්න ඕන. මේක යමෙකුගේ දෛනික ජීවිතයට කරදරයක්‌ නේද?

    මේ වගේ සුව නොවන රෝග කරදරයක්‌ දැයි කියල අහන්න දෙයක්‌ නැහැ. අනික සුව කර නොගත්තොත් ජීවිත අවදානම කොයි මොහොතේදීද කියල කියන්න බැහැ. ඒක නිසා තමයි දොස්‌තර මහත්තයා ඒ බෙහෙත් නියම කරන්නෙ. ඒක බටහිර වෙදකමේදී පැය කිහිපයකට මේ බෙහෙත් සීමාවුණත් දේශීය වෙදදුරුවරුන් නිපදවන බෙහෙත් වසර කිහිපයකට ඔරොත්තු දෙනවා. මේක වඩාත් පැහැ ලි කළොත්...

    මේ බටහිර වෙදකමේදී යවැඩියාවට, කොලෙස්‌ටරෝල්වලට අධිරුධිර පීඩනයට, සෙමට දෙන බෙහෙත් තාවකාලිකයි. පැය කිහිපයකට සීමාවෙන්නෙ. ඒ පැය කිහිපය ගතවුණාට පස්‌සේ ආපසු පෙර තත්ත්වයටම රෝග පත්වෙනවා. ඉතිං හැමදාම මේ පෙති පාවිච්චියට පුරුදු වුණාම රෝගය යටපත් වෙනවා මිස සුවවීමක්‌ නැහැ. ඒ කියන්නෙ හැමදාම රෝගියෙක්‌.

    ඒ කියන්නෙ සිංහල බෙහෙත් මගින් නිට්‌ටාවට සුවකර ගැනීමට හැකියාවක්‌ තියෙනව කියන එකද?

    මම එහෙම ස්‌ථිර නිගමනයකට ඇවිත් නිට්‌ටාවට සුව වෙනව කියලා ප්‍රතිකාර කරන්නෙ නැහැ. සමහර විට එහෙම නොවන්නත් පුළුවන්. ඒ කොහොම වෙතත් වසර ගණනාවක්‌ නැවත නොහැදෙන්න ඒ සියලු රෝග සුවකරන්න පුළුවන්. මේ ලෝකෙ කිසිදෙයක්‌ ස්‌ථිර නැහැනේ. ඒ වගේ තමයි රෝග කියල කියන්නෙත්.

    මම දැක්‌ක ඔබ ඖෂධ නිපදවන කොට ලොකු බූලිවල මේ බෙහෙත් වළදාල තියෙනවා. එහෙම කිරීමේ විශේෂත්වය ගැන පැහැ ලි කළොත්...?

    යම් යම් බලගතු ඖෂධ නිපදවීමේදී මාස ගාණක්‌ හිරු එළිය වාතය නොවැටී තියාගන්න ඕන. ඒක නිසා තමයි හරියටම න සටහන් කරගෙන යම් යම් ඖෂධ වළදාල ඒ නියමිත නයට ගොඩ අරගෙන බෙහෙත් නිපදවා ගන්නෙ. එහෙම කරන්නෙ ඖෂධයේ නියම සාරය ගන්න ඕන නිසා.

    යෝගරත්න ඖෂධාලයේ විජයසුන්දර වෙදදුරුවරිය කිසිවිටෙක මුදලට වෙදකම් කළේ නැත. බොහෝදුරට පොඩි දරුවන්ගේ රෝග සඳහා ඇය නොමිලයේම ප්‍රතිකාර කරනවා මම සියසින් දැක තිබේ. එහෙත් ඇයට හැමදාම එසේ කළ නොහැකි බවත් අපි දනිමු. රෝගීන්ගේ භාරකරුවෝ එය නොදන්නවා නොවේ.

    පසුගිය නන මම වෙද නිවසට නැවතත් ඇතුළු වෙද්දී මට දැකගන්න ලැබුණෙ කොළඹ ළමා රෝහලේ කිසියම් අයෙකුගේ අනුදැනුම මත ආබාධිත දරුවන් කිහිප දෙනෙකු ප්‍රතිකාර සඳහා එවා ඇති බවකි.

    මේ දරුවො තුන්දෙනාම මෙහෙට ආපු මුල් දවසේම මට කිව්වෙ යන්න එන්න තැනක්‌ තියා කන්න බොන්න වි යක්‌වත් නැතැයි කියලා. ඉතිං කොහොම වුණත් ඒ කතාවේ ඇත්ත නැත්ත මං බැලුවෙ නැහැ. මගේ ගෙදර නවත්තාගෙන මේ ප්‍රතිකාර කරනවා. ඉතිං කවද හරි සුවපත් වෙලා යාවි. එතකම් මට කරන්න පුළුවන් ප්‍රතිකාර ටික මම කරනවා.

    යෝගරත්න වෙදදුරුවරියගේ එම ප්‍රකාශයෙන්ම මට දැනගන්නට ලැබුණේ තමන්ගේ ධනය, ශ්‍රමය, කාලය කැපකරමින් අසරණ රෝගීන් සඳහා කෙතරම් ප්‍රතිකාර කරන්නේද යන්නයි.

    මේ සියලු රෝගීන්ට තමන්ගේ දැතින්ම නිපදවා ගන්න ඖෂධ තනුරුවන්ගේ ආශිර්වාදයත් මුල්කරගෙන කරද්දී වැරදුන බවක්‌ මට දැනගන්නට නොලැබිණි.

    පසුගිය නෙක මම නැවතත් එම වෙදගෙදරට ගියෙමි. එහිදී මට පෙර කී දරුවන් සිටිනවා නුදුටුවෙන් ඒ ගැනද අසන්නට අමතක නොකළෙමි.

    ඒ දරුවො සුවපත් වෙලා යන්න ගියා. ඒක මට සතුටක්‌ වගේම තවත් පැත්තකින් දුකකුත් දැනෙනවා. මොකද මෙතනින් එහාට ඒ දරුවන්ගෙ ජීවත්වීමේ ක්‍රමවේදය අපහැ ලි නිසා.

    නාරම්මල යෝගරත්න ඖෂධාලයේ විජයසුන්දර වෙදදුරුවරිය එසේ කියමින් ගු සුසුමක්‌ හෙළද්දී තවත් රෝගීන් කිහිපදෙනකු ඇය හමුවීමට එනවා පෙනුණි.

    ඒ වෙද නිවසින් කෙරෙන ප්‍රතිකාරයෙන් හෙළ වෙදකමේ අභිමානය මොනවට පැහැ ලි වෙන්නේද යන්න සක්‌සුදක්‌ සේ මට පෙනෙන්නට විය.

    ගොළුවෝ - ගොතයෝ අවුරුද්දෙන් සුව කරනවා!

    නාරම්මල විස්මිත වෙද අම්මා සිළුමිණට කියයි...

    හිරු ගේ පළමු රැස් දහර නාරම්මල මැටියගනේ ගම් පියස සිඹගෙන තවමත් ගතවී ඇත්තේ දෙහෝරාවක් පමණ කැයි සිතමි. යෝගරත්න ‍ඖෂධාලය මතු නොව මුළුමහත් සිරිලකම අපේ විස්කම් ආයුර්වේද වෙදකමින් බබළවන විජයසුන්දර වෙද හාමිනේ අප එන පෙර මඟ බලා උන්නා ය. එදා ඇය සුවහසක් ලෙඩුනට ප්‍රතිකාර කරන දවසක් නොවේ. ඒ දිනය ඇය බෙහෙත් සොයා ලඳු කැලෑවල ගාටන දවසකි. දැන් අවුරුදු හැත්තෑවක් පමණ වන ඇයට පෙර මෙන් ගාටන්න ද බැරි ය. වෙදහාමිනේට අවුරුදු ගණනාවක් තිස්සේ බෙහෙත් සොයා දෙන ගැමි මිනිසුන් ද සිටී. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ඇය උතුම් අම්මා කෙනෙකි. ඇගේ දරුවාට පමණක් නොව ර‍ටේ අහිංසක දුවා දරුවන් කාටත් ඈ පෑ සෙනෙහස එකම විදිහකි.
    වසර 37 ක් තිස්සේ පහළොස් දහසක පමණ දුවා දරුවන් පිරිසක් ඇගේ දිව්‍යමය බෙහෙත් වලින් සුවපත් වී ඇතැයි කිවහොත් එය ද අතිශයෝක්තියක් නොවේ. ඇවිද ගන්නට බැරිව මවුපියන් ගේ කර පිටින් ඇතැම් විටෙක විසල් ප්‍රමාණයේ ලෑලි ගැසූ සබන් පෙට්ටිවල වාරු නැතිව පැමිණි දරුවෝ ඇගේ ආශිර්වාදයෙන් දැන් දෙපයින් නැඟිට පාසල් යති. කතාකර ගන්නට බැරිව ස්වර ශබ්ද මාධුර්යය නැතිව සිටි දරුවෝ මේ විස්මිත වෙද අම්මාගේ ප්‍රතිකාරයෙන් දැන් හොඳින් කතා කරති. කන් නෑසෙන ඇස් නොපෙනෙන, බෙල්ලේ හිසේ අමාරු ඇති, උගුරේ ආබාධ ඇති බොහෝ දෙනෙක් මේ සුවයෙන් සැනසිල්ල උදාකර ගත්හ.
    වැඩිමනත් කතා නොකැර ඒ වෙද අම්මාගේ හඬ ඔබ වෙනුවෙන් අවදි කරමි.
    මං 1976 ඉඳන් මේ කටයුතු කරන්නේ. මගේ මහත්මයා පාරම්පරික වෙද මහත්මයෙක්. එයාගේ හත්මුතු පරම්පරාවම වෙද්දු. කැලණිය තෙළඟපාත වෛද්‍ය පරම්පරාවෙන් මං වෙදකම ඉගෙන ගත්තේ. මගේ මහත්තයා පියසේකර විජයසුන්දර වෙද රාලහාමි.
    මහත්මයා ඉන්න කාලෙ මේ ගෙදර ලෙඩුන් නවතාගෙන ප්‍රතිකාර කළත් දැන් තනි මට ඒවාට හයියක් නැහැ. ඒත් මේ වෙදකමට තියෙන ආසාව නිසා පුංචි අහිංසක කතා කරන්න බැරි දරුවන් වෙනුවෙන් මං තාමත් වෙදකම කරනවා. මට දුවක් හිටියත් එයා මේවට කැමැති නැහැ. හම්බ කරන්නට නොව සේවයක් කරන්න බලාපොරොත්තුවන හොඳ කෙනෙකුට දෙන්නෙකුට මං මේ වෙදකම ශාස්ත්‍රය දෙන්න ලෑස්තියි.
    දවසක් රු‍. ලක්ෂ 25 අරන් බොරැල්ල පැත්තෙ වෙද මහත්මයෙක් ගොළුවන් කතා කරවන වෙදකම එයාට දෙන්න කියලා මට සල්ලි දික්කරලා කතා කළා. බලාපො‍රොත්තු හොඳ නැති හින්ද මං ඒකට කැමැති වුණේ නැහැ.
    මං දිවුරලා කියන්නම් මහත්තයෝ ඔය බටහිර වෙදකමට කරන්න පුළුවන් එවෙලේ සහනය ලබාදීම විතරයි. නමුත් සිංහල ආයුර්වේදය රෝග නිධානයට ප්‍රතිකාරය ලබා දෙන්නෙ. ඒ නිසා මුලින් හැදුන ලෙඩේ ආයෙත් හැදෙන්නෙ නැහැ.
    ගමේ වචනයෙන් කියනව නම් මේ වෙදකම කිරිගහට ඇන්නා වගේ නිට්ටාවයි. ගොළු දරුවෝ කාලයත් එක්ක මගේ බෙහෙත් ගැල්වීමට පස්සේ කතා කරන කොට මට දැනෙන්නෙ පුදුම සතුටක්. දෘශ්‍යාබාධිත, කථනාබාධිත දරුවන්ගේ අම්මලා මට වැඳල යන්නේ ඒකයි. ගමේ සමහර එවැනි දරුවන්ගේ අම්මලා ඒ කළගුණ දැක්වීමට මට බෙහෙත් කොටලා පවා දෙනවා. එහෙත් මං ඒ අයටත් දවසට රු. 400 ක් ගෙවනවා. මේ තෙල් හිඳින්න යන වියදම හරිම සැරයි.
    f-1.jpg

    ගොරෝචන, ස්වර්ණ භෂ්ම, කස්තුරි වගේ දේවල් මේ තෙල් හිඳින කොට ඇතුළත් කර ගන්නා නිසා තෙල්වල මිල නම් ටිකක් සැරයි. ඒත් දරුවන්ගෙ ලෙඩ බලන්න ඒ අයට තෙල් ගාන්න මං කවදාවත් සල්ලි ගන්නෙ නැහැ.
    මෙතෙන්ට එන්නෙ බොහෝම දුප්පත් මිනිස්සු. ඒ අය බුලත් කොළයේ තියල කැමැත්තෙන් දෙන ගාණක් මං ගන්නවා.
    අම්මා කළ විස්මිත වෙදකම් ගැන එකක් දෙකක් කියන්න බැරිද?
    මම කුතුහලයෙන් අසමි. ඇය රේසර් රෝද සවිකොට ඇති අඩි දෙකක් පමණ දිග සන්ලයිට් ලෑලි පෙට්ටියක් ‍මට පෙන්වයි. මහත්තයෝ එක දරුවෙක් මෙහෙට ගෙනාවේ ඔන්න ඔය පෙට්ටියේ.
    එයාට ඇවිදින්න තියා කොන්දෙන් පහළ කොටස පණ නැතිව තිබුණේ. මං දේවරාජ තෛලයෙන් (ආයුර්වේද ඖෂධ සංස්ථාවේ පවා ඇය ළඟ ඇති මෙවැනි තෙල් වර්ග නැත) උදේ හතත් අටත් අතර හිරු එළි‍ෙය නැවුම් කිරණ වදින ලෙස දරුවා තියාගෙන මේ පුරාණ තෙල ඒ දරුවාගේ සියලු දුර්වල තැන්වල අතගා පිරිමැද්දා. මං ළඟට එන කොට දරුවට අවුරුදු 1 1/2 ත් පහුවෙලා. ප්‍රතිකාරයටත් අවුරුද්දක් පමණ ගියා. දැන් තුන්රුවනේ සරණින් දරුවා දෙපයින් ඇවිද ගෙන පාසල් යනවා.
    එම දරුවා නිරීක්ෂණයට වෙද හාමිනේ සමඟ අපි ද ඒ නිවසට ගියෙමු. ඒ දරුවාගේ මව ද අපට බොහෝ දේ කීවා ය. දරුවා සුවපත් කිරීම ගැන ඇය වෙද මෑණියන්ට පින් දුන්නා ය.
    මේ තෙල් හිඳින්න පාවිච්චි කරන දේශීය ඖෂධ මේ අක්කරයක් විතර වෙද ගෙදර වත්තේ විසිර තිබෙනු මම දුටිමි. ඒ ගැන ද ඇය කතා කළා ය.
    මගේ වත්තේ තියෙන්නේ මහත්තයෝ මල් පැළ නෙවේ. බෙහෙත් පැළ.
    මගේ මහත්තයා ඉන්න කාලෙ ඉඳන් අපි සුරැකිව වවා ගත් බොහෝ වටිනා ‍ඖෂධ තියෙනවා. සරස්වතී ඝ්‍රතය, දේවරාජ තෛලය හිඳින්න ගන්න ගොරෝචන, කස්තුරි, ස්වර්ණ භෂ්ම විතරක් නෙමේ ලුණුවිල, පඳුරු ගොටුකොළ, (ගොටු කොළ වර්ග 12 ක් තියෙනවා. මේ බෙහෙතට ගන්නේ පඳුරු ගොටු කොළ විතරයි) මී පැණි එළඟිතෙල්, සුදු හඳුන්, වදකහ, රත් හඳුන් මේවාත් ගන්නවා. තෙල හිඳින හැටි රහසක් ‍මහත්තයෝ.
    ගොරෝචන කියන්නේ මොල්ලිය තියෙන තරමක් විශාල ගවයන් අතරින් කෙනෙකුට දෙන්නෙකුට පිහිටන අපූරු බෙහෙතක්. ගොනා මරලා මේවා ගන්නා එක නම් කනගාටුයි. එහෙත් මේ විස්මිත බෙහෙත් ද්‍රව්‍යය දුර්ලභ ලෙඩ ගොඩකට හොඳයි‍. ඊළඟට කස්තුරි. කස්තුරි මුවන් ලංකාවේ නැහැ. එයා වැඩිය උස නැහැ. මස් පිරිච්ච හුරු බුහුටි මුව වර්ගයක්. ඉන්දියාවේ ඉන්නවා.
    ඒ ගොල්ලන්ගේ බුරියේ ඒ අයගේ ශුක්‍රාණු කොටස් එකතු වෙලා ගෙඩියක් වගේ හැදෙනවා. කාලයක් ගිහින් මේක මෝරන කොට එයාට කසන්න ගන්නවා.
    මේ කැසිල්ලට කස්තුරි මුවා ඒ බුරිය ගල්පතුරුවල අතුල්ලනවා. එතකොට අර ගුලිය ගැලවිලා බිමට වැටෙනවා. මේක හොයා ගන්න එක හරිම දුර්ලභයි. ලංකාවේ සිංහරාජ වනාන්තර මායිමේ සමහර බෙහෙත් හොයන්ඩ මාත් මහත්මයත් කණ්ඩායම් එක්ක රවුම් ගහලා තියෙනවා. මෙහෙ විතරක් නෙමෙයි එක් වතාවක් කස්තුරි හොයන්න අපි චෙන්නායි කැලයටත් ගියා.‍චෙන්නායි කැලයට ගිය විස්තරය හා ස්වර්ණ භෂ්ම හදාගන්නා හැටිත් කියන්ඩ... මම ඉල්ලමි‍.
    ස්වර්ණ භෂ්ම කියන්නෙ රත්තරන් කුඩු කියන එකයි. පුරාණ ගැමියෝ මේ බෙහෙත් දැන හිටියා.
    රන් පවුම් දහයක් විතර බෙලි, අඹ, කොස් වගේ ගස්වල කඳ හාරලා ටික කලක් හංගල තියෙනවා. ඊට පස්සේ රන් කරුවන් හොයා ගිහින් උදේ හතේ අටේ ඉඳන් රාත්‍රි දහය එකොළහ වෙනකම් හරි එතැනින් එහෙට මෙහෙට වෙන්නෙ නැතිව ඉඳලා ඒවා කුඩුකර ගන්නවා. එහෙට මෙහෙට වෙන්නේ නැත්තේ තඹ වගේ දෙයක් මිශ්‍ර කළොත් බෙහෙත වරදින නිසයි. මේවා දිව ඔසු‍. අප්‍රාණික අයටත් ප්‍රාණය ගෙනත් දෙන්න පුළුවන් බෙහෙත්.
    චෙන්නායි කැලයට අපි ගියේ නියම කස්තුරි හොයා ගන්න. කැලය ගැන දන්නා ඒ රටේ අය සම්බන්ධ කරගෙන මාත් මහත්තයත් එහෙම යනකොට කස්තුරි තියෙන්නෙ නිගණ්ඨයෝ ළඟ කියලා අපට කෙනෙක් කිව්වා.
    ඒ අය නිගණ්ඨනාථ පුත්තගේ අද ඉන්න බැතිමත්තු‍. මේ මිනිස්සු ගාව මේ වටිනා ද්‍රව්‍ය තියෙනවා. ඒ ගොල්ලන්ට අවශ්‍ය බුලත් පුවක් ආදිය දුන්නම ඔවුන් කස්තුරි දෙනවා. හැබැයි! මේ මිනිස්සු ඉන්නේ නිර්වස්ත්‍රව. මහත්තයා මට ගහක් යට හැංගෙන්න කිව්වා.
    එයාම ගිහින් අර කණ්ඩායම එක්ක කස්තුරි ගත්තා. ඒ මිනිස්සු අංග ලක්ෂණ විද්‍යාව දන්නවා‍. මං එහෙම කියන්නෙ මහත්මයා දිහා බලලා නායක නිගණ්ඨයා කියලා තියෙනවා එයාගේ භාෂාවෙන් ඔබට තියෙන්නේ තව අවුරුදු දෙකයි කියලා. ඒ ගිහිල්ලා ආපු අවුරුද්දට තවත් අවුරුදු දෙකකට පස්සේ මහත්මයා නැති වුණා. පුදුමය කියන්නෙ දියවැඩියාවෙන් දහස් ගණනක් සුවපත් කරපු එයා මිය ගියෙත් දියවැඩියා වෙන්මයි. සංසාරේ හැටි එහෙමයි.
    f-1-1.jpg
    විජයසුන්දර වෙද හාමිනේ බෙහෙත් වේලමින්
    මහත්තයා හුඟක් උනන්දු නිසා මං තව ටිකක් කියන්න කැමැතියි. අපි සිංහරාජ වනන්තරයෙත් ඇවිද්දා බාදුරා මල් හොයන්න. බාදුරා මලේ කෙමිය සමහර විට වැහෙනවා. මාළු මිරිස් කරල වගේ දිග මේ මල ඇතුළේ වතුර ස්වල්පයක් රැ‍ඳෙනවා. හැබැයි! කෙමිය ඇතුළෙන් කෘමීන් ඇතුළට වැටී තිබුණොත් ඒ වතුර ගන්න බැහැ. අර වතුර ටික දිව්‍ය ඖෂධයක්. කක්කල් කැස්ස ජීවිතේටම ඉවරයි. එහෙම ලෙඩුන් දහස් ගණනක් අපි සුවපත් කරල තියෙනවා.
    ස්ත්‍රී ප්‍රදර හා නාරි රෝගවලට අපේ මල්වලින් එහි රේණු වලින් පුදුමාකාර සුවයක් ලබාගන්න පුළුවන්. රාත්‍රියෙම පිපිලා රාත්‍රියේම පරවෙන කඩුපුල් රේණු දිව ඔසුවක්.
    නාමල්, කඩුපුල්, නෙළුම්, නිල් මානෙල් මලින් පුදුමාකාර බෙහෙත් හදන්න පුළුවන්. දියවැඩියාව හොඳ කරන්න ගස් නිදිකුම්බා, බිම් කරල් හැබ, බිම් කොහොඹ, මස් බැද්ද, ගොකටු වගේ දේවල් වලින් විස්මිත බෙහෙත් හදන්න පුළුවන්. ගස්වල පිලිල හැදෙනවා වගේ මිනිස් ශරීරයේ ඇතුළතත් පිලිල හැදෙනවා. ඒවාට පිළිකා කියලා නමක් තිබ්බට ඒවත් අපේ වෙදකමේ හොඳ කරලා තියෙනවා.
    මා ළඟ තියෙන පැරණි පුස්කොළ පොත් ඒ බෙහෙත් නියම කරනවා. මට වෙනත් සුවිශේෂ ශක්තියක් නැහැ. ආයුර්වේද ශක්තිය හා විශ්ව ශක්තිය හිරු එළිය ආශ්‍රයෙන් ලබාගෙන මං කොරුන් ඇවිද්දනවා. ගොළුවන් කතා කරවනවා. ඇස් වපර හදවනවා.
    කටුපිල, කටු කරෝසන, කටු කරඬු, බිම් කරල් හැබබිම් කොහොඹ, ගොකටු, නෙරෙංචි මේවා පාවිච්චි කරලා පිළිකා හොඳ කරන්නත් පුළුවන්.
    ඇයගේ කතාවට සවන් දී සිටින විට ඇගේ වත්තේ ඇති විශාල වළක් මගේ නෙත ගැටෙයි. මම ඒ ගැන ද අසමි.
    වාසනාවට මෙන් ඒ වළෙන් ප්‍රතිකාර ගත් මැටියගනේ සරත් විජේරත්න ද වෙද හාමිනේගේ වත්තේ සිටියේය. ඔහු සමඟ මුලින් කතා කිරීමට මම පෙලඹෙමි.
    මට පුදුමාකාර වාත අමාරුවක් තිබුණා මහත්තයෝ. අවුරුදු දහයක් තිස්සේ බටහිර වෛද්‍යවරු ළඟට ගියා. හොඳ වුණේ නැහැ. මේ වෙද හාමිනේ ළඟට ඇවිත් මාස දෙකයි. දැන් හොඳයි. වෙද හාමිනේ කියන්නේ බුදු හාමුදුරුවන්ගේ කාලයේ ඉඳල ආපු ප්‍රතිකර්මයක් කළා කියලයි. බුද්ධදාස රජ්ජුරුවොත්, පරාක්‍රමබාහු රජ්ජුරුවොත් මේ පිළිවෙත් කරලා තියෙනවා කියලා වෙද හාමිනේ කිව්වා. අපි ඒ පිළිවෙත වෙද හාමිනේගෙන්ම අසමු.
    මහත්තයෝ මේ හතරැස් වළ අඩි 9 ක් දිගයි. අඩි 3 ක් පළලයි. අඩි දෙකක් ගැඹුරුයි. මුලින්ම අඩියක් පමණ කුරුඳු දරවලින් පතුල වහලා ගිනි තියනවා. ඒවායේ ගිනි අඟුරු ආවාට පස්සේ තව අඩියක් පස්වලින් වහනවා. ඒක උඩ පාවට්ටා, වාත භංග, නික, කොහොඹ, අරට්ට, බෙලි වගේ කොළ වර්ග තට්ටුවක් අතුරනවා. දැන් යට රස්නෙට උඩ තියෙන කොළ වර්ග හොඳට තැවෙනවා. ඊට පස්සේ ලෙඩාගේ ඇ‍ඟේ වාත විදුරංග සිද්ධාර්ථ වැනි තෙලක් සම්පූර්ණයෙන් තවරලා ලෙඩාව වළට බස්වලා එහෙට මෙහෙට මේ කොළ උඩ පෙරළෙන්න කියනවා. වතාවක් දෙකක් කරන කොට වාත රෝග හොයා ගන්න නැති වෙනවා. මේක බුදු හාමුදුරුවන්ගේ කාලේ ඉඳන් එන බෙහෙතක්.
    ඇගේ බෙහෙත් රාක්කය තුළ බොහෝ තෙල් වර්ග තිබේ. ඇගේ මිදුලේ අතුරා ඇති පැදුරුවල තවත් බොහෝ බෙහෙත් වර්ග වියැළෙමින් තිබේ. දුහුඳු නම් අමුතු වැලක් සහ බෙහෙතක් ගැන ඇය කීවේ එය අධික තරබාරු කාන්තාවන් කෙට්ටු කළ හැකි බෙහෙතක් බවයි. වෙඩි සන්නි තෛලය ඇය යොදා ගන්නේ අංශ බාධයෙන් කතා කිරිමට නොහැකි අයට කථන හැකියාව ලබා දීමට බලනහර ඇතිල්ලීමටය.
    මම ලෙඩකු දෙන්නකු මුණ ගැසීමට මාන බලමි. වෛද්‍ය තුමියට නිවාඩු දවසක් වුවද දුර බැහැර සිට පැමිණියෙකුට ඇය කරුණාවන්තව බෙහෙත් ලබා දෙන්නීය. එමතුදු නොව දිවා ආහාරය ද නොමසුරුව තම ගෙයින්ම ලබා දෙන්නීය.
    අරුණෝදයේ පිපුණු පින්න මලක් මෙන් සුන්දර සමින්ද්‍යා වයස අවුරුදු දොළහක පියකරු කෙල්ලකි. රාගම මහබාගේ අඩි විස්ස පාරේ සිට තම මෑණියන් කුමුදුනී සමඟ ඇය පැමිණ සිටියේ තවත් වරක් බෙහෙත් ගන්නටය. ඇයට තිබුණේ කථනාබාධයකි. වෙද හාමිනේගේ තෙල් ගැල්වීමෙන් පසු ඇයට දැන් ස්වර පණ ගැන්විය හැකිය. මම ඇය විමසමි.
    මගේ නම සමින්ද්‍යා. කැලණිය වෙදමුල්ල මහා විද්‍යාලයේ හත වසරේ ඉගෙන ගන්නවා. අවුරුද්දයි මාස අටක් යද්දි තමයි අම්මා දැනගෙන තියෙන්නේ මට කතා කරන්න බැරි බව. අම්මා මුලින් ‘ස්පීක් තෙරපි’ ක්‍රමයකට බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නත් මට හරියටම කතා කරන්න බැරි වුණා. දැන් මං කතා කරන එක ඔබට තේරෙනවා නම් මේකට හේතුව මේ වෛද්‍ය තුමිය කියලා කියන්න කැමතියි.
    මේ විශ්ම කර්ම වෛද්‍ය තුමිය හමුවන්නට එන ඇත්තෝ ඇයට වැද නමස්කාර කිරීම උතුම් පූජාවක් ලෙස සලකති.
    මෙහි ඇති කෘෂ්ණාධිමෝදක නම් විශේෂ තෛලය උගුරේ ආබාධ සෙම ගතිය, නැති කිරීමට බෙහෙවින්ම මහෝපකාරී බව ද කියයි. බොහෝ දරුවන්ගේ කථනාබාධ නැති කිරීමට කුමාරි ආසවය නම් බෙහෙතක් ද මේ වෙද අම්මා හිඳවන්නීය. කෝමාරිකා මදය මී පැණි සමඟ අනා කෑමට දීම කථනාබාධ සුව කරන්නක් බව වෙද මෑණියෝ කීවාය.
    ඇයගෙන් පිළිසරණ ලැබු සුවහසක් ලෙඩුන් ගැන විස්තර මෙහි ලිවිය හැකිය. එහෙත් මේ ඊට අවස්ථාව නොවේ. පින් තකා දරුවන් වෙනුවෙන් මහ මෙහෙයක් කරන ඒ වෙද මෑණියන් අවසානයේදී මට කී කතාව ඉතා සංවේදීය. එය ඔබට නොකියා මා කෙසේ නම් මේ ලිපියට සමු දෙන්න ද?
    මහත්තයෝ, මං මේවා කරන්නේ පින් බලාගෙන මිසක් මුදල් හම්බ කරන්න නෙමේ.
    සල්ලි නැති දුප්පත් අයටත් මං අනන්තවත් සරණ වෙලා තියෙනවා. පෞද්ගලික ආයුර්වේද රෝහල්වලින් පාරම්පරික වෙද්දු සල්ලි වලට ගන්න හදන කාලයක් මේක. දේශීය වෛද්‍ය ඇමැතිවරු පත් වෙනවා ඒත් බලපත්‍ර තියෙන පැරණි වෛද්‍ය වරයකුටවත් බෙහෙතක් පිටතින් ගෙන්වන්නටත් බැහැ. රත්හඳුන්, සුදු හඳුන් වගේ වටිනා බෙහෙත් විතරක් නෙමේ වෙනිවැල්ගැට වලටත් අද බලපත්‍ර නැතිනම් අල්ලනවා. වෛද්‍ය බලපත්‍රය තියෙන අපිට ඒ බලපත්‍රය මොනවාට ද කියලා මං දන්නෙ නැහැ.
    අවුරුදු 10 - 15 තිස්සේ මට බෙහෙත් බඩු ගෙනත් දෙන මිනිස්සු දැන් පණ බයේ බෙහෙත් ටික වුණත් ගෙනත් දෙන්නෙ. මේවට විසඳුම් ලැබෙනව නම් මේ දේශීය වෙද කමින් මහ මෙහෙයක් අපිට කරන්න හැකි වේවි.

    නාරම්මල යෝගරත්න ඖෂධාලය - මෙතුමිය තමා මේ ක්ෂේත්‍රයේ දැනට ලංකාවේ ප්‍රකටම වෛද්‍යවරිය. තව අප්‍රකට බොහෝ අය ඇති.
     

    M ismath

    Junior member
  • Dec 26, 2008
    373
    13
    18
    ඉදිරියේ රාළ;20577182 said:
    කටේ නරක් වුණ දත්/පුරවපු දත් තියෙනවද ? තියෙනව නම් තියෙන්නේ කොහේද ?

    Nee. dath vala prasnayak tibbe nee

    mata kidney failer vela tibba dialisis karagene innav vita tama transplant karanda masayak or masa 2kata kalin tami ehenneni va giya)

    doctor la kiwwe vitamin aduvela nettang nahara block vela kiyalai.

    ear aid demmoth sadda tikka guru guru galai eahenne.
     
    Nee. dath vala prasnayak tibbe nee

    mata kidney failer vela tibba dialisis karagene innav vita tama transplant karanda masayak or masa 2kata kalin tami ehenneni va giya)

    doctor la kiwwe vitamin aduvela nettang nahara block vela kiyalai.

    ear aid demmoth sadda tikka guru guru galai eahenne.
    බඩේ පිත දෝෂය (කෑම දිරවීම අවුල් යෑම) හේතුවෙන් කර්ණාබාධ (කන් ඇසීමේ ආබාධ) ඇති වෙනවාය කියල පෙරදිග වෛද්‍ය මතයක් තියෙනවා. ඒක වෙන්න පුළුවනි ඔයාට ඇත්තේ.

    වකුගඩුවක් බද්ධ කරලද ? නැත්තම් බද්ධ කරන්න ඉන්නවද ලඟකදි ?
     

    M ismath

    Junior member
  • Dec 26, 2008
    373
    13
    18
    ඉදිරියේ රාළ;20577247 said:
    බඩේ පිත දෝෂය (කෑම දිරවීම අවුල් යෑම) හේතුවෙන් කර්ණාබාධ (කන් ඇසීමේ ආබාධ) ඇති වෙනවාය කියල පෙරදිග වෛද්‍ය මතයක් තියෙනවා. ඒක වෙන්න පුළුවනි ඔයාට ඇත්තේ.

    වකුගඩුවක් බද්ධ කරලද ? නැත්තම් බද්ධ කරන්න ඉන්නවද ලඟකදි ?
    eahama mokuth prasna nee. kt karala deng avurudu 10k venava.