මහා පරිනිබ්බාන සුත්‍රයේ දැක්වෙන පරිදි ගෞතම බුදුපියාණන් වහන්සේ ම එදා ආනන්ද හිමියන් අමතා මේ ආකාර වූ ප්‍රකාශයක් කර ඇත.
"චත්තාරි මානි ආනන්ද,
සද්ධස්ස කුලපුත්තස්ස
දස්සනීයානි, සංවේජනීයානි ඨානානි
කතමානි චත්තාරි"
1) ඉධ තථාගතෝ ජාතෝති ආනන්ද
සද්ධස්ස කුලපුත්තස්ස
දස්සනීයානං සංවේජනීයානං ඨානං
2) ඉධ තථාගතෝ අනුත්තරෝ සම්මා සම්බෝධිං
අභිසම්බුද්ධෝති ආනන්ද
සද්ධස්ස කුලපුත්තස්ස
දස්සනීයානං සංවේජනීයානං ඨානං
3) ඉධ තථාගතෝ අනුත්තරං ධම්ම චක්කං
පවත්තන්ති ආනන්ද
සද්ධස්ස කුලපුත්තස්ස
දස්සනීයානං සංවේජනීයානං ඨානං
4) ඉධ තථාගතෝ අනුපදිසේසාය, නිබ්බාන ධාතුයා
පරිනිබ්බුතෝති ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස
දස්සනීයානං සංවේජනීයානං ඨානං”
ගෞතම බුදුපියාණන් ම එදා ආනන්ද හාමුදුරුවන් අමතා මේ ආකාරයෙන් පවසා ඇත. "ආනන්ද නිවන් මග සොයන, ධර්ම මාර්ගයේ යන, ශ්රද්ධාවන්ත කුල පුත්‍රයින්ට දස්සනේන සංපන්නවීමට, චිත්ත ප්‍රසාදයක් ඇති කරගෙන සම්මා දිට්ඨියට පත් වන්නට -සෝතාපත්ති මාර්ගයෙන් සෝතාපත්ති ඵලයට පත් වන්නට -බලවත් ලෙසින් ම උපකාර වන, උපකාර කර ගත හැකි ස්ථාන හතරක් දැකබලා වැඳපුදාගෙන සිත පහන් කර ගැනීම ද සුදුසු ය” මේ ස්ථාන හතර නම්,
1) සිදුහත් කුමාරයාගේ උපත සිදු වූ ස්ථානය
2) ගෞතම බුදුපියාණන් අනුත්තර සම්මා සම්බෝධියට පත් වූ ස්ථානය
3) ගෞතම බුදුපියාණන් ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ ස්ථානය
4) ගෞතම බුදුපියාණන් අනුපදිසේස නිර්වාන ධාතුවෙන් පිරිනිවන් පෑ ස්ථානය
යන හතරයි.
ශ්රද්ධාවන්ත කුලපුත්‍රයා යනු නිවැරදිව ධර්මය අසා දැන , නියම බුද්ධ ධර්ම මාර්ගය ම අනුගමනය කරන, සෝතාපන්න මාර්ගයේ ගමන්කරන කෙනෙකු ගැන හැඳින්වූ විශේෂණ පදයකි. දැඩි භක්තියෙන් මුළා වූවකු ශ්‍රද්ධාව ඇති කෙනෙකු වන්නේ ද නැත. මේ උතුම් ස්ථාන හතර පිළිබඳව බුදු පියාණන්ම දේශනා කර පෙන්වූ නිසා නිවැරදිවත් පිරිසිදුවත් මෙම ස්ථානයන් සොයා දැන ඒවායේ ඇති වැදගත් කම ද තේරුම් ගත යුතුය. මගපල ලබන්නට උපකාර වන බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත වී පවතින්නේ මේ ස්ථානයන් ආශ්රයෙන් ම පමණි. එදා බුදුපියාණන් වැඩ සිටි යුගයේ නම්, ශ්‍රාවක මහ අරහතුන් වැඩ සිටි යුගයකදී නම් මේ ස්ථාන එතරම් වැදගත් වූයේ නොවේ. ඊට හේතුව බුද්ධ රූපය දර්ශනය ම බුද්ධ කටහඬ ශ්රවණයම, ඒ බුද්ධ ශක්තිය ම, එදා සද්ධස්ස කුලපුත්රයින්ට ජීවමානවම ලැබුණු නිසාය. නමුත් අද නිවැරදි ලෙසින්ම, මේ විශ්ව ශක්තිය ලබා ගත හැකි වන්නේ මේ ස්ථානයන් ද නිවැරදිව ම දැන දැකබලා වැඳපුදා ගැනීමෙනි.
- පරම සත්‍යය පෙන්වා දුන් බුද්ධ පුත්‍ර අති ගෞරවණීය මීවනපලානේ සිරි ධම්මාලංකාර තෙරුන් වහන්සේ
( උපුටා ගැනීම - "අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි'' )
මෙම උතුම් ධර්ම පුස්තකය කියවීම සදහා.....>>>>>>>
https://drive.google.com/file/d/0B6WB__tM2BfZN2EwN2Q0OGItNzZiZi00NjgwLTg3ZGItYzlkMTkyOTc1ODk3/view
ඔය මම highlight කරලා තියෙන කරුණු ත්‍රිපිටකයේ සදහන් වන තැනක් ඒ ආකාරයෙන් දක්වන්නේ නම් යෙහෙකි. එවැනි විශ්ව ශක්තියක් ගැන කරුණක් හෝ එහි වැඳ පුදා ගැනීම අනිවාර්යය බවත් "මහාපරිනිර්වාණ සූත්‍රය" හි අඩංගු නොවන බවයි මා අවබෝධ කර ඇත්තේ.

ube samahara points walata man ekagai wikipida thiyena hama magulama piliganna oni na
අර අනිත් හම්බ ත්‍රෙඩ් වල හම්බයෝ දාල තියෙන පෝස්ට්ස් බලන්න. ඒ අයත් කරන්නේ පුළුවන් තරම් කරුණු එකතු කරන එකනේ. මම අදහස් කලේ පොදුවේ හම්බයෝ කියන එක, මේ ත්‍රෙඩ් එකේ පොස්ට් දාපු කවුරුවත් ගැන නෙවෙයි.

