බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0
මහා පරිනිබ්බාන සුත‍්‍රයේ දැක්වෙන පරිදි ගෞතම බුදුපියාණන් වහන්සේ ම එදා ආනන්ද හිමියන් අමතා මේ ආකාර වූ ප‍්‍රකාශයක් කර ඇත.

"චත්තාරි මානි ආනන්ද,
සද්ධස්ස කුලපුත්තස්ස
දස්සනීයානි, සංවේජනීයානි ඨානානි
කතමානි චත්තාරි"

1) ඉධ තථාගතෝ ජාතෝති ආනන්ද
සද්ධස්ස කුලපුත්තස්ස
දස්සනීයානං සංවේජනීයානං ඨානං

2) ඉධ තථාගතෝ අනුත්තරෝ සම්මා සම්බෝධිං
අභිසම්බුද්ධෝති ආනන්ද
සද්ධස්ස කුලපුත්තස්ස
දස්සනීයානං සංවේජනීයානං ඨානං

3) ඉධ තථාගතෝ අනුත්තරං ධම්ම චක්කං
පවත්තන්ති ආනන්ද
සද්ධස්ස කුලපුත්තස්ස
දස්සනීයානං සංවේජනීයානං ඨානං

4) ඉධ තථාගතෝ අනුපදිසේසාය, නිබ්බාන ධාතුයා
පරිනිබ්බුතෝති ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස
දස්සනීයානං සංවේජනීයානං ඨානං”

ගෞතම බුදුපියාණන් ම එදා ආනන්ද හාමුදුරුවන් අමතා මේ ආකාරයෙන් පවසා ඇත. "ආනන්ද නිවන් මග සොයන, ධර්ම මාර්ගයේ යන, ශ‍්‍රද්ධාවන්ත කුල පුත‍්‍රයින්ට දස්සනේන සංපන්නවීමට, චිත්ත ප‍්‍රසාදයක් ඇති කරගෙන සම්මා දිට්ඨියට පත් වන්නට -සෝතාපත්ති මාර්ගයෙන් සෝතාපත්ති ඵලයට පත් වන්නට -බලවත් ලෙසින් ම උපකාර වන, උපකාර කර ගත හැකි ස්ථාන හතරක් දැකබලා වැඳපුදාගෙන සිත පහන් කර ගැනීම ද සුදුසු ය” මේ ස්ථාන හතර නම්,

1) සිදුහත් කුමාරයාගේ උපත සිදු වූ ස්ථානය
2) ගෞතම බුදුපියාණන් අනුත්තර සම්මා සම්බෝධියට පත් වූ ස්ථානය
3) ගෞතම බුදුපියාණන් ප‍්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ ස්ථානය
4) ගෞතම බුදුපියාණන් අනුපදිසේස නිර්වාන ධාතුවෙන් පිරිනිවන් පෑ ස්ථානය
යන හතරයි.

ශ‍්‍රද්ධාවන්ත කුලපුත‍්‍රයා යනු නිවැරදිව ධර්මය අසා දැන , නියම බුද්ධ ධර්ම මාර්ගය ම අනුගමනය කරන, සෝතාපන්න මාර්ගයේ ගමන්කරන කෙනෙකු ගැන හැඳින්වූ විශේෂණ පදයකි. දැඩි භක්තියෙන් මුළා වූවකු ශ‍්‍රද්ධාව ඇති කෙනෙකු වන්නේ ද නැත. මේ උතුම් ස්ථාන හතර පිළිබඳව බුදු පියාණන්ම දේශනා කර පෙන්වූ නිසා නිවැරදිවත් පිරිසිදුවත් මෙම ස්ථානයන් සොයා දැන ඒවායේ ඇති වැදගත් කම ද තේරුම් ගත යුතුය. මගපල ලබන්නට උපකාර වන බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත වී පවතින්නේ මේ ස්ථානයන් ආශ‍්‍රයෙන් ම පමණි. එදා බුදුපියාණන් වැඩ සිටි යුගයේ නම්, ශ‍්‍රාවක මහ අරහතුන් වැඩ සිටි යුගයකදී නම් මේ ස්ථාන එතරම් වැදගත් වූයේ නොවේ. ඊට හේතුව බුද්ධ රූපය දර්ශනය ම බුද්ධ කටහඬ ශ‍්‍රවණයම, ඒ බුද්ධ ශක්තිය ම, එදා සද්ධස්ස කුලපුත‍්‍රයින්ට ජීවමානවම ලැබුණු නිසාය. නමුත් අද නිවැරදි ලෙසින්ම, මේ විශ්ව ශක්තිය ලබා ගත හැකි වන්නේ මේ ස්ථානයන් ද නිවැරදිව ම දැන දැකබලා වැඳපුදා ගැනීමෙනි.

- පරම සත්‍යය පෙන්වා දුන් බුද්ධ පුත්‍ර අති ගෞරවණීය මීවනපලානේ සිරි ධම්මාලංකාර තෙරුන් වහන්සේ

( උපුටා ගැනීම - "අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි'' )

මෙම උතුම් ධර්ම පුස්තකය කියවීම සදහා.....>>>>>>>

https://drive.google.com/file/d/0B6WB__tM2BfZN2EwN2Q0OGItNzZiZi00NjgwLTg3ZGItYzlkMTkyOTc1ODk3/view

ඔය මම highlight කරලා තියෙන කරුණු ත්‍රිපිටකයේ සදහන් වන තැනක් ඒ ආකාරයෙන් දක්වන්නේ නම් යෙහෙකි. එවැනි විශ්ව ශක්තියක් ගැන කරුණක් හෝ එහි වැඳ පුදා ගැනීම අනිවාර්යය බවත් "මහාපරිනිර්වාණ සූත්‍රය" හි අඩංගු නොවන බවයි මා අවබෝධ කර ඇත්තේ.
 
Dhrona

Member
Jun 27, 2016
114
20
0
ඔයිට වඩා පැහැදිළිව කරුණු ඉදිරිපත් කරපන්. ඕවල කිසිම ගැලපීමක් නෑ.

මෙතන හැමෝම ඉදිරිපත් කරන හැම කරුනක්ම එකම විදියට නිවැරදි කියල මන් කියන්නෙ නෑ නමුත් 80% විතර ඇත්ත තියෙනව මන් නම් කියන්නෙ හොදම දේ තම තමන් සෙවීම. වචන හරබ වලට වඩා සාක්ශි සහිතව ඉදිරිපත් කිරීම වඩාත් වැදගත්.

Untitled.jpg
 
Dhrona

Member
Jun 27, 2016
114
20
0
එකක්වත් පැහැදිලිව කියන්නෙ නෑ බන්. එක වෙලාවකට කියනව ජන්බුද්වීපය කියන්නෙ ලංකාවටම නෙමේ ලංකාවෙන් කොටසක්ලු. එතකොට ලංකාවෙන් කොටසක් ගත්තොත් ඒක දීපයක් වෙන්න බෑ.

නිගන්ඨයොත් හිටිය ඒ ගැන ප්‍රශ්නයක් නැ අනුරාදපුර පැත්තට වෙන්නත් ඉදල තියෙනව දැනට තොරතුරු ලැබෙන විදියට. හැකි ඉක්මනින් තොරතුරු ඉදිරිපත් කරන්නම් ඒ සදහා අවස්තාව ලද සැනින්
 
Dhrona

Member
Jun 27, 2016
114
20
0
umbata hithenawada muchalinda kiyala nayek thamange pene yata budu hamuduruwo thiyagena hitiya kiyala? eka athishayokthiyak kiyala hithenne nedda? eeta wada tharkikai neda muchalinda kiyala naaga gothrika raja kenek buduhamuduruwonta kutiyak hadala pooja kara kiyana eka wessen araksha wenna?

මුචලින්ද කියන ප්‍රදේශිය පාලකය ගැන තොරතුරු තියෙනව. නාග හෙලයේ හිටපු එක ප්‍රදේශිය පාලකයෙක්
 
Dhrona

Member
Jun 27, 2016
114
20
0
එකක්වත් පැහැදිලිව කියන්නෙ නෑ බන්. එක වෙලාවකට කියනව ජන්බුද්වීපය කියන්නෙ ලංකාවටම නෙමේ ලංකාවෙන් කොටසක්ලු. එතකොට ලංකාවෙන් කොටසක් ගත්තොත් ඒක දීපයක් වෙන්න බෑ.

ඔතන හාමුදුරුවන්ගෙ කතාව ගැන නම් නෙවේ මන් මේ කියන්නෙ. ලැබුන සාක්ශි සහ සොයගත් තොරතුරු මත ලංකාව බෙදුනු ආකාර කිහිපයක් දකින්න පුලුවන්. රුහුනු / පිහිටි / මාය , යක්ක / අසුර / රක්ක / නාග සහ දෙලන්කාව දෙලන්කාව කියන්නෙ ජම්බුද්වීපය සහ ලංකාද්වීපය
ඔය දෙලන්කාවත් එක්ක ඔය දෙකෙන් එක පැත්තක රට තුල බලය වැඩිනම් මුලු ලංකාවම හදුන්වල තියෙන්නෙ ඒ බලය වැඩි ප්‍රදේශයේ නමින්. උදා : රටේ වැඩි බලයක් ඇත්තෙ ලංකාපුරයටනම් ඒ කාලෙදි මුලු ලංකාවම හැදින්වුවෙ ලංකාපුරය නමින්.
 
Dhrona

Member
Jun 27, 2016
114
20
0
kotaninda machn patan ganna oni:) ube samahara points walata man ekagai wikipida thiyena hama magulama piliganna oni na

පටන් ගන්නව නම් මචන් මුල ඉදන්ම පටන් ගනින් එකට ඉතින් පරන පොත පත හොයගෙන කියවනන් වෙනව, සෙල්ලිපි පොඩ්ඩක් අද්‍යනය කරන්න වෙනව , ජනසෘතිය හොයන්න වෙනව.
මුලින්ම කියන්න තියෙන්නෙ මෙක හොය ගෙන යද්දි කාගෙවත් වහලෙක් වෙන්න එපා කවුරුත් මත යැපෙන්න යන්නත් එපා. මොකද ඇත්තම කතාවනම් ඇත්ත අතුලෙත් සමහරු උප සංකෘති හදාගෙන ඉන්නව. උන් කරන්නෙ තම තමන්ගෙ මත හරි කරගනන් එක එකව බිලිබාගන්න උත්සාහ් කරන එක. ඒක නිස හොදම දේ කවුරු මතවත් යපෙන්නෙ නැතුව කවුරු හරි දෙයක් කිඋවොත් ඇත්තටම එක ඇත්තද කියල තමුන් පුද්ගලිකව හොයන එක.
පුලුවන් නම් ෆැමිලි ත්‍රී එකක් හදගෙන වඩේ පටන් ගනින් ඒක හරියට හදාගත්තොත් වැඩේ ගොඩ දාහන්න පුලුවන්
 
Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0
මෙතන හැමෝම ඉදිරිපත් කරන හැම කරුනක්ම එකම විදියට නිවැරදි කියල මන් කියන්නෙ නෑ නමුත් 80% විතර ඇත්ත තියෙනව මන් නම් කියන්නෙ හොදම දේ තම තමන් සෙවීම. වචන හරබ වලට වඩා සාක්ශි සහිතව ඉදිරිපත් කිරීම වඩාත් වැදගත්.

View attachment 66038

මෙතන dambadiva කියන වචනය වැරදිලා භාවිතා කරලා කියලයි පෙන්නේ., මොකද කොළඹින් 57 miles නැගෙනහිර පැත්තට වෙන්නද බුදුන් ඉපදුන තැන පිහිටලා තියෙන්නේ? ලංකාවේ කොටසකට "dambadiva" කියල කිවුවනම් එකෙන් මෙම තර්කය අකර දෙකකට බිඳ වැටෙනවනේ,
1. ලංකාවේ කොටසක් කියන අර්ථයෙන්
2. පදනමක් නැතිව "dmabadiva" ලෙස බුදුන්ගේ උපතකට සම්භන්දයක් නැති ප්‍රදේශයකට එම නම ආරෝපනය කිරීමෙන්.

මේක හරිම හාස්‍ය ජනක කතාවක් එක අතෙකට, මොකද මේ අය බ්‍රිතාන්‍ය ජාතිකයන්ට බනිමින්, ඔවුන්ගේ ලිපි ලේඛන වලින්ම ලංකාවේ නිවැරදි ඉතිහාසය සොයන්න යන එක. එක වෙලාවක මේ අයම දේශනා කරනවා බ්‍රිතාන්යන්ට ඕනි උනේ සත්‍ය යට ගහන්න කියල, නමුත් මෙතන වෙලා තියෙන්නේ, කන්න ඕනි උනාම කබරයත් තලගොයා කරගැනීමක්.
 
මන් කා සමගවත් තර්කකිරීමකට නෙවෙයි මේක දැම්මේ හොදම දේ ලංකාවෙ බෙදීම ගැන හොයාබලන එක. හොයන කෙන්ක්ට පොඩි ඉගියක් දෙන්න විතරයි දැම්මෙ. ඊලග කරුන තමා අපේ ඉතිහාසයල ලොකුම හානිය කලේ ජර්මන් කාරයො ජර්මන් සම්බවයක් ඇති මිනිස්සු අනික් උන් කලේ දෙපොල හානි තමා බහුතරයක් (නමුත් ඉතිහාස විකුර්තියෙ හවුල් කාරයො ). එන්ගලන්තෙ උනත් බහුතරක් ඉන්නෙ ජර්මානු ජාතියකයො. එන්ගලන්ත රජ පවුල පවා ජර්මන් සම්බවයක් සහිතයි.
 
ඔබගේ අදහස වටිනවා, ඒ වගේම එම මුලාශ්‍ර ත් සමගම කරුණු / සටහන් ඉදිරිපත් කලානම් තවත් හොදයි. එහෙම නැතිනම් වෙන්නේ අර හම්බයෝ කරනවා වගේ , අරෙහෙන් මෙහෙන් හොයාගන්න කරුණු පුළුවන්තරම් ඉදිරිපත් කරලා තමන්ගේ මතය සදරනිකරණය කරන්න උත්සහ ගැනීම වගේ වැඩක්.
 
selinux57

Active member
  • Jul 19, 2016
    416
    134
    43
    ඔබගේ අදහස වටිනවා, ඒ වගේම එම මුලාශ්‍ර ත් සමගම කරුණු / සටහන් ඉදිරිපත් කලානම් තවත් හොදයි. එහෙම නැතිනම් වෙන්නේ අර හම්බයෝ කරනවා වගේ , අරෙහෙන් මෙහෙන් හොයාගන්න කරුණු පුළුවන්තරම් ඉදිරිපත් කරලා තමන්ගේ මතය සදරනිකරණය කරන්න උත්සහ ගැනීම වගේ වැඩක්.

    Kavuda hambayo ? PM karapan pls.
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    Kavuda hambayo ? PM karapan pls.

    :rolleyes: අර අනිත් හම්බ ත්‍රෙඩ් වල හම්බයෝ දාල තියෙන පෝස්ට්ස් බලන්න. ඒ අයත් කරන්නේ පුළුවන් තරම් කරුණු එකතු කරන එකනේ. මම අදහස් කලේ පොදුවේ හම්බයෝ කියන එක, මේ ත්‍රෙඩ් එකේ පොස්ට් දාපු කවුරුවත් ගැන නෙවෙයි.
     
    Dhrona

    Member
    Jun 27, 2016
    114
    20
    0
    හොයන්න උවමනා එකෙක්ට හොයන්නට.... නැතුව වචන හරබ වලට එහෙම නෙවෙ දැම්මෙ

    අපේ මුණිවර්ෂයෙන් ලත් හත්සිය විසිතුනෙ ක
    ඒ බැමිනිසාය දඹදිව පැමිණි වර්ෂයෙ ක
    දකිමින් එකක් දඹදිව රජකල වර්ෂයෙ ක
    පැලඹු තිලොවට මතු සක වර්ෂයෙ ක
    -- රාජාවලිය --

    1) ස්වස්ති, සිරි සිරිවන් අපරියත් ලො ඉකුත් ගුණ මුළෙන් උතුරත් මුළු දම්බදිව්හි අන් තැත් කු -
    2) ල පාමිලි කළ ඔකාවස් රජ පරපුරෙන් බට කැත් උසබනට අග මෙහෙසුන් වූ ලග්දිව් පො -
    --පනාකඩුව තබ සන්නස පලමු පේලි දෙක. ඔක්කොමටික තියෙනව දිග වැඩිනිසා දැම්මෙ නැත්තෙ--

    ම)චුඩික රඣශ පුතෙ රඣ අබයෙ ශඣ අබයශ පුතෙ රඣ නග රඣ නගශ පුතෙ රඣ අබයෙ රඣ අබයශ පුත ගමණි තිශන කරපිතෙ මහශුදශනෙ අගත අනගත චතුදිශ ශගශ පදිටිතෙ

    (මුචලින්ද රජුගේ පුත‍්‍රයා අභය රජුය. අභය රජුගේ පුත‍්‍රයා නාගරජුය. නාග රජුගේ පුත‍්‍රයා අභය රජුය. එම අභය රජුගේ පුත‍්‍රයාවූ ගාමිණී තිස්සයන් විසින් කරවූ මහාසුදස්සණ නම් වූ මෙම ලෙණ සිවුදිගින් පැමිණී නොපැමිණි සංඝයාට ප‍්‍රතිෂ්ඨාපනය කරන ලදි)

    -- ගෝණවත්ත සෙල්ලිපිය -- උපුටගැනීම ruhunuyaka.com
     
    Last edited:
    • Like
    Reactions: sgrdk1

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    බුදුදහම ලංකාවෙ අවු:2500කට කලින් තිබිල තියනවලු.එතකොට ඉන්දියාවෙ බුද්ධහගමේ ඉතිහාසය අවු:2500යයිලු.ඇත්තටම ඇත්ත කෝකද සියලු දෙනාටම ඇත්ත සෙවීමට කාලයයි මේ.පොත් පත් වල තිබෙනා ධර්මය සියල්ල ඇත්තද.සාමාන්‍ය මිනිස්සු ලියපු දේවල් නිසා වැඩියෙන් කොටස් එකතුකරලද.සෙවීම ඔබට බාරයි.

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    හෙළයණි... දැන් වත් අවදිවෙයව්... !!!
    අප අසා ඇති "දඹ ගස" එක් රටකට පමණක් ආවේණික වූ ශාකයකි...
    එනම් අප රටයි... ශ්‍රී ලංකාවයි...
    දඹකොළපටුන
    දඹදෙණිය
    දඹාන
    වාගේ තවත් ගම්ද අප රටේ පිහිටා ඇත.
    "දිව" යනු "දිවයින" වේ...
    එසේනම්...
    දඹදිව... කොහේ කියලද හැඟෙන්නේ...?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හෙළයණි... දැන් වත් අවදිවෙයව්... !!!
    අප අසා ඇති "දඹ ගස" එක් රටකට පමණක් ආවේණික වූ ශාකයකි...
    එනම් අප රටයි... ශ්‍රී ලංකාවයි...
    දඹකොළපටුන
    දඹදෙණිය
    දඹාන
    වාගේ තවත් ගම්ද අප රටේ පිහිටා ඇත.
    "දිව" යනු "දිවයින" වේ...
    එසේනම්...
    දඹදිව... කොහේ කියලද හැඟෙන්නේ...?

    වචන හරඹ වලින් ඉතිහාසය වෙනස් කරන්න පුලුවන්ද?:P