Vehicle safety Ratings

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,929
    3,002
    113
    Invalid
    අපේ මිනිස්සු දැන් වාහනයක් ගන්නකොට ගොඩක් සේෆ්ටි ගැන උනන්දු වෙනවා කියලා පේනවා. මේතනත් අලුත් වාහනයක්,මුලින්ම වාහනයක් ගන්න අහන කෙනාටත් නොයෙකුත් කථා කියනවා. දකින දන්න කෙනා ඒ ගැන දන්නවා ඇතිනේ.සමහරුන්ගේ හරි කෙටි අදහස් තියෙන්නේ,සමහරුන්ගේ ලොකු ලොකු දිග කථා තියෙන්නේ. හැබැයි මම දැකලා නෑ කවුරුත් එහෙම කියන්න හේතුවවත්,ඊට ආදේශකයක් වත් කියනවා. සමහරු ඒ ඒ වාහන වලට අඩුම ගානේ නැගලවත් තියෙනද දන්නේ නෑ. හරි කමක් නෑ. ඒක අමතක කරමුකෝ.
    මම මෙතන සේෆ්ටී සම්බන්ධව විතරමයි කියන්නේ. පොදුවේ වාහනේ ගැන කියනවා නෙමේ.කරුණාකර පටලගෙන මට කෑ ගහන්න එපා.මට වැරදිලා නම්,මම වැරදි නම් ඒ දේ පෙන්නලා දෙන්න කියලා ඉල්ලනවා.
    හරි බලමුකො දැන්. ගොඩ දෙනෙක් දන්නවා ආරක්ෂාව 0 මට්ටමේ තියෙන ඉන්දියන් වාහන් ටික ගැන නම්,හැමතැනකම කථා කරන්නෙත් ඒ ගැනනේ කවුරු,කවුරුත්. ආයේ මතක් කර ගමුකෝ ඒ ටික.
    Suzuki Maruti Alto
    Hyundai i10 – NO Airbags
    Ford Figo – NO Airbags
    Suzuki Maruti Swift – NO Airbags
    Datsun Go – NO Airbags
    Renault Kwid
    Mahindra Scorpio – NO Airbags
    Suzuki Maruti Celerio – NO Airbags
    Suzuki Maruti Eeco – NO Airbags
    Hyundai Eon – NO Airbags
    මේ ටික නම් හැමෝම දන්න කියන ටිකනෙහ්.විශ්වාස නැත්නම් මෙන්න සයිට් එක.ගිහින් බලන්න (http://www.globalncap.org/results/)
    තව,
    Volkwagen Polo – NO Airbags
    Kia Picanto
    (http://www.latinncap.com/en/result/78/kia-picanto-no-airbags)
    ඔය දෙකෙත් 0යි තමයි
    ඔය අස්සේ ගොඩක් අය දන්න Nissan b13 එකෙත් සේෆ්ටි රේටින් 0යි
    (http://www.latinncap.com/…/nissan-tsuru--sentra-b13-no-airb…)
    දැන් එතනින් ටිකක් එහාට යමු.ගොඩක් අය කොහොමත් ජපන් වලටනෙහ් කැමති. ඉන්දියන්,චයිනීස් වාහන ගන්න යන කෙනාටත් ගොඩක් අය එක පාරම කියන්නේ ඔය පපඩම,කට්ට ගන්නේ නැතුව ජපන් පරණ හරි එහෙකට යන්න කියලා.මට ඒ හා සමාන මිළ මට්ටමේ තියෙන අනූ ගණන් වල වාහන වල විස්තර නම් හම්බුනේ නෑ. ඒව ගැන කියන අය ගාව සමහර විට ඒ තොරතුරු ඇතිනේ. කැමතියි ඒවා අනිත් අය එක්ක,මටත් එක්ක බෙදා ගන්නවනම්. මේ මම හරියටම දත්ත හම්බුන වාහන ටිකක්...
    මේ තනි තරුවක් හිමි වාහන කිහිපයක්
    Nissan Urvan (2001 – 2009/New Zealand 3L diesel van)
    Mitsubishi L300 (2003 – 2015/Short wheelbase van)
    Mitsubishi Lancer 1998
    Nissan Navara 2008
    මේ වාහන 4ට අදාල විස්තර මේ සයිට් එකේ ඇති (http://www.euroncap.com/en/)
    තනි තරුවෙ තව වාහන කිහිපයක් මේ,
    Chrysler Voyager 2007
    Chevrolet Aveo 2006
    Hyundai Accent 1998
    BMW 3 Series 1997
    විස්තර මේ සයිට් එකේ ඇති(http://www.euroncap.com/en/)
    මේ මැතකදි ලොකු කථා බහක් ඇති උන Bajaj Qute 2016 එකටත් තනි තරුවක් තියෙනවා. මේ ගැන විස්තර යනකොට හැමෝම කෑ ගැහුවේ ආරක්ෂාව ගැන නොවෑ.කොච්චර නම් කථා,විස්තර ගියාද.හැබැයි එයාල දන්නේ නැතුව ඇති ඔය උඩ කියපු වාහන වලටත් තියෙන්නේ තනි තරුව කියලා. එක්කෝ දැන ගෙන කියන්නේ නැතුව ඇති. මම දන්නේ නැ ඉතින් ඔව්වා. දැන් මම කියන දේ විශ්වාසත් නැතුව ඇතිනේ. මෙන්න විඩියෝ එක. මීට අදාල සයිට් එකේත් විස්තර ඇති. (https://www.youtube.com/watch?v=vfJpqdl2tX0)
    ඔන්න මම ආයේ කියනවා මම කථා කරන්නේ හැමොම කථා කරන සේෆ්ට් ගැන විතරයි.වාහනේ වෙන මොකුත් ගැන කතා කරන්නේ නෑ. නැත්නම් අමතක වෙලා මේකට මට කෑ ගහයින්හෙ.
    දැන් අපි තව ටිකක් එහාට යමුකෝ.
    Insurance Institute for Highway Safety(http://www.iihs.org/) ආයතනයයේ වාර්තා අනුවයි මේ ටික.අඩුම රේටින් එක Poor(P) මෙයාලගේ.ඒ අනුව පැති ආරක්ෂාව P මට්ටමේ තියෙන වාහන් කිහිපයක් මේ.
    Mitsubishi Lancer(2002-2006 දක්වා)
    Mitsubishi Mirage 2001
    Toyota Corolla(2003-2008 දක්වා)
    Toyota Prius(2006 දක්වා)
    Toyota Yaris 2008
    Ford Focus 2007
    Mazda 6 2006
    මේත් ඒ ආයතනට අදාලව ඉදිරිපස ආරක්ෂාව P මට්ටමේ තියෙන වාහන කිහිපයක්,
    Nissan Versa 2012
    Nissan Leaf(2016 දක්වා)
    Toyota Prius v(2012-2014)
    Toyota Prius c(2012-2014)
    Mitsubishi Mirage 2015
    Mitsubishi Galant (1994-1996)
    ඉතින් මට හම්බුනේ ඔච්චර තමා.මම කැමතියි ප්‍රසිද්ද පරණ වාහන වලත් මේ තත්වේ දැන ගන්න.අනූ ගණන් වල වාහන වල. මම කිසිම කරුණක් ඔහේ කියනවට කියලා නෑ. මාව විශ්වාස නැති අයට ගිහින් බලන්න අදාල වෙබ් සයිට් එකත් මම දීලමයි තියෙන්නේ.Global NCAPයටතේ තියෙන ආයතන තමා ඔක්කොම. ඒ ප්‍රධාන සයිට් එක හරහා තමා අනිත් හැම එකටම ගියෙත්.
    කරුණාකරලා මම ආයෙත් කියනවා මේ මම කියලා තියෙන්නේ වාහනේ ඔය සේෆ්ටි ගැන කරුණු විතරමයි.වෙන මොකුත්ම කියලා නෑ. එ නිසා කරුණාකරලා අදාල නැති ඒවා නොකියන් ඉන්න කියලා ඉල්ලනවා. මහත්වරුන්ට මේ පොස්ට් එක විවෘතයි.
    සැ.යු - වාහන වල නම් ගම්,models අපේ රටට වඩා වෙනස් වෙන්න පුළුවන්. මොකද ඒ අදාල රටට යන වාහනේයි තියෙන්නේ
    ස්තූතියි.


    https://www.facebook.com/groups/suzukialto800/permalink/1656773191302163/
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,306
    999
    113
    ලංකාවට එන්නේ කොරියාවේ හදපු KIA PICANTO එක.එකේ බේසික් මොඩල් එකෙත් air bag දෙකක් එනවා.euro ncap 4 star. මම ගිහින් බැලුව කාලෙකට කලින්.
    http://www.euroncap.com/en/results/kia/picanto/10977
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,371
    2
    53,841
    113


    මේ තනි තරුවක් හිමි වාහන කිහිපයක්

    Nissan Urvan (2001 – 2009/New Zealand 3L diesel van)
    Mitsubishi L300 (2003 – 2015/Short wheelbase van)
    Mitsubishi Lancer 1998
    Nissan Navara 2008

    මේ වාහන 4ට අදාල විස්තර මේ සයිට් එකේ ඇති (http://www.euroncap.com/en/)
    තනි තරුවෙ තව වාහන කිහිපයක් මේ,

    Chrysler Voyager 2007
    Chevrolet Aveo 2006
    Hyundai Accent 1998
    BMW 3 Series 1997
    විස්තර මේ සයිට් එකේ ඇති(http://www.euroncap.com/en/)

    මේ මැතකදි ලොකු කථා බහක් ඇති උන Bajaj Qute 2016 එකටත් තනි තරුවක් තියෙනවා. මේ ගැන විස්තර යනකොට හැමෝම කෑ ගැහුවේ ආරක්ෂාව ගැන නොවෑ.කොච්චර නම් කථා,විස්තර ගියාද.හැබැයි එයාල දන්නේ නැතුව ඇති ඔය උඩ කියපු වාහන වලටත් තියෙන්නේ තනි තරුව කියලා. එක්කෝ දැන ගෙන කියන්නේ නැතුව ඇති. මම දන්නේ නැ ඉතින් ඔව්වා. දැන් මම කියන දේ විශ්වාසත් නැතුව ඇතිනේ. මෙන්න විඩියෝ එක. මීට අදාල සයිට් එකේත් විස්තර ඇති.

    Bajaj QUTE එකට තනි තරුවක් තියෙන්නෙ Quadricycle කියන කාණ්ඩය යටතේ - ඒ කාණ්ඩය යටතේ ටෙස්ට් කරන Parameters ඉහතින් කියල තියෙන වාහනවල (Passenger car, Van) ටෙස්ට් කරන Parameters වලට වඩා වෙනස්. (Protocols)

    http://www.euroncap.com/en/vehicle-safety/safety-campaigns/2014-quadricycles-tests/

    http://www.euroncap.com/en/for-engineers/protocols/general/


    දැන් අපි තව ටිකක් එහාට යමුකෝ.
    Insurance Institute for Highway Safety(http://www.iihs.org/) ආයතනයයේ වාර්තා අනුවයි මේ ටික.අඩුම රේටින් එක Poor(P) මෙයාලගේ.ඒ අනුව පැති ආරක්ෂාව P මට්ටමේ තියෙන වාහන් කිහිපයක් මේ.

    Mitsubishi Lancer(2002-2006 දක්වා)

    Mitsubishi Lancer 2002-2006 වාහනේ ඔය හතරපැත්තෙන්ම ටෙස්ට් එක ෆේල් වාහන ගන්න මිලටම ගන්න පුළුවන් නෙහ්, ඉතිං සේෆ්ටි පැත්තෙන් හිතනවානම් දැනට ලංකාවට එන සියළුම ඉන්දියන් / චයිනිස් Entry Level වාහන වලට වඩා මේ වාහනේ ආරක්ෂිතයි :yes:

    අනිත් එක, වාහනේ Overall සේෆ්ටි එකට වාහනේ handling/design ආදියත් බලපානවා ක්‍රෑෂ් එකකදී දෙන ආරක්ෂාව ඇරුණාම. ඔය ක්‍රෑෂ් ටෙස්ට් 0 ස්කෝ කරපු ඉන්දියන් වාහන ඔක්කොගෙම කේක් කපන්න පුළුවන් තුනී ටයර් එන්නෙ. වාහනේ Ground Clearance වැඩි කරන්න උස්සලා පුළුවන් තරම් බර අඩු කරලා, වංගුවක් ගනිද්දී වාහනේ නිකම්ම පෙරළෙන්න බලනව (Body Roll) ABS වගේ ක්‍රෑෂ් ටෙස්ට් එකකදී ටෙස්ට් නොකෙරෙන features වුනත් සේෆ්ටි වලට බලපානවා නේ :yes:
     
    Last edited:

    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    පරණ වාහන විකුණගන්න බැරුව ඉන්න සේල්කාරයන්ට රිදෙයි :D:D:D:D:D