පින්වත් ජිංතක ජිල්ලබකිට,
ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අඞ්ගුත්තර නිකායෙන් ඔබ දක්වන ලද සූත්‍රයට අමතරව සංයුත්ත නිකායේ මහා වර්ගයේ මග්ග සංයුක්තයේ අප්පමාද වර්ගයේ [ අප්පමාද වර්ගය - http://thripitaka.org/view/sp/sp11p1/126 ] තථාගත සූත්‍රය ඇතුළුව කුසල් දහම් අතරින් අප්‍රමාදය අග්‍ර වේ යන අර්ථය දක්වා ඇති තවත් සූත්‍ර තිබෙනවා. එහි ඔබ දක්වන ලද සූත්‍රයේ ඇති උපමා වලට අමතරව වෙනත් උපමාත් භාවිතා කර තිබෙනවා.
අප්‍රමාදය යනු කුමක්දැයි විමසීමේදී "යම් කිසි කුසල්දහම්හු වෙත් නම් ඒ සියල්ලෝ අප්‍රමාදය මුල් කොට ඇතියහ. අප්‍රමාදය සමග පවත්නාහ. අප්‍රමාදය ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ." ආදී ලෙස පවසා ඇති වාක්‍ය තුනේ අප්‍රමාදය කුසලයන්ට අග්‍ර යැයි කියවෙන තුන්වන වාක්‍යයට අමතරව මුල් වාක්‍ය දෙකේ අර්ථ ගැනත් විමසා බලන්න. ඒ අප්‍රමාදය ගැන වැඩි අවබෝධයක් ලැබීම සඳහා.
අප්‍රමාදය ගැන සඳහන් තව බොහෝ සුත්‍ර තිබෙනවා. කුසල් දහම් අතරින් අප්‍රමාදය අග්‍ර වේ යන අර්ථය කියවෙන තැන් බොහෝ තිබුනත් එපමණකින් අන් කිසිම දෙයක් අප්‍රමාදය ගැන කීමට වචන භාවිතා කර ඇති ආකාරයටම කුසල් දහම් අතරින් අග්‍ර වේ යැයි කීම වැරදි යැයි සිතන්න එපා. කුසල් දහම් අතරින් අප්‍රමාදය අග්‍ර වේ යන ප්‍රකාශය සූත්‍ර සමඟ සැසදෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දහම් දෙසා ඇති ආකාරයට අනුව එපමණකින් අන් කිසිම දෙයක් අප්‍රමාදය ගැන කීමට වචන භාවිතා කර ඇති ආකාරයටම කුසල් දහම් අතරින් අග්‍ර වේ යැයි කීම වැරදි යැයි සිතීම ගැලපෙන්නේ නැහැ. මොකද සමහර විට අප්‍රමාදය වෙනුවට අන් වචනයක් භාවිතා කර කුසල් දහම් අතරින් එය අග්‍ර වේ යැයි බුදුරජාණන් වහන්සේ පවසා ඇති සූත්‍ර ඔබට හමු වෙන්න පුළුවන්. ඒ බුදුරජාණන් වහන්සේ දහම් දේශනා කර ඇති ආකාරයක්. එවන් තැන් හිදි ඒ ඒ පැවසෙන කරුණු ගැන කෙසේ සැලකිය යුතුද යන්න ගැන සර්වප්රකාරයෙන් නිවැරදි හා පූර්ණ අවබෝධයක් මට නැහැ. නමුත් මම දැනට හිතනවා එවන් සමහර අවස්ථාවන් හිදී වචන වෙනස් උනාට ඒ වෙනස් වචන වල අර්ථය එකම ලෙසින් සැලකිය යුතුය කියා සහ තවත් එවන් සමහර අවස්ථාවන් හිදී වෙනස් වෙනස් අර්ථ ඇති කරුණු කිහිපයක්ම අග්‍ර ලෙස සහ එක සමාන අග්‍ර භාවයෙන් සැලකිය යුතුය කියා. ඒ ඒ තැන් කවර සේ දැකිය යුතු දැයි වෙන වෙනම විමසා බලන්න ඕනෑ යැයි මම හිතනවා.
Skylark
Skylark, ඔයා ත්‍රිපිටකය පීරුවත්, ඔයා කියපු 'අප්‍රමාදය ලොකුම කුසලය' කියන බොරුව ඔප්පු කරන්න පුළුවන් වැකියක් හොයාගන්න බෑ. මොකද ඔයාට කුසල් කියන එකේ මුලික ස්වභාවය ගැන හරි අවබෝධයක් නෑ. ඒක තිබ්බනම් ඔහොම දෙයක් කියන්නෙ නෑ.
අනුන් විවේචනය කරන ඔයා ඇයි තමන්ට උන අතපසු වීමක් පිළිගන්න මෙච්චර මැලි?





