ඉන්දුනීසියා_යමු

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,954
    6,303
    113
    ඉන්දුනීසියා_යමු

    අඩු මිල නිවාඩුවකට ඉන්දුනීසියාව තෝරගන්න හේතු 5ක්


    FQoQsSZ.jpg


    සුමාත්‍රා, ජාවා, සුලවෙසි, පැපුවා ,මලුකු ලෙස වූ විසල් දූපත් කිහිපයකින් සහ අවශේෂ දූපත් 16000කට අධික සංඛයාවකින් හෙබි ඉන්දුනීසියාව,ලෝකයේ විශාලතම මුස්ලිම් ජනගහනයක් වාසය කරන රට. විශාලත්වය අතින් සැලකූ විට ලෝකයේ 15 වන ස්ථානයද ජනගහනය අතින් සැලකූ විට ලෝකයේ 4 වන ස්ථානයද ඉන්දුනීසියාවට හිමි වේ. භාෂා 700 ගණනක් ව්‍යවහාර කරනු ලබන ඉන්දුනීසියාවේ මූලික බස බාෂා ඉන්දුනීසියානු වන අතර එය මිලියන 250ක් ව්‍යවාහාර කරන අතරම එය ලෝක ව්‍යවහාර බස අතුරින් 9 වන ස්ථානයේ පසුවෙනවා. මිලියන 77ක ෆේස්බුක් සක්‍රිය ගිණුම් හිමියන් (ලෝකයේ 4 වැනි ස්ථානය) සහ මිලියන 53ක අන්තර්ජාල ප්‍රවේශයන් සහිත ඉන්දුනීසියාවේ සමස්ථ ජනගහනය මිලියන 260ක්.


    සුමාත්‍රාවේ ඉහල කෙළවර වූ අචේ සිට පැපුවා දක්වා ගුවනින් දුර කිලෝමීටර 7500කට අධික වන අතර ඒ දුර ගෙවායන්නට සාමාන්‍ය මගී ගුවන් යානායක් නොනවත්වා ගියද පැය 7කට වඩා කාලයක් ගතවේ.. එයින්ම ඉන්දුනීසියාව යනු කෙතෙක් විසාල රටක්දැයි යම් අදහසක් ගත හැකි වනු ඇත.


    ZBG0FV1.jpg


    ඉන්දුනේසියානු බත් පිගානක්.(nasi goreng)​


    ලංකාවට නැගෙනහිර දෙසින් පිහිටි ඉන්දුනීසියාව සමඟ ඈත අතීතයේ පටන්ම අපේ සම්බන්ධතා පවතින්නට ඇති බවට සංස්කෘතිකමය සාධක සහ ඉපැරණි වරායන් කැනීමෙන් ලබාගත් සාක්ෂි ලැබී තිබෙනවා. එකම කාලසීමාවකදී ලංකාව ඉන්දුනීසියාව සහ ඉන්දියාවේ කේරළය ලන්දේසි (නෙදර්ලන්ත) ජාතිකයන්ගේ යටත්විජිත ලෙස පැවතුනු නිසා ඇතැම් ආහාර හා සංස්කෘතික අංග වල යම් සමානත්වයක් මේ කෙටස් තුනේම පවතිනවා. ඉන්දුනීසියාව ලන්දේසීන්ගෙන් නිදහස් වන්නේ අපි ඉංග්‍රීසින්ගෙන් නිදහස් වන කාලසීමාවේ දී. ඉන්දුනීසියාව සමකාසන්න රටක් නිසා දේශගුණය කාලගුණය අතින් ලංකාවට වඩා ලොකු වෙනසක් පවතින්නේ නෑ. නමුත් සොබා සෞන්දර්යයෙන් සමන්විත ඉන්දුනීසියාව ස්වාභාවික පරිසරයේ චමත්කාරජනක නිමැවුම් වලින් ගහන රටක්. අපි දැන් සලකා බලමු ඉන්දුනීසියාවට අපි යායුත හේතු.


    අඩු මිල පහසුකම්​

    IndonesiaExpensesChart.png

    ගුවන් ගාස්තු සන්සන්දනය කලාම ලංකාවේ සිට ආසන්නතම දකුනු ඉන්දියාවට යනවාටත් වඩා අඩු මුදලක් තමයි මැලේසියාවට යන්න වියදම් වෙන්නේ. මැලේසියාවේ සිට ජකර්තා බාලි හෝ වෙනත් ඉන්දුනීසියානු ගුවන් තොට වෙත ගුවන් ගාස්තු සාපේක්ෂව ඉතාම අඩුයි. මසකට දෙකකට කලින් ආසන වෙන් කරගතහොත් ‍රුපියල් 25,000-35,000 අතර මුදලකට ඉන්දුනීසියාවට ගුවනින් ලඟාවන්නට හැකියාව තිබෙනවා.

    ඉන්දුනීසියාව ලෝකයේ වටිනාකමින් අඩුම මුදල් ඒකකයක් සහිත රටක් වන අතර ලංකාවේ රුපියලක් ඉන්දුනීසියානු රුපියල් අනූවක වටිනාකමක් සහිත වෙනවා. එම නිසා වයි‍ෆ්ට හෝ පෙම්වතියට රුපියල් ලක්ෂයක ඇඳුමක් පැලඳුමක් මිලදී ගන්නට හැකියාව ලෙහෙසියෙන්ම ඉන්දුනීසියාවේ දී ලැබෙනවා.

    මුදලේ අගය වගේම ආහාර පාන නවාතැන් ප්‍රවාහන ගාස්තු ආදිය සාමාන්‍යයෙන් බොහෝදුරට සහනදායී මට්ටමක තිබෙනවා. මේ නිසාම ඉන්දුනීසියාව අඩු මුදලට සංචාරය කරන බැක්පැකින් සංචාරකයින් අතර ජනප්‍රිය තැනක්.


    බෞද්ධ සිද්ධස්ථාන



    f0d6b00b0134b76547d57563cdb424dd.jpg

    බොරෝබුදුර් කියන්නේ අග්නිදිග ආසියාවේ සුවිසල් සිද්ධස්ථානයක්. මුස්ලිම් අය පැමිනෙන්නට පෙරාතුව එක්තරා කලකදී අග්නිදිග ආසියාව චීනය ජපානය තරම් පෙරදිග ඈත කෙළවරට බුදුදහම ප්‍රචලිත වි තිබුන බව පොත පතේ සඳහන්. බෝරෝබුදුර් වෙත ඉර පෑයීම බලන්නට පාන්දරින්ම ජනතාව එක්රැස් වෙනවා. බෝරෝබුදුර් හි ඇති බුදු පිළිම ලාංකික අපිට සමීප ගතිගුණ වලින් හෙබි කලාත්මක නිර්මාණයක් විදියට දක්වන්නට පුළුවනි. ‍කුඩා චෛත්‍ය, බුදුපිළිම , සහ අලංකාර ආකෘතියකින් සපිරි බෝරෝබුදුර් මීට වසර දහසකට පමණ පෙර නිමවූවවක් වුවත් බොහෝ නටඹුන් අදටත් නොනැසී විරාජමානව පවතිනවා.

    මීට ආසන්නයේ ප්‍රම්බනන් යැයි දර්ශනීය හින්දු දෙවොලක් පවතින අතර එය ද වසර දහසකට වඩා පැරණි එහෙත් තවමත් හොඳින් කැටයම් ආදිය සපිරි නිර්මාණයක් ලෙස වැජඹෙනවා. යුනෙස්කෝ ලෝක උරුමයන් වූ මේ නිර්මාණ දෙක ආගම් දෙකකට අයිති වුවත් එකිනෙකට ආසන්නයේම එකම කලකදි ඉදිවී තිබීම විශ්මයජනක සිදුවීමක්.

    ගිණිකඳු


    Map_indonesia_volcanoes.gif

    ඉන්දුනීසියාව අස්ථායී භූ තැටි නිතර ගැටෙන මායිමක පිහිටි රටක්. එමනිසා ඉන්දුනීසියාව නිතර ඇතිවන භූමිකම්පා සහ ගිණිකඳු සහිත රටක්. ගිණිකඳු ගනන හරියටම නිමානය කරන්නට අපහසු වුවත් 400කට අධික ගිණිකඳු ප්‍රමාණයක් ඇති ඉන්දුනීසියාවේ එයින් 140කට වඩා සක්‍රිය ඒවා බව වාර්ථා වල දැක්වෙනවා. ඉන්දුනීසියාවේ ඇතැම් ප්‍රදේශවල ජනයා සක්‍රිය ගිණිකඳු සමඟම ජීවත් වීමට හුරුවී ඇති අතර සක්‍රිය ගිණිකඳු වලින් සල්ෆර් එකතු කරන්නට පවා ඉන්දුනීසියාවේ ඇතැම් පලත්වල දුප්පත් ජනතාව පෙළඹී තිබෙනවා.

    කෙසේ වෙතත් සංචාරකයින්ට නරඹන්නට ගිණිකඳු විසින් දර්ශනීය පරිසර පද්ධතියක් නිර්මාණය කොට තිබෙනවා. ගිණිකඳු සහ එසේම නිතර ඇතිවන ගිනිකඳු නිසා සාරවත් වූ පසේ නිල්පාටට පැතිරුනු වනාන්තර සහ වගාවන්,ඇසට නිතරම ගෙන එන්නේ දර්ශනීය වටපිටාවන්. මවුන්ට් බ්‍රොමො, මවුන්ට් රින්ජනි ආදී ගිණිකඳු සංචාරකයින් අතර බොහෝ සෙයින් ජනප්‍රියයි.

    දූපත් සහ සමුද්‍ර පරිසර පද්ධතිය


    2.jpg

    කොමොඩෝ නම් සුවිසල් මස් බුදින තලගොයි විශේෂය (Komodo Dragons) ඉන්දුනීසියාවේ දූපත් වල දක්නට ලැබෙන තලගොයි විශේෂයක්. ඔවුන් මුහුදේ පිනාගොස් වගේම ගොඩබිමදීද සිය ගොදුරු සොයාගන්නට සමත්. දූපත් 15000කට අධික ඉන්දුනිසියානු වෙරළ තීර කිහිපයක්ම කොරළ් පර වලින් ගැවසීගත් මනහර පරිසර පද්ධති සහිත සමුද්‍ර වනාන්තර සිරිය යුක්ත ඒවා. මේ වෙරළ තීරයන්හි කිමිදීම හැකිවීම දූපත් නැරඹීම අසාමාන්‍ය නෙරුම් සහිත දර්ශණිය වෙරළ විඳගන්නට ලැබීම ඉන්දුනීසියාවට යන සංචාරකයින් ලබන භාග්‍යයක්.


    Komodo_7.jpg


    වෙරළාශ්‍රිත මුහුදු රැලි මගින් ලිස්සායෑම. මුහුදේ නාමින් පිහිනීම වෙරළ ක්‍රීඩා ආදියට අයස්කාන්ත වූ තෝතැන්නක් වීම මුහුදු පරිසර පද්ධති වලට ආසා කරන සංචාරකයින් ඉන්දුනීසියාවට ඇදෙන්නට එක්තරා හේතුවක්.

    සංචාරක කලාප


    pvJfMGO.jpg

    රාත්‍රී විනෝදාශ්වාද ක්‍රමවේද සහිත ඉන්දුනීසියාවේ ජනප්‍රියතම සංචාරක ස්ථානය තමයි බාලි. බාලි වලට අමතරව යෝග්‍යාකර්ථා ලොම්බොක් බටම් ආදී නව සංචාරක ස්ථාන ගනනාවක්ම ඉන්දුනිසියාවේ වර්ධනය වෙමින් පවතිනවා. ඉන්දුනීසියානු සංස්කෘතික අංග, බටහිර කැරෝකේ සහ රාත්‍රී සමාජ ශාලා, මසාජ් සහ ස්පා ප්‍රබේධ ඉන්දුනීසියානු සංචාරක කලාප ආශ්‍රිතව බහුලව තිබෙනවා.

    ආහාර වල විවිධත්වය විඳගැනීම මූලික කරගත් සංචාරකයින්ට ඉන්දුනීසියාව හොද තෝරගානීමක්. ලංකාවේ අපිට නම් කන්නට ෆ්‍රයිඩ් රයිස් රාශියක් ඉන්දුනීසියාවේ තිබෙනවා. ඒ වගේම මිරිස් රසට හුරුවුන අපේ දිවට ගැලපෙන ‍මිරිස් සහිත ආහාරත් රැසක්ම ඉන්දුනීසියානු ආහාර වට්ටෝරු වල තිබෙනවා. සංස්කෘතික අතින් විවිධත්වය අධික රටක් වන ඉන්දුනිසියාවේ විවිධාකාරයේ ආහාර වර්ග බොහෝ ගනනක් තිබෙනවා. ඇතැම් විට අපේ දිවට ඒවා එතරම් නොගැලපෙනවා වන්නට පුලුවන්. නමුත් රටක සංස්කෘතියේ එක් අංගයක් වන ආහාර කිහිපයක් හෝ ඒ රටේ විදියට විදැගැනීම සාමාන්‍යයෙන් දැන් දැන් සංචාරකයින්ගේ සිරිතක් වෙලා.

    අවසාන වශයෙන්

    ඉන්දුනීසියාව මුස්ලිම් ජනගහනය බහුතරය්ක හිටියත් ඔවුන් බොහොම මිත්‍රශීලි මුස්ලිම් ජනතාවක් ලෙස ප්‍රසිද්ධ පිරිසක්. ලාංකිකයින්ට ඉන්දුනීසියානු ගුවන් තොටුපලදීම ඔන් එරයිවල් වීසා ලබාගන්නට පහසුකමත් දැන් තිබෙනවා. යුරෝපිය සංචාරකයින් දක්වා තිබුන අසංවර ලෙස වාහන ගෙනයන රියදුරන්, සෙමෙන් ඇදෙන ට්‍රැෆික්, පගාව ගන්න පොලිසිය, නිතර සුද්දන් පස්සෙන් දුවන කරදරකාරයින්, ආදී දේවල් නම් ලංකාවේ අපිට ගොඩක්ම ආගන්තුක දේවල් වෙන එකකුත් නෑ. විවිධ සංස්කෘතික වටපිටාවෙන් වගේම සොබාව සෞන්දර්යයෙන් අනූන ඉන්දුනීසියාව අපේ මුදල් පසුම්බියට ලොකු බරක් එකතු කරගන්නෙ නැතුව ආවරණය කරගත හැකි හොඳ ජීවන අත්දැකීමක්.




    Amila Chathuranga(roar.එල්කේ)
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,058
    16,779
    113
    අැයි බං ඉන්දුනීසියන් කෙල්ලො.:P

    305466_261171030581867_100000669175309_916293_1489429336_n-240x322.jpg
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඩෙන්පසාර් නම් ගිහින් තියේ.. උබ ගියාද? සීසන් කාලෙට නම් යුරොප් උනුයි ඔසී උනුයි ඉන්නකොට යන්න බයයි.. මුස්ලිම් ත්‍රස්තවදි උන් බොම්බා ඇහුවොත් කියල.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,954
    6,303
    113
    ඩෙන්පසාර් නම් ගිහින් තියේ.. උබ ගියාද? සීසන් කාලෙට නම් යුරොප් උනුයි ඔසී උනුයි ඉන්නකොට යන්න බයයි.. මුස්ලිම් ත්‍රස්තවදි උන් බොම්බා ඇහුවොත් කියල.

    තාම නැහැ බන්.යන්න ඕන.:)
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,241
    15,970
    113
    Colombo
    මචන් නයිට් 3ක් වගෙ ඉන්න බලන් යනවනම් කොහොමද වියදම්...හොටෙල් වලටත් එක්ක
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,405
    2,390
    113
    මචන් නයිට් 3ක් වගෙ ඉන්න බලන් යනවනම් කොහොමද වියදම්...හොටෙල් වලටත් එක්ක

    Eka thamai danna ekeke kiyapallako :angry: