සමාජයේ බහුලව කතා බහට ලක්වන හා බහුතරයක් පිරිස ගොදුරු වන රෝගයක් ලෙස පීනස සැලකිය හැකිය. විවිධ ස්වරූපයෙන් හඳුනාගත හැකි පීනසය වෛද්‍ය විද්‍යාවේදී වර්ග කිහිපයකින් යුක්ත බව සඳහන්ව ඇත.
පීනස රෝගී තත්ත්වය ඇතිවන්නේ කවර හේතූ සාධක මතද?
උපතේදීම ජාන හා බැඳී හටගන්නා තත්ත්වයන් නිසා සාමාන්‍යයෙන් මව්පියන්ට පීනස ඇත්නම් බොහෝ විට දරුවන්ට පීනස ඇතිවීමේ හැකියාව තිබේ. මෙය නිදන්ගත පීනස හෙවත් පරම්රාවෙන් වැළඳෙන රෝග තත්ත්වයකි.
විවිධ අසාත්මික තත්ත්වයන් නිසා අසාත්මිකතා නිසා ඇතිවන පීනසට පැහැදිලි හේතු තිබේ. පුද්ගලයාගෙන් පුද්ගලයාට එම හේතු වෙනස් විය හැකිය. ඇතැම් ආහාර “මල්වල පරාග” පරිසරයේ ඇති දූවිල්ල” මකුළු දැල් සහිත දූවිල්ල” පැරණි පොත් අතර ඇති දූවිල්ල” සතුන්ගේ ලෝම පුස් වර්ග” කැරපොත්තන් වැනි සතුන්ගේ මල මුත්‍රා මඟින් අසාත්මිකතා ඇති වී පහසුවෙන් පීනස රෝගය මතුවීමේ හැකියාව තිබේ.
ශරීරයේ හෝමෝන වෙනස්කම් නිසා ගර්භණී සමයේදී ඇති වන හෝමෝන වල අසමතුලිත තත්ත්වයන්ද මෙයට බලපෑ හැකිය. උපත් පාලන පෙති” තයිරොක්සින් වැනි හෝමෝන අඩංගු පෙති” එසේම අධි රුධිර පීඩනයට දෙනු ලබන ඇතැම් ඖෂධ නිසා ද පීනස රෝගය මතු වීමේ අවධානමක් ඇත.
කාලගුණික දේශගුණික වෙනස්කම් නිසා ඇතිවන පීනස තත්ත්වයන්. මෙයට හේතුව වන්නේ ඇතැම් පුද්ගලයින්ගේ නාසය පරිසරයේ සිදුවන උෂ්ණත්වයෙහි හෝ ශීතලෙහි වෙනස්වීම් වලට අධි සංවේදී බවක් දැක්වීමයි. එම නිසා නාසය අවහිර වීමක් සිදුවේ. නාසය තුල පිහිටා ඇති ටර්බිනේට් නම් නෙරීම්වලින් සොටු දියර නිපදවීම සිදුවේ. නාසය අවහිර වීමට හේතු වන්නේ නාසය තුල පිහිටා තිබෙන මෙම ටර්බිනේට් නෙරීම්වල සිදුවන ඉදිමුමයි. එවැනි තත්ත්වයක් ඇති පුද්ගලයන් පරිසරයට නිරාවරණය වූ විට හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතිවන්නේ එනිසාය.
පීනස හඳුනා ගන්නේ කෙසේද?
නිතර නිතර අධික ලෙස කිවිසුම් යාම විශේෂයෙන්ම උදෑසන මෙම තත්ත්වය බහුලව සිදුවේ’
නාසයෙන් දියර ගැලීම හා නාසයේ බර ගතිය
නාසයේ අවහිරතා ඇතිවීම
වරින් වර නාසයෙන් රුධිරය ගැලීම
ගඳ සුවඳ නොදැනීයාම
වැනි රෝග ලක්ෂණ සරල පීනසකදී දක්නට ලැබේ
පීනස සමනය කරගන්නේ කෙසේද?
විවිධ හේතු නිසා හට ගන්නා පීනස පාලනය කිරීමට ඇති හොඳම මග නම් හේතුව නැති කිරීමයි. එනම් ඔබ හොඳින් හඳුනාගත් ආහාර වර්ගයක් ඔබේ රෝග ලක්ෂණ වැඩි කරයි නම් එනම් ශීත කල බීම වැනි දෑ වලින් වැළකී සිටීම ඉතා වැදගත්ය. එසේම ඔබ සිටින පරිසරයේ දුහුවිලි වලින් තොරව පිරිසිඳුව තබා ගැනීම, සතුන් ඇති කරන්නේ නමි ඔවුන් නිවසෙන් පරිබාහිරව රඳවා ගැනීම වැනි එදිනෙදා චර්යාවන්ගේ වෙනස්කම්ද වැදගත්වේ. නමුත් ජානමය බලපෑමක් ඇති වන ඇතැම් අසාත්මිකතා මගහරවා ගැනීමේදී වෛද්‍ය ප්‍රතිකර්ම අවශ්‍යතාවය ඇතිවනු ඇත. කුමන ආකාරයෙන් හෝ රෝගය පාලනය කිරීම වැදගත් වන්නේ නැතිනම් විවිධ සංකූලතාවයන්ට ඔබ ගොදුරු විය හැකි බැවිනි.
පීනස රෝගය සම්බන්ධයෙන් බහුලව ඇති ගැටළු
රාත්‍රියේ දී ඇඟ සේදීම හෝ ස්නානය නිසාත් පීනස ඇති වෙනවාද?
මේ පිළිබඳ විවිධ මත තිබෙනවා. රාත්‍රියට සීතල ජලයෙන් ස්නානය හෝ ඇඟ සේදීමෙන් පසුව හොඳින් ශරීරය පිස දමන්නේ නැතිව නින්දට යාම පීනස රෝගය මතු කිරීමට සමත්ය.
හිස කෙස්වල ජෙල් ගෑම පීනස මතුවීමට බලපානවද?
බොහෝවිට තරුණ තරුණියන් පුරුදු වී සිටින්නේ ස්නානය කොට හිසකෙස් සම්පූර්ණයෙන් වියලීමට පෙර හිසකෙස්වලට ජෙල් ආලේප කිරීමටය. තෙත හිසකෙස් මත ජෙල් තවරා ඔවුන් බොහෝ විට රැකියාව කරන්නේ වායුසමනය කරන ලද කාර්යයාල වලය. එම නිසා හිසකෙස් බොහෝ වේලාවක් තෙත්ව තිබීම නිසා පීනස ඇතිවීමට මෙන්ම වෙනත් රෝග ගණනාවකටම හේතුවක් විය හැකිය. ස්නානය කිරීමෙන් අනතරුව හිසකෙස් වියළනයකින් හෝ හිස වියළීමෙන් පසු ජෙල් හෝ හිසකෙස් සකසන ක්‍රීම් වර්ග භාවිත කිරීම සුදුසුය.
වායු සමන යන්ත්‍ර භාවිතය පීනස මතුවීමට හේතුවක්ද?
ඔව්. වායු සමන යන්ත්‍ර භාවිතය නිසාත් පීනස වැඩි වැඩිවිය හැකිය. සීතල වායු ධාරාවක් ආශ්වාස විට සීතලට සංවේදී පුද්ගලයින්ගේ නාසයේ ඇති ටර්බිනේට් විශාල වීමක් සිදුවේ. එම නිසා සොටු දියර ගැලීම හා නාසය අවහිර වීමක් සිදුවේ. සෑම අයකුටම වායු සමනය යන්ත්‍ර භාවිතය අගුණ වන්නේද නැත.එහෙත් සීතලට අසාත්මික පුද්ගලයින්ට වායු සමනය යන්ත්‍ර භාවිතය අගුණය.
පීනස ආශ්රිත සංකූලතා මොනවාද?
දීර්ඝ කාලීන පීනස තත්ත්වයන් පැවතීම නිසාත් නිසි ප්‍රතිකර්ම හා ජීවන පුරුදු මගින් එම තත්ත්වයන් පාලනය නොකිරීම නිසාත් විවිධ සංකූලතා ඇතිවිය හැක
මෙවැනි සංකූලතා ඇතිවී ඇත්දැයි යන්න හඳුනා ගැනීම දීර්ඝකාලීන පීනස ඇති රෝගීන්ට ඉතා වැදගත්ය.
පීනස ලෙස වරදවා වටහා ගන්නා අනෙකුත් රෝග
රෝගීන් දැනුවත්විය යුතු තවත් කරුණක් වනුයේ ඉහත කී රෝග ලක්ෂණ දීර්ඝකාලයක් පවතින විට එය පීනසද නැතහොත් වෙනත් රෝගයක ලක්ෂණයක්දැයි වෛද්යයරයකු හමු වී ස්ථිර කරගැනීම වැදගත් බවයි. මන්ද නාසයෙන් ලේ ගැලීම, දුඟඳ හැමීම, නාසයෙන් උගුරට ඝණ දියර ගලා ඒම වැනි ලක්ෂණ කෝඨර ප්රධාහයේදී, නාසයේ ගල් ඇතිවීමේදී, කුඩා දරුවන්ගේ නාසය තුල විවිධ දේවල් හිරවීමේදී ඇතිවිය හැකිය.
එපමණක් නොව නාසයේ ඇති වන පිළිකා තත්ත්වයන්හිදී ද ඇතිවනුයේ පෙර කී ලක්ෂණයන් බැවින් නාසය නිසි ලෙස කැමරා වැනි උපකරණ මගින් පරික්ෂා කිරීම වැදගත්ය.
නාසයෙන් දුගඳක් හැමීම
නාසයෙන් දුගඳක් හැමීම පීනස රෝගයේ අතුරු ආබාධයකි. තමන්ගේ නාසයෙන් දුගඳක් හමන බවත් තමන්ට ගඳ සුවඳ නොදැනෙන බවත් මෙවැනි රෝගීන් ඇති වන ප්රශ්නයකි. පීනස නිසා නාසයෙන් ගලන දියරය පල්වීම, පීනස නිසා නාසය කබොලු ඇතිවීම වැනි හේතු නිසා නාසයේ ආඝ්රාණ ස්නායුව අකර්මණ්‍ය වී ගඳ සුවඳ නොදැනී යන්න පුළුවනි. එසේම නාසයෙන් දුගඳක් හමන්නේ ද එම හේතුව නිසය.
කුඩා දරුවන්ගේ නාසයෙන් ලේ ගැලීම මෙන්ම නාසයෙන් දුගඳක් හැමීම පිළිබඳව ඉතාම සැලකිලිමත් විය යුතුය. මන්ද දරුවන්ගේ නාසයෙන් දුගඳක් හමන්නේ නාසය තුල යමක් සිරවී තිබීම නිසා විය හැකිය. එබැවින් වහාම වෛද්‍යවරයකු වෙත දරුවා යොමු කලයුතුය.
කෝඨරක ප්‍රදාහය
කෝඨරක ප්‍රදාහය පීනස රෝගයේ අතුරු ඵලයකි. සෑමපුද්ගලයෙකුගේම හිස්කබලේ දෙපස කෝඨරක පිහිටා ඇත. පීනස ඇති රෝගීන්ගේ කෝඨරක ප්‍රදාහය ඇතිවීමේ ප්‍රවණතාවයක් ඇත. කෝඨරක යනු වායු පිරි කුහරයන්ය. එම කුහර තුල සෙම ඒකරාශී වී පසුව ඒවා බැක්ටීරියා මඟින් ආසාදනය වී පැසවා අනතුරුව එම සෙම නාසයෙන් ගලා එයි.
සෙම්ප්‍රතිශ්‍යාව නැතිව පැසවූ සෙම නාසයෙන් ගලා ඒම කෝඨරක ප්‍රදාහයේ ස්වභාවයවේ. කෝඨරක ප්‍රදාහය මුල් අවස්ථාවේ හඳුනාගත් විට සරල ප්‍රතිකාර මඟින් සුව කරගත හැකිය. එහිදී ප්‍රතිජීවක ඖෂධ ලබාදෙනු ඇත. ඖෂධවලට අමතරව නාසය සහ අවට ප්‍රදේශයට හුමාලය ඇල්ලීම සුදුසුය. කෝඨරක ප්‍රදාහයට නිසි ප්‍රතිකාර නොලැබුණොත් එම ආසාදනය ඇසට පැතිරීමට අවදානමක් ඇත.
පීනස සඳහා ඇති ප්‍රතිකාර
පීනස සම්පූර්ණයෙන්ම සුව කල නොහැකිය
. එහෙත් රෝගය හොඳින් හඳුනාගෙන එය පාලනය කර සුවපහසු සාමාන්‍ය ජීවිතයක් ගත හැකිය. යමෙකුට පීනස තත්ත්වය ඇතිවන්නේ කිසියම් අසාත්මිකතාවකින් බව පැහැදිලි වුවවොත් අසාත්මිකතාවට හේතුවන සාධකයෙන් ඉවත්වීම එම පීනස රෝගය පාලනය කිරීමට ඇති හොඳම මඟයි. ප්‍රතිකාර ආරම්භ කිරීමට පෙර රෝගියාට පීනස ඇතිවීමට හේතුව සෙවීම සඳහා වෛද්‍යවරයා විසින් රෝගියාගේ රෝග ඉතිහාසය පිළිබඳව කරුණු විමසනු ඇත. එහිදී නිවැරැදි තොරතුරු වෛද්‍යවරයා හට පැවසීම ඉතා වැදගත්ය. එසේම පීනස නිසා ඇතිවන ඇස් කන් නාසය කැසීම යටපත් කිරීමට ඖෂධ ලබාදී නාසයෙන් සොටු දියර ගැලීම නාසය අවහිරවීම වැනි තත්ත්වයන් ද ඉතාම පහසුවෙන් ඖෂධ මඟින් පාලනය කල හැකිය.
උගුර, කණ, නාසය හා ගෙල පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සීතා අරඹේපොළ
ජේෂ්ඨ කථිකාචාර්ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල, මාලඹේ.
සැකසුම සහ සටහන දිශාන්ති වෙදගේ

- නාසය තුල ඇති වන මස් දළු
- නාසයෙන් ලේ ගැලීම
- ගඳ සුවඳ නොදැනීයාම
- කෝඨර ප්‍රදාහයන් ඇතිවීම
- පිටතින් හඳුනාගත හැකි නාසයේ හැඩය වෙනස්වීම
- මුහුණේ සම දුර්වර්ණ වීම

Last edited: