බයික් එකක් ගන්න ඉන්නෙ මචන්ල. උපරිම බජට් එක 2.70 වගේ තමයි. ඊට වැඩිය නම් බෑ. ෆිනෑස් එකක් දාන්නත් අයිඩියාවක් තියෙනව. මේ දෙක තමයි හිතට ඇල්ලුවෙ. 135 එක තමයි මුලින් බැලුවෙ. ඒක ගන්නවනම් බ්රෑන්ඩ් නිව් ගන්න පුළුවන්. gixxer එකට යනවනම් use කරපු එකක් තමයි ගන්න වෙන්නෙ. ගොඩ දෙනෙක් 135 එක අවුල් කියනව. බ්රේක් , හැන්ඩ්ලින් , බැලන්ස් ඔයවගේ එක එක අවුල්. ඒ නිසා 135 එකේ ආසාව ගියා. gixxer එක නම් අවුලක්ම නෑ කියල තමයි ආරංචිය. බ්රෑන්ඩ් නිව් ගන්නවානම් ගාන තමයි අවුල. කට්ටිය මොකද කියන්නෙ. කරන්න පුළුවන් හොඳම දේ මොකද්ද? මේ දෙකෙන් හොඳ මොකද්ද? තෙල් කෙරුවාව, performance එහෙම compare කලොත් කොහොමද තත්වෙ? ගත්තු කට්ටිය කියනව ගියර් දාන්න පොඩි තද ගතියක් තියෙනව කියල. ඒ ගැනත් දන්න කට්ටිය ඉන්නවනම් කියන්න. මේ ඔක්කොම කාරනා ගැන සලකල පැහැදිලි උත්තරයක් දෙන්න පුලුවන්නම් ලොකු හෙල්ප් එකක් මචන්ලා.
P.S - gixxer එකේ maintains කොහොමද? පාර්ට්ස් වල ගණන්. අවුලක් නැතුව හොයාගන්න තියෙනවද? service එක එහෙම
P.S - gixxer එකේ maintains කොහොමද? පාර්ට්ස් වල ගණන්. අවුලක් නැතුව හොයාගන්න තියෙනවද? service එක එහෙම
Last edited:
aye compare karanna deyak na


