2016 Sep-23- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සසල හද විල් තෙරකට ඉදිරිපත් කල අසාර්ථකම වැඩසටහන ගෙන ඒම ගැන සමාව අයදිමි............:(:(:(:(:(

    නෑ අයියේ වෙනදා වගේම සාර්ථක වැඩසටහනක්.
    මට අන්තිම විනාඩි 20 විතර අහන්න බැරි උනා :( හැබැයි වැඩසටහනේ රසය උපරිමයි.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සසල හද විල් තෙරකට ඉදිරිපත් කල අසාර්ථකම වැඩසටහන ගෙන ඒම ගැන සමාව අයදිමි............:(:(:(:(:(

    එහෙම කියන්න එපා... කරන්ට් එක ගිය වෙලේ පොඩි අවුලක් වුනාට... මට නම් අන්තිම පැය බාගෙ අහන්න බැරි වුනා...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නන්දා මාලනිය මගේ කැමතිම ගායිකාව කියුවොත් වැරදි නැහැ. ඇය සිංහල ගීතයේ පුමුඛතම කාන්තා කටහඩ කියලා කියන්න පුලූවන්, එවැනි ශිල්පිනියගේ සරුසාර ගී අස්වැන්නකින් වැඩසටහනක් කරනවා කියන එක පහසු දෙයක් නොවේ. එකිනෙකට නොදෙවනි ගීත එකතුවක් ඇයගේ නමින් තියෙනවා. එලෙස ඇති ගී එකතුවේ මුතුකැට වැනි ගී එකතුවක් අපගේ රසවින්දනය වෙනුවෙන් අද ගෙන ආවා. බොහෝ බාධක මැද්දේ විදුලිය ඇණහිටි රවුටර්ය පිච්චුනත් වැඩසටහන ඉදිරියට ගෙන ආවා අප වෙනුවෙන් :(:(

    යමක් වෙනුවෙන් කැපවිම පහසු දෙයක් නොවේ. වැඩසටහන වෙනුවෙන් තම කාලය පමණක් නොවේ සම්පුර්ණ ආත්මයම ඒකාත්ම කල නිසා තමයි සසල හද විල්තෙර අප හදවත් වලට කිදා බැස්සේ, එසේ සිය ආත්මය අප වෙනුවෙන් කැප කල කිඹුලාට බොහෝම පිං

    ඔව් කිඹුලාට බොහෝම පිං.

    නන්දා මාලනිය ගැන කියනව නම් මේ රටේ එතුමියට හිමි තැන එතුමියට ලැබෙන්නෙ නෑ කියලයි මට හිතෙන්නේ. අමරදේව මහත්තයට, වික්ටරත්නායක මහත්තයට හිමි තැන ලැබෙනවා. නමුත් නන්දා මාලනියට තියන ඇගයීම මදි කියලා හිතෙනවා.
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මම සෑහීමකට පත් නොවීම......
    හොද වැඩසටහනකට පසුව මට දැනෙන ස්වං තෘප්තිය නොදැනීම

    විදුලි බලය ඇණහිටලා රවුටර් එක පිව්චුනා නිසා ඇතිවුන සිද්ධිය නිසා වැඩසටහන කරගෙන ආ මානසිකත්වයේ යම් බිඳවැටිමක් නිසා තමයි ඔහොම හිතෙන්නේ ? වැඩසටහනේ ඉදිරිපත් කිරිමේදි හා ප්‍රචාරය වුන ගීත වලින් හානියක් වුනා කියලා මට හිතෙන්නේ නෑ :(

    ඔව් කිඹුලාට බොහෝම පිං.

    නන්දා මාලනිය ගැන කියනව නම් මේ රටේ එතුමියට හිමි තැන එතුමියට ලැබෙන්නෙ නෑ කියලයි මට හිතෙන්නේ. අමරදේව මහත්තයට, වික්ටරත්නායක මහත්තයට හිමි තැන ලැබෙනවා. නමුත් නන්දා මාලනියට තියන ඇගයීම මදි කියලා හිතෙනවා.

    මට නම් එහෙම හිතෙන්නේ නෑ බං ? නිසි තැන ලැබිලා තියෙනවා හැබැයි මෙහෙම දෙයක් තියෙනවා නන්දා මාලනිය ගායනා කල ගීත හා ඇගේ භාවිතයන් ගැන පසු කාලයේ යම් යම් මතවාද, සංවාද, චෝදනා ඇයට එල්ල වෙලා තියෙනවා