මුස්ලිම් ගෑණු දැන් playboy වලත්

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    මුස්ලිම් ගෑණු දැන් playboy වලත්

    noor-tagouri-1.jpg



    B0wmF9-IMAAXLR1.jpg

    වැඩිහිටියන්ට සීමා වූ 'Playboy' සඟරාව පළමුවරට හිජාබයකින් සැරසුණු මුස්ලිම් නිරූපිකාවකගේ ඡායාරූප පළ කිරීමට සැරසෙයි.

    'Playboy' සඟරාවේ ඔක්තෝබර් කලාපය සඳහා පෙනී සිටින්නේ 'ජීවත් විය යුතු ආකාරය සම්බන්ධයෙන් සමාජයේ පවතින පූර්ව නිගමනයන් අභියෝගයට ලක් කිරීම සඳහා' බව ඇමරිකානු ජාතික මාධ්‍යවේදිනියක් වන නූර් තාගොරි පවසන්නීය.

    බටහිර විලාසිතාවට අනුව ටී ෂර්ටයක්, ඩෙනිම් කලිසමක් සහ ජැකට්ටුවකින් සැරසුණු නූර් තාගොරි නිරුවත, විනීතභාවය පිළිබඳ හඬ අවදි කරන්නීය.



    white-house-noor.jpg



    මුස්ලිම් කාන්තාවන් හිජාබයකින් සැරසී සිටීම තුළින් ඔවුන් ''දැඩි පාලනයකට'' නතු වීම හෝ ''අවනත භාවයකට'' යටත් වන බවට පවතින අදහස ඇය ප්‍රතික්ෂේප කරයි.

    ඇමරිකාවේ වාණිජ රූපවාහිනී ක්ෂේත්‍රයේ හිජාබයකින් සැරසුණු පළමු පුවත් නිවේදිකාව බවට පත් වීම සිය ඉලක්කය බවයි අරාබි සම්භවයකින් පැවත එන විසි දෙහැවිරිදි නූර් පවසන්නේ.

    පාඨකයන් වෙත පණිවුඩයක්
    දැනට ඇය 'Newsy' නමැති ඇමරිකානු වීඩියෝ පුවත් මාධ්‍ය ජාලයක සේවය කරන්නීය.

    'Washington post' පුවත්පතට පසුගිය වසරේදී අදහස් දක්වමින් ඇය කියා සිටියේ සිය ඉලක්කයට ආගම බලපෑමක් වනු ඇති බවට ඇතැමුන් පළ කරන අදහසට තමා විරුද්ධ බවයි.

    ''මා හිජාබයකින් සැරසී පුවතක් වාර්තා කළා කියලා අන්තර්ගතයේ කිසිඳු වෙනසක් සිදු වන්නේ නැහැ,''

    ''ඒ තුළින් මට යමි කිසි ධෛර්යක් ලැබෙනවා. මට අවශ්‍ය ඉලක්කය කරා යාමට එය උදව් වෙනවා,'

    කෙසේ වෙතත් 'Playboy' සඟරාවේ පළ වන විශේෂාංගයකට පෙනී සිටීමට නූර් ගත් තීන්දුව සහ ඇයගේ ජීවන රටාව පිළිබඳ ඇතැමුන් එකඟ නොවේ.

    'Playboy' සඟරාවේ පාඨකයන් වෙත ලබා දීමට කැමති පණිවුඩය සම්බන්ධයෙන් නූර්ගෙන් අසා සිටි අවස්ථාවේ ඇය කියා සිටියේ 'ඔබ, ඔබ විදිහට ජීවත් වන්න, අනෙක් අයටත් එසේ කිරීමට දිරිමත් කරන්න' යනුවෙනි.

    අල්ලාහ්නේ මවල තියෙන්නේ. අවුලක් නෑ​