පබලු නගා අවසන් ගමන් ගියාය

gepa

Well-known member
  • පබලු නගා අවසන් ගමන් ගියාය

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලේ ට ආසන්න කොහේ හෝ ගමක. හරියට ම ඒ ගමේ නම කියන්න නම් මා දන්නේ නැහැ.
    මේ ගමේ වන්නිහාමි කියලා එක්තරා ගුරුවරයෙක් ජීවත් වෙනවා. වෘත්තියෙන් ගුරුවරයෙක් කියලා කිව්වට ඔහු ගමේ අය අතරේ වඩාත් ජනප්‍රිය වෙන්නේ ගමේ වෙදරාල, එහෙමත් නැතිනම් ගමේ ආයුර්වේද වෛද්‍යවරයා විදියට. මේ වෙදරාලට. බොහොම ලස්සනට කවි, ගීත ලියන්න සමත් පුතෙක් ඉන්නවා. ඔහුව අපි රං බණ්ඩා කියලා හඳුන්වමු.

    වියළි කලාපයේ දුෂ්කර ගමක ජීවත් වුණත් මේ තරුණයා, ඉගෙන ගන්න බොහොම දක්ෂයි. ඒ හින්දා ම, උසස් පෙළ විභාගය ඉතා හොඳින්සමත් වෙලා, නීති පීඨයට ඇතුළත් වීමට ඔහු සුදුසුකම් ලබනවා. තමන්ගේ ඉදිරි ජීවිතයේ සාර්ථකත්වය සාක්ෂාත් කර ගන්න, රන් බණ්ඩා තරුණයා ගමෙන් නික්මිලා කොළඹ එනවා..
    තාරුණ්‍යය කියන්නේ, ජීවිතයේ සුන්දර ම අවධිය. තාරුණ්‍යයේ දොරකඩ හිටි රන් බණ්ඩා නම් කෙළිලොල් තරුණයාටත් ආදරයේ මිහිර දැනෙන්න පටන් අරගෙනයි තිබුණේ. ඒ පිට කෙනෙක් නෙවෙයි. ඔහුගේ ම ඇවැස්ස නෑනා.

    පුංචි කාලයේ ඉඳන් ම එකට හැදුණු වැදුණු සුමනා ගැන ආදරයක් රන් බණ්ඩාගේ හිතේ මෝදු වුණේ ඔහුටත් නොදැනීම. ඇවැස්ස නෑනා මස්සිනා දෙන්නා අතරේ ඇති වුණු මේ ආදරයට ගෙවල් වලින් බාධාවක් වුණේ නැහැ. ඉතිං මේ තරුණ යුවළ බොහොම සතුටින් කාලය ගත කළා.

    ගමෙන් බොහොම දුර බැහැර, කොළඹ ජීවත් වුණු රන් බණ්ඩාට නිතර ගෙදර එන්න යන්න අවස්ථාව ලැබුණේ නැහැ. නමුත් දින කිහිපයක නිවාඩුවක් ලැබුණොත් නම් නොවැරදී ම ගෙදර එන්න ඔහු පුරුදු වෙලා හිටියා. ඒ තමන්ගේ ආදරයේ හිමිකාරිය දැක බලා ගන්න..

    මේ විදියට ටික කාලයක් ගෙවිලා ගියා. මේ කාලයේ, ඔහු විශ්ව විද්‍යාලයේ විභාග කටයුතු එක්ක තරමක් කාර්යය බහුල වීම නිසා සති කිහිපයක් ගෙදර යන්න හැකියාවක් තිබුණේ නැහැ. නමුත් වැඩ කටයුතු අවසන් වුණු ගමන් ම ඔහු තමන්ගේ පෙම්වතිය දැක ගන්න එන්න සූදානම් වෙනවා. ඇයට ගැලපෙන පාටකින් ලස්සන චීත්තයක් කොළඹින් මිලට අරගෙන, ඔහු අනුරාධපුර මිහින්තලයේ තමන්ගේ ගම බලා එන්න පිටත්වෙනවා..

    කාලයකට පස්සේ ඔහු ගමට එද්දී, ගම ම මුස්පේත්තු පාළු බවකින් මිරිකිලා. වෙනදා ඔහු එන පෙරමග බලාගෙන උන්නු සුමනා අද පෙනෙන්න වත් නැහැ. දෙමාපියන් පවා ඔහුට මුහුණ නොදී මග හරිනවා. රන් බණ්ඩාට මේ අමුත්ත දැනෙන්න ගත්තා. නොවැරදී ම යම් කිසි ගැටලුවක් තිබෙන බව තරුණයාට තේරුම් යනවා.

    ඔහු සුමනා ගැන විපරම් කරනවා.. අන්තිමේ ඔහු දැන ගන්නවා, තමන් පණ වගේ ආදරය කළ, තමන්ට පණ වගේ ආදරය කළ නෑනන්ඩිය මිය ගිහින්, අවසන් කටයුතුත් කරලා අහවරයි කියලා. මේ සිදුවීමෙන් රන් බණ්ඩා තරුණයා බොහොම කම්පනයට පත් වෙනවා. කළ යුතු කිසිවක් හිතා ගන්නට පවා නොහැකිව තමන් ගේ ම සිතුවිලි අතරේ ඔහු අතරමං වෙනවා.

    තමන්ගේ නිවසින් පිට වෙලා රන් බණ්ඩා කෙළින්ම යන්නේ ඔහුට ජීවිත කාලයක් පුරාවට පෙම් කළ ආදරිය නිදන තැනට. වැව් ඉස්මත්තේ, හෙමින් ගලා බහින දොළ පාර අයිනේ, සුවිසල් ගහක් යට ඇය තනිව ම සැතපෙනවා.
    මෙතැන ඔහුට නුහුරු තැනක් නෙවෙයි. මීට පෙර දහස් වතාවක් ඔහු මෙතැනට ඇවිත් ඇති. නමුත් වෙනදා මෙතැනට ඔහු ආවේ ඇයත් එක්ක. රතු ම රතු පාටට දිලිසෙන ඔළිඳ ඇට එකතු කරමින් කෙළිදෙලෙන් ගත කළ ජීවිතය ඔහුට සිහිවෙනවා. වෙනදා වගේ ම කෙකටිය මල් පිපිලා. ඇල ළඟ වත්තේ තල මල පිපිලා වෙනදා වගේ ම සුවඳයි. හැම දේ ම වෙනදා වගේ. එක ම වෙනස වෙනදා ඔහුත් එක්ක, ඔහු ළඟ උන් ඇය අද නැහැ. ඇය නිදන සොහොන ළඟ ඔහු හඬා වැටෙනවා.

    තමන්ගේ ජීවිතය නොහිතු නොවිරූ වෙලාවක මේ තරම් කම්පනයකට ලක් කළ මේ අත්දැකීම කවියක් විදියට ඔහුගේ අතින් ලියවෙනවා.

    -වෙනදා වාගෙම තල මල් පිපිලා - තිබුණට ඇළ ළඟ වත්තේ
    සුමනෝ... උඹ ඇයි නැත්තේ ? -
    අමුතුවෙන් කළ පරිකල්පනයක් ඇත්තේ ම නැති තරම් වූ මේ ස්වාභාවික සංකල්පනාවට, ඊට ම ගැලපෙන තනුවක් සහ සංගීතය යොදන විශාරද ගුණදාස කපුගේ ඔහුගේ ගැඹුරු හඬින් ගායනා කරනවා.
    ඒ අනුවේදනීය පද මාලාවේත්, ඊට ම අනුරුප අනුවේදී ස්වරයේත් සුසංයෝගය ගීතයක් ලෙසින් බිහි වනවා.

    පබළු නඟේ නාමල් තිලකේ
    පුංචි ඔසරි මැණිකේ
    සුමනෝ...
    උඹ ඇයි නැත්තේ
    වැවේ දියේ ඇති නිකින්නි නිල්ලේ
    අඩ හඳ යායට කෙකටිය පිපිලා
    වැව් කන්දේ බෝ ගස් හෙවනේ
    මම අද තනියම ඔළිඳ ගනිනවා
    වෙනදා වාගෙම තල මල් පිපිලා
    තිබුණට ඇළ ළඟ වත්තේ
    සුමනෝ... උඹ ඇයි නැත්තේ
    මළ හිරු එළියෙන් කොක්කු ගියාදෝ
    මිහින්තලා ගල පැත්තේ
    පිරුවට හැඳ පෙට්ටියක තියාලා
    පහන් දෙකක එළි මැද්දේ
    මදටිය වැටෙද්දි හඳ කැලතෙන ඇළ
    ඒ දණ්ඩේ ඉස්මත්තේ
    සුමනෝ... උඹ ඇයි නැත්තේ


    පද රචනය : රං බණ්ඩා සෙනෙවිරත්න
    සංගීතය සහ ගායනය : ගුණදාස කපුගේ

    Arunalla...
     
    Last edited:

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    ගීතය පුරාවට ඇසෙන මල බෙර වාදනය ආශ්‍රිත තනුව මෙහි සංවේදී බාවය තවත් වැඩි කරනවා. මම කවදත් සංවේදී වන ගීතයක්
     

    gepa

    Well-known member
  • ගීතය පුරාවට ඇසෙන මල බෙර වාදනය ආශ්‍රිත තනුව මෙහි සංවේදී බාවය තවත් වැඩි කරනවා. මම කවදත් සංවේදී වන ගීතයක්

    මල හිරු එලියෙන් කොක්කු ගියාදෝ මිහින්තලා ගල පැත්තේ..

    සංගීතය පද වගේම ගායකයාගේ හඬ ඔක්කොම සුපිරියටම මලගෙදරක් මවන ගතියක් තිබේ
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේක රණ්බංඩා මහත්මයාගේ සත්‍ය අත්දැකීමක් ද ? :eek:
    හිතට වැදුනා ගොඩක් මචං :sorry:
    b u m p
    Rep++++
     

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    රන් බංඩා සෙනෙවිරත්තන කියන්නේ රජරට සෙවයේ වැඩ කරපු කෙනෙක්. මට මතක විදියට. දවසක් පැලනැති හේනේ ලිව්වෙත් මෙයාම තමා. සින්දු ගොඩක් ලියලා නෑ. ලිව්ව ටික ගැන කතා කරන්න දෙයක් න
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    11.gif
    ++