සයිටම් ආයතනයෙන් වන්දි ඉල්ලා නඩුවක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,733
    12,759
    113
    සයිටම් ආයතනයෙන් වන්දි ඉල්ලා නඩුවක්

    මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට (සයිටම්) බදවා ගන්නාලද මුල් සිසුන් කණ්ඩායමේ සිසුන් තිදෙනෙකු සයිටම් ආයතනයෙන් වන්දි ඉල්ලා නඩුවක් ගොනුකර ඇත.කඩුවෙල අධිකරණයේ සිසුන් විසින් වන්දි ඉල්ලා පවරා ඇති නඩුව අද 27 දිනයේ කැදවා ඇත. සිසුන් මේ නඩුව ගොනු කර තිබෙන්නේ ගිවිසුම් කඩ කිරීම යන චෝදනාව සයිටම් ආයතනයට එල්ල කරමින්ය.

    සිසුන් අධිකරණය හමුවේ පවසා ඇත්තේ රුසියාවේ වෛද්‍ය විද්‍යාලයක් සමග අනුබද්ධ කටයුතු කරන බව සදහන් කරමින් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සිසුන් නොමග යවා ඇති බවයි. සිසුන් නොමග යවා සයිටම් ආයතනයට සිසුන් බදවාගෙන ඇත.සයිටම් ආයතනය පොරොන්දු වු පරිදි වෛද්‍ය උපාධියක් ලබා දීමට නොහැකි වීමත් සිසුන්ට වෛද්‍ය උපාධියක් ලබා ගැනීම සදහා දිගු කාලයක් බලා සිටීමට සිදු වීමත් නිසා මේ වන විට බොහෝ සිසුන් පිරිසක් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හැර ගොස් ඇති බවද වාර්තාවේ.

    පසුගිය රජයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයෙක් සයිටම් ආයතනය සම්බන්ධයෙන් නිකුත් කල ලිපි වල අඩංගු කරුණු බොහොමයක් අසත්‍ය බවට මේ වන විටත් තොරතුරු අනාවරණය වී ඇත.
    :confused:news වලට මෙහම එකක් කිව්වද ? :confused:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :confused:news වලට මෙහම එකක් කිව්වද ? :confused:
    ඔහොම නඩුවක් ගැන නම් මම දන්නෙ නැ මචන්, ඒත් ඔකෙ අන්තිම හරියෙ තියෙන 'පසුගිය රජයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයෙක් සයිටම් ආයතනය සම්බන්ධයෙන් නිකුත් කල ලිපි වල අඩංගු කරුණු බොහොමයක් අසත්‍ය බවට' කතාවනම් හරියට හරි.

    මහින්දගෙ හින්ද සුද්ද කරනව නෙමේ ඔකට නිතියානුකූල බාවය ලැබෙන්ඩ නම් කැබිනට් උසස් අධයාපන ඇමති අස්සන් කරල පිලිගන්ඩ ඔනෙ. එත් කැබිනට් ඇමති නෙමේ මිනිහගෙ පුතා අස්සන් කරපු ලියවිලි, සම්බන්ධිකරන ලේකම්ල අස්සන් කරපුව තමා සයිටම් එක නිතියානුකුලයි කියල පෙන්නඩ යොදාගෙන තියෙන්නෙ.ඔකට සිoහලෙන් කියන්නෙ බල්ලගෙ වැඩේ බුරුව කරල කියල... කැබිනට් ඇමති අස්සන් කරන්ඩ ඔනෙ දේ වෙන එවුන් අස්සන් කරා කියල නිතියානුකූල පිලිගෑනිමක් හම්බෙන්නෙ නැ.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,733
    12,759
    113
    ඔහොම නඩුවක් ගැන නම් මම දන්නෙ නැ මචන්, ඒත් ඔකෙ අන්තිම හරියෙ තියෙන 'පසුගිය රජයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයෙක් සයිටම් ආයතනය සම්බන්ධයෙන් නිකුත් කල ලිපි වල අඩංගු කරුණු බොහොමයක් අසත්‍ය බවට' කතාවනම් හරියට හරි.

    මහින්දගෙ හින්ද සුද්ද කරනව නෙමේ ඔකට නිතියානුකූල බාවය ලැබෙන්ඩ නම් කැබිනට් උසස් අධයාපන ඇමති අස්සන් කරල පිලිගන්ඩ ඔනෙ. එත් කැබිනට් ඇමති නෙමේ මිනිහගෙ පුතා අස්සන් කරපු ලියවිලි, සම්බන්ධිකරන ලේකම්ල අස්සන් කරපුව තමා සයිටම් එක නිතියානුකුලයි කියල පෙන්නඩ යොදාගෙන තියෙන්නෙ.ඔකට සිoහලෙන් කියන්නෙ බල්ලගෙ වැඩේ බුරුව කරල කියල... කැබිනට් ඇමති අස්සන් කරන්ඩ ඔනෙ දේ වෙන එවුන් අස්සන් කරා කියල නිතියානුකූල පිලිගෑනිමක් හම්බෙන්නෙ නැ.

    ඒ කියන්නේ S B ගේ පුතාද :confused:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඒ කියන්නේ S B ගේ පුතාද :confused:
    ඔව් මචන් SB ගෙ පුතා අස්සන් කරල සයිටම් ආයතනය ආණ්ඩුවෙන් පිලිගත්තා කියල දුන්න ලියුමක් තියෙනව, තව SB ගෙම සම්බන්ධිකරන ලේකම් කෙනෙක් සයිටම් එක අගසම්පුර්නයි කියල දීපු ලිපියක් තියෙනව, ඔය වගේ කොහෙ හරි ඉන්න අපතයො අස්සන් කරල දුන්න ඒවගෙන් තමා සයිටම් එක තාම දුවන්නෙ, දැනට මහ අධිකරනයෙ නඩුව යනව ඔකෙ තින්දුව ආවම සයිටම් එක වහන්ඩ වෙන්නෙ.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    රුසියවේ නොව්ගොරොඩ්
    මේකෙන් saitam එක තමන්ගේ ශාකාවක් නෙමෙයි කියල නිවේදනයක් දල දැන් අවුරුදු ගණකක්
    ළමයි වන්දි ඉල්ලන්නම ඕන මේ කලකන්නින්ගෙන්
     

    waligamaya

    Well-known member
  • http://www.lankatruth.com/site/index.php/2014-08-09-14-28-31/item/2802-cidය-saitm-ආයතනය-සෝදිසිකරයි

    මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හදිසි සෝදිසියක් සඳහා මාලඹේ SAITM පෞද්ගලික වෛද්‍ය උපාධි ආතනය වෙත ගොස් ඇති බව වාර්තා වේ.
    ඒ අස්ථාන ගත වී ඇති රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ පළමු මරණ පරික්ෂණයේදී ආරක්ෂතිව තැන්පත් කර තිබූ මෘත ශරිර කොටස් SAITM ආතනය වෙත රැගෙන ගිය බවට ලද තොරතුරක් මත ඒ සම්බන්ධයෙන් සෝදිසි කිරීම සඳහාය.
    ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (03) පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක්ද ලබා ගෙන ඇත.
    තාජුඩීන්ගේ පළමු මරණ පරික්ෂණය සිදු කළ, එවකට කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා මේ වනවිට SAITMහි උප කුලපතිවරයා වන අතර ඔහු විසින් අදාළ ශරීර කොටස් රැගෙන ගොස් ඇතැයි මේ වනවිට තහවුරු වී ඇති බව වෛද්‍ය සභාවේ හදිසි වැටලීම් ඒකකය සිදු කළ පරීක්ෂණ වාර්තාවකින් අධිකරණයට දැනුම් දී තිබේ.
    තාජුඩීන්ගේ අස්ති කොටස් අතුරුදහන් වීම සම්බන්ධයෙන් හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සෘජුවම වගකිවයුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික‍්‍රම මහතා කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත පසුගිය අගෝස්තු 11වනදා කරුණු වාර්තා කර තිබූ අතර මෙම ශරීක් කොටස් SAITM වෙත රැගෙන ගොස් ඇති බවද ඒ ආසන්න දිනවලදීම හෙළිදරව් වී තිබූ නමුත් ඊට අදාළ සෝදිසි කිරීම් සිදු කිරීමට මාසයකට වැටි කාලයක් ගත වීමද විශේෂයකි.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,733
    12,759
    113
    UgP7ikr.png

    :rofl::rofl::rofl::rofl: