සිරියානු යුද්ධයේ මෘගයෝ
වසර හයක් තිස්සේ දිග්ගැස්සෙමින් යන සිරියානු යුද්ධය එරට යුද ටැංකි ඇණියට දිගින් දිගටම බලපෑම් කරයි.මෙම යුද ටැංකි සිරියාවේ ස්ථාන රැසක විවිධ පාර්ශ්වවලට අවශ්‍ය වෙඩි බලය සපයමින් සිටියි.මෙම ලිපි පෙළ ඔස්සේ කතා කරන්නේ සිරියානු යුද්ධය තුල භාවිතාවන යුද ටැංකි සම්බන්ධවයි.
සිරියාවේ සංග්‍රාමික යුද ටැංකි භාවිතා කිරීම සහ නඩත්තු කිරීම සම්බන්ධව වගකීම ඇතැයි විශ්වාස කෙරෙන්නේ සිරියානු අරාබි හමුදාවටය.ඔවුන්ගේ මිනිස් බලය සහ යුදෝපකරණ බොහෝමයක් ජාතික ආරක්ෂක හමුදාවට සහ අනෙකුත් උපහමුදාවන්ට ලබාදී තිබේ.සිරියාව තුල සිටින හමුදා සේනාංක සහ නගරාරක්ෂක හමුදා බොහොමයක් සිරියානු අරාබි හමුදාවේ වගකීම යටතේ පවතියි.
සිරියානු රජයේ හමුදා සතු යුද ටැංකි ඇණිය කොටස් තුනකට බෙදා දැක්විය හැකිය.ටී-55,ටී-62,ටී-72 යන ප්‍රධාන යුද ටැංකි තුන්වර්ගයට අමතරව ටී-54 සහ පීටී-76 යුද ටැංකිද ඔවුන් සතු වූ නමුත් හානියට පත්නොවූ ටී-54 යුද ටැංකි ලෙබනනයට ලබාදී තිබේ.ඉතිරිය ගබඩා කර තිබූ බව සඳහන් වේ.පීටී-79 යුද ටැංකි ඇණිය පසුගිය දශකයේ අගභාගය වන විට සේවයෙන් ඉවත් කරන්නට ඇතැයි විශ්වාස කෙරේ.
පොදු විශ්වාසය වූයේ සිරියානු හමුදාව සතුව ආසන්න වශයෙන් යුද ටැංකි 5000ක වත් ඇණියක් තිබූ බවයි.දළවශයෙන් ටී-54/55 යුද ටැංකි 2000ක්,ටී-62 යුද ටැංකි 1000ක් සහ ටී-72 යුද ටැංකි 1500ක් ඊට ඇතුලත් වූ බවට ගණන් බලා තිබිණි.ඒ සිරියානු යුද්ධය ආරම්භ වීමට පෙරය.නමුත් මෙම සංඛ්‍යාවන් පිළිගත නොහැකි යැයි සමහරු කියයි. මෙම දශකය ආරම්භවන විට සිරියාව සතුව තිබුණේ 2500කට ආසන්න යුද ටැංකි ගණනක් බව විශ්වාස කෙරේ.එම සංචිතය සතුව ටී-55 යුද ටැංකි 1200ක්,ටී-62 යුද ටැංකි 500ක් සහ ටී-72 යුද ටැංකි 700ක් තිබූ බවට විශ්වාස කෙරේ.නමුත් මෙම යුද ටැංකි 2500 එකවිට සක්‍රීය සේවයේ නොපැවතුණි.ටී-55 සහ ටී-62 යුද ටැංකිවලින් බහුතරයක් ගබඩාවලට සීමා කර තිබිණි.
එම යුද 2500න් 1000කට වැඩි ප්‍රමාණයක් සිරියානු යුද්ධය නිසා අහිමිව තිබේ.විනාශ වූ යුද ටැංකිවලින් බහුතරයක් ටී-55 යුද ටැංකිවේ.ටී-55 යුද ටැංකි 700ක් 2014 වන විට මෙහෙයුම් කිරීමේ හැකියාවෙන් යුතුව තිබූ බව සඳහන් වේ.සිරියාවේ පාලනය ලබාගැනීම උදෙසා සටන් වදින විවිධ පාර්ශ්වයන් විවිධ වර්ගයේ ටී-55 යුද ටැංකි භාවිතා කරයි.එහිදී කැපීපෙනෙන ක්‍රියාකරුවා වන්නේ ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන්ය.ඔවුන් 2015 මාර්තු පමණ වනවිට සිරියානු හමුදාවෙන් යුද ටැංකි 100කට වැඩි සංඛ්‍යාවක් අත්පත් කරගෙන තිබෙන බව ඡායාරූප ආශ්රයෙන් සනාථ කරගෙන තිබේ.උතුරුදිග සිරියාවේදී සිරියානු හමුදාව ලද බරපතල පරාජයන් හමුවේ විශාල යුදෝපකරණ තොගයක් සතුරු පාර්ශ්වයන් අතට පත්විය.කොබානි නගරය ආශ්රිත සටන්වලදී ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන් සිරියානු හමුදාවේ 93 වන සේනාංකයෙන් සහ 121 රෙජිමේන්තුවෙන් ටී-55,ටී-62,ටී-72 යුද ටැංකි රැසක්ම අත්පත් කරගැනීමට සමත්විය.
දැනට වැඩිම ප්‍රමාණයක් සේවයේ පවතින්නේ ටී-55 ඒ යුද ටැංකිය.ඉන්පසු පිළිවෙලින් උතුරු කොරියානු ටී-55 මොඩලය,ටී-55 එම්වී සහ ටී-55ඒ එම් යුද ටැංකි භාවිතා වේ.ටී-55ඒ සහ උතුරු කොරියානු ටී-55 මොඩලයේ යුද ටැංකි ජාතික ආරක්ෂක හමුදාව සතුව බහුලව හමුවේ.ටී-55ඒ එම් සහ ටී-55 එම්වී යුද ටැංකි සිරියානු අරාබි හමුදාව විසින් භාවිතා කරයි.
සිරියාවේ උතුරු ප්‍රදේශයේ පසුබැසීම්වලින් පසුව සිරියානු හමුදාව සතුව තිබූ උතුරු කොරියාව විසින් ලබාදුන් වැඩිදියුණු කල ටී-55 යුද ටැංකි ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන් අතට පත්විය.
ටී-55 හි උතුරු කොරියානු සංස්කරණ සතුව ලේසර් තාක්ෂණයෙන් පරාසය සොයාගැනීමේ උපාංග සතුවේ.සමහර මොඩල සතුව දුම් බෝම්බ විදින සහ මි.මී14 කේපීවී මැෂින් තුවක්කුවක් අන්තර්ගත වේ.උතුරු කොරියාවේ නිපදවූ ලේසර් තාක්ෂණයෙන් පරාසය සෙවීමේ උපාංග දෙකක්වත් සිරියානු ටී-54/55 යුද ටැංකිවල ස්ථාපනය කර තිබේ.මෙම යුද ටැංකි වැඩිදියුණු කිරීමට තීරණය කලේ 1973 යොම් කිපූර් යුද්ධයේදී උගත් පාඩම් ඇසුරෙනි.මෙම යුද ටැංකි වැඩිදියුණු කිරීම 1970 සහ 1980 දශකවලදීය.එහිදී අළුතින් එක්කල අංග වන්නේ KTD-2 ලේසර්-පරාස-සෙවීමේ උපාංග,පැති ආරක්ෂක ආවරණ සහ දුම් බෝම්බ විදින ආදියයි.ඊට අමතරව BDD සන්නාහය යොදගෙන කොත සහ ඉදිරිපස කොටස ආරක්ෂා කර තිබේ.ටී-55ඒ එම් යුද ටැංකි Ghurabaa නම් කැරලි කණ්ඩායමේ හවුරාන් බල සේනාව විසින් ඩාරා පළාතේ සේවයේ යොදවා තිබෙන අයුරු පහත රූපයෙන් දැක්වේ.
ටී-55 එම් වී යනු සිරියාව තුල සේවයේ යොදවා තිබෙන වඩාත් නූතම ටී-55 මොඩයයි.සිරියාව සතු ටී-72 යුද ටැංකිවලට වඩා මෙම ටී-55 එම් වී මොඩලය වඩාත් ප්රතිඵලදායි යැයි කෙනෙකුට කරුණු ගෙන හැරදැක්වීමට පවා පුලුවන්ය.ටී-55 යුද ටැංකි 200ක් ටී-55 එම් වී මොඩලයට උසස් කරන ලද්දේ 1997 යුක්රේනයේදීය.සිරියානු ටී-55ඒ එම් මොඩල මෙන් නොව ටී-55 එම් වී යනු සම්පූර්ණයෙන්ම වැඩිදියුණු කල සංස්කරණයකි.එය නව එන්ජිමක් සහ ස්පෝථනය වන ප්‍රතික්‍රියක සන්නාහය ගඩොල් - Kontakt-1(ආර්පීජී අවිවලින් සිදුවන හානිය අවම වේ) වලින් යුක්ත වේ.
සිරියානු ටී-55එම් වී යුද ටැංකි 9එම්117එම් බැස්ටියන් යුද ටැංකි නාශක මිසයිලවලින්ද සන්නද්ධය.යුද ටැංකිය සතු මි.මී.100 ප්‍රධාන අවියෙන් මෙම මිසයිල නිකුත් කෙරේ.Quneitra පළාතේ ටෙල් අහමර් ආසන්නයේදී කැරලිකරුවන් විසින් අත්පත් කරගන්නා තෙක් සිරියානු හමුදාව 9එම්117එම් මිසයිල භාවිතා කල බවට ප්‍රසිද්ධව තිබුනේ නැත.Quneitra යනු ටී-55එම් වී යුද ටැංකි ඇණියේ නිවහන ලෙස සැලකේ.තවද යුද්ධයකදී මෙම යුද ටැංකිනාශක මිසයිල ඊශ්‍රායල යුද ටැංකිවල සන්නාහයට විස්මිත හානියක් සිදුකල හැකි ඒවාය.ඒවාහි මිල අධික වීම නිසා එක් යුද ටැංකියක් රැගෙන යන්නේ කිහිපයක් පමණි.බොහොමයක් මිසයිල ගබඩාවලට සීමා වී තිබේ.අනාගත යුද්ධයකදී ඊශ්‍රායලයට එරෙහිව ඒවා භාවිතා කිරීමේ උවමනාව මත ගෝලාන් උස්බිම් ආශ්රිත ටෙල් අහමර් හි ගබඩා කර ඇතැයි සැලකේ.
සමහරක් ටී-55එම් වී යුද ටැංකිවල ලේසර්-පරාස සෙවීමේ උපාංගය මත අභිරහස් උපකරණයක් ස්ථානගත කර තිබෙන බව පෙනේ.මෙය කැමරාවක් ලෙස ක්‍රියාකරන්න යැයි සිතිය හැකිය.මේහා සමාන උපාංගයක් යුක්රේනයේ බීඑම්පී-1 රථවල සංස්කරණය කල මොඩලයකත් දක්නට තිබේ.
ජනරජ ආරක්ෂක හමුදාව සතු ටී-72 යුද ටැංකිවල දකිනවා මෙන් ටී-55 යුද ටැංකි සඳහාද ආර්පීජී ප්‍රහාරවලින් ආරක්ෂාවීම සඳහා ලෝහමය දැල් යොදාගෙන ආවරණය කර ඊට පිටුපසින් වැලි කොට්ට රඳවා තිබෙන පෙනේ.පහත රූපයේ දැක්වෙන්නේ වැනි දැල් වලින් ආවරණය කල ටී-55 යුද ටැංකියකි.වැඩිදියුණු කල බොහොමයක් ටී-55 යුද ටැංකිවලට කොත වටා රැදවීමට හිමි වන්නේ මෙවැනි දැල් ආවරණ පමණි.
ජාතික ආරක්ෂක හමුදාව ආරක්ෂිත දුරක සිට කැරලිකරුවන්ගේ බල මූලස්ථානවලට ටී-55 යුද ටැංකි යොදාගෙන පහර දෙන විට(ආක්රමණික ස්වරූපයෙන්),සිරියානු අරාබි හමුදාව ඔවුන් සතු ටී-55 යුද ටැංකි බොහොමයක් සංග්රාම භූමියේ නිශ්චලව තබාගෙන පහරදීමට යෑම නිසා කැරලිකරුවන්ගේ මිසයිල ප්‍රහාරවල පහසු ගොදුරු බවට පත්වේ.සිරියාවේදී රජයේ හමුදාවන්ට යුද ටැංකි විශාල ප්‍රමාණයක් අහිමිවූයේ සතුරු බලසේනා සහ මුරපොළවල් ඉක්මවා යෑමට ගත් මෙවැනි නිෂ්ඵල ක්‍රියා හේතුවෙනි.එනම් යුද ටැංකි සංග්රාම භූමියේ උපක්රමිකව යොදාගැනීම සම්බන්ධව සිරියානු අරාබි හමුදාව සතු දුර්වල අවබෝධය නිසාය.
නමුත් ඔවුන් සතු මහා පරිමාණ ටී-55 යුද ටැංකි ඇණිය නිසා අහිමිවන යුද ටැංකි හේතුවෙන් එකෙනෙහිම තර්ජනයක් එල්ල නොවේ.සිරියානු රජයේ යුද ටැංකි ඇණියට තිබෙන ලොකු තර්ජනය ප්‍රමාණවත් ඉන්ධන නොමැතිවීමයි.තිබෙන ඉන්ධන වලින් වැඩි ප්‍රමාණයක් යන්නේ ජනරජ ආරක්ෂකයන්ට සහ සුකර් අල්-සහාරා(ඩෙසර්ට් ෆෝල්කන් - පෞද්ගලික උපහමුදාවකි.)යන කණ්ඩායම්වලටය.
ඉන්ධන හිඟකම යුද ටැංකි ඇදගෙන යෑමේ රථ භාවිතා කිරීමේ ප්‍රවණතාවයක් ඇති කර තිබේ.ඊට හේතුව තනිවම සංග්රාම භූමියට යෑම සඳහා ප්‍රමාණවත් ඉන්ධන යුද ටැංකි සඳහා නොතිබීමයි.මෙම තත්ත්වය වෙනස් වීමට නම් තෙල් බිම්වලින් සමන්විත ඩියර් ඊස් සෝර් ප්‍රදේශය අවට බලය යළි ලබාගැනීමට සිදුවේ.
Source:spioenkop.blogspot.com
-HarshaLulzSec-

T-54 යුද ටැංකියක්

ISIS ත්රස්තවාදීන් විසින් අත්පත් කරගත් සිරියානු හමුදාවට අයත් T-55 යුද ටැංකි

ටී-55 යුද ටැංකි වර්ග 4කට බෙදා දැක්විය හැකිය.
1.සම්මත ටී-55ඒ යුද ටැංකිය
2.උතුරු කොරියානු වැඩිදියුණු කල ටී-55 මොඩලය
3.ටී-55ඒ එම් යුද ටැංකිය
4.ටී-55එම්වී යුද ටැංකිය

නැගෙනහිර ජර්මනියේ ටී-55 යුද ටැංකියක්
නැගෙනහිර ජර්මනියේ ටී-55ඒ එම්2බී යුද ටැංකිය ටී-55ඒ එම් යුද ටැංකියට සමානය
ERA ගඩොල් සවිකල ටී-55ඒ එම් වී යුද ටැංකියක්
දැනට වැඩිම ප්‍රමාණයක් සේවයේ පවතින්නේ ටී-55 ඒ යුද ටැංකිය.ඉන්පසු පිළිවෙලින් උතුරු කොරියානු ටී-55 මොඩලය,ටී-55 එම්වී සහ ටී-55ඒ එම් යුද ටැංකි භාවිතා වේ.ටී-55ඒ සහ උතුරු කොරියානු ටී-55 මොඩලයේ යුද ටැංකි ජාතික ආරක්ෂක හමුදාව සතුව බහුලව හමුවේ.ටී-55ඒ එම් සහ ටී-55 එම්වී යුද ටැංකි සිරියානු අරාබි හමුදාව විසින් භාවිතා කරයි.
සිරියාවේ උතුරු ප්‍රදේශයේ පසුබැසීම්වලින් පසුව සිරියානු හමුදාව සතුව තිබූ උතුරු කොරියාව විසින් ලබාදුන් වැඩිදියුණු කල ටී-55 යුද ටැංකි ඉස්ලාමීය රාජ්‍යය ත්රස්තවාදීන් අතට පත්විය.
උතුරු කොරියානු නායක කිම් ජෝන් ඉල් ලේසර් පරාස සෙවුම් උපාංගයක් සහිත උතුරු කොරියානු ටී-55 යුද ටැංකියක් නිරීක්ෂණය කල අවස්ථාවක්
ටී-55 හි උතුරු කොරියානු සංස්කරණ සතුව ලේසර් තාක්ෂණයෙන් පරාසය සොයාගැනීමේ උපාංග සතුවේ.සමහර මොඩල සතුව දුම් බෝම්බ විදින සහ මි.මී14 කේපීවී මැෂින් තුවක්කුවක් අන්තර්ගත වේ.උතුරු කොරියාවේ නිපදවූ ලේසර් තාක්ෂණයෙන් පරාසය සෙවීමේ උපාංග දෙකක්වත් සිරියානු ටී-54/55 යුද ටැංකිවල ස්ථාපනය කර තිබේ.මෙම යුද ටැංකි වැඩිදියුණු කිරීමට තීරණය කලේ 1973 යොම් කිපූර් යුද්ධයේදී උගත් පාඩම් ඇසුරෙනි.මෙම යුද ටැංකි වැඩිදියුණු කිරීම 1970 සහ 1980 දශකවලදීය.එහිදී අළුතින් එක්කල අංග වන්නේ KTD-2 ලේසර්-පරාස-සෙවීමේ උපාංග,පැති ආරක්ෂක ආවරණ සහ දුම් බෝම්බ විදින ආදියයි.ඊට අමතරව BDD සන්නාහය යොදගෙන කොත සහ ඉදිරිපස කොටස ආරක්ෂා කර තිබේ.ටී-55ඒ එම් යුද ටැංකි Ghurabaa නම් කැරලි කණ්ඩායමේ හවුරාන් බල සේනාව විසින් ඩාරා පළාතේ සේවයේ යොදවා තිබෙන අයුරු පහත රූපයෙන් දැක්වේ.
ටී-55 එම් වී යනු සිරියාව තුල සේවයේ යොදවා තිබෙන වඩාත් නූතම ටී-55 මොඩයයි.සිරියාව සතු ටී-72 යුද ටැංකිවලට වඩා මෙම ටී-55 එම් වී මොඩලය වඩාත් ප්රතිඵලදායි යැයි කෙනෙකුට කරුණු ගෙන හැරදැක්වීමට පවා පුලුවන්ය.ටී-55 යුද ටැංකි 200ක් ටී-55 එම් වී මොඩලයට උසස් කරන ලද්දේ 1997 යුක්රේනයේදීය.සිරියානු ටී-55ඒ එම් මොඩල මෙන් නොව ටී-55 එම් වී යනු සම්පූර්ණයෙන්ම වැඩිදියුණු කල සංස්කරණයකි.එය නව එන්ජිමක් සහ ස්පෝථනය වන ප්‍රතික්‍රියක සන්නාහය ගඩොල් - Kontakt-1(ආර්පීජී අවිවලින් සිදුවන හානිය අවම වේ) වලින් යුක්ත වේ.
සෝවියට් දේශය විසින් ටී-55 යුද ටැංකි වැඩිදියුණු කිරීමේ වැඩසටහන ඇරඹුවේ 1983 දීය.මෙහි දැක්වෙන්නේ එහිදී වෙනස් කිරීම්වලට ලක් කල යුද ටැංකියක කොතක්ය
සිරියානු ටී-55එම් වී යුද ටැංකි 9එම්117එම් බැස්ටියන් යුද ටැංකි නාශක මිසයිලවලින්ද සන්නද්ධය.යුද ටැංකිය සතු මි.මී.100 ප්‍රධාන අවියෙන් මෙම මිසයිල නිකුත් කෙරේ.Quneitra පළාතේ ටෙල් අහමර් ආසන්නයේදී කැරලිකරුවන් විසින් අත්පත් කරගන්නා තෙක් සිරියානු හමුදාව 9එම්117එම් මිසයිල භාවිතා කල බවට ප්‍රසිද්ධව තිබුනේ නැත.Quneitra යනු ටී-55එම් වී යුද ටැංකි ඇණියේ නිවහන ලෙස සැලකේ.තවද යුද්ධයකදී මෙම යුද ටැංකිනාශක මිසයිල ඊශ්‍රායල යුද ටැංකිවල සන්නාහයට විස්මිත හානියක් සිදුකල හැකි ඒවාය.ඒවාහි මිල අධික වීම නිසා එක් යුද ටැංකියක් රැගෙන යන්නේ කිහිපයක් පමණි.බොහොමයක් මිසයිල ගබඩාවලට සීමා වී තිබේ.අනාගත යුද්ධයකදී ඊශ්‍රායලයට එරෙහිව ඒවා භාවිතා කිරීමේ උවමනාව මත ගෝලාන් උස්බිම් ආශ්රිත ටෙල් අහමර් හි ගබඩා කර ඇතැයි සැලකේ.
9M117M Bastion anti-tank missile
සමහරක් ටී-55එම් වී යුද ටැංකිවල ලේසර්-පරාස සෙවීමේ උපාංගය මත අභිරහස් උපකරණයක් ස්ථානගත කර තිබෙන බව පෙනේ.මෙය කැමරාවක් ලෙස ක්‍රියාකරන්න යැයි සිතිය හැකිය.මේහා සමාන උපාංගයක් යුක්රේනයේ බීඑම්පී-1 රථවල සංස්කරණය කල මොඩලයකත් දක්නට තිබේ.
යුක්රේනයේ BMP-1 රථයක්(upgraded Version)
ජනරජ ආරක්ෂක හමුදාව සතු ටී-72 යුද ටැංකිවල දකිනවා මෙන් ටී-55 යුද ටැංකි සඳහාද ආර්පීජී ප්‍රහාරවලින් ආරක්ෂාවීම සඳහා ලෝහමය දැල් යොදාගෙන ආවරණය කර ඊට පිටුපසින් වැලි කොට්ට රඳවා තිබෙන පෙනේ.පහත රූපයේ දැක්වෙන්නේ වැනි දැල් වලින් ආවරණය කල ටී-55 යුද ටැංකියකි.වැඩිදියුණු කල බොහොමයක් ටී-55 යුද ටැංකිවලට කොත වටා රැදවීමට හිමි වන්නේ මෙවැනි දැල් ආවරණ පමණි.
ජාතික ආරක්ෂක හමුදාව ආරක්ෂිත දුරක සිට කැරලිකරුවන්ගේ බල මූලස්ථානවලට ටී-55 යුද ටැංකි යොදාගෙන පහර දෙන විට(ආක්රමණික ස්වරූපයෙන්),සිරියානු අරාබි හමුදාව ඔවුන් සතු ටී-55 යුද ටැංකි බොහොමයක් සංග්රාම භූමියේ නිශ්චලව තබාගෙන පහරදීමට යෑම නිසා කැරලිකරුවන්ගේ මිසයිල ප්‍රහාරවල පහසු ගොදුරු බවට පත්වේ.සිරියාවේදී රජයේ හමුදාවන්ට යුද ටැංකි විශාල ප්‍රමාණයක් අහිමිවූයේ සතුරු බලසේනා සහ මුරපොළවල් ඉක්මවා යෑමට ගත් මෙවැනි නිෂ්ඵල ක්‍රියා හේතුවෙනි.එනම් යුද ටැංකි සංග්රාම භූමියේ උපක්රමිකව යොදාගැනීම සම්බන්ධව සිරියානු අරාබි හමුදාව සතු දුර්වල අවබෝධය නිසාය.
T-55MV යුද ටැංකියක සවිකර තිබෙන Kontakt-1 ගඩොල්
නමුත් ඔවුන් සතු මහා පරිමාණ ටී-55 යුද ටැංකි ඇණිය නිසා අහිමිවන යුද ටැංකි හේතුවෙන් එකෙනෙහිම තර්ජනයක් එල්ල නොවේ.සිරියානු රජයේ යුද ටැංකි ඇණියට තිබෙන ලොකු තර්ජනය ප්‍රමාණවත් ඉන්ධන නොමැතිවීමයි.තිබෙන ඉන්ධන වලින් වැඩි ප්‍රමාණයක් යන්නේ ජනරජ ආරක්ෂකයන්ට සහ සුකර් අල්-සහාරා(ඩෙසර්ට් ෆෝල්කන් - පෞද්ගලික උපහමුදාවකි.)යන කණ්ඩායම්වලටය.
ඉන්ධන හිඟකම යුද ටැංකි ඇදගෙන යෑමේ රථ භාවිතා කිරීමේ ප්‍රවණතාවයක් ඇති කර තිබේ.ඊට හේතුව තනිවම සංග්රාම භූමියට යෑම සඳහා ප්‍රමාණවත් ඉන්ධන යුද ටැංකි සඳහා නොතිබීමයි.මෙම තත්ත්වය වෙනස් වීමට නම් තෙල් බිම්වලින් සමන්විත ඩියර් ඊස් සෝර් ප්‍රදේශය අවට බලය යළි ලබාගැනීමට සිදුවේ.
ඊළඟ කොටසින් සිරියාවේ ටී-62 යුද ටැංකි සම්බන්ධව කතා කරමු.
Source:spioenkop.blogspot.com
-HarshaLulzSec-