බහුඅශ්‍රයේ පාද 2016ක් තියෙනවා නම්, මුලුත් 2016ක් තියෙනවා.පැති ඔක්කොම සමාන පැති 2016ක් තියෙන හැඩතලයක් තියෙනව![]()
මේකෙ හැම මුල්ලෙම ඉඳන් අනික් මුලු වලට එකම ඉර උඩ දෙපාරක් යන්නැති විදිහට ඉරි ගහනව![]()
ප්‍රශ්නෙ මෙහෙම ගහන්න වෙන ඉරි ගාන කීයද ?![]()
![]()

එක මුල්ලක ඉඳන් ඒ මුල්ලට ම ඉරක් ගහන්නත්, ඒ මුල්ලට දෙපැත්තෙ තියෙන මුලු දෙකට ඉරි ගහන්නත් බැරි නිසා එක මුල්ලක ඉඳන් ඉරකට යන්න පුළුවන් වෙන මුලු ගණන = 2016 - 3

බහුඅශ්‍රයට මුලු 2016ක් තියෙන නිසා, අඳින්න පුළුවන් මුලු ඉරි ගණන = 2016(2016 - 3)

හැම ඉරක් ම අවසන් වෙන මුල්ල ඉරක් පටන් ගන්න මුල්ලකුත් වෙන්න පුළුවන් නිසා, එක ම ඉර දෙපාරක් ඇඳෙනවා.

එහෙම වෙන්න බෑ කියලා තියෙන නිසා අඳින්න පුළුවන් ඉරි ගණන = 2016(2016 - 3)/2 = 2029104


