අවා අවා අවා කුයිඩ් එකෙන් අවා

Sheran531531

Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    අවා අවා අවා කුයිඩ් එකෙන් අවා

    ඔන්න KWID (කුයිඩ් )
    SUV ගත්තු අයට හුගක් රිදෙන කතාවක්

    ශ්‍රි ලාංකීය SUV අභිමානය සහ Renault KWID නැවත කැඳවීම

    Untitled-1-1-1132x509.jpg

    ලාංකීය අප සැවොමගේම එක් බලාපොරොත්තුවක් වන්නේ කවදා හෝ තමන්ටම කියා වාහනයක් හිමිකරගැනීමයි. ඒ අතුරින් SUV රථයක් ගැනීම බොහෝ දෙනෙකුගේ සිහිනකයකි. මන්දයත් SUV රථ හිමිකරුවෙකුට ඉහළ පිලිගැනීමක් ,සමාජ තත්ත්වයක් ශ්‍රීලංකාව තුල ගොඩනැගී පවති. මෙම නිසා SUV ජනතාකරණය ලෙස Renault KWID හැඳින්විය හැකිය.

    Kiwid.jpg

    Renault KWIDහි නිමාව, තාක්ෂණය, සැපපහසුව පිළිබඳව කතා කිරීම නිශ්පල දෙයකි. දැනටමත් Renault KWID ගැන ලිපි , විඩියෝ බහුලව සිංහලයන් හා ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම අන්තර්ජාලයෙහි සැරිසරන අයුරු ඔබ දකින්නට ඇත. බොහෝ දෙනා වැලනොකැඩී මෙම රථය මිලදීගැනීමට උත්සුක උනේ කාරණා දෙකක් නිසාය

    01) SUV රථයක් මිලදීගෙන ලැබෙනවායි විශ්වාසය කරන සමාජ තත්ත්වය ලබාගැනීම.
    02) Brand New රථයක් නිසා කාලයක් යනතුරු කිසිදු උපද්‍රවයකින් තොරව ධාවනය කල හැකිවනු ඇතැයි විශ්වාසය කිරීම
    .

    Prado-off-road.jpg

    පළමු කරුන පිළිබඳව මුලින්ම විමසා බලමු. ලංකාවේ ඉතාමත් ජනප්‍රිය SUV රථ වන Toyota Land Cruiser V8 , Toyota Prado , Nissan Xtrial , Honda Vezel, Mitsubishi Outlander මිල ඉතා අධිකවන අතර ඒවායේ බොහෝමයක් හිමිකාරිත්වය දරන්නේ ව්‍යපාරිකයන් , විධායක නිළධාරින් හා දේශපාලකයන්ය. මෙහිදී බාල මහලු සියලුදෙනාම දන්නා Defender රථද අමතක කලනොහැක. පරිවාර Defender රථ පිරිවරාගෙන Prado , Land Cruiser V8 වල මාර්ග නීති උල්ලංඝනය කරමින් යන දේශපාලකයන් දකිනා විටදී ඉමහත් කෝපය සමග සිතට නැගෙන්නේ ” අනේ මටත් SUV තිබ්බානම් ඕනාම දෙයක් කරන්න තිබ්බා” කියාය. මෙම සිදුවීම දකින දේශපාලන නොවන අනෙක් Land Cruiser, Defender හිමිකරුවන් ආලෝක ලාම්පු දල්වාගෙන නළා හඩවාගෙන පාරපුරා උමතුවෙන්මෙන් තම රථ ධාවනය කරන්නේ SUV බලපාක්‍රමය දසත විහිදුවමිනි. මෙම SUV රථහිමියන්ගෙන් 10% අඩු ප්‍රමාණයක් පමනයි රථයෙහි නියමාකාරයෙන් ප්‍රයෝජන ලබාගැනීමට උත්සුකවන්නේ.

    Crossing-river-in-off-road.jpg

    ඔවුන් කිසිදු දිනක තම Prado, Land Cruiser V8 රථ මඩක වතුරක් දමා Off Road Pleasure ගැනීමට උත්සහ කරන්නේද නැත, Tailer එකක් පිටුපස සවිකරගෙන ඉතා දුර චාරිකා යන්නේද නැත. සාමාන්‍ය කාර් එකකටත් වඩා පරිස්සමෙන් ඔවුන් තමන්ගේ SUV රථ ආරක්ෂා කරති.තම සමාජ මට්ටම ඉහලින් සිටින බව පෙන්වීමට උත්සහ කරති.

    SUV-Offroad.jpg

    මෙම කරුණු මධ්‍යම පාන්තික ජනතාවගේ හදවත්හි කැකෑරෙමින් තිබුනේ කාලයක් මුලුල්ලේය.එයට කිසියම් සහනයක් ලෙස Honda Vezel ආගමය සැලකිය හැකිය. දැන්නම් ජපානයටත් වඩා Vezel ලංකාවේ තිබේ. නමුත් Vezel රථයක් හෝ මිලදීගැනීමට , තම SUV සිහිනය සැබෑ කරගන්නට නොහැකිවූ අනෙක් ජන කොට්ඨාසයට කතරට දිය පොදක්මෙන් පිහිටට ආවේ Renault KWID රථයයි. තිත්ත ඇත්ත නම් Renault KWID රථය SUV ලෙස හුවාදැක්වීම හුදු වෙළෙඳ උපක්‍රමයකි. අඩු මිලට සැමටම SUV රථයක් යන සංකල්පය යොදාගනිමින් Renault KWID වෙළෙඳපොල ජයගැනීමට උත්සහ දරමින් පවතියි. මෙම වෙළෙඳපොල උගුලට අසුවූ බොහෝදෙනා තම SUV සිහිනය සැබෑකරගැනීමට වලනොකැඩී පෝලිමෙහි සිට Renault KWID මිළදී ගැනීමට පොරකති.
    :frown::frown::frown::frown:

    Kwid-Engine.jpg

    මෙයට කලු පැල්ලමක් එක්කරමින් 2015 ඔක්තෝබර් සිට 2016 මැයි 18 තෙක් නිපදවූ Renault KWID රථ 50000 නැවත කැදවීමක් කර ඇත.ඉන්ධන පද්ධතියෙහි horse clip එකක නවීකරනයක් සඳහා මෙම නැවත කැදවීම කර ඇත. මන්දයත් එසේ නොකලහොත් රථයේ ඉන්ධන පද්ධතියයට පසුකාලීනව බලපෑම් ඇතිවීමේ සම්භාවිතවක් පවතින බව එම සමාගම පවසයි.

    දැනටම Renault KWID රථ සියගණනක් මෙරටට ආනයනයකර අවසානය. එම රථවලත් මෙම දෝෂය තිබෙන්නට ඉඩකඩ බොහෝ පවති.ඉන්දියාවේ Renault සමාගම පවසන්නේ මෙම දෝෂය නිවැරැදිකිරීමට පාරිභෝගිකය කිසිදු ගෙවීමක් කලයුතු නැතිබවයි. එම නිස ඔබද Renault KWID හිමියෙක්නම් ඔබටද මෙම දෝෂය මගහරවා ගැනීමට නොමිලේ ඉඩප්‍රස්තාව ලැබිය යුතුයි.එය මෙරට Renault KWID බලයලත් අලෙවි නියෝජිතයාගෙ වගකීමද වෙයි. සමහරවිට මෙය අපේ රටට ආනයන කරනලද රථවලට බලපාන්නෙ නැතිබවද පැවසීමට ඉඩප්‍රස්තාවක්ද පවතියි. මන්දයත් 2015 අගබාගෙයෙහි හා 2016 නිෂ්පාදිත Toyota Prius රථවලද යලි කැදවීමක් ජපානය , ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක කර ඇති අතර මෙරට ගෙන්වූ එම නිෂ්පාදිත කාලපරාසයෙහි Prius රථවලට මෙම තත්වය බලපෑමක් නැතිබව මෙරටට රථවාහන ආනයන කරන ආයතනවල සංගම්හි ඉහළ නිළදාරින් පවසති. ගැටලුව වන්නෙ ජපානයේ ගෘහස්ථ වෙළඳපොලින් ගෙන්වන රථවලට ජපන් වෙළෙඳපොලෙ නැවත කැදවිම වලංගු උනත් ලංකාට ආනයනය කරන රථවලට එය බලනොපාන්නේ ඇයිදැයි යන්නයි. මෙය ඉතා උභතෝකොටික ගැටලුවකි.

    Kiwid-vs-Alto.jpg

    එම නිසා Renault KWID රථයෙහි මෙම නැවත කැදවීම ඔබගෙ රථයටද සිදුකිරීමට අවශ්‍යදැයි හොදින් සොයාගන්න. එසේම එය බලයලත් අලෙවි නියෝජිත මාර්ගයයෙන් සිදුකරගැනීමට ඔබට පූර්ණ අයිතියද හිමිවෙයි. යලි යලි කිව යුත්තේ SUV උන්මාදය සපතකරගැනීමට , සමාජ පිලිගැනීමට ආරක්ෂිත පරීක්ෂක සියල්ලම අසමත්වූ Renault KWID රථය ගැනීම මාරයාටද අතවැනීමකි. මිලදීගන්නවාද නැද්ද යන තීරණය ඔබගේ මත රදාපවති.

    http://steeringworld.com/si/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92-%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%93%E0%B6%BA-suv-%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA-%E0%B7%83%E0%B7%84-renault-kwid

    කුයිඩ් ගත්ත කට්ටිය Rep කැපුවාට කමක් නෑ. REP වලින් නෙවෙයි මන් ජිවත් වෙන්නේ. :yes::yes::yes::yes:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    KWID ගත්ත කට්ටියට අඬන්නවත් රිදෙන්නවත් කිසිම හේතුවක් නෑ.
    Chassis නම්බර් එක බලල හොයාගන්න වාහනේ මැයි මාසෙන් පස්සෙ හදපු වාහනයක්ද කියලා.
    10 වෙනි අකුරෙන් අවුරුද්දත් (F-2015,G-2016) 11 වෙනි ඉලක්කමෙන් මාසයත් (1-January, 2-February) හොයාගන්න පුළුවන්.
    වාහනේ 2016 May වලට පස්සේ එකක් නම් මේ රීකෝල් එක අදාළ වෙන්නේ නැහැ. :yes:
     
    loku_pappa1

    Active member
  • Aug 7, 2016
    374
    67
    28
    කාර් ගන්න නං වත්කමක් නෑ.ඒත් ටයිප් කරන්න උන මහන්සියට රෙප්+ මචං
     
    rusiyanuwa

    Active member
  • ලංකාවට ගෙන්නන වාහන සේරම හදන්නෙ වෙනම තැනක ලංකාව වෙනුවෙන්ම නිසා කවදාවත් මේ වගේ ගැටලු වලට රිකෝල් කරන්නෙ නෑ.වෙන රටක පාවිච්චි කරපු වාහනයක් වුනත් ලංකාවට ගෙනාවට පස්සෙ කලින් පාවිච්චි කරපු රටට අදාල රීකෝලින් වලට හේතුවුනු ලෙඩ අතුරුදන් වෙනවා. රීකෝල් කරද්දි ඒ වෙනුවෙන් වාහන යවන එක මේ රටේ ඒජන්ට්ට අතින් පාඩු වෙන දෙයක් නෙවිනෙ. ඒ වියදම් වාහනේ හදපු කම්පැනියෙන් ගෙවනවානෙ. ඒ නිසා ඒජන්ට්ගෙන් නොගත්තු වාහනයක් වුනත් රීකෝලින් වලදි අදාල සමාගමට යවන එක ඒජන්ට්ගෙ වගකීමක්.
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    matanam therenne nehe ei umbala mechacra kuhaka kiyala, ekek renault kwid ekak gaththa. oota palu yanan baninawa, toyota wahana witharai loke hondama wahana,. ethakota anik okkoma wahana baala wahana. oo uta thiyena gaanta wahanayak gathhta, eka oota ratak watinawa. mokada e uge salli, oo amaruwen hambakarapu salli, oo gaththa deta garahanne nethiwa... oota eelanga wathawe ganna eka tikak therum karala dunnama thama meeta wediya watinne,

    ehema nethiwa nikan thread 100 k open karala review karala eka narakai kiyana eka nevei. den thama social media diyunu, e hinda thama api hema labbakma danne, issara oya wage japan wwahana kochharak recall karanna ethida, api dannawada ewa gena. aluthin hadapu galaxy note 7 ekath recall karapu eke. thawa monawada. oya wage thama, poddak uge peththenuth hithapalla.

    manussakama kiyanne... paare hingakana minihata rupiyal 100k deela ewith methana anikage waahaneta garahana eka nevei.
     
    ගත්ත එකා තමයි ත්‍රෙඩ් 100 ඕපන් කරලා ක්විඩ් වරුණේ කියන්න ගියෙ. මේකේ වාහන රිවීව් කොච්චර තියෙනවද, වාහනේටම එක ත්‍රෙඩ් එකයි. ඉන්ටීරියර් වෙනම එක්ස්ටිරියර් වෙනම ඔෆීෂියල් වෙනම රිවීව් වීඩියෝ වෙනම පෙට්‍රල් කෙරුවාව වෙනම රිවීව් එකේ වැරදි කිව්ව අයට බැනල වෙනම ත්‍රෙඩ් ඇරිය එකෙන් තමා ඌ නම් බැණුම් අහගත්තෙ.

    වාහනයක් රී-කෝල් කරනව කියන්නෙ වාහනේ නරකයි කියනෙක නෙමේ, මේ වාහනේ හොඳ නරක ඇතිතරම් කතා කරල තියෙනව මේකේ, එළකිරි ඔෆීෂියල් රිවීව් එකකුත් තියෙනව, ඒ හින්ද මේකට අමුතුවෙන් ගරහලා හෝ වර්ණනා කරල වැඩක් නෑ
    :)
     
    Ithin bang.. admintath wada amaruwakne umbata thiyenne. Oo uge wahane gena thread seeyak demmanam umba , umbe wahane gena thread 100k daapang. Eke weradi hoyanne nethiwa.

    Kiwwa wage. Uge waahane oota daahen sampathak. Mokada uge palaweni waahane. Oo thread seeyak daanna hethuwath wenne umbala okata garahana hinda. Ooth kemathi nehe deka wenna.

    Anika recall karanna tharam issue ekak thiyenawanam eka un karai. Umba ekata thread ekak daala. Umbe kaaleth nasthi karagena.. le puchchagena.. mokatada bang.
     
    මේක කමියුනිටි එකක් නේ, ඉතිං මේකේ Etiquette එකක් තියෙනව, ඒක පිළි නොපදින එකා ගර්හාවට ලක් වෙනවා ඇඩ්මින්ට අමාරුව තිබ්බත් නැතත්. අනික වාහනේ වැරදි හිතාමතා හෝ නොහිතා හංගලා රිවීව් දැම්මාම ඒකෙ වැරදි ගැනත් කතා කරන එක ඉබේම වෙනව :)

    උගේ වාහනේ ඌට දාහෙන් සම්පතක් වුණා කියල ත්‍රෙඩ් 100 ක් දාන්න බෑ නෙ :lol: ඌ දෙක වෙන්න කැමති නැත්තං අහපු ප්‍රශ්නවලට ඒ ත්‍රෙඩ් එකේ උත්තර දෙන්න එපැයි. දැනටත් කිය කිය ඉන්නෙ අහපු ප්‍රශ්න තුනකට පෙට්‍රල් කෙරුවාව ත්‍රෙඩ් එකක් ඇරියම උත්තර දෙනව කියල :lol:

    මම නෙවේ මේ ත්‍රෙඩ් එක ඇරියෙ
    :P
     
    Ithin bang. Apita mokada...
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    උබෙ අර මුලින් කතාව 100% ඇත්ත මචන්.මගෙ තියෙන්නෙත් Toyota Avanza 1ක්. Land Cruiser V8 , Toyota Prado , Nissan Xtrial , Mitsubishi Outlander 1ක්
    මාව ඉස්සර කරගෙන යනකොට උත් එක්ක ගේමට යන්න හිතෙනව:growl::growl::growl::growl::growl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    උබෙ අර මුලින් කතාව 100% ඇත්ත මචන්.මගෙ තියෙන්නෙත් Toyota Avanza 1ක්. Land Cruiser V8 , Toyota Prado , Nissan Xtrial , Mitsubishi Outlander 1ක්
    මාව ඉස්සර කරගෙන යනකොට උත් එක්ක ගේමට යන්න හිතෙනව:growl::growl::growl::growl::growl:

    ඔය ඔක්කොම 70Kmph ට වැඩියෙ යන්න බෑනේ වැඩි දුරක් ඉතිං ගේමට යන්න දෙයක් නෑ :lol: ක්විඩ් එකකින් උණත් ඔය ඔක්කොම අල්ලුවහැකි :lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උබෙ අර මුලින් කතාව 100% ඇත්ත මචන්.මගෙ තියෙන්නෙත් Toyota Avanza 1ක්. Land Cruiser V8 , Toyota Prado , Nissan Xtrial , Mitsubishi Outlander 1ක්
    මාව ඉස්සර කරගෙන යනකොට උත් එක්ක ගේමට යන්න හිතෙනව:growl::growl::growl::growl::growl:

    ගේමට යන්න ඕන නම් Peugeot 407 ගනින් 2,230 cc එන්ජින් එකක් එනවා 220 ට අරින්න පුළුවන්