CEPA / ECTA ගිවිසුම

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    CEPA / ECTA ගිවිසුම සම්බන්ධයෙන් සමාජයේ නැවත බරපතළ කතාබහක්‌ ඇතිවී තිබේ. .ඒ නව රජය බලයට පත්වීමත් සමඟ ඉන්දු - ශ්‍රී ලංකා අගමැතිවරුන්ගේ හමුවට දින නියම කිරීමත් සමඟය.

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ එළඹෙන ඉන්දීය සංචාරයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි ඒ සම්බන්ධයෙන් දැඩි බලපෑමක්‌ සිදුකරනු ඇතැයි සඳහන්ය.

    ලාංකේය දේශපාලන භූමිකාව තුළ මෙන්ම ව්‍යාපාරික ක්‌ෂේත්‍රයේද උණුසුම් වන මාතෘකාවක්‌ බවට පත්ව ඇති CEPA යනු ඉන්දියාව හා ලංකාව අතර අත්සන් කිරීමට සැලසුම් කර ඇති විස්‌තීර්ණ ආර්ථික සහයෝගිතා ගිවිසුමකි. (Comprehensive Economic Partnership
    Agreement). භාණ්‌ඩ වෙළඳාම, සේවා වෙළඳාම, දේශ සීමා බාධාවලින් තොරව වෘත්තීන්හි නියෑලීමට ඇති අයිතිය, ආයෝජන, ගුවන් සේවා, රේගු සේවා, තත්ත්ව හා තාක්‍ෂණික නියාමනයන්, ආර්ථික සහයෝගිතාවන් සීපා ගිවිසුම තුළ අන්තර්ගත ක්‌ෂේත්‍රයන් බව සඳහන්ය. භාණ්‌ඩ සේවා හා ආයෝජන සඳහා පුළුල්ව ඉඩ සැලසෙන ගිවිසුමක්‌ වන CEPA ට අදාළව පවතින සියලු ගැටලු නිරාකරණය කර ගෙන ඉක්‌මනින්ම එය ක්‍රියාත්මක කිරීම ඉන්දියාවේ අරමුණ වී තිබේ .

    සීපා ගිවිසුමේ ප්‍රශ්නය වසර ගනනාවක්‌ තිස්‌සේ ඇදී යමින් තිබෙන්නකි. ඉන්දියාව සමඟ 'සීපා' ගිවිසුමකට එළැඹෙන ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට මුලදී කළ ඇවිටිලි කළේය. පසුව එය තරමක බලකිරීමක්‌ බවට පරිවර්තනය විය. දැන් එළඹ තිබෙන්නේ තර්ජනය කර හෝ බලහත්කාරයෙන් මේ සීපා ගිවිසුම අත්සන් කරගන්නා අවස්‌ථාවකි. වරින්වර ඒ මෙරට පාලනය කළ නායක නායිකාවන් කවර හෝ හේතු පවසමින් ඊට අත්සන් කිරීම පමා කළහ. ශ්‍රී ලාංකික ව්‍යාපාර ක්‌ෂේත්‍ර හා දේශීය සංවිධාන වලින් ඊට එරෙහිව නැගුනු විරෝධය මීට හේතුවයි.

    සීපා ගිවිසුම විවිධ හේතු ගණනාවක්‌ නිසා ශ්‍රී ලංකාවට හානිදායකය. ඉන්දියාව වැනි විශාල වෙළඳපොළක්‌ ඇති රටක නිෂ්පාදන වියදම ඉතාම අඩුය. අමුද්‍රව්‍ය සඳහා වියදම අඩුය. එම නිසා ඉන්දියානු නිෂ්පාදන සීමාවකින් තොරව මෙරටට තීරු බදු රහිතව පැමිණීම යනු මෙරට දේශීය කර්මාන්ත රැසක්‌ වසාදමන්නට සිදුවීම මිස වෙනකක්‌ නොවේ. එවිට ඒවායේ රැකියා කරන ලක්‌ෂ ගණනක්‌ වන ශ්‍රී ලාංකිකයන්ට රැකියා අහිමිවීම සිදු වේ. අනෙක්‌ විශේෂම කාරණය වන්නේ ඉන්දියාවේ අපනයන දිරිගැන්වීම සඳහා ඉන්දියානු රජය විසින් ඉන්දියානු සමාගම් සඳහා ලබාදෙන සියයට පහළොවක දීමනාවයි. මේ අනුව ඉන්දියාවෙන් භාණ්‌ඩ ශ්‍රී ලංකාවට එවන විට එම වටිනාකමට සියයට පහළොවක දීමනාවක්‌ ඉන්දීය රජය විසින් අදාළ සමාගමට ගෙවනු ලබයි. මේ නිසා ඉන්දියානු සමාගම් නිෂ්පාදන වියදමට මෙරටට භාන්ඩ එවුවද ඔවුන්ට එම සියයට පහළොවේ දීමනාව නිසා ලාභයක්‌ ලැබේ. මේ නිසා ඉන්දියානු සමාගම් සමඟ ශ්‍රි ලංකාවේදී පවා තරගකරන්නට ශ්‍රී ලාංකික සමාගම්වලට නොහැකි වේ.

    සිපා ගිවිසුම අනුව වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිඥයන්, වාස්‌තු විද්‍යාඥයන් ගණකාධිකාරිවරුන් ආදී වෘත්තික ක්‌ෂේත්‍රවල ඉන්දියානු වෘත්තිකයන්ට පුද්ගලිකව ශ්‍රි ලංකාවට පැමිණ තම වෘත්තිය වාණිජ මට්‌ටමින් පවත්වාගෙන යැමට අවස්‌ථාව විවර වේ. ඒ පිළිබඳ යම් සීමාවල් පනවන බවට ප්‍රකාශ වුවද ඒවා ප්‍රයෝගිකව සිදු කළ නොහැක.

    ශ්‍රී ලංකාව මෙම ගිවිසුම අත්සන් කළහොත් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ට ඉතිරිවන්නේ රත්රන් උකස්‌ කිරීම, මුහුදු වෙරල අයිනේ මාළු ඇල්ලීම හා ගමේ පොලියට මුදල් දීම වැනි ව්‍යාපාර කීපයක්‌ පමණක්‌ බවට මෙරට වාණිජ සංගම් ගණනාවක්‌ බිය පළ කර තිබේ. මේ ගිවිසුමත් සමඟ බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතන සියල්ල පවා ඉන්දියානුවන් සතුවීම වැළක්‌විය නොහැක. සිපා යටතේ ඇමරිකන් ඩොලර් මිලියන එකකට වඩා වැඩි ව්‍යාපාර විවෘත කල හැකි අතර සුපර්මාර්කට්‌ ශාඛා දෙකකට වඩා විවෘත කල විට ඇමරිකන් ඩොලර් මිලියනයේ පරාසය ඉවත්ව යන බැවින් මෙරට සුපිරි වෙළඳසල්ජාල පවා ලෙහෙසියෙන්ම ඉන්දියාවට පවරා ගැනීමේ හැකියාව ඇතිවනු ඇත. දැනටමත් මෙරට විවිධ නම්වලින් පවත්වාගෙන යන ව්‍යාපාර රැසක සැබෑ හිමිකරුවන් වන්නේ ඉන්දියානු සමාගම්ය. උදාහරණයක්‌ ලෙස දැනටමත් මෙරට ආහාර පාන සැකසුම් ආයතන බොහොමයක්‌ ඉන්දියානු ව්‍යාපාරිකයන් මිලදී ගෙන ඇත. ඒවා පෙර පැවති නම්වලින් පවත්වාගෙන යන බැවින් සැබෑ අයිතිකරුවන් කවුදැයි කිසිවෙක්‌ දන්නේ නැත. මේවා ඉදිරියේදී කිසිදු බාධාවකින් තොරව සීපා ගිවිසුම යටතේ ඉන්දියාවෙන් සේවකයන්ද ගෙනවිත් කරගෙන යා හැක.

    අද පවතින ධීවර ප්‍රශ්නය වඩා සාර්ථකව කරගන්නට සීපා ගිවිසුම මගින් ඉන්දියාවට හැකිවනු ඇත. එවිට ඉන්දියානු ව්‍යාපාරිකයන්ට සීපා ගිවිසුම හරහා පැමිණ ධීවර ව්‍යාපාරයක්‌ කරගෙන යන්නට අයිතිය ලැබේ. එවිට ඒ සඳහා කිසිවකුට එරෙහි විය නොහැක. එවිට ඕනෑම ඉන්දියානු ජාතිකයෙකුට පැමිණ මෙරට ව්‍යාපාරයක්‌ පටන් ගන්නට පුළුවන. ඒ සඳහා සීපා ගිවිසුම යටතේම ඒ වරප්‍රසාදය දී තිබේ. ඒ යටතේ මේ ව්‍යාපාරයේ කාර්යාලයක්‌ (Branch office) එකක්‌ ඔවුන්ට ලෙහෙසියෙන්ම ඉන්දියාවේ ඇති කරන්න හැකියාව තිබේ. උදාහරණයක්‌ ලෙස ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් ඉන්දියාවේ ශාඛා කාර්යාලයක්‌ ඇත්නම් ඒ කාර්යාලයට ඉන්දීය ශ්‍රමිකයින් බඳවා ගැනීමේ හැකියාව නිතැතින්ම හිමිවේ. එම ඉන්දීය ධිවරයින් ලංකාවේ මුහුදු සීමාවේ මසුන් මැරීමට යෙදවිය හැකි අතර එයට එරෙහිව අදාල ගිවිසුමට අනුව සිදුකිරීමට කිසිම දෙයක්‌ ඉතුරුවෙන්නේ නැත. හේතුව මෙය ලියාපදිංචි කරලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ සමාගමක්‌ ලෙසට වීමය. එවිට නීතිමය හඳුනාගැනීමක්‌ එනම් නෛතික තත්වයක්‌ නිතැතින්ම හිමිවනු ඇත. ඒ නිසා ඔවුන්ට ලෙහෙසියෙන්ම අල්ලන මාළු ටික තමන්ගේ රටට ගෙනයාමේ හැකියාව තිබේ. එසේම ආයෝජන මණ්‌ඩල සමාගමක්‌ සියලුම බදුවලින් නිදහස්‌ වන බැවින් ලාභය ඕනෑ ආකාරයට පිටරටට ගෙනයා හැක. ඔවුන් එයින් ඉතාම සුළු කොටසක්‌ ලංකාවේ ආයතනයටත් එවනු ඇත. සීපා ගිවිසුම යටතේ මේ හැකියාව පවතින නමුත් මේ පිළිබඳව ශ්‍රී ලාංකික බලධාරීන් පවසන්නේ ඔවුන්ට මෙවැනි ක්‍රියාමාර්ග වලට එළඹීමට ඉන්දියාවට ඉඩකඩ නොදෙන බවය. එහෙත් අදාල ගිවිසුම් ප්‍රකාරව ඒ ක්‍රියාමාර්ග වලට විරුද්ධ විය නොහැක.

    දැනටමත් ඉදිකිරීම් ක්‌ෂේත්‍රයේ විශාල රැකියා ප්‍රමාණයක්‌ ඉන්දියානු වෘත්තිකයන් විසින් සංචාරක වීසා මත ලබාගෙන ඇත. සීපා ගිවිසුම අත්සන් කළ පසුව කොන්ත්‍රාත් සමාගම් යටතේ ඉන්දියානු වෘත්තිකයන්ට සහ පුහුණු කම්කරුවන්ට ද ක්‍රමානුකූලව රටට ඇතුල් වීමේ අවස්‌ථාව උදාවීමේ අවදානම ඇත. ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල දරිද්‍රතාවය කෙලෙසද යත් කන්නට බොන්නට පමණක්‌ දී සේවය ලබාගත හැකි මිනිසුන් සිටිති. මේ නිසා අපේ රටේ ශ්‍රම බලකාය මේ තත්වය හොඳින් තේරුම් ගත යුතුය.

    දැනට ක්‍රියාත්මක වන ඉන්දු - ලංකා නිදහස්‌ වෙළෙඳ ගිවිසුම කිසිදු සාධාරණ සමතුලිතතාවයකින් තොරව ඉන්දියාවට වාසිදායක වී ඇත. ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ ඇතිකරගෙන ඇති නිදහස්‌ වෙළඳ ගිවිසුම නිසා අපගේ අපනයන ප්‍රමාණය ඩොලර් මිලියන 40 සිට 325 දක්‌වා වැඩිවූ අතර ඉන්දියාව තම අපනයන ප්‍රමාණය ඩොලර් මිලියන 500 සිට 3500 දක්‌වා වැඩිකරගෙන තිබිණි. ප්‍රතිශතය කෙසේ වෙතත් එම දෙකෙහි වෙනස කොතරම්දැයි බැලු විට එහි තරම සිතා ගත හැක. එයද අභිබවා යන මෙම සීපා ගිවිසුම මගින් භාණ්‌ඩවලට අමතරව සේවා වෙළඳාම, ආයෝජන නිදහසේ ගලායැම සහ රැකියා සඳහා දේශසීමා හරහා නිදහසේ ගමන් කිරීම ආදිය හරහා ශ්‍රීලංකාව මුළුමන්ම ඉන්දියාවට විවෘතවීම සිදුවේ.

    අපේ රටේ රැකියා විරහිත සංඛ්‍යාව ලක්‌ෂ තුනහමාරක්‌ පමණ වේ. එහෙත් ඉන්දියාවේ රැකියා විරහිත පුද්ගලයින් සංඛ්‍යාව ලක්‌ෂ හාරසිය පනහක්‌ පමණවේ. අඩු වැටුපට එන ඉන්දියානුවන්ට රැකියා දෙන්නට අපේ රටේ ඇතැම් ව්‍යාපාරිකයන්ද කටයුතු කලහොත් අපේ රටේ ජනතාවට දෙවියන්ගේම පිහිටය. අනෙක්‌ කරුණ නම් මෙරට බොහෝ බහුජාතික සමාගම් රැසක ප්‍රධාන විධායක නිලධාරීන් ඉන්දියානු ජාතිකයන් වෙති. මේ නිසා ඔවුන් තම සමාගම් සඳහා මේ නව ගිවිසුමත් සමඟ ඉන්දියානුවන් වැඩි වැඩියෙන් ගෙන එනු ඇත. එවිට ඊට විරෝධය පෑමටද ශ්‍රී ලංකා බලධාරීන්ට නොහැකිවනු ඇත.

    ඉන්දියාව මෑත කාලීනව මෙරට දේශපාලන ක්‌ෂේත්‍රයට විශාල ලෙස අත පෙවීම දක්‌නට ලැබේ. එම නිසා මේ තත්ත්වය මත සීපා තවතවත් විවාදාත්මකය. ඒ තුළින් මෙරට ආර්ථික හා දේශපාලන ක්‍රියාවලියට වැඩිවැඩියෙන් අත පෙවීමට ඉන්දියාවට අවස්‌ථාව සැලසේ. අවශ්‍ය ඕනෑම අවස්‌ථාවක තමන්ට අවනත නොවන ශ්‍රී ලංකාවේ රජයන් ඉවත් කරන්නට හැකි තරම් ආර්ථික ශක්‌තියක්‌ සීපා හරහා ඉන්දියාවට හිමිවේ.

    තලෙයිමන්නාරම හා රාමේශ්වරම් හරහා යෝජිත ඉන්දු - ශ්‍රී ලංකා පාලම් මාර්ගය සම්බන්ධයෙන්ද මෙවර සාකච්ඡාවලදි දැඩි අවධානයක්‌ යොමු කෙරෙන බව සඳහන්ය. මේ කිසිවකුත් ශ්‍රිලංකාවේ හිතසුව පිණිස නොවන බව මධ්‍යස්‌ථ මතධාරීන්ගේ මතයයි. ශ්‍රී ලංකා ඉන්දියාවෙන් මේ තරමටවත් ආරක්‌ෂා වී ඇත්තේ මුහුදින් එය වෙන්ව පැවතුනු නිසාය. යෝජිත පාලමත් සමඟ මේ සියල්ල කණපිට හැරෙනු ඇත. එවිට ඉන්දියානුවන් සිත්සේ මෙරටට පැමිණෙනු ඇත. ඒ හරහා ශ්‍රීලංකාවට ඉන්දියානු බලපෑම තව දුරටත් ඉහල යනු ඇත.

    රට පාලනය කිරීම සඳහා වරින් වර පත්වන ආණ්‌ඩු තම තමන්ගේ කාලසීමාවන් තුළ විවිධ රටවල් සමග විවිධාකාරයේ වෙළෙඳ ගිවිසුම්වලට එළඹෙන්නේ ය. එම ගිවිසුම් කෙතරම් දුරට ලාංකීය ආර්ථිකයට සහ ලාංකීය දේශපාලනයට වැදගත් ද නොවැදගත් ද යන්න පිළිබඳ ජනතාව දැනුවත් කිරිමක්‌ නම් මේ කිසිදු අවස්‌ථාවක සිදුව නැත. යෝජිත සීපා ගිවිසුම සකස්‌ කිරීමේ ක්‍රියාවලිය තුළ කිසිදු විනිවිද භාවයක්‌ හෝ මහජනයාට වගවීමේ යාන්ත්‍රණයක්‌ පෙන්නුම් නොකළ අතර ජාතික මට්‌ටමේ සංවිධානවලට පමණක්‌ නොව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පවා ගිවිසුමේ සැබෑ වගන්ති පිළිබඳ දැනගත හැකි වූයේ විවිධ සම්බන්ධකම් හරහා ඉතා දැඩි අපහසුතා මධ්‍යයේ ය. එමෙන්ම එම ක්‍රියාවලියට මැදිහත් වූ බොහෝ ශ්‍රී ලාංකික රාජ්‍ය නිලධාරීන් මෙන්ම උපදේශකයන් විවෘත මනසකින් තොරව ඉන්දියානු වුවමනාවට පක්‌ෂපාතී ලෙස අදහස්‌ පළකිරීම තුළ ඔවුන් කෙරෙහි මහජන විශ්වාසය පවා නැතිවී ගොස්‌ තිබේ. සීපා ගිවිසුමේ සඳහන් බොහෝ කරුණු ගැන අපේ රටේ වෙළඳ දෙපාර්තමේන්තුව පවා හරිහැටි දන්නේ නැත. එය බරපතළ තත්වයකි. එම නිසා මේ ගිවිසුම රටේ ජනතාව දැනගත යුතුය. මේ නිසා රටට වැදගත් මෙවන් ගිවිසුමක්‌ අත්සන් තබන්නට පෙර ඒ සඳහා ජනතා කැමැත්ත ලබාගත යුතුව තිබේ. ඒ සඳහා ජනමත විචාරණයක්‌ වුව පැවැත්වුවාට කමක්‌ නැත.

    මෙහි දී ඇතැම් පාර්ශවයන් මෙම ගිවිසුමට විරුද්ධ වන්නේ විවිධ කාරණා මූලික කොට ගනිමිනි. ඇතැම් දේශීය ව්‍යාපාරිකයන් මෙයට එරෙහි වන්නේ මෙම ගිවිසුම තුළින් තමන්ගේ වෙළෙඳ ව්‍යාපාරය කඩාවැටේය යන බිය හේතුවෙනි. තම ඇතැම් ව්‍යාපාර ක්‌ෂේත්‍රවල අධික ලාභ ලබමින් සමහර ව්‍යාපාරිකයෝ ඒ සඳහා ඉන්දීය මිල අඩු නිෂ්පාදන සඳහා මෙරට වෙළඳපොළට පැමිණීම බාධාවක්‌ ලෙස සිතති.

    ඉන්දීය නිෂ්පාදනවල මිල නිසා ඔවුන් සමඟ තරග කිරීම අසීරු බව ඔවුහු දනිති. මේ නිසා අසාධාරණ ලෙස දේශීය ජනතාව ගසා නොකන ප්‍රතිපත්තියකට දේශීය ව්‍යාපාරිකයාද යා යුතුය. නිෂ්පාදන වියදම හා සාධාරණ ලාභයක්‌ හැර රටේ ජනතාව ගසාකෑම දේශීය ව්‍යාපාරිකයන්ටද තරම් නොවේ.

    මේ අතර කොළඹ පොර්ට්‌ සිටි ව්‍යාපෘතියේ කොටසක්‌ ඉන්දියාවට ලබාදෙන්නට යන බවට දේශපාලන ක්‌ෂේත්‍රයේ කතාබහට ලක්‌ව තිබේ. කොළඹ නගරයේ හදවත වැනි ඉඩමක්‌ ක්‍රිෂ් ව්‍යාපෘතිය සඳහා පසුගිය රජය ලබා දුන්නේය. එහි කොටසක්‌ සඳහා තවත් මුදල් ගෙවන්නට තිබේ.

    සාම්පුර් ඉඩම් ඇතුළු ශ්‍රී ලංකා වෙරල තීරයේ ඉඩම් රැසක්‌ විවිධාකාරයෙන් ඉන්දියානුවන් ලබාගෙන තිබේ. ඉන්දියන් ඔයිල් සමාගම අපේ රටේ ඛනිජ තෙල් ව්‍යාපාරයට පිවිසියේ ඉතාම අඩු මුදලකට මෙරට ඉන්ධනහල් විශාල ප්‍රමාණයක්‌ හිමිකර ගනිමිනි. ඒ අනුව ඉන්දියන් ඔයිල් සමාගමෙන් ඉන්දියාවේ සිට ත්‍රිකුණාමලය දක්‌වා ඔයිල් පොම්ප කරන්නට පයිප්ප මාර්ගයක්‌ ඉදිකරන බව පැවසිනි. එත් ඒ අවස්‌ථාවේදී ඉන්දියාවේ එක්‌ මන්ත්‍රීවරයෙක්‌ පාර්ලිමේන්තුවේදී මේ කාර්යයට තමන් විරුද්ධ බව ප්‍රකාශ කළ අතර ඒ මත පදනම් කරගෙන එම ක්‍රියාවලිය නතර කෙරිණි. ශ්‍රී ලංකාව මේ අවස්‌ථාව දේශීය ව්‍යාපාරිකයෙකුට ලබා දුන්නේ නැත. අවසානයේ ලංකාවේම බැංකුවකින් ඊට අදාල බිලියන 1.2 ක ණයක්‌ ලබා ගෙන කොටස්‌ නිකුතුවක්‌ හරහා ශ්‍රී ලාංකික ජනතාවගේ මුදලින් එය ගෙවා දමන ලදී මෙයින් ලංකාවට කිසිම වාසියක්‌ සිදුවී නැත.

    ඒ අතීත සිදුවීම්වලින් පාලකයන් පාඩම් ඉගෙන ගත යුතුය.එම නිසා ඒ කල වැරදි වලට වඩා සියදහස්‌ ගුණයක පාඩුවක්‌ රටට සිදුකරන සීපා ගිවිසුම අත්සන් කරන්නට පෙර ඒ සඳහා ශ්‍රී ලංකාවේ පාලකයන් ජනතා කැමැත්ත ලබාගත යුතුය.

    - Internet Material
     
    • Like
    Reactions: Suppa92

    signshop

    Well-known member
  • May 30, 2011
    12,149
    8,816
    113
    Dubai
    2l8kp5c.jpg


    2utt5c7.jpg
     
    • Like
    Reactions: Underground

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රනිල් නළුවෙක් නොව මොළයක් කිව්ව උන් දැන් කෝ?

    නළුවෙක් නොව මොළයක්

    bambuva.jpg

    උඹලා මේ වැඩෙන් මහින්දට වාසි අරන්දෙන්න හදනවනම් ..උඹලගේ බොරු සටනක් ඕක ...දෙසපලනික සටනක් නැතුව ..අදාල ලෙසම කරන්න පුලුවන්නම් සහයෝගය පුළුවන් අනිත් පාර්ශව වලින් ....නැත්තන් පුස්වෙඩ් පත්තු කර කර හිටපල්ලා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,831
    2
    54,485
    113
    උඹලා මේ වැඩෙන් මහින්දට වාසි අරන්දෙන්න හදනවනම් ..උඹලගේ බොරු සටනක් ඕක ...දෙසපලනික සටනක් නැතුව ..අදාල ලෙසම කරන්න පුලුවන්නම් සහයෝගය පුළුවන් අනිත් පාර්ශව වලින් ....නැත්තන් පුස්වෙඩ් පත්තු කර කර හිටපල්ලා

    රනිල් බැණුම් අහද්දී ගසාට රිදෙන්නෙ ඇයි?
    කවුරුවත් කිව්වේ නෑනේ ETCA පරදන්න මහින්දට චන්දය දෙන්න කියල? :lol:
    මේක ගේන්න හදනවට රනිල් බැණුම් අහන්න ඕනෙ. :yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    රනිල් බැණුම් අහද්දී ගසාට රිදෙන්නෙ ඇයි?
    කවුරුවත් කිව්වේ නෑනේ ETCA පරදන්න මහින්දට චන්දය දෙන්න කියල? :lol:
    මේක ගේන්න හදනවට රනිල් බැණුම් අහන්න ඕනෙ. :yes:

    ඔයාට තේරෙන විදිහේ අවුලක් ....ඕක සාර්ථක නැහැ කියලයි කියන්නේ ..ගෙඩියට එකට ගහන්න ඕනි ...ගහටම ගැහුවට ගෙඩිය වැටෙන්නේ නැහැ :P
     
    • Like
    Reactions: Underground

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,831
    2
    54,485
    113
    ඔයාට තේරෙන විදිහේ අවුලක් ....ඕක සාර්ථක නැහැ කියලයි කියන්නේ ..ගෙඩියට එකට ගහන්න ඕනි ...ගහටම ගැහුවට ගෙඩිය වැටෙන්නේ නැහැ :P

    ඔව් උඹල මහන්සිවෙලා පැළ කරපු ගහනේ නෙහ් :rolleyes:
    ගෙඩියට ගහද්දි ගහටත් වදිනව. ගහ බේරල ගහන්න කියල කිව්වට වැඩක් නෑ :yes:
    උඹ ගහට ගල් වදින එක විවේචනේ කර කර ඉන්න වෙලාවෙ ගෙඩියට ගහන්ඩ විදිහක් බලහං :yes:
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    ඔව් උඹල මහන්සිවෙලා පැළ කරපු ගහනේ නෙහ් :rolleyes:
    ගෙඩියට ගහද්දි ගහටත් වදිනව. ගහ බේරල ගහන්න කියල කිව්වට වැඩක් නෑ :yes:
    උඹ ගහට ගල් වදින එක විවේචනේ කර කර ඉන්න වෙලාවෙ ගෙඩියට ගහන්ඩ විදිහක් බලහං :yes:
    :P
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ETCA LEAK !!!

    වෙන මොකුත් එපා ETCA ගිවිසුමේ ශිර්ෂපාඨ ටික කියෙව්වත් ඇති එහි භයානාක බව තේරුම් ගන්න. කෘෂිකර්මය, ධීවර කර්මාන්තය, වතුකරය, අධ්‍යාපනය, බලශක්තිය, භූගත ජලය මනින එක පවා මේ ECTA එකේ තියෙනව. අපේ දේශපාලනය පැත්තකින් තියමු. අපේ ආර්ථික ජීවිතයේ-පැවැත්මේ සියලුම සෛලයක් ඇතුලටම ඉන්දියාව රිංගන්න පුළුවන් ECTA එක අත්සන් කලොත්. සෞඛ්‍ය ක්ෂේත්‍රයයි IT ක්ෂේත්‍රයයි පමණක් නෙමෙයි මේකේ ශිර්ෂ පාඨ ටික විතරක් කියවන්න. වෙන මොකුත් එපා.


    Me video eka balapan!!! 2 minutes vitarai!!!


    https://www.facebook.com/550235091746278/videos/793288514107600/
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඔයාට තේරෙන විදිහේ අවුලක් ....ඕක සාර්ථක නැහැ කියලයි කියන්නේ ..ගෙඩියට එකට ගහන්න ඕනි ...ගහටම ගැහුවට ගෙඩිය වැටෙන්නේ නැහැ :P

    mchn jvp kiyanne boruwak , oken ain vela nationalist kenek veyan, jvp avajathayek novi..

    ETCA LEAK !!!

    වෙන මොකුත් එපා ETCA ගිවිසුමේ ශිර්ෂපාඨ ටික කියෙව්වත් ඇති එහි භයානාක බව තේරුම් ගන්න. කෘෂිකර්මය, ධීවර කර්මාන්තය, වතුකරය, අධ්‍යාපනය, බලශක්තිය, භූගත ජලය මනින එක පවා මේ ECTA එකේ තියෙනව. අපේ දේශපාලනය පැත්තකින් තියමු. අපේ ආර්ථික ජීවිතයේ-පැවැත්මේ සියලුම සෛලයක් ඇතුලටම ඉන්දියාව රිංගන්න පුළුවන් ECTA එක අත්සන් කලොත්. සෞඛ්‍ය ක්ෂේත්‍රයයි IT ක්ෂේත්‍රයයි පමණක් නෙමෙයි මේකේ ශිර්ෂ පාඨ ටික විතරක් කියවන්න. වෙන මොකුත් එපා.


    Me video eka balapan!!! 2 minutes vitarai!!!


    https://www.facebook.com/550235091746278/videos/793288514107600/
     
    • Like
    Reactions: Underground

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    එක්ටා ගිවිසුමේ හොද පැත්තක් තියෙනවා....හැබැයි මේකෙ තියෙන රෙගියුලේශන් කන්ඩිෂන් ලංකාවට වාසි වීදියට හැදෙන්න ඕන...මොකද ආසියාවෙ දැවැන්තයෙක් එක්ක අත් වැල් බැඳ ගැනීමේ මූල්‍යමය වාසි තියෙනවා නැතුව නෙවෙයි....හැබැයි ඉන්දියන් උන් මෙහේ ඇවිල්ලා වැඩ කරන්න හදනවා නම් ඒක බරපතල ප්‍රශ්නයක්...චීනය වගේ රටක් එක්ක උනත් ආර්තික සහයෝගීතා ගිවිසුමක් ගහන එකේ වාසියක් තියෙනවා..මොකද චීනය කියන්නෙ ලෝකෙම නිල නොලත් දැවැන්තයා...ඇමරිකාව පවා ඒක දැන ගෙන තිබ්බා චීන්නු ට්‍රිලියන ගානක දැවැන්ත නය මුදලක් සති තුනකින් ගෙවලා ඉවර කරලා තිබ්බා...ඉන්දියාවෙ සේවකයින් නැතුව ලංකාවෙ සේවකයින් එක්ක කර්මාන්ත ඇති වෙනවා නම් ඒක රටට යහපත් වැඩක්...ඉන්දියාව නෙවෙයි දැන් ගිවිසුම් ගහනවා නම් හොzzදම රටක් තමා චීනය....චීන්නු ගාව සල්ලි තියේ..යුරෝපෙට අත වනලා වැඩක් නෑ දැන්...හැබැයි මොන ගිවිසුම ගැහුවත් මෙන්න මේ දේ මතක තියාගන්න ඕන...ලෝකය වෙනස් කලේ චීන්නු..ඒක නාස්ති කරේ ඉන්දියානුවො