වැහි දවසක වාහනේ එලවනකොට

The Jilmart

Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    වැහි දවසක වාහනේ එලවනකොට

    ජිවිතේ ඇතුලේ තියෙන වැඩ රාජකාරි එක්ක ගත්තම අපිට වැඩකරන දවසක් වැහි දවසක් වුනා කියලා අතපය අකුලාගෙන ගෙදරට වෙලා ඉන්න විදිහක් නැහැනේ. ඔන්න ලෙඩ වුනොත් නම් කරන්න දෙයක් නැහැ. එහෙම නැති නම් ඉතින් වැඩ කරන්නම වෙනවා. ඒ මොහොතේ සැප පහසුව හිතන්න කලින් මාසේ ඇතුලේ ජිවත් වෙන්න කන්න අඳින්න හම්බුවෙන පඩිය ආරක්ෂා කරගන්න ඕනේ නේ.

    මේ කියන්න යන්නේ වැහි දවසක වැඩ කලාම බෝනස් හම්බවෙනවා කියලා නෙවෙයි. එහෙම දවසක වැඩට හෝ පුද්ගලික ගමනක් හෝ යන්න ඔබ ඔබේ වාහනේ අතට ගන්නකොට සලකා බලන්න උවමනා වෙන පුංචි පුංචි දැනමුතුකම් ටිකක් කියලා දෙන්නයි.

    හරි එහෙනං, උපදේශන පාඨමාලාව පටන් ගන්න කලින් කල්පනාවට ගන්න උවමනා දේවල් කිහිපයක්ම තියෙනවා. අපි එකින් එක තේරුම් කරගමු.



    1. ටයර්
    backtosarong_aniwa_01.jpg

    වාහනේ වැස්ස දවසක එලියට ගන්න හිතාගෙන ඉන්නවා නම් වාහනයේ ටයර් වල තත්වය ගැන සැලකිලිමත් වෙන එක බොහොම හොඳ පෙර සූදානමක්. මොකද ටයර් වල කට්ට ගෙවීමක්, තුවාල වීමක් වගේ දෙයක් නිසා වැසි දවසක තෙත සහිත මාර්ගයේ ලිස්සා යාමක් හෝ වාහනය පාලනය කරගන්න නොහැකි වීමක් වෙන්නට පුළුවන්. එහි ප්‍රථිපලය ගැන අමුතුවෙන් කියන්න උවමනා නැහැනේ.



    2.බ්රේක්

    Drive_On_Rainy_Day_02a.jpg

    වාහනය පණ ගන්වලා ඉදිරියට පොඩ්ඩක් අරගෙන තිරිංග තද කරලා බලන්න, ඔබට තෘප්තිමත් වෙන්නට පුළුවන් ආකාරයට වාහනය තිරිංග තද වෙනවද කියලා. එහෙම නොවෙනවා නම් කරුණාකරලා පොඩ්ඩක් වාහනයේ බ්රේක් ඔයිල් වල තත්ත්වය පොඩ්ඩක් හොයා බලන්න. එහෙම දෙයක් නම් අඩු පාඩු බ්රේක් ඔයිල් දාගෙන තමන්ගේ ගමන යන්නට ඔබට හැකියාව තියෙනවා.

    එහෙම නැතිව බ්රේක් ඔයිල් අඩුවීමක් නැතිව ඔබේ වාහනය තිරිංග තද වීම අඩු නම්, යන්න හදන ගමනට වෙනත් විකල්පයක් පාවිච්චි කරලා, ඔබේ වාහනය කාර්මිකයෙක් ලවා සේවා කරගන්න එක වටිනවා.



    3. නිදිමත

    Drive_On_Rainy_Day_03a.jpg

    කලින් දවසේ රාත්‍රියේ නිදිමරලා ඉන්න කෙනෙක් නම් කරුණාකරලා ඔබේ වාහනය ධාවනය කරන්න වෙනත් කෙනෙකුට පැවරීම හෝ වාහනය එලවන්නට ඉන්නේ ඔබ විතරක් නම් ප්‍රමාණවත් නින්දක් ලබාගෙන ඉන් පසුව වාහනය අතට ගන්න එකයි නුවණක්කාර ම දේ.

    ඔබේ තත්පර ගානක අතපසු වීමක් කෙනෙකුගේ හෝ ඔබේ ජීවිතය අවසන් වීමට හොඳට ම ප්‍රමාණවත්.



    4. ආසන පටි

    Drive_On_Rainy_Day_04a.jpg

    ගමන යන්නට කලින් ආසන පටි තදකරගන්න එක ගැන අපි මීට කලිනුත් ඔබව දැනුවත් කරලා තිබෙනවා. ඉතින් ඒ කාරණාව මෙතෙන්ටත් අදාලයි. වැසි සහිත දවසක වාහනයේ රෝද වලින් මාර්ගය මත ඇති කරන ඝර්ෂණය අවම අගයක් ගන්න නිසා. වාහනය විවිධ ගැස්සීම් වලට මුහුණ පාන්න තියෙන ඉඩකඩ වැඩියි. එහෙම අවස්තාවක ඔබ සීට් බෙල්ට් පළඳින්නේ නැතිව හිටියොත් අනවශ්‍ය ලෙස සිරුර ගැස්සීම නිසා විවිධ ආපදා වලට වගේම අවාසනාවන්ත ලෙස මරණය පවා සිදු වෙන්නට ඉඩ කඩ තියෙනවා.

    එහෙනම් වාහනේට නගින්න කලින් වාහනේ තුලදී සැලකිලිමත් විය යුතු කාරණා ගැන අපි කතා කළා නේ. දැන් අපි වාහනය ධාවනය වන අතරදී සැලකිලිමත් වෙන්නට උවමනා කාරණාවන් ගැන අවධානය යොමු කරමු.



    5. ඇස් දෙක පාරේ, අත් දෙක සුක්කානමේ

    Drive_On_Rainy_Day_05.gif

    මොනම හේතුවක් නිසා වත් වැහි සහිත දවසක වාහනය පාරට දැම්මට පස්සේ ඔබේ ඇස් පාරෙන් ඉවතට ගන්න එපා. මොකද වැසි ජලය විදුරුවේ වැඩිම නිසා පෙනීම පොඩ්ඩක් බොඳ සහිත වෙන්නට පුළුවන්. ඒ වගේම අවාසනාවකට වගේ වාහනයේ වයිපර්ස් හරියට වැඩ කලේ නැතිනම් ඉදිරිය පෙනීම සොරිම තමා. ඒ නිසා විමසිලිමත් ඇසින් ඉන්න එක තමා කරන්න ඕනේ ම දේ.

    ඒ වගේම වාහනය ධාවනය කරනකොට අත් දෙක නිදහස්ව තියාගන්න එක වටිනවා, විශේෂයෙන් වැහි දවසක, හතර වටේ මොබයිල් ෆෝන්, ඉයර්ෆෝන් කනේ ගහගෙන ළමයාගේ ඩයිපර් මාරු කරගෙන පාරේ වාහන එලෙව්වොත් ටික කාලෙකින් ඔයාටත් වීසා නැතුවම වැලිගම්පිටි යන්න පුළුවන් වේවි.



    6. හෙඩ්ලයිට් දාගන්න

    Drive_On_Rainy_Day_06.jpg

    වැසි සහිත දවසක දහවලේ වුනත් කමක් නැහැ හෙඩ් ලයිට් දෙක දාගෙන යන එක වටිනවා, ඒක ඔබේ ආරක්ෂාවට වගේම ඒක අනික් අයගේ ආරක්ෂාවටත් වටිනවා. ඔබ වාහනයේ හෙඩ් ලයිට් දමාගෙන යන විට වැස්ස අතරින් ඉදිරියට එන වාහනට සංඥාවක් ලැබෙනවා තවත් වාහනයක් ඉදිරියෙන් එන බවට.



    7. වාහන දෙකක් අතර දුර

    Drive_On_Rainy_Day_07a.jpg

    ඔබේ ඉදිරිපසින් හෝ පසුපසින් වාහන ධාවනය වෙනවා නම් ඒ වාහන අතර මනා පරතරයක් තියාගන්න එක වටිනවා. බැරි වෙලාවත් හදිසියේ ඉදිරිපසින් යන වාහනය තිරිංග තද කලොත් ඔබේ වාහනය නවත්වාගන්න යම් ඉඩක් තිබීම අත්‍යාවශ්‍යයි.

    අනෙක් අතට එක් වාහනයක් පිටුපසින් පැමිණ ඉදිරිපසින් තිබෙන වාහනයේ වැදුනොත් වැරදිකරු වන්නේ පසුපස වාහනය ධාවනය කල පුද්ගලයයි.



    8. වෙන දාට වඩා හෙමින් හොඳා

    Drive_On_Rainy_Day_08.gif

    වැස්ස නැති දවස් වල මර තදියමේ යන, ගෙදරදී ගහන GTA පාරේදී රඟපාලා පෙන්නන්න හදන කෙනෙක් නම් මේ කාරණාව වඩාත් වැදගත් වේවි. ටිකක් වාහනයේ වේගය අඩු කරමු. මොකද හදිසියේ තිරිංග තද කරනකොට ඔබ යන්නේ යම් සැලකිය යුතු වේගයකින් නම් වාහනය ඔබේ ග්‍රහණයෙන් මිදිලා වෙන අතක යන්නට ගොඩක් ඉඩ ප්‍රස්තාව තියෙනවා. මේ නිසා වැහි දවසක යන ගමනක් වෙනදට වඩා ටිකක් වේලාසන යන්න ලෑස්ති වෙන එක හොඳයි.



    9. ගංවතුර පැති මඟ හරින්න

    Drive_On_Rainy_Day_09.jpg

    මේ කාරණාව ධාවනය කරන්නේ off road vehicle එකක් නම් සමහර වෙලාවට අදාළ වෙන එකක් නැහැ. ඒ වුනත් වාහනය ගංවතුර සහිත ප්‍රදේශ වලින් ධාවනය නොකර ඉන්න තරමට හොඳයි. එන්ජින් එකට වතුර ගියොත් වාහනයේ වටිනාකම අනුව ඔබට දරන්න වෙන වියදම ඉහල යන්නට පුළුවන්. ඒ වගේම ඔබේ වාහනය කාර් එකක් වගේ උස ප්‍රමාණයෙන් පහත එකක් නම් මේ උපදේශය ඔබට අදාළ වේවි.



    10. ඒසී දාගන්න
    img_2251_ins_10381_orig.jpg

    වැහි සහිත දවසක තියෙන සීතලත් එක්ක මොන එහෙකට මොන ඒසී ද කියලා හිතේවි. ඒත් air condition කියන වචනයට අයත් වෙන්නේ වාහනය තුල ශීතල කරන එක විතරක් නොවෙයි, ඔබේ වාහනය තුල උණුසුමත් එයින් පාලනය වෙන බව ඉන් හැඟවෙනවා. අපේ හුස්ම තුලින් එන ජලවාෂ්ප අපි විදුරු වසාගෙන සිටින විට ඉදිරිපස වීදුරුව මත යම් වාෂ්ප දැල්ලක් වගේ බැඳෙන එක නිසා සමහර විට අපිට පාර නොපෙනී යන්න පුළුවන්. වායුසමීකරණය ක්‍රියාත්මක කලවිට එලිය උණුසුමට සාපේක්ෂව ඇතුලත උණුසුම පාලනය කරන්නට හැකි නිසා මේ කරදරයෙන් ඔබට සහනයක් ලැබේවි.



    11. වතුර වලවල් මග හරින්න
    Drive_On_Rainy_Day_11a.jpg

    වැස්ස කාලෙට වතුර වලවල් හැම තැනම තියෙන එක අරුමයක් නෙවෙයි නේ. සමහර අපේ යාළුවො වතුර වලවල් වලින් තමන්ගේ වාහනය ධාවනය කරවනවා. පෙනුමට නම් දෙපැත්තෙන් වතුර විදගෙන වාහනය මැද්දෙන් යනකොට ලස්සන වුනාට වතුරත් එක්ක ඔබේ වාහනය යටට මඩ අපද්‍රව්‍ය වැනි දේවල් වදින්න පුළුවන්. ඒ වගේම අපි වතුර පිරුණු වලක් මතින් ධාවනය කරනකොට අපි හිතනවට වඩා ඒ වල ගැඹුරු නම් අපේ වාහනයට අලාභහානි වෙන්න තියෙන ඉඩ හරිම වැඩියි.



    12. වතුර කපා හරින, දියරයකින් වීදුරු පිරිසිදු කරගන්න

    Drive_On_Rainy_Day_12a.jpg

    දැන් වෙළඳ පොලේ ඇති වැහි ජලය කපා හරින දියර වලින් ඔබේ වාහනයේ දෙපස වීදුරු සහ පැති කණ්ණාඩි සාත්තු කරන්නට පුලුවන්නම් වැහි ජලය විදුරුවල රැඳෙන්නේ නැතිව ඉක්මනින් ඉවත් වෙලා යාවි.



    13. රෑට යනකොට පරිස්සමින් දෙයියෝ
    Drive_On_Rainy_Day_13.jpg

    මේ මොනවා කිව්වත් වැඩක් නැහැ පුතේ තමන්ගේ ආරක්ෂාව ගැන අවධානයක් නැති නම් ඒ නිසා ආරක්ෂාවයි පරිස්සමයි කියන්නේ වැහි දවසක තමන්ගේ හිතේ මුලින්ම ඇතුලත් කරගන්න උවමනා කාරණාවන් දෙක බවට ඔබත් අනිවා පත් කරගන



    Source : http://www.aniwa.lk/
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    4. ආසන පටි:dull:
    වැස්ස වෙලාවට විතරක් නෙමෙයි.. පුලුවන් හැම වෙලාවටම දාගෙන යනවනම් ටිකක් හරි ෂේප් කියල හිතුනා මේ වීඩියෝ එක දැක්කාම..:oo:

     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    4. ආසන පටි:dull:
    වැස්ස වෙලාවට විතරක් නෙමෙයි.. පුලුවන් හැම වෙලාවටම දාගෙන යනවනම් ටිකක් හරි ෂේප් කියල හිතුනා මේ වීඩියෝ එක දැක්කාම..:oo:


    :yes::yes::yes::yes::yes:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    12. වතුර කපා හරින, දියරයකින් වීදුරු පිරිසිදු කරගන්න

    Drive_On_Rainy_Day_12a.jpg

    දැන් වෙළඳ පොලේ ඇති වැහි ජලය කපා හරින දියර වලින් ඔබේ වාහනයේ දෙපස වීදුරු සහ පැති කණ්ණාඩි සාත්තු කරන්නට පුලුවන්නම් වැහි ජලය විදුරුවල රැඳෙන්නේ නැතිව ඉක්මනින් ඉවත් වෙලා යාවි.





    ගෙදර කොරොල්ලා කාර් එකේ වින්ඩ්ස්ක්රීන් එක වැස්ස වෙලාවට අන්තිමයි. කළුවරේ වැස්ස වෙලාවට එලවන්න මාර අමාරුයි. වින්ඩ්ස්ක්රීන් එකට වැටෙන වතුර වෙන වෙහිකල් වල වගේ විසිරිලා යන්නෙ නෑ, වීදුරුව තෙමාගෙන යන්නෙ. මම හිතන්නෙ එක එක වින්ඩ්ස්ක්රීන් වල පෘෂ්ටික ආතති ප්‍රොපටිස් වෙනස් වෙනවා ඇති.
    කවුරු හරි දන්න කෙනෙක් කියනවද මේකට විසඳුමක් තියනවද නැද්ද කියල? මම අහල තියනවා සමහර ලික්විඩ් වර්ග තියනවා කියල වින්ඩ්ස්ක්රීන් එකේ ගාන්න. එහෙම එකක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද කාටහරි?
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ගෙදර කොරොල්ලා කාර් එකේ වින්ඩ්ස්ක්රීන් එක වැස්ස වෙලාවට අන්තිමයි. කළුවරේ වැස්ස වෙලාවට එලවන්න මාර අමාරුයි. වින්ඩ්ස්ක්රීන් එකට වැටෙන වතුර වෙන වෙහිකල් වල වගේ විසිරිලා යන්නෙ නෑ, වීදුරුව තෙමාගෙන යන්නෙ. මම හිතන්නෙ එක එක වින්ඩ්ස්ක්රීන් වල පෘෂ්ටික ආතති ප්‍රොපටිස් වෙනස් වෙනවා ඇති.
    කවුරු හරි දන්න කෙනෙක් කියනවද මේකට විසඳුමක් තියනවද නැද්ද කියල? මම අහල තියනවා සමහර ලික්විඩ් වර්ග තියනවා කියල වින්ඩ්ස්ක්රීන් එකේ ගාන්න. එහෙම එකක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද කාටහරි?





    Those are windscreen cleaners......

    brands : M3

    Thread එකේ කියල තියන එකටනම් windscreen cleaning fluids හරි... හැබැයි මගේ ප්‍රශ්නෙනම් එකෙන් විසඳෙන්නෙ නෑ. කවුරුහරි කෙනෙක් ඒකට solution එකක් දන්නවද?
     

    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    Thread එකේ කියල තියන එකටනම් windscreen cleaning fluids හරි... හැබැයි මගේ ප්‍රශ්නෙනම් එකෙන් විසඳෙන්නෙ නෑ. කවුරුහරි කෙනෙක් ඒකට solution එකක් දන්නවද?

    RainX ganna. ethakota hari
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    RainX ganna. ethakota hari


    Thanks Bro

    https://www.amazon.co.uk/RainX-Repellant-200ml-Windscreen-Cleaner/dp/B001RAJ1ZM

    Product Description
    Rain X Rain repellent improves wet weather visibility and safety by creating an invisible hydrophobic coating that repels rain, sleet and snow.The coating also makes for easy removal of ice,salt,mud and bugs.Ideal for car windscreens,side and rear windows and even headlights. Please be aware that it is not recommended for use on plastic surfaces. Rain X Rain Repellent helps improve visibility upto 1 second earlier. For example, if driving at 60mph, the stopping distance could be improved upto 90ft.A major safety issue when driving in wet weather. Easy to use and apply, simply apply to a cloth and wipe onto the exterior of your windscreen/windows using a circular motion. Allow to dry and remove with a dry cloth, wiping until clear. The product will last up to 60 days, providing you with clearer vision, enchanced saftey and the knowledge of using a trusted brand on your vehicle.