ඊයෙන් අවසන් වූ සසල හද විල් තෙරට පසු වදනක්
සසල හද විල් තෙරට පසුවදනක් ලියන්නට සිත්විය. මෙවැන්නක් නොලියාම බැරිය.
එළකිරි රේඩියෝවේ විතරක් නෙවෙයි ලංකාවේ ඔන්ලයින් රේඩියෝ කලාවේ තිබුනු උසස්ම තලයේ සුභාවිත ගීත වැඩසටහන මොකද්ද කියලා ප්රශ්නයක් ඇහුවොත් ඒකට දෙන්න තියන එකම උත්තරේ සසල හද විල් තෙර කියන එක විතරයි. ඇත්තටම සසල හද විල් තෙර කියන්නේ අන්ථර්ජාල රේඩියෝ සීමාවෙන් ඔබ්බට ගිය ජාතික ගුවන් විදුලියට ගැලපෙන සාරවත් වැඩසටහනක්. ජාතික ගුවන් විදුලියෙන් වත් මේ වගේ සාරවත් වැඩසටහනක් මේ කාලයේ විකාෂණය වෙනවද කියලා මම නම් දන්නෙ නෑ.
එලකිරි රේඩියෝ එක ගැන කියනව නම් මුල් කාලයේ දවස් 7ට වැඩසටහන් 16ක් විකාෂණය කරන්න තරම් සාරවත් උන ඔන්ලයින් රේඩියෝ එකක් උනත් රේඩියෝ එක කරපු ගොඩක් සාමාජිකයන්ට තමන්ගේ කාර්යබහුලත්වය නිසා මේක දාලා යන්න උනා. සමහරු කාලෙකදි අලුතින් රේඩියෝව කරන්න එකතු උනා. එහෙම එකතු උන සමහර අය කරේ වැඩසටහන් එකක් දෙකක්. ගොඩක් අයට ආසාවට රේඩියෝව කරනවා කියලා පටන්ගත්තට මේක කරගන යන්න තරම් ශක්තියක් තිබුනෙ නෑ කිව්වොත් ඒක තමයි ඇත්ත. සමහරුන්ට නම් පුද්ගලික හේතු තියන්න ඇති. නමුත් මගේ නම් අදහස වැඩක් බාර ගත්තනම් අරහේතු මේ හේතු ඉදිරිපත් කරලා ලත් තැනම ලොප් කරන්නේ නැතුව යම් කාළයක් කරගෙන යන්න පුලුවන් වෙන්න ඕනේ. මොකද එලකිරි රේඩියෝ ඉතිහාසයේ ඉදලා මෑතක් වෙනකන් ප්රෝග්රෑම් 1 ක් 2 ක් හෝ කීපයක් කරලා හිටිහැටියේම අතුරු දහන් උන කට්ටිය තමයි වැඩිපුර හිටියේ.
මේ වගේ හැලහැප්පීම් අතරින් දිගටම ගලාගන ඉදිරියට ආවේ ඉතාම අල්ප වැඩසටහන් කීපයක් විතරයි. ඒවායින් වර්තමානයේ අපිට අහන්න පුලුවන් උනේ දත් කිඹූලගේ සසලහද විල්තෙරත්, තරිදු එම්ජේ ගේ මියුසික් හට් වැඩසටහනත් විතරයි.
ගොඩක් අය වැඩක් පටන්ගන අතරමග දාලා යන යුගයක දත් කිඹූලා කරේ අසම සම වැඩක්. මොකද සති කීපයක්, මාස කීපයක්, අව්රුද්දක් නෙවෙයි අව්රුදු හතරක්ම සසල හදවිල්තෙර වැඩසටහන කරා. වැඩසටහන් එකසිය ගණනක් කරන එක ලේසි සෙල්ලමක් නෙවෙයි. සමහර කාළ වලදී එලකිරි රේඩියෝ එකේ තිබුන එකම වැඩසටහන විල්තෙර විතරයි. ඕනිම කෙනෙකුට වැඩක් පටන් ගන්න නම් පුලුවන්. නමුත් පටන්ගන්න එක නෙවෙයි දුශ්කර ඒක එක දිගට කරගන යන එක. සසල හද විල්තෙරේ අන්ථර්ගතය බැලුවම ඒක දුශ්කර නෙවෙයි අති දුශ්කර වැඩක් කියලා අපට ප්රත්යක්ෂ වෙනවා.
සසල හදවිල්තෙර කියන්නේ සිංහල සුභාවිත සංගීතය වෙනුවෙන් තිබුන ඉතාම උසස් මට්ටමේ රේඩියෝ වැඩසටහනක්. ගොඩක් සිංහල සිංදුවල අපි අහපු නැති මුල් පටිගතකිරිම් මේ වැඩසටහන හරහා අහන්න ලැබුනා. ඒක ඉතාම අමුතු වගේම ආශ්වාදජනක අත්දැකීමක්. ඒ විතරක් නෙවෙයි ගීත විචාර, වැඩසටහනේ ගීත ඉදිරිපත් කිරීමේ අනුපිලිවෙල, නිවේදනය වගේ හැම දෙයක්ම ඉතාම උසස් මට්ටමෙන් තිබුන, අතිශයින්ම සොදුරු වැඩසටහනක් විදිහට මට සසල හදවිල්තෙර හදුන්වන්න පුළුවන්.
වැඩසටහන සතියක් හැර සතියක් විකාෂණය උනාට ඒකට දත් කිඹුලා මහන්සි උන තරම දන්නෝ දනිති. එලකිරි සමාජය වෙනුවෙන්, එලකිරි රේඩියෝව වෙනුවෙන් මේ කරපු මෙහෙවර කිඹුලට බොහෝම ස්තූතී වන්ත වෙනවා. තමන්ගේ වැඩේ කරගන යන්න විතර මේවගේ සමාජ ජාලවලට එන බොහෝ දෙනෙකුට කිඹුලා හොද ආදර්ශයක්.
මෙතෙක් කළක් අතිසාර්තකව කරගන ආපු සසල හද විල්තෙර වැඩසටහන ඊයේ දිනයෙන් නතර කළත් ඒ මතකය නම් අපේ හිත් තුළ හැමදාම රැදිලා තියේවි.
එළකිරි රේඩියෝවේ ශ්රාවක සොයුරු සොයුරියන් සැම වෙනුවෙන් කළ මේ මෙහෙවරට, දත් කිඹුලා සොයුරාට බොහෝ ස්තූති වන්ත වන්නෙමි.
හැමදෙයක්ම මුදලට යට වූ සමාජයේ කිසිදු ලාභ ප්රයෝජනයක් ගැන නොසිතා, අන් අයගේ සිත් සතුටු කිරිමට කළ මේ කැපවීමට බොහෝ පිං සිදුවන්නේමය.
දත්කිඹුලා සොයුරාගේ අනාගත සැලසුම් සිතූ පැතූ ආකාරයෙන්ම සාර්තක වේවායි පතමි!
එදා මෙදා තුර සසල හදවිල්තෙර සවන්දෙන්නට එකතු වුන සෑම සහෝදර සහෝදරියකම ඉතාම ගෞරවයෙන් සිහිපත් කර සිටින්නත් මෙය අවස්ථාවක් කර ගන්නවා.
ඔබ සැමට තෙරුවන්සරණයි!

Last edited: