අනාත්ම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    ඉන්නේ මමමයි කීවට කොහොමද ඕක අපි දැනගන්නේ :oo: ඔන්න මම මැරෙනව, හෙට අපේ ගෙදරම ළමයි දෙන්නෙක් ඉපදුන කියමුකො. ඒ දෙන්නගෙන් එකෙක් තමා මගේ පින් පව් ටිකට කරගහන්නේ කියමුකෝ. මගේ ඊලඟ භවය කියන්නේ අර ළමයි දෙන්නගෙන් මොකාද කියල අපි කොහොමද දන්නේ. :oo: පලවෙනි එකාද දෙවෙනි එකාද නැත්තං මොකෙක්වත් නෙවේද ?

    අපේ පව් වෙනකවුරුත් කරගහන්නෙ නෑ බං... :angry:
    මේකෙ විකාර කියවන එවුන් උඹවත් විකාර කරල :P
    මගේ පව් ගෙනියන්නෙ මම...
    සියලුම පෞද්ගලික මානසික සහ ශාරීරික ලක්ෂන අයින් කළාම ඉතුරු වෙන තරුව උඹලට තාම හිතාගන්ඩ බෑ..
    ඒ තරුව අනාත්මයි.. හැමෝගෙම එක සමානයි.. එකම වෙනස තියන්නෙ උඹේ තරුව උඹෙ, මගේ තරුව මගෙ එච්චරයි..
    කෙනෙක්ගෙ මානසික ලක්ෂණයි ශාරීරික ලක්ෂනයි ඔක්කමො ඉවත් කලාම ඉතුරු වෙන දේ ගැන උඹලට හරි අවබෝධයක් ආවනං මං කියන දේ තේරෙයි.. :yes:
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    බුදු රජානන් වහන්සේත් කිව්වා අන්තයක් අල්ල ගන්න එපා කියලා....
    ඉතින් අන්තයක් අල්ලන්නේ නැතුය සිතන්න එකතොට තෙරෙයි.... මම කියන්නේ නෑ උබ හරි හෝ වැරදි කියලා එත් අන්තයක් ගන්න එපා කිව්වේ. එක පැත්තකනට වෙලා කල්පනා කරොත් වෙන්නේ ඒ පැත්තේ තියෙන දේ වැඩිපුරත් අනිත් පැත්තේ තියෙන දේ අඩුවෙනුත් පෙන එක...
    උද- එකහා සමාන වතු දෙකක් තියෙනවා එකේ එක වත්තකට වෙලා බැලුවාම කොහොමද පෙන්නේ ඉන්න වත්ත හොදට පෙනවා අනිත් පැත්ත අඩුවෙන් පේනවා.. ඔය වතු දෙක බෙදෙන තැන ඉදන් බුලුවාම කෙොහමද පෙන්නේ ඒ වාගේ තමායි...

    මුලින්ම තිසරණය සමාදන් වෙලා පන්සිල් රැකගෙන පොඩ්ඩ පොඩ්ඩ ධර්මයට ඇතුලු වන්න එතකොට තේරේනවා මේ ධර්මය. ඒත් සමහර දේවල් අපේ මනසට ගොචර වෙන්නේ නෑ ඉතින් ඒ වේලාවට අපේ මනස වෙන බොරැ දේයක් අල්ල ගන්නවා ඒක තමයි නිවැරදි දේ කියලා....මෙන්න මේවාගේ අවස්ථාවන් වලදි බොරහාම පරිස්සමින් මනස ක්‍රියා කරගන්න.. එකට ඉතින් පෙර කුසල් තමයි උපකාරි වෙන්නේ...

    මට සමහර දේවල් තෙරැම් කරන්න බෑ මට හැතකියාව නෑ තෙරෙන්න කියලා දෙන්න....
    ධර්මයට ඇතුලුවන්න මහා මුහුදට ඇතුලු වන්නා සේ.....

    තෙරැවන් සරණයි
     
    • Like
    Reactions: AnuradhaRa

    :yes:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,332
    569

    :yes::yes::yes:

    මගේ දැනුමේ හැටියට "මුලින්ම තිසරණය සමාදන් වෙලා පන්සිල් රැකගෙන පොඩ්ඩ පොඩ්ඩ ධර්මයට ඇතුලු වන්න එතකොට තේරේනවා මේ ධර්මය." කියන කෑල්ල හැරුණු කොට අනික් සියල්ල හරියට හරි :)
    පන්සිල් රැකගෙන පොඩ්ඩ පොඩ්ඩ ධර්මයට ඇතුලු වෙච්ච අය ගැන සාක්ෂියක් ත්‍රිපිටකයේ කොහෙවත් නෑ. ඇත්තටම තියෙන්නේ එකේ අනික් පැත්ත. අපිට මේ දේවල් අහල දැනගන්න ජීවමාන තථාගතයන් වහන්සේ නැති නිසා අපිට ත්‍රිපිටකයේ තියන දේ තමයි ගන්න වෙන්නේ.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,803
    2,950
    113
    මම හිතාගන ඉඳියෙ උඹට ඇත්තටම මානසික රෝගයක් තියෙනව කියල ඒත් දැන් හිතෙනවා එහෙම ලෙඩක් උඹට නෑ කියල
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මෙහෙම ත්‍රෙඩ් දාපු අනුරාධරා දැන් කෝ :( දැන් ඉන්නෙ වෙනස්ම කෙනෙක් වගේ බං :sorry: අදයි මේක දැක්කෙ. ආයෙ මේ වගේ වෙයංකො :love:
     
    • Like
    Reactions: Solo Rider

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අනාත්ම

    මේක හරියට තේරුම් ගත්තොත් උඹල shock වෙන්ඩ ඕන..

    මිනිස්සු හැමෝම එක වගේ නෑ. පෙනුමෙන් වෙනස්, හිතන විදියෙන් වෙනස්
    ඕනෑම මනුෂ්‍යයෙක් ගත්තම, එයා අනිත් අයගෙන් වෙනස් වෙනව. එයාටම අනන්‍යවූ ලක්ෂණ තියෙනව.

    මෙහෙම වෙනස් වන ආකාර, ප්‍රධාන වශයෙන් 2ක් තියෙනව

    1. ශාරීරික ලක්ෂණ
    2. මානසික ස්වභාවය

    View attachment 58638

    ලැබිල තියෙන ශරීරය අනුව මනිස්සු එකිනෙකාට ගොඩක් වෙනස්. සමහරක් අය ලස්සනයි, සමහරක් අය එච්චර ලස්සන නෑ..
    තව කට්ටියක් සුදුයි, තව කට්ටියක් කලුයි.. ආ කියන්ඩ ඕනම දේ අමතක උනා.. ගෑනු පිරිම අනුවත් අපි වෙනස් වෙනව
    උසයි, මිටියි, මහතයි මේ විදියට අපි හැමෝම අනිත් අයගෙන් වෙනස් වෙනව

    දැං අපි හිතමු, හැමෝගෙම ශාරීරික වෙනස් කං අයින් කරල, හැමෝවම එකම මට්ටමකට ගන්නව කියල.
    දැං හැමෝවම පේන්නෙ එක වගේ. කවුරුවත් වෙන් කරල හඳුන ගන්ඩ බෑ.
    උදාහරණෙකට, ගහැනු අයගෙ ගැහැනු ලක්ෂණත් අයින් කරල, පිරිමින්ගෙ පිරිමි ලක්ෂණත් අයින් කරල දැම්ම ම, ගැහැනු පිරිමි වෙනස්කමක් දකින්ඩ නෑ. (හැබැයි මෙතනදි ගැහැනු මානසික ලක්ෂණ, පිරිමි මානසික ලක්ෂණ සැලකුවෙ නෑ. ඒකට එනව පස්සෙ)

    දැං ඔය ශාරීරික ලක්ෂණ හැමෝගෙම ඒව සමාන කලා වගේ.. අපි හිතමු මානසික ලක්ෂණත් එක මට්ටමකට ගෙනාව කියල
    සමහරක් අය වසයි, සමහරක් අය අහිංසකයි. ඒ වගේ වෙනස් කං අයින් කරල, හැමෝගෙම මානසිකවත් එකම මට්ටමකට ගේනව
    දැං මොකද වෙන්නෙ, ඔක්කොමල්ල එක සමානයි..

    අපි මේ සංසාර ගමනෙදි, පුරුදු කරපු පුරුදු අනුව, අපිට එක එක ලක්ෂණ ලැබුන. ශාරීරිකවත් මානසිකවත්.
    දැං මං මේ කතාව වෙන විදියකට කියනව
    අපි ගමු මහින්ද රාජපක්ෂවයි, අපේ ජනාදිපති මෛත්‍රීපාල මහත්තයවයි..
    දැං මේ දෙන්න වෙනස්. රාජපක්ෂගෙ ශරීරය අයින් කරනව. සිරිසේන මහත්තයගෙ ශරීරයත් අයින් කරනව. ඊට පස්සෙ දෙන්නටම වෙනම විදියෙ එක සමාන ශරීරවල් දෙකක් දෙනව. උදාහරෙණකට ගමු මැඩෝන කියල
    හැබැයි මනසින් නං දෙන්න තාම වෙනස්. මෙතනදි මානසික ලක්ෂණ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්ඩ ඕන.

    මානසික ලක්ෂණ කිව්වම ගොඩක් දේවල් ඒකට අයිතියි
    1. පෞරුෂය
    2. උපන් දා ඉඳල තියෙන මතකය
    3. චරිත ස්වභාවය වගේ දේවල්

    දැං ආයෙ කතාවට එමු. රාපක්ෂගෙ මනසෙ තියෙන, එයාටම අනන්‍ය වූ ටිකයි, සිරිසේන මහත්තයගෙ මනසෙ තියෙන දේවල් ටිකයි (දෙන්නගෙම මතකයත් ඇතුලුව) අයින් කරනව. අයින් කරල මැඩෝනගෙ මනස දෙන්නටම දානව දැං මොකද වෙන්නෙ. දෙන්නම එක සමාන වෙනව. දෙන්නම දැං කතා කරන්නෙ මැඩෝන වගේ..
    දැං එතකොට රාජපක්ෂට මොකද උනේ.. එයා තාම ඉන්නවද ?
    සිරිසේනට මොකද උනේ ? එයත් තාම ඉන්වද ?
    හැබැයි අපි දන්නව කලිං හිටියෙ මෙයා මෙයා කියල. ඒත් දැං දෙන්නගෙ වෙනස් කමක් කාටවත් කියන්ඩ පුලුවන්ද ? කොටින්ම රාජපක්ෂටවත් සිරිසේනටවත් කියන්ඩ පුලුවන්ද ? මොකද දැං එයාලගෙ මතකයත් අයින කරල තියෙන්නෙ..

    මං හිතන්නෙ දැං ඔයාලට යමක් තේරෙන්ඩ ඇති කියල හිතනව
    මෙන්න මේකයි මට තේරුං කරන්ඩ ඕන උනේ..
    අපිට ස්ථිර ආත්මයක් කියල එකක් නෑ.. මොකද ආත්මය කියල ගත්තම, එයින් අදහස් කරන්නෙ එකිනෙකාගෙ අනන්‍යතාවය.. මං ඔයාලට දැං පෙන්නුව එහෙම අනන්‍යතාවයක් තියෙන්ඩ විදියක් නෑ කියල..

    මම ඔය රූපයක් දාල තියෙන්නෙ.. කාටහරි කියන්ඩ පුලුවන්ද, තරුවෙන් පෙන්නල තියෙන්නෙ මොකද්ද කියල
    රාපක්ෂගෙ ශාරීරික ලක්ෂනයි මානසික ලක්ෂණයි ඔක්කොම අයින් කලාම ඉතුරු වෙන්නෙ ඔය තරුව විතරයි
    සිරිසේන මහත්තයටත් එහෙමයි. එයාටත් තරුව විතරයි ඉතුරු වෙන්නෙ..

    හැබැයි මේ තරු දෙක එක සමානයි.. කිසිම වෙනසක් නෑ.. (අපි ආත්මය කියල වරද්දන් තියෙන්නෙ ඕක)
    මම ඔය තරු වලට කියන්නෙ.. අපිව මේ සංසාරෙ ඉදිරියට ගෙනියන ගාමක බලය කියල.. (ආසාවන් පස්සෙ දුවන)
    අපි හැමෝගෙම මේ ගාමක බලය සමානයි.. කිසිම වෙනසක් නෑ.. සංසාරෙ අපි මහුණ දෙන අත්දැකීම් අනුව, ඇති කරගන්න පුරුදු අනුව විවිධ අනන්‍ය වූ ලක්ෂණ ගොඩ නගා ගන්නව... හැබැයි ඒව කවදාවත්, හැම භවයකදිම එක වගේ තියෙන් නෑ..

    භවයෙන් භවයට මාරු වෙවී යනකොට, මේ භවයෙ කෙනෙක්ගෙ තියෙන ලක්ෂණ ටික ටික අඩුවෙල, කවද හරි නැත්තටම නැති වෙන්ඩ පුලුවං.. එතකොට කලිං තිබුණ අනන්‍යතාවෙ එයාට දැං තියෙනවද ? අලුත්ම පුද්ගලයෙක් දැං ඉන්නෙ.. කලින් භවයක ඉඳල ස්ථිරව ඉදිරියට ගේන අනන්‍යතාවයක් (ආත්මයක්) නෑ..

    අද ඉන්න රාජපක්ෂ යම් භවයකදි සීයයට සීයයක්ම මෛතීපාල වගේ වෙන්ඩ පුලුවං.. එතකොට අර රාජපක්ෂ කියල කියපු කෙනා කෝ ?
    කලින් හිටපු රාජපක්ෂයි මේ රාජපක්ෂගෙයි වෙනසක් ඔයාලට කියන්ඩ පුලුවන්ද ? බෑ...
    අඩුම ගානෙ රාජපක්ෂටවත් ඒක තේරෙන් නෑ..

    මගේ ඊළඟ ත්‍රෙඩ් එක, මේකට සම්බන්ධයි
    ඒකෙ ටොපික් එක තමා..
    Free Will and Determinism
    ඉස්සරහට බලාපොරොත්තු වෙන්න..
    අද හෙන පොර ලබන භවයෙදි චූ පොන්නයෙක් වෙන්ඩ පුලුවං.. ඒ වගේම තමා ඒකෙ අනික් පැත්තත්

    ජීවිතය තේරුං ගන්ඩ. යහපත් විදියට ජීවත් වෙන්ඩ
    හම්මටසිරි.. ඇයි බන් දැන් මේ වගේ දේවල් ඉඳහිට වත් දාන්නේ නැත්තෙ?