ඇයි අපි පොහොසත් නැත්තෙ ? II
ඇයි අපි පොහොසත් නැත්තෙ ? II
ඇයි අපි පොහොසත් නැත්තෙ ?කියල තව නූලක් යනව නේ. ඒකෙ තියෙනවා පෝසත් වෙන්න කළ යුතු ගොඩක් දේවල්. ඕබා එළකිරියේ ඉස්සෙල්ලම ලියවුණ දේවල් නෙවෙයි. ගොඩක් දෙමව්පියෝ තමන්ගෙ දරුවෝ යමක් වටහාගන්න හැකි කාලෙදි නිතර නිතරම කියන දේවල්. ඒවගේම වාණිජ අංශෙන් ඉගෙන ගන්න අයට වුණත් ඔය ඒ නූලෙ කියල තියෙන දේවල් වලින් 90%ක්ම වගේ නිතර අහන්න වෙන දේවල්.
ඒත් ඒ අයගෙන් අති සුළුතරයක් පමණයි පෝසත්. බහුතරය පෝසත් නෑ. මොකද ඒ ? හේතුවක් තියෙනවද ? නැද්ද ?
සුද්දො අපේ මොළ හෝදපු නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමත් බටහිර ක්‍රමයෙන් මේ ප්‍රශ්නෙට තියෙන උත්තරම තමා අර අනික් නූලෙත් දාල තියෙන්නේ. ඒවගෙ සාර්ථකත්වය කොච්චරද කියලා අමුතුවෙන් ආයෙත් කියන්න ඕන නෑනේ. නමුත් යල්පැනගිය අවිද්‍යත්මක අවිද්‍යානුකූල නොදියුණු නූගත් මෝඩ දේශීය ක්‍රමයෙන් මේ ප්‍රශ්නෙට අති සාර්ථක විසදුමක් ලබා දෙනවා.
ඔය පෝසත් මිනිස්සුන්ගෙ සම්මුඛ සාකච්ඡා අහල බලන්න. මොනවද එයාල නිතරම කියන්නෙ අනික් අයට. "you must have the hunger to succeed" , "you need to have the hunger to win". පෝසත් උදවිය ගොඩක් කියන කතාවක් තමා මේක. මේ "hunger" එක නැතුව පෝසත් වෙන්න බෑ කියල තමා එයාල කියන්නේ.
එතකොට පෝසත් වෙන්න නම් ඔය කියන "hunger" එක ඇති කරලා වැඩි කරන්න ඕනා. එහෙම නැතුව පෝසත් වෙන්න යන හැම වැඩක්ම අතරමඟ හිටිනවා. ඒ නිසා තමා ඔය අනික් නූලෙ කියන ඒවා කොච්චර කිව්වත් තාමත් අපි පෝසත් නැත්තේ.
"hunger" කියන්නෙ කුසගින්න/බඩගින්නට. මේක උග්‍ර වුණාම අපිට නොයෙක් ආකාරයේ කෑම වර්ග කන්න අදහස් හිතට එනවා. එකම ජාතියෙ කෑම එපා වෙලා යනවා. එතකොට මේ අදහස ඉෂ්ඨ කරගන්න හිත ඉබේටම අළුත් ආදායම් මාර්ග නිර්මාණය කරන්න පෙළඹෙනවා. මෙන්න මේක තමා අපේ මුතුන්මිත්තො අපිට දායාද කරපු පෝසත් වෙන ක්‍රමය. මේ සඳහා අපේ මුතුන්මිත්තො අපිට දායාද කළා "අග්න්දීපනය" කියල සුවිශේෂි ප්‍රතිකාර ක්‍රමයක්. ඒකෙන් කුසගිණි වැඩි කරලා අර මුලින් කිව්ව ආකාරයට මනස උත්තේජනය කරවලා ශරීරයේ කඩිසර භාවය වැඩි කෙරෙනවා.
ඒත් ලෝකෙටම ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ ලංකාවෙ ඉන්නෙ කම්මැලියො කියලා. ඒ මොකද ඒ - මුලින් කියපු විදියට කුසගින්න වැඩි කළාම මනස උත්තේජනය වෙලා කඩිසර වෙනවා නම් , මනස කම්මැලි වෙන්න කුසගින්න අඩු වෙන්න ඕනා. ඒකම විදියේ කෑම නිතර නිතර කැවෙන්න ඕනා. අද අපේ රස දැනීමේ සංවේදීත්වය අඩු වෙලා. අළුත් කෑම හොයාගෙන ගියත් අති බහුතර තැන් වල තියෙන්නෙ එකම කෑම සෙට් එක. ඒක නේද අපිට අද වෙලා තියෙන්නේ ?
මොකක්ද ඒකට හේතුව ?
ඒකට හේතුව තමා අවුරුදු 200ක් පරණ ECTA ගිවිසුම
.
ලංකාවයි සිංගප්පූරුවයි කියන්නේ සමකයට ආසන්න තැන් දෙකක්. මේ දෙකම පැරණි යටත් විජිත දෙකක්. ලංකාවට අවුරුදු 200ක ඉඳලා ඉන්දියාවෙන් ගේන දිග වියළි රතු මිරිස් ආනයනය කරලා කටට සැරට රහට කන්නයි කියල රට්ටුන්ට උගන්නනවා. නමුත් සිංගප්පූරුවෙ දිගවියළි රතු මිරිස් කරළක් එක කෑමක වත් හොයාගන්න නෑ (විකුණන්න නම් ඇති, නමුත් කඩවල් වල නම් දැකලම නෑ). මේ නිසා මොකද වුණෙ ? රතු මිරිස් නිසා ලංකාවෙ අයගෙ බඩේ ගිණියමෙන් බඩේ ස්නායු අඩපණ වීම නිසා කුසගින්න තීවෘව දැනීම නැති වුණා. සිංගප්පූරුවෙ අයට එහෙම වුණෙ නෑ. කුසගින්න එන්න එන්න තීවෘ වීම නිසා එකම කෑම රටා වලින් මිදිලා සිංගප්පූරුව ආසියාවේ ආහාර මධ්‍යස්ථානය වුණා. ලංකාවේ අයගෙ බඩේ ගිණියම වැඩි වුණ නිසා බඩේ ස්නායු දුර්වල වීම නිසා කුසගින්න තීවෘව නොදැනීම නිසා , අළුත් අළුත් ආහාර හොයාගෙන යන්න ඔනෑකමක් ඉස්මතු නොවෙන නිසා මොකද වුණේ, අළුත් අළුත් ආදායම් මාර්ග නිර්මාණය කරන්න අවශ්‍යතාවයක් මතු වුණේ නෑ. සිංගප්පූරුවෙ වුණේ ඒකෙ අනික් පැත්ත. එහෙ කටට සැරට කෑම කැවිල්ලක් නෑ. හැකි තරම් රස ගොඩක් දැනෙන විදියට තමා කෑම හදන්නේ ( ඒ කිව්වෙ අවුරුදු 200කට පෙර අපේ තිබුණ ක්‍රමයට
). ඉතිං මොකද වෙන්නේ , කුසගිනි තීවෘ වීම නිසා අළුත් අළුත් කෑම ඔනෑ වීම නිසා ඉබේටම හිත නිතරම අළුත් අළුත් ආදායම් ක්‍රම වලට නැඹුරු වෙනවා. ඉතිං පෝසත් වෙන එක අහන්නත් දෙයක්ද ?
ගොඩක් පෝසත් රටවල් කටට සැරට කන රටවලුත් නෙවෙයි. දැන් පැහැදිලි ඇති පෝසත් කමෙයි සැරට කෑමෙයි අතරෙ තියෙන සම්බන්ධය.
එතකොට අපි පෝසත් නැත්තෙ ඇයි ?
ඇයි අපි පොහොසත් නැත්තෙ ? II
ඇයි අපි පොහොසත් නැත්තෙ ?කියල තව නූලක් යනව නේ. ඒකෙ තියෙනවා පෝසත් වෙන්න කළ යුතු ගොඩක් දේවල්. ඕබා එළකිරියේ ඉස්සෙල්ලම ලියවුණ දේවල් නෙවෙයි. ගොඩක් දෙමව්පියෝ තමන්ගෙ දරුවෝ යමක් වටහාගන්න හැකි කාලෙදි නිතර නිතරම කියන දේවල්. ඒවගේම වාණිජ අංශෙන් ඉගෙන ගන්න අයට වුණත් ඔය ඒ නූලෙ කියල තියෙන දේවල් වලින් 90%ක්ම වගේ නිතර අහන්න වෙන දේවල්.
ඒත් ඒ අයගෙන් අති සුළුතරයක් පමණයි පෝසත්. බහුතරය පෝසත් නෑ. මොකද ඒ ? හේතුවක් තියෙනවද ? නැද්ද ?
සුද්දො අපේ මොළ හෝදපු නවීන විද්‍යාත්මක විද්‍යානුකූල දියුණු උගත් බුද්ධිමත් බටහිර ක්‍රමයෙන් මේ ප්‍රශ්නෙට තියෙන උත්තරම තමා අර අනික් නූලෙත් දාල තියෙන්නේ. ඒවගෙ සාර්ථකත්වය කොච්චරද කියලා අමුතුවෙන් ආයෙත් කියන්න ඕන නෑනේ. නමුත් යල්පැනගිය අවිද්‍යත්මක අවිද්‍යානුකූල නොදියුණු නූගත් මෝඩ දේශීය ක්‍රමයෙන් මේ ප්‍රශ්නෙට අති සාර්ථක විසදුමක් ලබා දෙනවා.

ඔය පෝසත් මිනිස්සුන්ගෙ සම්මුඛ සාකච්ඡා අහල බලන්න. මොනවද එයාල නිතරම කියන්නෙ අනික් අයට. "you must have the hunger to succeed" , "you need to have the hunger to win". පෝසත් උදවිය ගොඩක් කියන කතාවක් තමා මේක. මේ "hunger" එක නැතුව පෝසත් වෙන්න බෑ කියල තමා එයාල කියන්නේ.
එතකොට පෝසත් වෙන්න නම් ඔය කියන "hunger" එක ඇති කරලා වැඩි කරන්න ඕනා. එහෙම නැතුව පෝසත් වෙන්න යන හැම වැඩක්ම අතරමඟ හිටිනවා. ඒ නිසා තමා ඔය අනික් නූලෙ කියන ඒවා කොච්චර කිව්වත් තාමත් අපි පෝසත් නැත්තේ.
"hunger" කියන්නෙ කුසගින්න/බඩගින්නට. මේක උග්‍ර වුණාම අපිට නොයෙක් ආකාරයේ කෑම වර්ග කන්න අදහස් හිතට එනවා. එකම ජාතියෙ කෑම එපා වෙලා යනවා. එතකොට මේ අදහස ඉෂ්ඨ කරගන්න හිත ඉබේටම අළුත් ආදායම් මාර්ග නිර්මාණය කරන්න පෙළඹෙනවා. මෙන්න මේක තමා අපේ මුතුන්මිත්තො අපිට දායාද කරපු පෝසත් වෙන ක්‍රමය. මේ සඳහා අපේ මුතුන්මිත්තො අපිට දායාද කළා "අග්න්දීපනය" කියල සුවිශේෂි ප්‍රතිකාර ක්‍රමයක්. ඒකෙන් කුසගිණි වැඩි කරලා අර මුලින් කිව්ව ආකාරයට මනස උත්තේජනය කරවලා ශරීරයේ කඩිසර භාවය වැඩි කෙරෙනවා.
ඒත් ලෝකෙටම ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ ලංකාවෙ ඉන්නෙ කම්මැලියො කියලා. ඒ මොකද ඒ - මුලින් කියපු විදියට කුසගින්න වැඩි කළාම මනස උත්තේජනය වෙලා කඩිසර වෙනවා නම් , මනස කම්මැලි වෙන්න කුසගින්න අඩු වෙන්න ඕනා. ඒකම විදියේ කෑම නිතර නිතර කැවෙන්න ඕනා. අද අපේ රස දැනීමේ සංවේදීත්වය අඩු වෙලා. අළුත් කෑම හොයාගෙන ගියත් අති බහුතර තැන් වල තියෙන්නෙ එකම කෑම සෙට් එක. ඒක නේද අපිට අද වෙලා තියෙන්නේ ?

මොකක්ද ඒකට හේතුව ?
ඒකට හේතුව තමා අවුරුදු 200ක් පරණ ECTA ගිවිසුම

.ලංකාවයි සිංගප්පූරුවයි කියන්නේ සමකයට ආසන්න තැන් දෙකක්. මේ දෙකම පැරණි යටත් විජිත දෙකක්. ලංකාවට අවුරුදු 200ක ඉඳලා ඉන්දියාවෙන් ගේන දිග වියළි රතු මිරිස් ආනයනය කරලා කටට සැරට රහට කන්නයි කියල රට්ටුන්ට උගන්නනවා. නමුත් සිංගප්පූරුවෙ දිගවියළි රතු මිරිස් කරළක් එක කෑමක වත් හොයාගන්න නෑ (විකුණන්න නම් ඇති, නමුත් කඩවල් වල නම් දැකලම නෑ). මේ නිසා මොකද වුණෙ ? රතු මිරිස් නිසා ලංකාවෙ අයගෙ බඩේ ගිණියමෙන් බඩේ ස්නායු අඩපණ වීම නිසා කුසගින්න තීවෘව දැනීම නැති වුණා. සිංගප්පූරුවෙ අයට එහෙම වුණෙ නෑ. කුසගින්න එන්න එන්න තීවෘ වීම නිසා එකම කෑම රටා වලින් මිදිලා සිංගප්පූරුව ආසියාවේ ආහාර මධ්‍යස්ථානය වුණා. ලංකාවේ අයගෙ බඩේ ගිණියම වැඩි වුණ නිසා බඩේ ස්නායු දුර්වල වීම නිසා කුසගින්න තීවෘව නොදැනීම නිසා , අළුත් අළුත් ආහාර හොයාගෙන යන්න ඔනෑකමක් ඉස්මතු නොවෙන නිසා මොකද වුණේ, අළුත් අළුත් ආදායම් මාර්ග නිර්මාණය කරන්න අවශ්‍යතාවයක් මතු වුණේ නෑ. සිංගප්පූරුවෙ වුණේ ඒකෙ අනික් පැත්ත. එහෙ කටට සැරට කෑම කැවිල්ලක් නෑ. හැකි තරම් රස ගොඩක් දැනෙන විදියට තමා කෑම හදන්නේ ( ඒ කිව්වෙ අවුරුදු 200කට පෙර අපේ තිබුණ ක්‍රමයට
). ඉතිං මොකද වෙන්නේ , කුසගිනි තීවෘ වීම නිසා අළුත් අළුත් කෑම ඔනෑ වීම නිසා ඉබේටම හිත නිතරම අළුත් අළුත් ආදායම් ක්‍රම වලට නැඹුරු වෙනවා. ඉතිං පෝසත් වෙන එක අහන්නත් දෙයක්ද ?ගොඩක් පෝසත් රටවල් කටට සැරට කන රටවලුත් නෙවෙයි. දැන් පැහැදිලි ඇති පෝසත් කමෙයි සැරට කෑමෙයි අතරෙ තියෙන සම්බන්ධය.
එතකොට අපි පෝසත් නැත්තෙ ඇයි ?
Last edited:

දැන් ලංකාව දියුණු නොවෙන්න හේතුවත් රතු මිරිස් ද

Kohomada e logic eka
?