තවත් එක් කතාවක්...

thilaapiya

Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    තවත් එක් කතාවක්...

    "නිමල් අයියේ..පුතාව කාලා තියෙන්නෙ නිදි මාපිලෙක්.ටිකක් දරුණුවට කාලත් තියෙනවා.හෑබෑයි ගෙනාපු දවසයි වෙලාවයි හොද නිසා විස නෑගලා නෑ.මම සනීප කරන්නම්.ඉක්මනට ගිහින් නිමල් අයියාම එලියෙ තියෙන දෙහි ගහෙන් දෙහි කටුවක් අරන් ඈවිත් මෙතන කනප්පුව උඩින් තියන්න කතා කරන්නෙ නෑතුව."
    තාත්තා දුවගොස් කී ආකාරයටම කල අතර මෑණිකේ නෑන්දා විසින් මගේ අත සර්පයා කෑ තෑන දෙහි කට්ටෙන් සිදුරු කර යමක් පොඩි ගල් කෑටයක වෑනි දෙයක උරච්චි කර අතෙහි තබා මෑතුරුවාය.

    මෑණිකේ නෑන්දා යනු සෝමේ මාමාගේ වෑඩිමල් සොයුරියයි.සෝමේ මාමා යනු මගේ තාත්තාගේ එක් අතිජාත මිතුරෙක් වන අතර ඔහුත් දක්ශ සර්ප මන්තර කරුවෙකි. මන්තර මතුරා නිවෙස් වෑදී සිටින සර්පයන් අල්ලා කෑලෑවට ගෙන ගොස් දෑමීම ඔහු අතින් නිරන්තර සිදුවූ සමාජ සත්කාරයකි.ජීවිකාව සදහා ගොවිතෑන් කල ඔහු කිසිදිනෙක සර්පයෙක් මරා දමනවා දෑක නෑති බව අපේ තාත්තා අම්මා සමග පවසනවා මා අසා ඈත. ගෑමියන් අතර ඔහු නයි සෝමේ ලෙස ප්‍රසිද්ද වී ඈත.මෑණිකේ නෑන්දා සහ සෝමේ මාමා එක කුස උපන් සහෝදර, සහෝදරියන් වන අතර පරම්පරාවෙන් ගෙන එන මන්තර ශාස්ත්‍රය හා වෙදකම සේවයක් ලෙස ගෙන ගියහ.මෑණිකේ නෑන්දා සහ සෝමේ මාමා අපේ තාත්තාට වඩා වයසින් වෑඩි වුවද අපේ ගමේ අනිත් අය මේන් මගේ තාත්තාට නිමල් අයියා යෑයි කියති. ඒ තාත්තාට ඈති ගරුකිරීම නිසා බව අම්මා මට පවසා ඈත.

    "පුතාට සනීප වෙනකල් මෙහෙ ටික දවසක් ඉන්න වෙයි".ඒ මෑණිකේ නෑන්දාගේ වචනයි. පිස්සු හෑදෙයි සද බබළයි කිව්වාලු. සර්පයා කෑවාට වඩා අමාරු මෙහි නෑවතීමයි.එදා උදේ වරුවේ සිදුවූ සියල්ල නෑවතත් ආවර්ජනය වුණි.පාසලේ බයෝ පීරියඩ් එකේදී මා හට පුදුමාකාර නිදිමතක් දෑනුනු අතර මිස් උගන්නමින් සිටින විට මා ගොර ඈද ඈද නින්දට වෑටී සිට ඈති බව මට එහා පෑත්තෙ සිටි ඉන්දිකයා කීවේය.කෙසේ හෝ මම යම් තරමක් දුරට දක්ෂ එකෙක් නිසා මිස් මා ලගට පෑමිණ මොකද මේ කියා ඈසුවා යාන්තම් මතකය.මාගේ දකුණු අත ඉදිමී ඈති බවත් නිදා ගෑනීමට හේතුවත් මගෙන් ඈ විමසීය. මම නිරුත්තරව ඈ දෙසත්, පොත දෙසත් මාරුවෙන් මාරුවට බෑලීමි.ඈ නෑවතත් මගේ අත දෙස බලා ඉදිමී ඈති තෑනට වඩාත් නෑඹුරුව යලිත් බෑලුවාය.
    ඉන්දිකයා සහ අනිත් උන් නිකන් කින්ඩියට මෙන් මාදෙස බලයි.කර කියා ගත හෑකි කිසිත් නෑතිව ඈටිකෙහෙල් කෑ උගුඩුවා මෙන් මම සිටියෙමි.

    "දරුවො..අත මොකෙක් හරි සතෙක් කෑවද?" "දන්නෙ නෑ මිස්". "උදේ ගෙදරින් එනකොට මෙහෙම තිබුනද? මට මතක නෑ මිස්".මුලු පන්තියම හිකි හිකි ගායි. "මේ මොන මළ විකාරයක්ද මේ?" මිස් පන්තිය දෙස කේන්තියෙන් බෑලුවාය.එකෙක් සද්ද නෑත. ඉන්දිකයා විතරක් ඔලොක්කුවට මෙන් මාදෙස බලා සිටී."මේක බලන් ඉදලා හරියන්නේ නෑ. ඉන්දික ඉක්මනට මෙයාව එක්කන් යන්න අර ඉස්කෝලෙ ඉස්සරහා ඉන්න බණ්ඩාර වෙද මහත්තයා ලගට."

    කළණි මිස් යනු අපට බයෝ ඉගෑන්වු ගුරුවරිය වන අතර ඈ කලු, සිහින් සිරුරෑති හෑඩකාර වයස 30ක් පමණ වුනු කෙනෙකි.මා ඈ කෙරෙහි විශේෂ ඈල්මක් දෑක්වූවෙමි.සමහරදාට ඈ උගන්වන අතර තුර ඈගේ සිහින් ඈස් දෙස බලා සිටීමට මා ඉතා ආසා කලෙමි.සමහරදාට ඈ එය දුටු විට කට කොනකින් සිහින් සිනහවක් නගා නොදුටුවා සේ සිටී.ඉන්දිකයාට මේ සියල්ල හොදින් ඒත්තු ගොස් තිබූ අතර තෑනින් තෑන මට මඩද ගෑසුවේය. ඉන්දිකයා හා මා ඉතා තද අතිජාත මිතුරන් වූ අතර සෑම රහසක්ම බෙදා හදා ගත්තෙමු.කළණි මිස් කෙරේ තිබූ ඈල්මද මා ඉන්දිකට පවසා තිබුණෙමි. කෙසේ හෝ බණඩාර වෙදමහතාගේ උපදෙස වූයේ දක්ෂ සර්ප වෙදෙකු වෙත මා ඉතා ඉක්මනින් යොමු කල යුතු බවත් කිසි ලෙසකින් වත ගමන අතර තුර මා හට නිදා ගෑනීමට නොදිය යුතු බවත්ය.ඉන්දිකයා වහ වහා දිලූෂ අයියාට කතා කොට ගෙන්වා ඔහුත් සමග මා නිවෙස කරා පිටත් කලේය.තාත්තා ඒ අතර තුර මෑණිකේ නෑන්දාට විස්තරය පවසා මා අතර මගින් බස්සවා එහි ගෙන යන ලදී.

    "සුදු මහත්තයා එහෙනම් සනීප වෙනකල් මෙහෙ ඉන්න". මා ක්ෂනයකින් පියවි ලොවට ආවෙමි."අනේ තාත්තෙ ගෙදර ගිහින් බෙහෙත් බොමු.මම ගෙදර එන්නම්." "තාත්තා කොහොමද ළමයෝ බෙහෙත් ජාති හොයන්නේ?අනික බෙහෙත් බොනකොට ඒවා පත්තියන් වෙන විදියට තමයි කෑම බීම ගන්න ඕනි.ඕවා නිමල් අයියාට කරන්න බෑ.මෙහෙත් ගෙදර වගේ තමයි.මොකද මහ ලොකු දුරකද ගේ තියෙන්නේ?"... "අනේ තාත්තේ මාව එක්කන් යන්න.මෙහෙ ඉන්න බෑ." "පිස්සු නෑතුවා ඉන්නවා සුදු මහත්තයෝ..ගෙදර වගේද මේ ලෙඩේ?" "සුදූ....ඔය ලිපේ තියෙන මුට්ටියෙ බෙහෙත් කෑද එක නටනවා නම් කෝප්පෙකට වක්කරන් එන්න මේ අයියාට.හකුරු කෑල්ලකුත් එක්ක.නිමල් අයියාත් කහට එකක් බීලම යන්න."ඒ මෑණිකේ නෑන්දාගේ හඩයි. ඈ නම් සුදූම විය.මා හට සුදු මහත්තයා යෑයි කීවද මා තලෙලු වීමි.සුදූ...සිහින් උසෑති, කොණ්ඩය දෙපතුල දක්වා වෑඩුණු ඈ පුදුමාකාර සුන්දර යුවතියකි."ගන්න අයියේ.." ඈගේ හඩ මීමෑසි නාදයක් වන් විය. කෑද කෙසේ වෙතත් ඈදෙසට යොමු වූ මගේ ඈස් වත් ඉවත් කර ගෑනීමට නොහෑකි විය.

    "තාත්තා එහෙනම් යන්න.මම ඉන්නම්." මෑණිකේ නෑන්දා මාදෙස බලා කට කොනකින් සිනා විය.මළ මගුලයි..නෑන්දට වෑඩේ මීටර්ද දන්නෙ නෑ?"මම ගිහින් දිලූෂ අයියා අතේ අදින්න ඈදුම් ටිකක් එවන්නම්. තාත්තා යාමට සෑරසුනි.අනේ අක්කෙ කොල්ලව එහෙනම් සනීප කරලා දෙන්න." ඒ තාත්තාගෙ හඩයි."නිමල් අයියා බය වෙන්න එපා.මම ඒවා ඔක්කොම බලා ගන්නම්." සෑර පරුෂ චරිතයක් වූ අපේ තාත්තා මට මෙතරම් ආදරය දෑයි මට මොහොතකට සිතුනි.තාත්තා ඉතාමත් තද ගතිගුණ වලින් හෙබි කිව්වොත් කිව්වා සහ යකාටවත් බය නෑති ජාතියේ චරිතයකි.ගමේ මිනිසුන් ඔහුගේ මූණ දිහා කෙලින් බලා කතා කරනවා දෑක නෑත.මළ ගෙයක්, බණ ගෙයක් හෝ පිරිතකදී ඔහු සියලු බර කරට ගෙන එය ඔහුගේ දෙයක් ලෙස කරයි.එම දිනවලට තාත්තා ගෙදර එන්නෙ නෑත.මිනිසුන් පුදුමාකාර ලෙන්ගතු කමක් සහ බය මුසු ගරුත්වයක් ඔහුට දක්වයි.ඔහුගේ කටේ නිතරම තිබුණු දෙයක් මට මතක් වෙයි."සුදු මහත්තයෝ සල්ලි විතරක් හම්බ කරලා වෑඩක් නෑ..මිනිස්සුත් හම්බ කරන්න ඕනි." අම්මාගේ තාත්තා නෑතිවූ දවසේ මළගෙදරට වෑල නොකෑඩී මිනිසුන් පෑමිණි ආකාරය අනුව සහ මිනිසුන් මළගෙදරට උදව් උපකාර කළ ආකාරය මතක් වෙද්දී තාත්තා කොතෙක් මිනිසුන් හම්බ කර ඈතිදෑයි මට මතක් වෙයි.අහල ගම් 7-8 ගොස් මම නිමල් අයියාගේ පුතා කීවිට මිනිසුන් මට සලකයි.ඔවුන් මා හදුනනනේ පියාගේ නමින් මිස මගේ නමින් නොවේ.

    "සුදූ...මේ අයියාට වතුර එකක් උණු කරලාදෙන්න ඈග අත පය හෝදන්න..." "ඕනි නෑ නෑන්දේ...මම ඈල් වතුරෙන් හෝදන්නම්...". පිස්සු නෑතුව ඉන්න ළමයෝ...ඈල් වතුර අල්ලන්නවත් එපා.බෙහෙත් බොන නිසා."
    "අයියා...මොනවද ගාන සබන්.මම නම් ගාන්නේ මෙන්න මේ කොහොඹ සබන්"...රෙන පු** මොන කෑටයම්ද කිව්වලු.අතට අහු උනු ඕනෑම සබන් කෑල්ලක් උලාදෑමීමට පුරුදු මට ...".ආ මේ ටවල් එක ගන්නකො.ළිද ලග වතුර ලෑස්ති කරලා තියෙන්නේ. ගිහින් ඈග සෝද ගන්න."

    සබන් කෑටය ගනිද්දී සුදූගේ ඈගිලි මගේ ඈගිලි වල ගෑවිනි.සිනිදු මල් පෙත්තක් ඈල්ලුවා වෑනි හෑගීමක් මා හට දෑනුනි.ඈ ක්ෂනයකින් මගේ දෑස් දෙස බෑලූ අතර මාගේත් සුදූගේත් ඈස් මොහොතකට එක ලග නතර විනි.වරදක් කලා වෑනි හෑගීමක් සිතට ආ අතර ඈයගේ ප්‍රතිචාරයක් කුමක් වේදෝයි සහ මා ගෑන කුම්ක් සිතාවිදෑයි මා පසු තෑවුනෙමි.


    Part ii
     
    Last edited:

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    දැන්නේ දැක්කේ මචන් :) මේකත් ඇත්ත කතාවක්ද?
    එහෙනම් උඹත් මේක ලියලා ඉවර වෙනකන් ඉන්නවා මගේ කතාවේ දෙවෙනි කොටස දාන්න :)
    අමුතුම කතාවක් වගේ කියවන්න ආසයි. :)
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    දැන්නේ දැක්කේ මචන් :) මේකත් ඇත්ත කතාවක්ද?
    එහෙනම් උඹත් මේක ලියලා ඉවර වෙනකන් ඉන්නවා මගේ කතාවේ දෙවෙනි කොටස දාන්න :)
    අමුතුම කතාවක් වගේ කියවන්න ආසයි. :)

    ඈත්ත කතාවක්.හෑබෑයි නම් ගම් මනංකල්පිතයි:):)උඹේ කතාවත් ලියපන් මචන්
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    කිසිත් නොකී සුදූ ඉවත බලා නෑවතත් බෙහෙත් කෑද පිලියෙල කරන කාමරය දෙසට ඈවිද යන තෙක් මා ඈස ඒ රුව දෙසින් ඉවතට ගන්නට නොහෑකි විය. උණු වතුරෙන් ඈගසෝදා ගන්නට ලිද ලගට ගිය මා හාත්පස දුටු දර්ශනයෙන් පිස්සු වෑටුනෙමි. ගේ පිහිටා ඈත්තේ පුංචි කදු ගෑටයක් උඩට වන්නටය.හාත්පස ඈත්තේ කුඹුරු යායකි.කුඹුරු යායට එපිටින් කොනක් නොපෙනෙන තෙක් විහිදුන කෙසෙල් මණ්ඩියක්ද, කෙසෙල් මණ්ඩියට යාබදව ගලා යන රක්වාන් ගගද වෙයි.කුඩා දෙපා වේල්ල කුඹුරු යාය මෑදින් ජලය සපයා කෙසෙල් මණ්ඩිය ලගින් කෙලවර වේ.සවස 5ට පමණ වෑටෙන කහපාට හිරු එලිය නිසා දෙපා වේල්ල රත්තරන් පටියක් දෑම්ම වගෙ. කදුගෑටයෙන් පහලට කෑඩී යන සීතල සුලග අමුතුම තාලයකට ගොයම් ගස් වල වෑදී අමුතුම රටාවක් මවයි. "අයියා බර කල්පනාවක වගේ.ඉවරද ඈග හෝදලා?" ..."නෑ නංගි මම මේ පහල ලස්සන බෑලුවා....". "ඕවා බලන්න ඉතින් මෙහෙම එන්න ඕනි. අර දෙපා වේල්ලට මෙහායින් තියෙන යාය අපේ.කෙහෙල් මණ්ඩියෙන් අක්කර 3ක් තාත්තයි මමයි වවන්නෙ.ඉතුරු ටික සෝමේ මාමාලා වවන්නෙ." සුදූට වවන්නත් පුලුවන්ද? මේ....හ්...ම්..මම කිව්වෙ නංගිට වවන්න පුලුවන්ද?"
    ගෙදරට මට කියන්නෙ කොහොමත් සුදූ කියලා. අයියා අපේ තාත්තා ආවාම අහලා බලන්නකෝ මගෙ වෑඩ කොහොමද කියලා."

    "සුදූ...ළමයෝ..ඔය අයියට ඈගහෝදන්න දෙන්නකො ලමයෝ..වතුර ටික නිවෙයි නෑත් නම්." මෑණිකේ නෑන්දා සුදූට කෑගෑසූ පසු 4 වසරේ කෙල්ලෙක් මෙන් උඩ පෑන පෑන ඈ අම්මා වෙත ගියේ ඈද කරමිනි.

    "මේ කෙල්ලට පිස්සු පුතේ.වතුර හීතල වෙන්න කලින් ඈග තෙමන් එන්න.තව පත්තුවක් බදින්න තියෙනවා.

    සවස 6.30 පමණ පත්තුව බෑදීම පටන් ගත් අතර මෑණිකේ නෑන්දාට සුදූගේ සහායද ලෑබුණි.පත්තුව ගෙන මාගේ අතේ සර්පයා දශ්ඨ කල තෑනට මෑල්ලුම ගෙන එක් අතකින් මගේ අත අල්ලා අනෙක් අතින් මෑල්ලුම තුනී කලාය.මල් පෙති අතේ ඈතිල්ලෙන්නාක් වෑනි මුදු මොලොක් හෑගීම මගේ මොලය දක්වාම විදුලියක් දිව්වා වෑනි සෑනින් දෑනුණි.හොරෙන් ඈ දෙස බෑලූ මා ඈයගේ බෑල්මට හසු වුනි.අසුරු සෑනින් ඈස් ඉවතට ගත් මා වෙත නෑඹුරුව ඈ.. "අයියා බය වෙලා වගේ ඉන්නේ.බය වෙන්න එපා ඔයාට ඉක්මනට සනීප වෙයි" කියා පත්තුව එතීමට පටන් ගති.සුදූ පත්තුව ඔතා අවසන් කල පසු මෑණිකේ නෑන්දා විසින් අතට මෑතිරීමට පටන් ගත් අතර විනාඩි 30කින් පමණ සියල්ල අවසන් විය.

    "මම උයන්න යනවා.සුදූ අයියා එක්ක කතා කර කර ඉන්න.කෑකිරි ගෙඩිය කපලා ඉවර උනාම කියන්නම්. සුදූ ඈවිත් හදන්නකො රසට."

    කාලා වරෙන් කිව්වලු.අද රෑට මට කන්න දෙන්නේ කෑකිරිද? ජීවිතේට කාලාත් නෑති කන්න ලෑබෙන්නත් එපා කියලා ප්‍රාර්තනා කරපු, සතුරෙක්ටවත් කන්න නොදෙන කෑකිරි කාපන්කො.

    "අයියා දෙවෙනි පාරද උසස් පෙල ලියන්නෙ?" "නෑ සුදූ.නෑහ් මේ..මම කිව්වෙ නංගි.පළවෙනි පාර." හරි හරි ඔයා ඕකට ඔච්චර තටමන්න ඕනි නෑ..මට සුදූ කියන්න. ගෙදර අයත් කියන්නෙ සුදූනේ.අනික මම ඔයාගෙ නංගි නෙවෙයි.මම උසස් පෙල කලේ අවුරුදු දෙකකට කලින්.ඒක නිසා ඔයාට මම අයියා කියන්නෙත් නෑ.හරිනේ?.අනික අපි හිතුවෙ උසේ හෑටියට මෙයා තුන් වෙනිපාර උසස් පෙල ලියන කෙනෙක් කියලා.බෑලුවාම චූටි මල්ලි කෙනෙක්නේ"

    පිස්සු හෑදෙයි, සද බබළයි කිව්වලු. සුදූ මට වඩා වෑඩිමල් ඒ කියන්නෙ.වයසින් එතරම් මුහුකුරා නොගිය ළදරුවෙකුකේ මුහුණක් සහ ඉතා තියුණු සිහින් නාසය ඒ මුහුණටම ආභරණයක් වෑනියයි මට සිතුනි.සියුම් රත් පෑහෑ තොල් පට බුලත් හපා රතු කර ගත්තා සේය.නල දතක් තිබුනද මුතුකෑට වෑනි දත්..

    බාල චන්ද්‍ර පටුනලලත අලක පඬුන් රඟන ලියේ
    ආල වඩන දන්ත කැකුළු කුන්ඩ සමන් පිපෙන ලියේ
    දෑල දෑත ස්වර්ණදාම පාන හඬට සැලෙන ලියේ
    කෝල නොවී විමානයේ බසින්න ස්වර්ණමාලියේ

    මාහට නිතෑතින්ම මතක් වූයේ අමරදේවයන්ගේ මේ සුමියුරුවයි. ස්වර්ණමාලිය මේ වගේ යෑයි මට සිතුනු.එක් අතකට මාහට සර්ප විෂ නිසා පිස්සු හෑදෙන්න එනවාදෑයි නොදෑනේ.සුදූ කෙරෙයි ඕනිවාට වඩා බලා නෝන්ඩි නොවිය යුතුය.

    "ඉතින් කියන්නකො මල්ලිට මොකද උනේ කියලා. " මුල පටන් මම ඈ හට සියල්ල පෑවසූයෙමි.කතාව කියන අතර තුර පොඩි එකියක් මෙන් හූ මිටි තබමින් එක් එක් ප්‍රශ්නද මගෙන් ඈ අසන ලදී."දෑන් ගෑණු ලමයා දන්නවද මේ වෙච්චි දේ?"

    "මට ගෑණු ලමෙක් නෑ සුදූ.." නෑහ්..මේ අක්කේ..මට කෙල්ලෙක් නෑ..." , "මොකද හලෝ නිකන් තටමන්නේ?ඈයි බයද තාත්තා එක්ක මම ඕවා කියයි කියලා?" "අපෝ පිස්සුද? මම බය නෑ.." "අනේ මේ නිකන් ඉන්නවා..අපි දන්නවා නිමල් මාමා ගෑන.කතා කරද්දි චූ යනවා ඈති."

    "මම අක්කට සුදූ කියලා විතරක් කිව්වාට කමක් නෑත්ද?" "ඉතින් මට මොකෝ.."සුදූ උඩ පෑන පෑන හිනා වෙයි. " අපෝ මෙයාගෙ මූණෙ හෑටි විතරක් බලන්නකෝ.ලෑජ්ජාවෙ ඈඹරෙනවා"

    නොදෝමකින් කිව්වලු...ඉදලා ඉදලා මාත් අහන්නේ මේ වගේ ගොන් ප්‍රශ්නයක්ම තමයි.අනික ඔච්චරටම මම ලෑජ්ජාවෙන් ඉන්නේ කියලත් පේනවද?

    "සුදූ..." මෑණිකේ නෑන්දාගේ හඩයි. ඔන්න අම්මා කතා කරනවා.මම ගිහින් කෑකිරි එක හදලා එන්නම්.නෑත් නම් අම්මා ඕක හෑදුවොත් බඩගින්නෙ තමයි ඔයාට ඉන්න වෙන්නෙ."

    සුදූ දිව ගියාය.මා නෑවතත් කල්පනා ලෝකයට වෑටුනෙමි.
     
    • Like
    Reactions: sanath ekanayake

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,994
    113
    පට්ට මචං උබ ලියන විදිහට කතාව ගානට මැවිලා පේනවා...ඒවගේ ලස්සන පිටිසර ගමක.....ලස්සන කෙල්ලෙක් ඉන්න:P වෙදගෙදරක බෙහෙත් ගන්න නතර වෙන්න තිබ්බනං කියලා හිතෙනවා යකූ:rofl: :D IS @ නිදි මාපිලෙක් කවා ගැනීමට කැලේට දුවමින් :rofl::P
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,201
    18,823
    113
    අදාල නෑනේ
    LOL යකො නිදි මාපිලා කියන්නෙ සුළු විෂ සර්පයෙක්. ඔය වැල් බයිල ලියන්න කලින් ඒවත් පොඩ්ඩක් හොයල බලපන් පොඩ්ඩක්.

    සුළු විෂ සහිත සර්ප විශේෂ හමුවන්නේ විශේෂ එකොළහක් (11) පමණි.

    • ඇහැටුල්ලා (Green vine snake)
    • හෙන කඳයා (Brown vine snake)
    • මල් කරවලා/නිතලුවා (Sri lankan keel back blossom krait)
    • පදුරු මාපිලා (Barnes’s cat snake)
    • නිදි මාපිලා (Sri lankan cat snake)
    • නාග මාපිලා/ලේ මාපිලා (Forsten’s cat snake)
    • රෑන් මාපිලා (Common cat snake)
    • කුණු දිය කළුවා (Dog-faced water snake)
    • මල්සරා/පොල් මල් කරවලා (Ornate flying snake)
    • දගර දන්ඩා
    • දිය බරියා (Gerard’s water snake)

     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    LOL යකො නිදි මාපිලා කියන්නෙ සුළු විෂ සර්පයෙක්. ඔය වැල් බයිල ලියන්න කලින් ඒවත් පොඩ්ඩක් හොයල බලපන් පොඩ්ඩක්.

    සුළු විෂ සහිත සර්ප විශේෂ හමුවන්නේ විශේෂ එකොළහක් (11) පමණි.

    • ඇහැටුල්ලා (Green vine snake)
    • හෙන කඳයා (Brown vine snake)
    • මල් කරවලා/නිතලුවා (Sri lankan keel back blossom krait)
    • පදුරු මාපිලා (Barnes’s cat snake)
    • නිදි මාපිලා (Sri lankan cat snake)
    • නාග මාපිලා/ලේ මාපිලා (Forsten’s cat snake)
    • රෑන් මාපිලා (Common cat snake)
    • කුණු දිය කළුවා (Dog-faced water snake)
    • මල්සරා/පොල් මල් කරවලා (Ornate flying snake)
    • දගර දන්ඩා
    • දිය බරියා (Gerard’s water snake)


    adee mama danne wede nenda kiyapu de witharai ban
     
    • Like
    Reactions: Identity

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    පට්ට මචං උබ ලියන විදිහට කතාව ගානට මැවිලා පේනවා...ඒවගේ ලස්සන පිටිසර ගමක.....ලස්සන කෙල්ලෙක් ඉන්න:P වෙදගෙදරක බෙහෙත් ගන්න නතර වෙන්න තිබ්බනං කියලා හිතෙනවා යකූ:rofl: :D IS @ නිදි මාපිලෙක් කවා ගැනීමට කැලේට දුවමින් :rofl::P

    hah hah haa...kawaa ganin..kawaa ganin..ada hawas wenna 3 weni kotasa daannam. ida thiyena widiyata thamai machan liyanne.