ඔයාල දන්න සලාද එහෙමත් නැත්නම් සැලඩ් වර්ග මොනවද? හුඟක් වෙලාවට මේ ප්‍රශ්නෙට හම්බෙන්නෙ ඉතින් පිපිඥ්ඥා සලාද, ලූනු සලාද, ෆෘට් සැලඩ් වගේ කීපයක් විතරයි. හදමුද වෙනස් වෙනස් සලාද ටිකක්? ඔන්න ඩයට් කරන අයට මේවා දවල් කෑමට ගන්නත් පුළුවන්. ඩයට් කරන්න කියල සැලඩ් කන්න ගත්තට රසට සැලඩ් එකක් හදාගන්න ගොඩක් අය දන්නෙ නෑ. හැමදාම එකම විදියට සැලඩ් කනකොට ටික දවසකින් ඩයට් කිරිල්ල එපාම වෙලා යනව. මෙන්න මේ රෙසිපි වලින් ඔයාලට රසට වගේම ගුණට කන්නත් රසම රස සැලඩ් වර්ග 5ක් හදාගන්න පුළුවන්. ඒ නැතත් වෙනසකට කන්න කැමති ඕනෙම කෙනෙක්ට මේ සැලඩ් එකක් හදල රස බලන්නත් පුළුවන්.
1. Easy Apple Coleslaw
අවශ්‍ය ද්‍රව්‍ය
2. Bean Salad
අවශ්‍ය ද්‍රව්‍ය
3. German Potato Salad
අවශ්‍ය ද්‍රව්‍ය
4. Macaroni Salad
අවශ්‍ය ද්‍රව්‍ය
5. Fruit Salad with Yogurt Dressing
අවශ්‍ය ද්‍රව්‍ය
http://www.aniwa.lk/2016/11/15/1611151-salads-recipes/
1. Easy Apple Coleslaw
අවශ්‍ය ද්‍රව්‍ය
- රතු පාට ඇපල් ගෙඩියක්
- චොප් කරගත් ගෝවා කප් 2
- ග්‍රේට් කරගත් කැරට් අලයක්
- චොප් කරගත් ලූනු
- දෙහි ඉස්ම මේස හැන්දක්
- සීනි තේ හැඳි 1 1\2
- මයොනිස් කප් 1\3
- ලුණු රස අනුව
- මයොනිස් වලට දෙහි,සීනි සහ ලුණු කලවම් කර අනෙක් සියල්ල සමඟ එක් කරගන්න. කැමති නම් ගම්මිරිස් කුඩු ස්වල්පයක් ඉස ගන්නත් පුළුවන්. කෑමට ගන්නා විටම මේවා මිශ්‍ර කරගැනීම වඩාත් සුදුසුයි.
2. Bean Salad
අවශ්‍ය ද්‍රව්‍ය
- මෑ ඇට
- බෝංචි ඇට
- සුදු කවුපි සහ රතු කවුපි
- කඩල
- මුං ඇට
- ඉරිඟු ඇට
- චොප් කරගත් ලූනු
- චොප් කරගත් ගොටු කොළ
- දෙහි ඉස්ම මේස හැන්දක්
- විනාකිරි මේස හැඳි 4ක්
- සීනි මේස හැඳි 2
- ලුණු
- සුදු පොල් තෙල්මේස හැඳි 1
- ගම්මිරිස් කුඩු
- ලුණු, සීනි, විනාකිරි, ඔලිව් ඔයිල්, දෙහි ඉස්ම වෙනම බඳුනක මිශ්‍ර කරගන්න.
- ඇට වර්ග සියල්ල තම්බා ගන්න. (එක් එක් ඇට වර්ග තැබීම සඳහා ගත වෙන කාලය වෙනස් නිසා වෙන වෙනම තම්බා ගන්නවා නම් වඩාත් සුදුසුයි.)
- සාදාගත් සැලඩ් ඩ්‍රෙසින් එක දමා සියල්ලම හොඳින් මිශ්‍ර කරගන්න. මෙයත් කෑමට ගන්නා විටම මිශ්‍ර කරගන්න. ඇට වර්ග ගන්නා ප්‍රමාණය අනුව සැලඩ් ඩ්‍රෙසින් එක දාගන්නා ප්‍රමාණය රස අනුව වෙනස් කරගන්න.
3. German Potato Salad
අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බා කොටු කපාගත් අල
- බේකන්
- කුඩා කොටු කපාගත් ලූනු
- චොප් කරගත් පාස්ලි
- ලුණු තේ හැන්දක්
- සීනි මේස හැඳි 3
- විනාකිරි කප් 1\4
- ගම්මිරිස් කුඩු
- වතුර මේස හැඳි 2
- තෙල් ස්වල්පයක් දමා බේකන් තීරු ටික ක්‍රිස්පි වෙන තරමට බැදගෙන තෙලින් ඉවත් කර කුඩා කැබලි කඩාගන්න.
- ඒ තෙලටම කොටු කපාගත් ලූනු එක් කර තෙම්පරාදු කරගන්න. එයට විනාකිරි, වතුර, සීනි, ලුණු සහ ගම්මිරිස් එක් කර මිශ්‍ර කර උතුරුවාගන්න.
- එයට අල සහ පාස්ලි එක් කර බේකන් වලින් කොටසක් එක් කර මිශ්‍ර කරගෙන ලිපෙන් ඉවත් කරගන්න. පිළිගන්වන විට ඉතිරි බේකන් උඩින් දමා පිළිගන්වන්න.
4. Macaroni Salad
අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් මැකරෝනි කප් 3
- මයොනීස් කප් 1
- ෆ්‍රෙශ් මිල්ක් කප් 1/4
- චොප් කරගත් ලූනු ගෙඩියක්
- චොප් කරගත් සැලරි ඉත්තක්
- ලුණු
- ටුනා පොඩි ටින් 1\2
- ගම්මිරිස්
- දෙහි ඉස්ම මේස හැන්දක්
- සීනි තේ හැඳි 2
- තම්බාගත් මැකරෝනි වලට ලුණු, ගම්මිරිස්, සීනි සහ දෙහි එක් කර පැය දෙකක් හෝ තුනක් ශීතකරණයේ තබාගන්න.
- අනෙක් සියල්ල එකට මිශ්‍ර කර මැකරෝනි වලට එක් කර පිළිගන්වන්න.
5. Fruit Salad with Yogurt Dressing
අවශ්‍ය ද්‍රව්‍ය
- ඇපල්
- අන්නාසි
- කෙසෙල්
- දොඩම්
- මිදි
- කොමඩු
- අඹ
- කජු සහ වියලි මිදි
- යෝගට්
- සීනි මේස හැඳි 2
- දෙහි ඉස්ම තේ හැඳි 2
- වැනිලා බින්දු දෙකක්
- පලතුරු සියල්ල කැමති හැඩයකට කපා ගන්න. ඇපල් සහ මිදි වල ඇට ඉවත් කරගන්න. දෙහි ඉස්ම උඩින් ඉස ගන්න.
- යෝගට් එකට සීනි සහ හොඳින් මිශ්‍ර කරගන්න. සීනි බ්ලෙන්ඩ් කර ගන්න පුලුවන් නම් වඩාත් සුදුසුයි. එයට වැනිලා එක් කර පලතුරු වලට යෝගට් මිශ්‍රණය එක් කර ශීත කර පිළිගන්වන්න.
http://www.aniwa.lk/2016/11/15/1611151-salads-recipes/







