අපි_ණයට_මගුල් කන රටක්

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අපි_ණයට_මගුල් කන රටක්

    අපි ණයට මගුල් කන රටක්

    7RpZ6Oy.jpg

    ශ්‍රී ලංකාව ණය බරින් නිදහස් වී ආර්ථිකය ශක්තිමත් කිරීමට නම් ආණ්ඩුවේ වියදම් අඩු කර ගත යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති W A විජේවර්ධන පවසයි.
    ඔහු මේ බව කියා සිටියේ බීබීසි සංදේශය සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනි.
    ආර්ථික විශේෂඥයෙකු වන ඔහු ශ්‍රී ලංකාව ණයට මගුල් කන රටක් ලෙස හඳුන්වා දෙමින් වියදම් අඩු කර ගැනීම දේශපාලකයාගෙන් පටන් ගතයුතු බව කියා සිටියේය.
    ශ්‍රී ලංකාව නිදහස ලබා ගැනීමෙන් පසු නොකඩවා ණය මත යැපෙමින් සිටින බව කියා සිටි W A විජේවර්ධන පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ආදායම රුපියල් සියයක් යැයි උපකල්පනය කළොත් ඉන් රුපියල් අසූ අටක්ම පරිභෝජනය සඳහා වැය කරන ලංකාව ඉතිරි කරන්නේ රුපියල් දහඅටක් වැනි සුළු ප්‍රමාණයක් බවය.

    fg4SXcp.jpg

    උදාහරණයක් ලෙස සිංගප්පූරුව ගෙන හැර පෑ ඔහු කියා සිටියේ එරට ආදායම රුපියල් සියයක් යයි උපකල්පනය කළොත් ඔවුන් රුපියල් පනහක් ඉතිරිකොට පරිභෝජනය වෙනුවෙන් ඉතිරි පනහ වියදම් කිරීමට පුරුදු වී සිටින බව පෙන්වා දුණි.

    විදේශ ණය පියවීම

    ශ්‍රී ලංකාව 1948 නිදහස ලබන විට රටේ දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් වශයෙන් 18% කට සීමා වූ ණය ප්‍රමාණයක් පැවතියද මේ වන විට එම ණය බර ඉතා උග්‍ර වශයෙන් ඉහළ ගොස් ඇති බව ඔහු පෙන්වා දෙයි.
    පවතින ණය බරින් වැඩි බලපෑමක් එල්ල වන්නේ විදෙස් ණයවලින් බව කියා සිටි W A විජේවර්ධන පවසන්නේ එම ණය ගෙවීම සඳහා ශ්‍රී ලංකාව උපයන විදේශ විනිමය වියදම් කිරීමට සිදුවීම ආර්ථිකයට දැඩි හානියක් සිදු කරන බවය.

    YZw46Wu.jpg

    ඒ අනුව විදෙස් ශ්‍රමිකයන්ගෙන් වසරකට ශ්‍රී ලංකාව උපයන ඇමරිකානු ඩොලර් බිලියන හතහමාරක පමණ ධනය විදේශ ණය පියවීමට වැය කෙරෙයි.
    මෙම මහා ණය චක්‍රයෙන් ගැලවීමට නම් ශ්‍රී ලාංකිකයන් පාරිභෝජන වියදම් අඩු කර ගැනීමට උගත යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයාගේ අදහස වේ.
    ඊට අමතරව ශ්‍රී ලංකාවේ රජය ගෙන යන නාස්තිකාර වියදම් සියල්ලම කපා හරිය යුතු බව ද ඔහු පෙන්වා දෙයි.
    උදාහරණයක් ලෙස පසුගියදා
    මැති ඇමතිවරුන්ට ලබා දුන් තීරුබදු රහිත වාහන බලපත් රජයට දැරිය නොහැකි අනවශ්‍ය වියදමක් බව කියා සිටි W A විජේවර්ධන පැවසුවේ පවතින ආණ්ඩුවත් රටට නැති මුදල් වියදම් කරමින් සිටින බවය.

    උපුටාගැනීම: BBC
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    උබ දාපු කරුණු හරි. ඒ වගේම උබේ මාතෘකාව වචනාර්ථය විදියටත් හරි. අපේ උන් මගුල් කන්නෙම ණයට
     
    • Like
    Reactions: lodbrok

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    අපි ණයට මගුල් කන රටක්
    :yes::yes::yes::yes:

    ලිදේ වෑටුන එකා ලින් කටෙන්ම ගොඩ එන්න එපෑ...
    ඈමතිලා සෑප ගන්නයී, මිනිස්සු දුක් විදින්නයී බෑ. :angry::angry::angry::angry:
     
    • Like
    Reactions: lodbrok

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ණය උනත් මොකෝ මගුල අනික් උන්ට පේන්න මහ ඉහලින් ගන්න එපාය. අපේ රටේ ඇමතිලා උනත් කෝටි ගානක වාහනේක යනකොට කාටද ආඩම්බර.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ණය උනත් මොකෝ මගුල අනික් උන්ට පේන්න මහ ඉහලින් ගන්න එපාය. අපේ රටේ ඇමතිලා උනත් කෝටි ගානක වාහනේක යනකොට කාටද ආඩම්බර.

    මම මචන් සාමාන්යෙන් දේශපාලනේ ගැනවත් ආගම් ගැනවත් කතා කරන්නෙ නෑ. මේ වගේ දේවල් වලටනම් මොන පක්ෂේ කෙනෙක් උනත් විරුද්ධ වෙන්න ඕන. දේශපාලන ත්‍රෙඩ් දාන එවුනුත් වෙන වෙන බොළඳ කතා පස්සේ ගිහින් මේ වගේ effective දේවල් මග අරගන්නවා. බලපන්කො බන් ආණ්ඩු පක්ෂේ, විරුද්ධ පක්ෂේ, ඒකාබද්ධ විපක්ෂේ කියල කිසිම භේදයක් නැතුව ඒ වගේ දේවල් වලින් ලැබෙන පිදේනිය රහ කරලා බාරගන්න විදිහ. ඔය එක එකා තැන් තැන්වල එක එක කතා කිවුවට එකෙක්වත් ඕක ප්‍රතික්ෂේප කරලා ආදර්ශයක් දීල තියෙනවද? ඇත්තටම කවුරු හරි දීල තියනවද බන්?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම මචන් සාමාන්යෙන් දේශපාලනේ ගැනවත් ආගම් ගැනවත් කතා කරන්නෙ නෑ. මේ වගේ දේවල් වලටනම් මොන පක්ෂේ කෙනෙක් උනත් විරුද්ධ වෙන්න ඕන. දේශපාලන ත්‍රෙඩ් දාන එවුනුත් වෙන වෙන බොළඳ කතා පස්සේ ගිහින් මේ වගේ effective දේවල් මග අරගන්නවා. බලපන්කො බන් ආණ්ඩු පක්ෂේ, විරුද්ධ පක්ෂේ, ඒකාබද්ධ විපක්ෂේ කියල කිසිම භේදයක් නැතුව ඒ වගේ දේවල් වලින් ලැබෙන පිදේනිය රහ කරලා බාරගන්න විදිහ. ඔය එක එකා තැන් තැන්වල එක එක කතා කිවුවට එකෙක්වත් ඕක ප්‍රතික්ෂේප කරලා ආදර්ශයක් දීල තියෙනවද? ඇත්තටම කවුරු හරි දීල තියනවද බන්?

    කියල වැඩක් නෑ බන් එහෙම කැපකිරීමක් කරන්න එකෙක්වත් නෑ, මොන මොන දේවල්වලට පිල්බෙදිලා කෑගහගත්තත් වරප්‍රසාද දෙනකොට ඔක්කොම අත් උස්සල බෙදාගන්නව. :(
     
    waligamaya

    Well-known member
  • මම මචන් සාමාන්යෙන් දේශපාලනේ ගැනවත් ආගම් ගැනවත් කතා කරන්නෙ නෑ. මේ වගේ දේවල් වලටනම් මොන පක්ෂේ කෙනෙක් උනත් විරුද්ධ වෙන්න ඕන. දේශපාලන ත්‍රෙඩ් දාන එවුනුත් වෙන වෙන බොළඳ කතා පස්සේ ගිහින් මේ වගේ effective දේවල් මග අරගන්නවා. බලපන්කො බන් ආණ්ඩු පක්ෂේ, විරුද්ධ පක්ෂේ, ඒකාබද්ධ විපක්ෂේ කියල කිසිම භේදයක් නැතුව ඒ වගේ දේවල් වලින් ලැබෙන පිදේනිය රහ කරලා බාරගන්න විදිහ. ඔය එක එකා තැන් තැන්වල එක එක කතා කිවුවට එකෙක්වත් ඕක ප්‍රතික්ෂේප කරලා ආදර්ශයක් දීල තියෙනවද? ඇත්තටම කවුරු හරි දීල තියනවද බන්?

    එහෙම දිලතියෙන කට්ටිය ඉනාව. ජෙප්පෝ එක්කරනවා. පළත් සබාවල මන්තිවරුන්ට ලැබෙන රක්ෂණ අරගනේ නැතිව ඉන්නවා, විපක්ෂ, පක්ෂ මන්ත්රින්ලා ට ලැබෙන විදේශ සංචාර ප්ර්ථික්ශේප කරලා තියනව,
    පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප පොදු අරමුදලක්ක්ට අරගෙන එකෙන් පාරවල්, පොදු වැඩවලට යොදනවා. කණ්ඩායම පුංචි නිසා ලොකු දෙයක් කරන්න මුදල් නැ. ඇමති කම් කරන කොට ලැබුණු සැප ඉන්දන ගැලුම් ගණන් යන වාහන නැවත ජනාදිපති වාහන සංචිතයට යවලා සාමාන්‍ය toyota වගේ වහාන තමයි බාවිතා කලේ ඒ අමත්ත්යන්ශේ ඒවෙනකොට තිබුන වාහන වලින්
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එහෙම දිලතියෙන කට්ටිය ඉනාව. ජෙප්පෝ එක්කරනවා. පළත් සබාවල මන්තිවරුන්ට ලැබෙන රක්ෂණ අරගනේ නැතිව ඉන්නවා, විපක්ෂ, පක්ෂ මන්ත්රින්ලා ට ලැබෙන විදේශ සංචාර ප්ර්ථික්ශේප කරලා තියනව,
    පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප පොදු අරමුදලක්ක්ට අරගෙන එකෙන් පාරවල්, පොදු වැඩවලට යොදනවා. කණ්ඩායම පුංචි නිසා ලොකු දෙයක් කරන්න මුදල් නැ. ඇමති කම් කරන කොට ලැබුණු සැප ඉන්දන ගැලුම් ගණන් යන වාහන නැවත ජනාදිපති වාහන සංචිතයට යවලා සාමාන්‍ය toyota වගේ වහාන තමයි බාවිතා කලේ ඒ අමත්ත්යන්ශේ ඒවෙනකොට තිබුන වාහන වලින්

    ඕකනම් මචන් මමත් අහල තියනවා. ෂුවර් එකටම දන්නෙ නැති හින්ද කිවුවේ නැත්තෙ. ලංකාවේ මිනිස්සු ප්‍රතිපත්ති වලට චන්දෙ දෙන්න ඉගෙන ගන්නකන් ආදර්ශයක් දෙන එවුන්ට තැනක් නෑ.
     
    waligamaya

    Well-known member
  • ඕකනම් මචන් මමත් අහල තියනවා. ෂුවර් එකටම දන්නෙ නැති හින්ද කිවුවේ නැත්තෙ. ලංකාවේ මිනිස්සු ප්‍රතිපත්ති වලට චන්දෙ දෙන්න ඉගෙන ගන්නකන් ආදර්ශයක් දෙන එවුන්ට තැනක් නෑ.

    එහෙම වෙන්න ප්‍රතිපත්ති තියන මිනිස්සු බහුතරයක් ඉන්න එපැයි.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එහෙම වෙන්න ප්‍රතිපත්ති තියන මිනිස්සු බහුතරයක් ඉන්න එපැයි.

    උඹ කියන එක ඇත්ත. චන්දෙ දෙන්නෙ නැති උනාට මොකක් හරි පොදු ප්‍රශ්නයක් ආපුවම ඒක ජෙප්පො ගොඩ දාලා දෙයි කියල බලාගන ඉන්න එවුන් තමයි ගොඩක් ඉන්නෙ. ඒ වෙලාවට තමන් චන්දෙ දීපු එවුන් කතා කරේ නැති උනාට කමක් නෑ හැබැයි ජෙප්පො කට වහන් හිටියොත් තමයි ඉවසල ඉන්න බැරි. අර කවුද කිවුවෙ බන් මිනිස්සුන්ට ගැලපෙන්න තමයි නායකයෝ ලැබෙන්නෙ කියල.
     
    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    ශ්‍රී ලංකාවේ ආදායම රුපියල් සියයක් යැයි උපකල්පනය කළොත් ඉන් රුපියල් අසූ අටක්ම පරිභෝජනය සඳහා වැය කරන ලංකාව ඉතිරි කරන්නේ රුපියල් දහඅටක් වැනි සුළු ප්‍රමාණයක් බවය.
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    ඕකනම් මචන් මමත් අහල තියනවා. ෂුවර් එකටම දන්නෙ නැති හින්ද කිවුවේ නැත්තෙ. ලංකාවේ මිනිස්සු ප්‍රතිපත්ති වලට චන්දෙ දෙන්න ඉගෙන ගන්නකන් ආදර්ශයක් දෙන එවුන්ට තැනක් නෑ.

    :yes::sorry::(
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ලංකාවේ ලොකුම TEA etc EXPORT කරන්නේ පිට රට උන්ට 90%+ අයිතිය තින companies. යකඩ market එකෙන් 80% විතර Indian උන් . petrol IOC, පිට රට උන් ට අයිති හොටෙල් වලට බදු සහන ගොඩක් තිනවා රටට සචාරකයෝ ගෙන සල්ලි වලින් වැඩි ගානක් අයෙත් පිට රටටම යන්නේ.