SMS ලියන්නට ඉගෙන ගත්තේ ඔබෙනුයි
දිවියේ පළමු වසන්තය ගෙන ආවේ ඔබය.
SMS ලියන්නට ඉගෙන ගත්තේ ඔබෙනුයි.
අමාරුවෙන් අකුරු ගලපා පණිවිඩය ලිව්වද
Send කරන්නට වෙලා ගතවුනේ ආදරේ වැඩිකමටයි.
ඔබෙන්ද එවැන්නක් ලැබෙන තුරා
තිරය දෙස කොතරම් බලා සිටියාද මා
මටමෙන් නුඹටද මෙය නුහුරු නිසා
පිළිතුරු ලැබුනේ ප්‍රමාධ වීලා..
සිතේ පිරුණු ආලය කොතරම් තිබුනද
සිත අකුරු කරන්නට තවම දන්නේ නෑ අප.
එනමුදු වැඩිකල් නොගොස්ම
ඔබෙන් ආලය ඉගෙන ගත්තා මම
ආදරය පිරුණු SMS ලැබුනේ
මා ඔබට අයිති කරගෙන ඇති වදන්ද සමගිනි.
කෙතරම් හමුවෙන්නට හැකි වුවද,
SMS නම් වැරදුනේ නෑ මට.
හිතේ පිරී ගිය ආදරයෙන්,
කාළය ගත වුනේ නොදැනිමය.
පළමු වසන්තය අවසන් වෙන බව,
වේදනා බර මගේ සිත දන්නා කළ,
නොනැවති ලැබුනු SMS පණිවුඩ නම්,
ගෙනාවේම කදුලුය.
ඔබ වෙනුවෙන් අකුරුකෙරු,
දුරකතනයේ කී පෑඩය
ගෙවී ගොසින් ඇතිබවත්, දුටුවේ මා එවිටය.
මටද, දුරකතනයටද, වසන්තය නිමා වූ කළ
තව දුරටත් බැහැ බලන්නට දුරකතනයේ තිරය දෙස මට.
එබැවින් සොදුරු දුරකතනය
සැමදා නිහඩ කරන්නට සිදුවීය මට.
එනමුදු මගේ සිත් මඩල,
දිවි ඇති තුරා නිහඩ කරන්නට නෙැහැකි තරමට
ආලෝකමත් කළ ඔබ හට.
සදා නයගැති වෙමි මා,
ඔබෙන් ලද ඒ ආලයට.
මීට - භාතිය@elakiri.com
දිවියේ පළමු වසන්තය ගෙන ආවේ ඔබය.
SMS ලියන්නට ඉගෙන ගත්තේ ඔබෙනුයි.
අමාරුවෙන් අකුරු ගලපා පණිවිඩය ලිව්වද
Send කරන්නට වෙලා ගතවුනේ ආදරේ වැඩිකමටයි.
ඔබෙන්ද එවැන්නක් ලැබෙන තුරා
තිරය දෙස කොතරම් බලා සිටියාද මා
මටමෙන් නුඹටද මෙය නුහුරු නිසා
පිළිතුරු ලැබුනේ ප්‍රමාධ වීලා..
සිතේ පිරුණු ආලය කොතරම් තිබුනද
සිත අකුරු කරන්නට තවම දන්නේ නෑ අප.
එනමුදු වැඩිකල් නොගොස්ම
ඔබෙන් ආලය ඉගෙන ගත්තා මම
ආදරය පිරුණු SMS ලැබුනේ
මා ඔබට අයිති කරගෙන ඇති වදන්ද සමගිනි.
කෙතරම් හමුවෙන්නට හැකි වුවද,
SMS නම් වැරදුනේ නෑ මට.
හිතේ පිරී ගිය ආදරයෙන්,
කාළය ගත වුනේ නොදැනිමය.
පළමු වසන්තය අවසන් වෙන බව,
වේදනා බර මගේ සිත දන්නා කළ,
නොනැවති ලැබුනු SMS පණිවුඩ නම්,
ගෙනාවේම කදුලුය.
ඔබ වෙනුවෙන් අකුරුකෙරු,
දුරකතනයේ කී පෑඩය
ගෙවී ගොසින් ඇතිබවත්, දුටුවේ මා එවිටය.
මටද, දුරකතනයටද, වසන්තය නිමා වූ කළ
තව දුරටත් බැහැ බලන්නට දුරකතනයේ තිරය දෙස මට.
එබැවින් සොදුරු දුරකතනය
සැමදා නිහඩ කරන්නට සිදුවීය මට.
එනමුදු මගේ සිත් මඩල,
දිවි ඇති තුරා නිහඩ කරන්නට නෙැහැකි තරමට
ආලෝකමත් කළ ඔබ හට.
සදා නයගැති වෙමි මා,
ඔබෙන් ලද ඒ ආලයට.
මීට - භාතිය@elakiri.com
Last edited:


patta macho digatama liyanda 