පාසල ඉදිරියේ සිසුවාට පහරදුන් 04 ක් අල්ලයි (UPDATE)
මහනුවර නගරයේ ප‍්‍රසිද්ධ පාසලක සිසුවෙකුට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මහනුවර පොලිසියේ නිලධාරීන් විසින්.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 19,20 සහ 21 යන වයස් කාණ්ඩවල පසුවන පිරිසක් බවයි පොලිසිය පැවසුවේ.
අදාළ සිසුවාට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරු වෙමින් තිබුණා.
ඒ පිළිබඳ අදාළ බලධාරීන් දැනුවත් කිරීමට නෙත් නිවුස් කටයුතු කළා. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙස නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබාදුන්නා. සැකකරුවන් අත්අඩංගුවට ගැනුණේ ඒ අනුවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ යටතේ සිදු කෙරෙනවා.
neth news