රන්ජන් රාමනායක හා රණසිංහ ප්‍රේමදාස - Ranjan Ramanayake & Ranasinghe Premadasa
අම්මට සිරි ලංකාවේ මෑත අතීතයේ රණසිංහ ප්‍රේමදාස කියලා ජනාධිපති කෙනෙක් උන්නේය. උන්නැහේ, ඔය මිනිසුන්ගේ උස ප්‍රමාණයන් අනුව රැකියා ලබා දෙන, තාත්තාගේ අඩි පාරේම යමින්, මිනිසුන්ට නිවාස ලබා දෙන සජිත් ප්‍රේමදාස මැති තුමාගේ තාත්තාය.
ඇත්ත කතාවක් හෝ යාං හෑල්ලක් වේවා, මට මේ පින්තූරය දැකපු ගමන් මතක් උනේ ඒ කතාවයි. මා හිතන්නේ ලංකාවේ රාජ්ජ නායකයාගේ කාර්ය බාර්ය රට පාලනය නොව, පන්සල් දේවාල වන්දනාව බවට පත්කිරීමේ ගෞරවය හිමි වන්නේ එතුමානන්ටෙයි කියලාය. එතුමා හැම පෝයටම සිල් ගත්තේය. අම්මට සිරි ලංකාවේ සෑම පන්සලකටම මල් වට්ටියක් ඔළුව උඩ තියාගෙන යන රාජකාරිය ආරම්බ කිරීමේ ගෞරවයද උන් වහන්සේටමය.
රාජ්ජය රැක ගැනීමට ජනතාව කෙරේ විස්වාසේ තබනවාට වඩා, හදි හූනියම්, කිරිදාන, තිරුපති යෑම, කන්‍යාවන් හා නිර්වස්තරෙන් නෑම , ආරක්ෂා, බන්දන, ශාන්ති කර්ම, පිරිත් නූලෙන් අත පිරවීම හා දෙවියන්ගේ මෙන්ම මළ පෙරේතයන්ගේ පිහිට ආරක්සාව ලබා ගැනිමේ පළමු පියවර තැබිමේ ගෞරවයත් එතුමාටමය. සම හරක් කියන්නෙ උන්නැහේට ආපු දෝසාබියෝගේ දින්නේ, පාර්මේන්තුවේ පුටු වල ජීවන් කළ ඌරු තෙල් ගාලා කියලාය. සමහර විට ඒ ඌරු තෙල් වල බලය තවමත් ඇතෙයි කියා හිතෙන්නේ, ඒ පුටුවල ඉඳගන්න හෑම එකාම පිස්සු කෙලිනා නිසාය.
කෙසේ හෝ, ඔය ප්‍රේමදාස මහත්තයා පන්සල් ගානේ යද්දි, දහසින් බැදි පියලි අතේ තිබුනද, පිං කැටයට දමන්නේ කාසියක් දෙකක්ය. ඉදින් දවසක් උන්නෑහේට හිතවත් කෙනෙක් උන්නැහේගෙන අහලා තියෙන්නේ. සෑර්, සර්ට ඕකට දාහක් දෙදාහක් උනත් දාන්න පුළුවන් කම තියෙද්දි, පිං කැටේට සිල්ලර කාසි දාන්නේ මොකෑ සෑර් කියලාය.පෙම්දස් මැතිදුන් එවිට පවසා ඇත්තේ, ඕකට කොල දැම්මට සද්දෙ එන්නේ නෑ නේ අයිසේ, සද්දේ එන්න තමයි මම කාසි දාන්නේ, එහෙම නැත්නම් කොහොමද වටේ පිටේ උන් දන්නේ, මම කීයක් හරි දැම්මද කියලාය. හැබයි ඉතින් උන්නැහේගේ කාලේ හැම ආකරයෙන්ම සද්දෙයි වැඩයි දෙකම තිබුනේය.
දැන් කතා කරන්න යන්නේ රනජන් උන්නැහේගේ වැඩේ ගැන අපේ අදහස කියලා දාන්නටය. සාමාන්නියෙන් මළ ගෙවල් වලට මුදලින් ආදරයක් කොරනා එක මහා දෙයක් නෙමේය. එහෙම දේ කරනා අය ඕනෑ තරම් ඉන්නවාය. ඒත් ඒවා දෙන්නේ මම කීයක් හරි දුන්නා කියා පෙන්වීමට්වත්, ලබාගන්නා අපහසුතාවයට පත් වෙන ආකාරයත් නොවේය. එහෙම ප්‍රසිද්දියේ දෙන්නේ මඟුල් ගෙවල්වලය. එතන නම්, එන උන් නිකං කාලා යන නිසා, ටීපෝවක තැපල් කවර තියලා තියෙන්නේ ප්ලේට් එකේ ගානවත් දීලා පලයන් යකෝ කියලාය.
රන්ජන්ද කළා කාරයෙක්ය. මේ මෙසේ කළ පළමු අවස්ථාවද නොවන්නේය. මීට කලින් රෝගීව සිටි ප්‍රින්ස් උදය ප්‍රියන්තටද ඔහු මේ දෙයම කළේය. මෙතන බොහෝම පැහැදිලිව උඩින්ම ඇත්තේ 5000 කොලයක්ය ඊට යටින් තිබුනේත් 5000 හේ ඒවාමද, නැත්නම් 20 කොලද කියන්න අපි දන්නේ නැතිය. අනික මිනීයට ගෞරවය දක්වන අවස්ථාවේ මේ සල්ලි තිබෙන්නේ කවරයක් ඇතුලේය. ඒ කවරය දුන්නා නම් අඩු ගානේ හිත හදා ගන්න පුළුවන්ය.
අනෙක කොස්තා වනි කළාකරුවකුට රන්ජන් මුදල් දීමටද අවශ්‍ය නොවේ. ඒවා රටක සඟිස්කුරුතික අමාත්තියන්සයේ යුතුකම්ය. සම හරක් විට එහෙම වෙන්කල මුදලක් එතන ඉන්නා උන් යටි මඩි ගසා ගන්නටත් ඇතිය. කෙසේ හෝ අපට නම් කියන්න තියෙන්නේ, කළාකරුවකු වන ඔබ, තවත් කළාකරුවකට කරනා මේ දෙය, ඔවුන් පහත් කොට සැලකීමක් කියලාය. කොටින්ම කියනවා නම්, ඔවුන් හිඟන්නන් පිරිසක් ලෙස සැලකීමක් ලෙසය. මෙසේ සැලකීම කළාවටම කරනා හානියක්ය කියලාය. මේ දේවල් ඔබට වැටහෙනුයේ, ඔබ යම් දිනෙක මේ තත්වයට පත් වූවොත් පමණක්මය. අපේ එකම ප්‍රාර්ථනාව, හිත හොඳ කොල්ලෙක් වන ඔබට එසේ නොවේවා කියලාය.
තා එක දෙයක් කියා මේ පල් හැල්ල නවත්තලා දමනවාය. අර කලින් කී ප්‍රේමදාස උන්නැහේ ළඟ නම්, සද්දේ මෙන්ම වැඩත් තිබුනේය. ඒ කියන්නේ, විසිල් විතරක් නොව බල්ටිද අඩු නැතිවම තිබුනේය. එහෙත් රන්ජන් අයියලාගේ නම් තියෙන්නේ විසිල් විතරමයි ලොක්කා කියා කනගාටුවෙන් උනත් කියන්නම වෙනවාය.
source:Colombo Journal
Last edited:


