මේ තියෙන්නේ
මුලින්ම
cypress higher education center
කියලා තිබිලා නෙත් එකේ බැලුම්ගල එකෙන් මුන්ගේ හෙළුව එලි කලාම
G20 කියලා නම වෙනස් කරන් පත්තර පිරෙන්න බොරු ඇඩ්ස් දන උන්ගේම එකක් අහුවෙන්න එපා
හොර අහුවෙද්දී නම වෙනස් කරනවා
මුන් ලක්ස 6 කියලා පස්සේ ලක්ස12 13 ගන්නවා විසා එන්න මාස ගන්නන් බලන් ඉන්න වෙනවා..
කොරියාවට ගොස් රැකියාවක් කිරීමට ආසාවෙන් පසුවන තරුණ තරුණියන් අද බොහො ප්‍රමාණයක් ලංකාවේ සිටිති.මෙයින් පිරිසක් eps ක්‍රමය යටතේ කෙසේ හෝ රැකියාවකට කොරියාවට පැමිණෙන අතර අනිත් පිරිස මේ සදහා වෙනත් විකල්පයක් තෝරා ගනි. එනම් ඔවුන් බොහෝවිට student visa අරගෙන ඒ මාර්ගෙන් කොරියාවට පැමිනීමට උත්සාහ ගනිති. Eps ක්‍රමය කොරියාවට එන අය ගැන ප්‍රශ්නයක් නැත මන්ද ඔවුන්ට අනිවාර්යයෙන් රැකියාවක් කොරියාව තුල තිබීමය. නමුත් student visa අරගෙන කොරියාවට එන හැමෝටම රැකියා තිබේද.අපි අද මේ ගැන කතා කල යුතුය. හේතුවනම් දැනටමත් බොහො පිරිසක් මේ නිසා අන්ත අසරණ වී අනාථ වී සිටින නිසාය
Student visa මාර්ගයෙන් කොරියාවට එන බහුතරයකගේ එකම අරමුණ ඉගෙන ගැනීම නොව රැකියාවක් කිරීමය. හේතුවනම් ඉගෙන ගැනීමට පමණක් කොරියාවට එනවාට වඩා වෙනත් රටකට ගොස් අධ්‍යාපනයේ නිරත වීම වඩා ඉහල වටිනාකමක් ඇති නිසාය.මෙලෙස student visa අරගෙන කොරියාවට එන බොහො තරුණ තරුණියන් අද අනාත වී ඇත.මෙයින් පෝසත් වන්නේ ලංකාවේ ඒජන්සි කාරයන් හා කොරියාවේ විශ්ව විද්‍යාලයයි.student visa එකක් මාර්ගෙන් කොරියාවට පැමිනීමට අඩුම තරමේ ලක්ෂ 7ක් වත් වැය වේ.ඇතැම් විට මෙය වැඩිවිය හැක.
Student visa අරගෙන කොරියාවට පැමිනෙන වැඩිදෙනා කාන්තාවන්ය.මෙ අයගෙ ස්වාමිපුරුෂයා හෝ පෙම්වතා බොහොවිට කොරියාවේ සේවයේ යෙදෙන අයවේ.eps ක්‍රමය යටතේ ශ්‍රී ලාංකික කාන්තාවන්ට කොරියාවට පැමීනීමට අපහසු නිසා ඔවුන් කරනුයේ බොහොවිට student visa අරගෙන කොරියාවට ගෙන්වා ගැනීමයි.මෙසේ පැමිනෙන කාන්තාවන් නිසා ් කොරියාවේ සිටින ඔවුන්ගේ පුරුෂයන් බොහොවිට අමාරුවේ වැටෙති.කාන්තාවන්ට part time ජොබ් නැති නිසා ඔවුන් වෙනුවෙන් සියලු වියදම් දරන්න වන්නේ පුරුෂයන්ටය.එය ඉතාමත් අනුවන ක්‍රියවකි
Student visa අරගෙන පැමිනෙන පිරිමි අයටත් කොරියාවේ ජොබ් නැත.පැහැදිලිවම කිය යුතු කරුන නම් part time job කියා දෙයක් කොරියාවේ නොමැතී වීමයි. තිබුනත් එය ඉතාමත් අල්පය.ඒවා සදහා බදවාගන්නේ කොරියානු ජාතිකයන් ය.සාමාන්‍යයෙන් student visa ඇතිව කොරියාවේ සිටින කෙනෙකුට පලමු මාස 6 තුල කිසිදු ආකාරයෙ රැකියාවක් කිරීම නීතියෙන් තහනම් වේ.පලමු මාස 6න් පසුවත් ඔවුන්ට අවසර ලැබෙනුයේ සතියකට පැය 20ක රැකියාවක නිරතවීමටය.(එනම් දවසකට පැය 4කි.පැය 4 ජොබ් කොරියාවෙ නැත.)
තවද විශ්ව විද්‍යාල විභාග වලට මුහුන දීමට 80%ක පැමිනීමක් පෙන්වීම අත්‍යවශ්‍ය වෙන බැවින් තමන් අමාරුවෙන් හෝ හොයාගන්නා රැකියාවත් රාත්‍රී රැකියාවක් විය යුතුය.නැතිනම් රැකියාවක් කරන ගමන් විශ්ව විද්‍යාල දේශන සදහා සහභාගි වීමට නොහැකිය.
ඉඩකඩම් උගස් කරලා බැංකු වලට ණය වෙලා මේ විදියට student visa අරන් කොරියාවට එන එක තරම් මෝඩ වැඩක් තවත් නැත.අවසානයේදී සිදුවන්නේ තමන් ණය කාරයෙකු වීම මිස වෙන කිසිවක් නොවේ.
ඉගෙනීමට අවශ්‍යයතාවයක් ඇත්නම් ඒ සදහා ඕස්ට්‍රේලියාව,චීනය,සිංගප්පූරුව හෝ වෙනත් යුරෝපීය රටක් සුදුසු වන නමුත් රැකියාවක් කරන ගමන් ඉගෙනීමට කොරියාව තෝරාගන්නේනම් එය ඉතාමත් අනුවන ක්‍රියාවකි. දැනටමත් බොහොදෙනෙක් අමාරුවේ වැටී සිටින නිසාත් ඉදිරියේදී මෙය අවම කිරීම සදහත් මේ පනිවිඩය හැකිතාක් share කර මිතුරන් දැනුවත් කිරිමට කටයුතු කරන්න
Post එක,පලකර දවසකට පසුව ලියමි..
ඉහත සදහන් පෝස්ට් එක පලකිරීමත් සමග ඇතැම් පුද්ගලයන් කිහිපදෙනක් මට තර්ජනාත්මක ලෙස පනිවිඩ එවන ලදි.ඔවුන් කියා සිටියේ ඔවුන්ගේ වයාපාර වලට එයින් බලපෑමක් වන බවයි.එයින් මට හැගී යන්නෙ මා සදහන් කල කාරණය ඈත්තක් බවට සියල්ලෝම පිලිගෙන ඇති බවකි.මා කිසිම පුද්ගලයකුගේ හෝ ආයතනයක නමක් සදහන් කලේද නැත.ඒ එ හෙයින් තවදුරටත් තර්ජනාත්මක පනිවිඩ ලැබුනොත් ඔවුන්ගෙ නම් ගම් ඉදිරිපත් කිරීමටද මා පසු බට නොවන්නේය.
මා පෙන්වා දුන්නේ student visa මගින් කොරියාවට පැමිනීමේ දි ඇති අවධානම් තත්වයයි.. එන නොඑන එක කියවන ඔබ සතුය..