PITBULL කැලේ

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    pit-bull.jpg


    american pitbull

    ලෝකයේ සිටින දරුණුතම සුනඛ වර්ගය කුමක්ද යන්න පිළිබඳව ලොව බොහෝ දෙනා අතර විවිධ මතවාද පවතිනවා. නමුත් මේ පිළිබඳව නිවැරදි මතයක් ඉදිරිපත් කිරීම සාමාන්‍යයෙන් අපහසු කරුණක්.


    iw1xj8.jpg


    Ovcharka


    හේතුව මෙවැනි කරුණු පිළිබඳව නොයෙක් රටවල නොයෙක් දෙනා දරන්නේ එකිනෙකට වෙනස් අදහස්. ඇමෙරිකානුවන් ලොව දරුණුම සුනඛයන් American Pitbull යයි පුනපුනා පවසන අතර, රුසියානුවන් Ovcharka වර්ග වල සුනඛයන් ලොව දරුණුම යයි පවසයි. පකිස්තානු ජාතිකයන්ට ඔවුන්ගේ Pakistani Bully Kutta තරම් දරුණු සුනඛ වර්ගයක් ලොව නැති තරම්ය.

    wrGF55J.jpg


    Pakistani Bully Kutta


    මේ අතරම ටිබෙට්, හා චීන ජාතිකයන් Tibetan mastiff සුනඛයන්ට මෙම ස්ථානය ලබා දීම සඳහා හඬ නගයි. ඇෆ්ගනිස්තානු හා තුර්කි ජාතිකයන්ට අනුව නම් Kangal යනු ලොව දරුණුතම සුනඛ වර්ගයි. සෑම රටක්ම පාහේ තම රටේ සුනඛ වර්ගයක නම ප්‍රසිද්ධ කරගැනීමට දැඩි උත්සාහයක නිරත වනු පෙනේ. මේ නිසා සුනඛ වර්ග වල ගති ලක්ෂණ හා ශරීර ලක්ෂණ වෙන වෙනම අධ්‍යයනය කිරීමෙන් මිස, හුදෙක් අන්තර්ජාලයේ Ranking Lists කියවීමෙන් පමණක් ලොව දරුණුම සුනඛ වර්ගය කුමක් දැයි නිගමනය කල නොහැකි බව වටහාගත යුතුය.


    404c7af6247a305b6e205c470b8d1ab1.jpg


    Kangal

    ඉතින් අපි මේ පිළිබඳව ගැඹුරින් කරුණු විමසා බලමු. මෙතෙක් ලොව දරුණුම සුනඛ වර්ගය Pitbull යයි ලොවටම පවසන වෙබ් අඩවි බොහොමයක් 'ඇමෙරිකානු වෙබ් අඩවි' බව පැහැදිලිව පෙනෙන කරුණක්. එසේම එම වෙබ් අඩවි වලින් මෙම වර්ග කිරීම සිදුකෙරෙනුයේ ඇමෙරිකාවේ සිදුවූ සිදුවීම් පිළිබඳව සැකසුනු පොලිස් වාර්තා ඇසුරෙන් පමණි. මේ link එකෙන් දැක්වෙන්නේ එම වාර්තාවයි:

    http://en.wikipedia.org/wiki/Fatal_dog_attacks_in_the_United_States


    tibetan-mastiff-attack-wounds-wallpaper-4.jpg


    Tibetan Mastiff


    මේ වාර්තාව හොඳින් අධ්‍යයනය කලොත් ඔබට දකින්නට ලැබේවි මෙහි වැඩිම මරණ සංඛ්‍යාවක් සිදු කර ඇත්තේ pitbull සුනඛයන් බව.මෙයට හේතුව කුමක්ද? අතීතයේ සිටම සුනඛ පොර වලට දැමීම සඳහාම ඇතිදැඩි කල සුනඛ වර්ගයක් වන pitbull සුනඛයන් සඳහා වැඩිදෙනෙක් අතර විශාල ඉල්ලුමක් ඇති වුනා. මේ නිසා පසුගිය දශක 2ක කාලය තුල ඇමෙරිකාව තුල pitbull සුනඛයන් වැඩිවශයෙන් අභිජනනය කෙරුනා. මෙම සීමා රහිත අභිජනනයන් pitbull සුනඛයන් මහා පාරේ දඩාවතේ යන තත්වය දක්වාම වර්ධනය වුනා. ඉතින් උපතින්ම කලහකාරී pitbull සුනඛයන් වැඩි වශයෙන් සිටිනා පරිසරයක් තුල වැඩිම අනතුරු සංඛ්‍යාවක් මොවුන් අතින් සිදුවීමේ වැඩි සම්භාවිතාවක් ඇති වුනා.

    නමුත් මුළු ලෝකයේම සිදුවීම් සලකා බැලූ විට pitbull සුනඛයින් නිසා පමණක් සිදු වූ අනතුරු සංඛ්‍යාව එතරම් විශාල ප්‍රතිශතයක් නොවන බව අවධානයට ලක්විය යුතුයි.

    මෙහිදී අප විසින් ලොව දරුණු සුනඛ වර්ග ලෙස සුනඛයන් වර්ගීකරණය කරන්නේ කරුණු 3ක් මත පදනම්වය.

    1) වෙනත් සුනඛයන් සමග සටන් කිරීමේ දක්ෂතාව.

    2) මිනිසුන්ට පහරදීමේදී මාරාන්තික තුවාල සිදුකිරීමට දක්වන හැකියාව සහ පුහුණුවක් නොමැතිව වුවද ආගන්තුකයන්ට පහරදීම සඳහා විශේෂ උනන්දුවක්, පෙළඹීමක් තිබීම.

    3) ඉක්මනින් කෝපයට පත්වීමට ඇති නැඹුරුව.

    මෙම පළමු ලක්ෂණය Pitbull සුනඛයන් තුලද දක්නට ලැබේ. එසේම මෙම ලක්ෂණ අතින් ඉදිරියෙන් සිටින තවත් සුනඛ වර්ග 3ක් දැනට හඳුනාගෙන ඇත. ඒ Tosa Inu, Dogo Argentino, සහ Fila Brasileiro ය. මෙම වර්ග 4ම දැනට ලොව බොහෝ රටවල ඇතිකිරීම තහනම් කර ඇත. එනම් ලොව දරුණුම සුනඛ වර්ග වල ලැයිස්තුවට ඇතුලත් කර ඇත.

    මෙහි දෙවන ලක්ෂණය වන මිනිසුන්ට පහරදීමට දක්වන පෙළඹීම හා මාරාන්තික තුවාල සිදුකිරීමේ හැකියාව අතින් ඉදිරියෙන්ම සිටින්නේ Livestock guardian breeds හෙවත් "ගොවිපල වල සතුන් බලාගැනීමට යොදාගත් සුනඛ වර්ග" වේ. මෙයට හේතුව මොවුන් අතීතයේ සිටම තම භාරයේ සිටි සතුන්, වෘකයින් වැනි විලෝපිකයන් ගෙන් සහ සොරුන්ගෙන් ආරක්ෂා කිරීමට අවශ්‍ය මානසිකත්වයෙන් හා ශාරීරික ලක්ෂණ වලින් හැඩගැසී සිටින නිසාය. Kangal, Tibetan Mastiff, Caucasian Ovcharka(Caucasian shepherd), rottweiler වැනි සුනඛ වර්ග මේ අතරින් ඉදිරියෙන් සිටිනවා. එසේම අතීතයේ යුධ සුනඛයන් ලෙස යොදාගත් Neapolitan Mastiff වැනි සුනඛයන්ද මෙම ලක්ෂණ අතරින් ඉදිරියෙන් සිටින බවක් පෙන්නුම් කරන බව වාර්තා වෙනවා. නමුත් මෙම ලක්ෂණය වැඩියෙන්ම දක්වන්නේ Fila Brasileiro ය. මෙම සුනඛයන්ට පිට අමුත්තන්ව කොහෙත්ම නුරුස්සන ගතියක් ඇති විශේෂ සුනඛ වර්ගයකි. මොවුන් ඕනෑම අමුත්තෙකුට අනුකම්පා විරහිතව පහරදීමට දෙවරක් සිතන්නේ නැති සුනඛ වර්ගයක් බව වාර්තා වෙනවා.

    මීට අමතරව අප කවුරුත් දන්නා Doberman, German Shepherd, Belgian shepherd වැනි සුනඛ වර්ග ද මෙම කාර්යයේදී ඉතාමත්ම දක්ෂ වන නමුත් එම සුනඛ වර්ග ස්වාමියාගේ අණට අනුව අවශ්‍ය විටෙකදී පහරදීම නැවත්වීමට මොවුන්ව පහසුවෙන් පුහුණු කරවිය හැකිය. මේ නිසා මොවුන් ලොව දරුණුම සුනඛයන් ලෙස හැඳින්වීම යුක්තිසහගත නොවේ. මන්ද යත් මොවුන් සතුව යම්තාක් දුරට මානුෂීය ගතිගුණ ඇති බැවිනි. එසේම අපි කවුරුත් අත්දැකීමෙන් දන්නා පරිදි මොවුන්ගෙන් 99%ක් ම මිනිසුන්ට මාරාන්තික තුවාල සිදුකිරීමට ඉදිරිපත් නොවේ. එවැනි සමර්ථබවක් පෙන්වන්නේ විශේෂ යුධ පුහුණුවක් ඔවුන්ට ලබා දුන්නොත් පමණි. නමුත් Kangal, Tosa, Fila Brasileiro වැනි සුනඛ වර්ග මෙවැනි කෝපගැන්වුණු අවස්තාවලදී පාලනය කරගැනීම එතරම් පහසු නොවනු ඇත. එසේම කිසිදු පුහුණුවකින් තොරවම වුවද මිනිසෙකුට හෝ වෙනත් සතෙකුට මාරාන්තික වියහැකි ලෙස පහරදීමට අවශ්‍ය සියලුම සාධක හා ගතිලක්ෂණ මොවුන්ට උපතින්ම හිමි වී ඇත.


    තෙවන ලක්ෂණය වන ඉක්මනින් කෝපයට පත්වීමේ ගති ලක්ෂණය සුනඛ සටන් සඳහා යොදාගත් වර්ග වල සුනඛයන් වැඩියෙන් පෙන්නුම් කරනවා. නමුත් මෙහිදී මෙවැනි සුනඛයන්ගේ ඉක්මන් කෝපය වැඩිවශයෙන් යොමු වනුයේ වෙනත් සුනඛයන් කෙරෙහි ය. උදාහරණයක් ලෙස Pitbull, Boxer, Bull terrier වැනි වර්ග හඳුන්වන්න පුළුවන්. මීට අමතරව සමස්තයක් ලෙස ගත කල මුරකරුවන් ලෙස අතීතයේ සිට ඇති කල සුනඛ වර්ග වන cane corso, presa canario සහ බොහොමයක් Shepherd වර්ග ද, doberman, rottweiler වැනි සුනඛයින්ද, කුඩා terrier වර්ග සහ spitz කුලයේ සමහර සුනඛ වර්ගද ක්ෂණිකව කෝප වීම වැඩියෙන් පෙන්නුම් කරන බව වාර්තා වෙනවා.

    සත්‍ය වශයෙන්ම Pitbull යනු සෙල්ලම් සුනඛ වර්ගයක් නොවේ. එය සැබෑවකි. උසින් අඟල් 17-22 පමණ වන කුඩා මධ්‍යම ප්‍රමාණයේ ශරීරයක් සහිත වුවද ප්‍රමාණයට සාපේක්ෂව සුවිශාල ශක්තියක් ඔවුන් සතුය. එසේම දරුණු ලෙස සපාකෑමට තරම් ශක්තිමත් හකුපාඩා සහිතය. එසේම ලොව දරුණුම සුනඛ වර්ග අතරට මොවුන්ගේ නමත් එකතු වන බව සැබෑය. නමුත් මොවුන්ට වඩා ශක්තිමත් හා දරුණු සුනඛයන් ලෝකයේ තවත් ඕනෑතරම් සිටියදී "ලොව අංක 1 දරුණුම සුනඛ වර්ගය Pitbull" යයි හැඳින්විය නොහැක. (උදාහරණයක් ලෙස විශාල German shepherd හෝ Great Dane සුනඛයෙකු වුවද මරණයට පත්කිරීමට තරම් pitbull සුනඛයන් දක්ෂ විය හැකි බව සියලු දෙනාම පිළිගන්නා කරුණක්. නමුත් සුනඛ සටන් බිමේ නමක් දිනාගෙන සිටින Tosa Inu සහ Kangal වැනි දැවැන්ත සුනඛ වර්ගයක් සමග සටන් බිමට දැමුවහොත් pitbull සුනඛයන්ට ඉතාම ඛේදනීය ඉරණමක් අත්වනු ඇතිබව ඕනෑම අයෙකුට පැහැදිලිව පෙනෙනිය යුතුය.
    මේ කරුණු සියල්ල සලකා බැලූ විට අපට එක් නිගමනයකට පැමිණිය හැක. එනම් ලොව අංක 1 දරුණුම සුනඛ වර්ගය Pitbull නොවේ. Pitbull යනු ලොව දරුණුතම සුනඛ වර්ග ගණනාවක් අතරින් එකෙක් පමණි.

    එබැවින් කරුණු නොවිමසා යමක් පැවසීමෙන් සිදුවන්නේ මොවුන්ට මිනිසුන් අතර නරක නාමයක් හිමි වීම සහ අවසානයේ රටේ තහනම් සුනඛ වර්ගයක් බවට පත්වීම බව සියලුදෙනා මතකතබාගත යුතුය. (එංගලන්තය, අයර්ලන්තය ඇතුළු බොහොමයක් රටවල දැනටමත් සිදුව ඇත්තේ මෙයයි.)

    ***එසේනම් ලොව දරුණුම සුනඛ වර්ගය කුමක්ද? මේ සියල්ල කියවා අවසානයේ ඔබ සැමගේ ගැටලුව එය විය හැකියි.


    මෙයට දිය හැකි සරලම පිළිතුර මෙයයි. ලොව අතිශයින් දරුණු හා ශක්තිමත් සුනඛ වර්ග රැසක් සිටියි. නමුත් ඒ අතරින් අංක එකේ දරුණුම සුනඛ වර්ගය කුමක්දැයි 100%ක් නිවැරදිව පැවසීමට නම් මේ එක් එක් සුනඛ වර්ගය එකිනෙකා සමග පොර වලට දමා බැලීම හා මිනිසුන්ව සපා කෑමට දමා බැලීම සිදු කල යුතුය. තවම ලොව කිසිදු ස්ථානයක එසේ සමීක්ෂණයක් සිදු කර නැති අතර එවැන්නක් සිදු කිරීමට කිසිදු රටක නීතියෙන් ඉඩ ලැබෙන්නේද නැත. මේ නිසා මෙතෙක් මෙම කරුණ පිළිබඳව ලොව පුර මතු ව ඇති විවිධ මතවාද සියල්ලම නිර්මාණය වී ඇත්තේ මේ දක්වා වාර්තා වුනු අහඹු සිදුවීම් රැසක් මත හා මිනිසුන්ගේ පුද්ගලික මතයන් පදනම්වය.එබැවින් ලොව දරුණුම සුනඛ වර්ග එක කාණ්ඩයකට ඇතුලත් කර අනෙක් සුනඛ කාණ්ඩ වලින් වෙන්කර දැක්විය හැකි වුවද, එම දරුණු කාණ්ඩයේ සුනඛයන් අංක 1, අංක 2.... යැයි ස්ථාන ලබා දීමක් සිදු කිරීමද 100%ක් නිවැරදි නොවේ.




    dogeye.jpg



    Source:petslanka​
     
    Last edited:

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    පරිප්පු නැති හොටලේ කට ගියා වගෙ බන්.. අනික් දවසෙ පොටොස් දාපන් මතක ඇතිව මේ වගෙ වැදගත් ඒවා දාද්දි... උබලට ශනුද්‍රිගේ එවා බලද්දි ඩෙටා කැපෙන්නෙ නෑ මෙවාට තමා ඩෙටා කැපෙන්නේ.. :growl::growl:

    රෙප් ඇඩඩ්... :yes::) tfs
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    පරිප්පු නැති හොටලේ කට ගියා වගෙ බන්.. අනික් දවසෙ පොටොස් දාපන් මතක ඇතිව මේ වගෙ වැදගත් ඒවා දාද්දි... උබලට ශනුද්‍රිගේ එවා බලද්දි ඩෙටා කැපෙන්නෙ නෑ මෙවාට තමා ඩෙටා කැපෙන්නේ.. :growl::growl:

    රෙප් ඇඩඩ්... :yes::) tfs

    ඔන්න pics ටිකක් දැම්මා බන්.:rofl:උබ කියන එකනම් ඇත්ත.වැදගත් ත්‍රෙඩ් එකක් බලන්නේ නැහැ පික්ස් වැඩිය දැම්මොත් ඒත් කොහේ හරි නිලියෙක්ගේ කකුල් දෙකක් පෙන්නුවොත් පික්ස් සීයක් තිබ්බත් බලනවා.:D