
(මගෙ අදහසනං පුලුවන්නම් හොදම දේ තමා ජිම් එකකට සෙට් වෙන එක මොකද ගෙදර කරන්න ගියාම දවසින් දෙකෙන් ඕක නතර වෙනවා...එහෙමත් එකෙක් තමා කාගෙන කරන්නෙ)මචන් මමත් මේකට සෙට් උනෙ gym යන්න වෙලාව නැති හින්දා motivate වෙන්නත් එක්ක කියපන්කො මම වගෙ කෙට්ටු එකෙක් ට ඇග යම් තැනකට ගන්න පුලුවන් වෙයි නේද?![]()
ඔන්න එහෙනම් අපිත් එකතු වුණා හොඳෙ ??

ජිම් එකකට යන හින්දා ඔය ඔක්කොම වගේ කෙරෙනවා අයියේ.....ඒ හින්දා ජිම් එකේ නොකෙරෙන Jackknife Sit Up Challenge එක විතරක් බාරගත්තා ඕං(මගෙ අදහසනං පුලුවන්නම් හොදම දේ තමා ජිම් එකකට සෙට් වෙන එක මොකද ගෙදර කරන්න ගියාම දවසින් දෙකෙන් ඕක නතර වෙනවා...එහෙමත් එකෙක් තමා කාගෙන කරන්නෙ)
ඒ වගේ අය නිකංම ඉදලා ලෙඩ්ඩු වෙනවට වඩා හොදයිනේ මෙහෙම හරි වැඩක් කරන එක. අනිත් එක මල්ලි කට්ටියම සෙට් වෙලා පොඩි චැලේන්ජ් එකක් වගේ යනකොට ඔක්කොමලා උනන්දු වෙයිනේ. 

එල මල්ලි. ඇත්තටම ජිම් යන්න පුලුවන් නම් හොදයි. ඒත් මට වගේම වෙලාවල් නැති අය ගොඩක් ඉන්නවා මල්ලි. මම ඉස්සර මාස 6 ක් විතර ජිම් ගියා. ඒත් මම කරන රස්සාවේ හැටියට ජිම් යන්න වෙලාවක් හදාගන්න අමාරුයි. ඒකයි මම නම් ජිම් යන්නේ නැත්තේ. මගේ තත්වෙන් ඉන්න ගොඩක් අය ඉන්නවා ඉතිංඒ වගේ අය නිකංම ඉදලා ලෙඩ්ඩු වෙනවට වඩා හොදයිනේ මෙහෙම හරි වැඩක් කරන එක. අනිත් එක මල්ලි කට්ටියම සෙට් වෙලා පොඩි චැලේන්ජ් එකක් වගේ යනකොට ඔක්කොමලා උනන්දු වෙයිනේ.
ඔයා වගේ ජිම් යන කෙනෙක් ත්රෙඩ් එකේ ඉන්න එක වටිනවා.![]()
අනිවාරෙන් අයියේ something is better than nothing...හැමදාම එකම වෙලාවක වගේ කරන්න පුලුවන්නම් හොදයි මම ජිම් එක්ස්පර්ට් කෙනෙක් නං නෙවෙයි ඒත් දන්න දේවල් කියන්නං

Thanks මල්ලිබොට ඉතිං මම කියන්නෙ නෑ.වරෙං කිව්වේ මෙහෙ
ගහපං ඩිප්ස් 50 ක්

එල එල. එහෙනම් දිගටම සෙට් වෙමු![]()
දවසේ ඕනම වෙලාවක කරන්න පුලුවන්ද?
වර්ම් අප් එක්සයිස් කරන්නේ කොහොමෙයි?මොනවගේ ඒවයින්ද වර්ම් අප් වෙලා එන්නේ.![]()
අන්න ඒකනම් පුලුවන්.කවුද ස්පොන්සර් කරන්නේ?
ත්රෙඩ් එකේ ගේම් එකක් වගේ ගෙනියමු වැඩේ. දවසේ ඕනිම වෙලාවක කරන්න පුලුවන් මල්ලි.
වර්ම් අප් එක්සයිස් වලින් වෙන්නේ ඇගේ මාන්ශපේශීන් උණුසුම් වෙන එක. ටිකක් වෙලා එක තැන දිව්වත් ඒක වෙනවා. ඊට පස්සේ උරහිස්, අත්, කකුල්, ඉන, බෙල්ල එහෙම ටිකක් කරකවලා එක්සසයිස් කරානම් හොදට වර්ම් අප් වෙනවා. බෙල්ල කරකවනවා කියමුකෝ.. ඒක වමට අටයි දකුනට අටයි. අත් උරහිස් වලින් කරකවනකොට ඉස්සරහට අටයි පිටිපස්සට අටයි ඔන්න ඔහොම. හොදට වර්ම් අප් කරාම මරු.
මේකත් ටිකක් බලන්න
මාස තුනකින් විතර සෙල්ලන් කරේ නැහැ බ්රෝ.
මාත් එනවා හෙට ඉදලා බලමු පුල් අප් ඇරෙන්න ඔක්කොම ගහනවා![]()

එල එල කරලා විස්තර අප්ඩෙට් කරන්න. මම නම් අව්රුදු 3 ක් විතර කරේ නෑ
ඒ අව්රුදු 3 ට ඉන 32 ඉදලා 36 වෙනකල් වැඩි උනා.
මටම දැනෙන තරමට මගේ ඇග දුර්වල උනා. වැඩිය මහන්සි වෙන්න අමාරුයි වගේ උනා. අද Pushup 10 ක් එක දිගට ගහන්න බැරි උනා කියපංකෝ. ආයි නම් කරන්නේ නැතුව ඉන්න හොද නෑ. 
එලස්.කරලා බලමු
අපේ ගෙදර එවුන් හිතයිද දන්නෑ මට පිස්සු හැදිලා කියලා
හම්මෝ,තියන කටු ටිකත් හැලෙනවා බන් මෙහෙම ගැහුවොත්,බොහොම අමාරුවෙන් ෆ්රේම් එක තියාගන ඉන්නෙත්
පටන් ගන්න උන්ට සුභ පතනවා ඈ



එල එල කරලා විස්තර අප්ඩෙට් කරන්න. මම නම් අව්රුදු 3 ක් විතර කරේ නෑ
ඒ අව්රුදු 3 ට ඉන 32 ඉදලා 36 වෙනකල් වැඩි උනා.
මටම දැනෙන තරමට මගේ ඇග දුර්වල උනා. වැඩිය මහන්සි වෙන්න අමාරුයි වගේ උනා. අද Pushup 10 ක් එක දිගට ගහන්න බැරි උනා කියපංකෝ. ආයි නම් කරන්නේ නැතුව ඉන්න හොද නෑ.
![]()
ටික දවසක් යනකොට ගොඩක් අය අත අරිනවා.මම ඉස්සර ගියා උදේ 5.30 ට මාස 6 ක් විතර. ඒත් වැස්සයි, එක එක දේවලුයි නිසා දිගටම කර ගන්න බැරි උනා.
මාත් අවුරුදු දෙකකට විතර කලින් ගියා..
බට කොටුව වගේ නිසා මස් ටිකක් දාගන්න..
මාස හයකින් විතර නැවැත්තුව..
තිබ්බ ටිකත් නැති වෙනව වගේ තේරුණ නිසා..
දැන් ආයෙ පටන් ගත්ත..
දැන් නම් තියරියට හරියට කරනව..
කෑම තමයි ප්රධානම.. and කලින් සැරේ ignore කරපු එක..
දැන් නම් ඇග හැදීගෙන එනව ආසාවෙ බෑ..
white rice > red rice කළා
junk food නැවැත්තුව
මුන් ඇට කඩල කවුපි ඕට්ස්
බිත්තර කහ මද නැතුව
and සප්ලිමෙන්ට් ඒකට creatine ගන්නව..
whey එකක් ගන්න ඕන ටික දවසකින්..
එල එහෙම ඇග හැදීගන එනකොට නම් මාර ගති තමයි. එක ගානකට ආවට පස්සේ ඉතිරි ටික හැදෙන්න ටිකක් කල් යනවනේ. (කල් යන්නෙ නෑ. අපිට ඒක දැනෙනවා මදි) එතකොට තමයි ගොඩක් අය අත අරින්නේ. එහෙම නැතුව දිගටම සෙට් එක දාන්න මල්ලි.