2017 di laksha 8 kata electric car ekak

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113

    මෙරට මෝටර් රථ වෙළෙඳ පොළේ විප්ලවයක් ඇති කරමින් ශ්‍රී ලාංකිකයකු විසින් මෙරටදී නිපදවන ලද ප්‍රථම විදුලි මෝටර් රථය ලබන ජනවාරි පළමු වැනිදා සිට රුපියල් ලක්ෂ 8කට මිලකට වෙළෙඳ පොළට දැමීමට සූදානම් වෙයි. පිටරටින් ගෙන්වා මෙරට අලෙවි කරන විදුලි මෝටර් රථයක් මෙරටදී අලෙවි කරන්නේ රුපියල් ලක්ෂ 30කට පමණය.

    පැයට කිලෝ මීටර් 60ක වේගයෙන් පුද්ගලයන් හතර දෙනෙකුට සුවසේ ගමන් කළ හැකි මේ නව විදුලි මෝටර් රථය දැන් වාණිජ මට්ටමින් නිපදවීම අරඹා ඇතැයි එහි නව නිර්මාණකරු වන ඉංජිනේරු ශිල්පී පුංචි බොරැල්ලේ කේ.පී. කපිල ද සිල්වා මහතා පවසයි.

    එක් වරක් මෙම මෝටර් රථයේ බැටරිය ආරෝපණය කිරීමෙන් පසු එමඟින් කිලෝමීටර් 100ක් ධාවනය කළ හැකිය‍. එමෙන් ම එම විදුලි බැටරිය ආරෝපණය කිරීම නි‍ෙවසට ලැබී ඇති විදුලි බලය මඟින් ම සිදු කළ හැකි බවත් කපිල ද සිල්වා මහතා කියයි.

    රටේ පරිසරය සුරකින මේ මෝටර් රථය ත්‍රිරෝද රථ පාවිච්චිය අවම කිරීමට හා පරිසර හිතකාමී රථවාහන ජනප්‍රිය කරවීමට රජය ගෙන ඇති පියවරට පූර්ණ සහාය දක්වන්නක් බව පවසන කපිල මහතා මෙය නිපදවීමට වසර 5 – 6ක් පර්යේෂණවල නියැළුණු බව ද කියයි.

    2015 වසරේ පැවැත්වූ ‘සහසක් නිමැවුම්’ නව නිර්මාණ තරගාවලියේදී ජනාධිපති සම්මානය හා ආනයන ආදේශක සම්මානය ලැබූ මේ විදුලි මෝටර් රථය දැන් වාණිජ මට්ටමින් නිපදවීම ආරම්භ කර ඇතැයි කපිල ද සිල්වා මහතා පවසයි.

    ඒ සමඟම කපිල මහතා විසින් ම නිපදවූ ගොල්ෆ් විදුලි මෝටර් රථයක් ද ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට රුපියල් ලක්ෂ 10කට වෙළෙඳ පොළට දැමීමට සූදානම් බව ද ඔහු කියයි. නව විදුලි මෝටර් රථය අඩි 4කින් පළලක් යුක්ත අතර දිග අඩි 7ක් පමණ වෙයි. මෙය වායු සමනය කර ඇති අතර අන් සියලු නවීන වාහනවල ඇති සියලු උපාංග නව විදුලි මෝටර් රථයේ ඇතුළත් වෙයි.

    මෙය සැබැවින් ම ත්‍රි‍රෝද රථවලට විකල්පයක් ලෙස හා ත්‍රිරෝද රථයට වඩා අඩු ධාවන වියදමකින් ගමනක් යෑමට ජනතාවට අවස්ථාව දීමට සැකසූ විදුලි මෝටර් රථයක් වේ.

    රජය හා මුදල් අමාත්‍යාංශය මේ සඳහා සහන ලබා දෙන්නේ නම් විදුලි මෝටර් රථය ලක්ෂ 6කට වුවත් නිපදවීමට හැකි බව කපිල ද සිල්වා මහතා පවසයි.

    ඒ මහතා නිපදවූ අනෙක් ගොල්ෆ් මෝටර් රථය ද අඩි 4ක් පළලය; අඩි 7.5ක් දිගය. එහි අලුත් මාදිලි‍ය අසුන් 2 – 4 – 6 – 8 සහිතව විවිධ ප්‍රමාණවලින් නිපදවීමට අපේක්ෂා කරන බව මෙම නව නිර්මාණ සඳහා උදව් කරන කේ.පී. කපිල ද සිල්වා මහතාගේ පුත් කේ.පී. ෂේරත්න ද සිල්වා මහතා පවසයි.

    මෙම ‍ෙගාල්ෆ් මෝටර් රථය ඇතුළත U.S.B. ආරෝපණය සඳහා පහසුකම් හා සී.ඩී. ධාවන යන්ත්‍ර, වායු සමනය ආදී පහසුකම් රැසක් ඇත.

    මෙම නව විදුලි ගෝල්ෆ් මෝටර් රථය මෙරට ගුවන් තොටු‍පළ, මහා පරිමාණ හෝටල්, උද්භිද හා සත්ත්ව උද්‍යානවල සංචාරක කටයුතුවලට යොදා ගත හැකි ය.

    ගල් උඩ, වළ ගොඩැලි මතින් ගමන් කිරීමට හැකි ටයර මෙහි සවි කර ඇති අතර ඒ සියලු ටයර මෙරටදීම නිපදවූ බව ද කපිල මහතා පෙන්වා දුන්නේ මේ නව නිපැයුම් සියයට 90ක් ම මෙරට අමුද්‍රව්‍යවලින් නිපදවූ බව පසක් කරමිනි.

    කපිල මහතාගේ උපදෙස් මත මෙරට ආයතන කීපයක් මඟින් මෙරටදී නිපදවූ උපාංග රැසක් මේ නව නිපැයුම්වලට උපයෝගි කරගෙන ඇත. වාහනයේ මෝටරය කන්වේටරය හා බැටරිය පමණයි පිටින් ගේන්නේ. අනෙක්වා සියයට 60ක් අපේ කර්මාන්ත ශාලාවේ නිපදවනවා.

    මේ මඟින් අපි රැකියා සිය ගණනක් දීමට අපේක්ෂා කරනවා.

    පිටරට වාහන නිපදවන ආයතන අපේ රටට ගෙන ඒමට වඩා අපේ රටේ වාහන නිපදවා අපට බදු සහන හා ණය සහන ලබා දෙනවා නම් අපිට මීට වඩා අඩු මිලට ‍මේ වාහනය දෙන්න පුළුවන්.‍

    රජය විදුලි මෝටර් රථ ජනප්‍රිය කරවීම තීරණය කළාට මෙරට කිසිම බැංකුවක් අපිට සහන ණය ලබාදීලා නැහැ. දේශීය නිපැයුම්වලට නිලධාරීන් බලධාරීන් දෙන උදවු මදි. මේ ගැන රජය අවධානය යොමු කළ යුතුයි” කපිල මහතා කියයි.

    මෙම වාහන දෙකම අන්තර්ජාතික මට්ටමින් නිපදවා ඇති අතර, මේ සඳහා දැනටම ඉල්ලුම් රැසක් ලැබී ඇති බව ද පෙන්වා දෙන කපිල මහතා මෙය ඉහළ සමාජ පන්තියට නොව, මධ්‍යම පාන්තික අඩු ආදායම්ලාභී ජනතාවට කළ නව නිර්මාණයක් බව ද පවසයි. මේ පිළිබඳව වැඩි විස්තර 0714117272 මඟින් දැන ගත හැකි ය.

    නිහාල් පී. අබේසිංහ
    සිළුමිණ
     
    • Like
    Reactions: kinkon

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    ITc9w0g.jpg
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    වාහනයේ මෝටරය කන්වේටරය හා බැටරිය පමණයි පිටින් ගේන්නේ.

    owata tax gahapu gaman baduma thamayi :baffled:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ලක්ෂ 8කට නම් දෙන්න බෑ හොඳ තත්වේ ඉලෙක්ට්‍රික් කාර් එකක්. ඒක ඉර හඳ වගේ විශ්වාසයි. නමුත් අපේ කෙනෙක් අපේ රටේ දෙයක් කරනවා නම් අනිවාර්යෙන්ම අත හිත දෙන්න ඕන. ලක්ශ 18ක් වුනත් කමක් නෑ හොඳ තත්ත්වේ වාහනයක් එකක්.මේකටත් කො"රවී" යන්නම ටැක්ස් ගැහුවාම හදන මනුස්සයටත් කලකිරෙනවා.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    ලක්ෂ 8කට නම් දෙන්න බෑ හොඳ තත්වේ ඉලෙක්ට්‍රික් කාර් එකක්. ඒක ඉර හඳ වගේ විශ්වාසයි. නමුත් අපේ කෙනෙක් අපේ රටේ දෙයක් කරනවා නම් අනිවාර්යෙන්ම අත හිත දෙන්න ඕන. ලක්ශ 18ක් වුනත් කමක් නෑ හොඳ තත්ත්වේ වාහනයක් එකක්.මේකටත් කො"රවී" යන්නම ටැක්ස් ගැහුවාම හදන මනුස්සයටත් කලකිරෙනවා.

    Ithin ban meka threewheel ekakata wada hodayi ne.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    පිස්සුද බන් ඔය වගේ වාහන කවදාවත් මාකට් එකට එන්නේ නැ.. කෝ මෙච්චරකල් හදපු පොලිතින් වලින් දුවන වාහන අරහෙම දුවන වාහන මෙහෙම දුවන වාහන. කෝ.. ඒවා හදපු උන් කෝ.. උන්ට මොකද වුනේ
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පිස්සුද බන් ඔය වගේ වාහන කවදාවත් මාකට් එකට එන්නේ නැ.. කෝ මෙච්චරකල් හදපු පොලිතින් වලින් දුවන වාහන අරහෙම දුවන වාහන මෙහෙම දුවන වාහන. කෝ.. ඒවා හදපු උන් කෝ.. උන්ට මොකද වුනේ

    සිරාවට ඕයි. හැම අවුරුද්දෙම මොකෙක් හරි අලුත් වාහනයක් හැදුවා කියල ආරන්චි වෙනව විතරයි. ඊට පස්සෙ ඌට වෙච්ච දෙයක් නෑ.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    සිරාවට ඕයි. හැම අවුරුද්දෙම මොකෙක් හරි අලුත් වාහනයක් හැදුවා කියල ආරන්චි වෙනව විතරයි. ඊට පස්සෙ ඌට වෙච්ච දෙයක් නෑ.

    උන්ට දෙයක් වෙනවා බන්.. :rofl:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    උන්ට දෙයක් වෙනවා. වෙන දේ අපි දන්නේ නැති එකයි අවුල :baffled:

    මම හිතන විදියට උන්ව එක්කෝ ඔය ලොකු තෙල් කොම්පැනි වලින් බිලී බා ගන්නවා. උන්ට ලොකු සල්ලියක් දීලා ඔය කරපු research & developments ඔක්කෝම උන් ගන්නවා. ආයෙ මේ වගේ researches කරන්න එපා කියල agreement එකකට එනවා ඇති
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මම හිතන විදියට උන්ව එක්කෝ ඔය ලොකු තෙල් කොම්පැනි වලින් බිලී බා ගන්නවා. උන්ට ලොකු සල්ලියක් දීලා ඔය කරපු research & developments ඔක්කෝම උන් ගන්නවා. ආයෙ මේ වගේ researches කරන්න එපා කියල agreement එකකට එනවා ඇති

    :yes::yes::yes:

    ලංකාවේ නෙමේ රටින් රට කම්පැනි වලින් ගන්නවා උන්ව, සාමහාර උන්ව ටොයෝටා මෙස්ඩා වගේ රිසච් සෙන්ටර් වලින් අරන් තිබ්බා, ප්‍රොටෝ ටයිප් ඉලෙක්ට්‍රික් පරීක්ෂණ කරපු එකෙක් ඇමරිකාවෙන් අරන් තිබුණා