අග්නි මිසයිලය ගැන දාපු ස්ටේටස් එක දැකලා(http://www.elakiri.com/forum/showthread.php?p=21070372#post21070372) කෙනෙක් අහල එව්වා Multiple Independently Targetable Reentry Vehicles (MIRVs) කියන්නෙ මොකක්ද කියලා...
ඉස්සෙල්ලා බලමු මොනවද මේ රි-එන්ට්‍රි වෙහිකල්ස් කියන්නෙ කියලා...
අග්නි මිසයිලය අදියර 3 ක මිසයිලයක්... සාමාන්‍යයෙන් එවැනි අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක අදියර තුන / කොටස් තුන පහත පරිදියි
- Boost System
- Post Boost System
- Re-entry system / Re-entry vehicles system
මෙතන රි-එන්ට්‍රි සිස්ටම් එකේ අදියර / කොටස් තුනක් තියෙනවා
- Deployment module - රි එන්ට්‍රි ට්‍රැජෙක්ටරි එක අරගෙන, එයට අවශ්‍ය චලිතයන් සිදු කිරීම කරන කොටස
- Warheads - යුද ශීර්ෂ
- Protective shrouds - මූලික ප්‍රක්ෂේපණය තුළ යුද ශීර්ෂ ආරක්ෂා කරන කොටස ( මිසයිලයේ ඉහළම කොටස )
පෘතුවියේ යම් ලක්ෂ්‍යයක සිට ඉහළට ඝණ හෝ ද්‍රව ඉන්ධන භාවිතයෙන් විද, පහළ භූ කක්ෂයක ( Low Earth Orbit - LEO - 600 - 900 Kms up from the surface) කක්ෂ ගත කරනු ලබන මිසයිලය, ඒ වෙන තෙක් ගෙනගොස්, අදාළ ගගණ චලිතයන් සිදුකරන අදියර දෙක තමයි අපි ඉහත කියපු "බූස්ටර්" ( මූලික ගුවන් ගත කිරීමේ බලය සහ චාලක ශක්තිය ලබාදෙන කොටස ) සහ "පෝස්ට් බූස්ටර්" ( අධි ගගණ හැසිරවීම් සඳහා කක්ෂයේ ස්ථානගත කර , ස්ථාවර කරන කොටස )
අදියර දෙක...
ඒ වනවිට මේ මිසයිලය පෘතුවි වායුගෝලයේ ඝණ ස්ථරයන්ගෙන් ඔබ්බේ පවතින්නෙ.....ඒක තමයි ඒ පියාසැරියේ උපරිම උන්නතාංශය.....
එහෙම පවතින යුද ශීර්ෂ යළි යම් කුටීරයක් සමග පොළවේ තිබෙන ඉලක්ක කරා එන්න ඕන....අන්න ඒ ඒමේදි නැවත වායුගෝලයේ ඝණ ස්ථරයන්ට ඇතුලු වීමට අපි කියනවා " රි- එන්ටර්" වෙනවා කියලා....එසේ ශීර්ෂ ගෙන එන කුටීරය තමයි "රි-එන්ට්‍රි වෙහිකල්ස්" කියන්නෙ....
Multiple Independently Targetable Reentry Vehicles (MIRVs) සිස්ටම් එකේ තියෙන විශේෂත්වය මේකයි....
සාමාන්‍ය රි-එන්ට්‍රි වෙහික්ල්ස් වල ගෙන යා හැක්කේ එක යුද ශීර්ෂයක් පමණයි....ටී.එන්.ටී කිලෝ 15,000 - 17,000 ක පමණ ශක්තියක්
මුදා හැරිය හැකි න්‍යෂ්ඨික යුද ශීර්ෂ 1 ක් පමණක් ගෙනියන්න පුලුවන්.....නමුත් මේ MIRVs සිස්ටම් එකේදි "එකිනෙකට ස්වාධීන වූ ඉලක්ක මත ස්වාධීන චලිත පරාවක්‍රයක් ඔස්සේ පතනය කළ හැකි න්‍යෂ්ඨික යුද ශීර්ෂ කිහිපයක් සහ ඒ ශීර්ෂ දරන රි-එන්ට්‍රි ( ඒ කියන්නෙ පෘතුවිය වටා ඇති යම් කිසි කක්ෂයක , බොහෝ දුරට එකේ කිලෝමීටර් 600-900 ක් පමණ ඉහළින් කක්ෂගතව සිට නිවැරදි පථයන් වලදි පෘතුවියේ ඉලක්ක කිහිපයක් කරා යුද ශීර්ෂ යැවිය හැකි
) වෙහික්ල්ස් කිහිපයක්ම මෙහි තිබෙනවා.....ඒ කියන්නෙ සරලවම කිව්වොත් "න්‍යෂ්ඨික බෝම්බයක් තනි ඉලක්කයක් කරා යවනු වෙනුවට, එකම අන්තර් මහාද්වීපික බැල්ස්ටික් මිසයිලයක ප්‍රක්ෂේපණය, ප්‍රවේගය, ත්වරණය සහ ගුරුත්වජ චලනය උපයෝගී කරන බෝම්බ කිහිපයක් නගර හෝ ඉලක්ක කිහිපයක් වෙත යවන්න පුලුවන් පද්ධතිය" තමයි Multiple Independently Targetable Reentry Vehicles (MIRVs) කියලා කියන්නෙ....
බූස්ටර් ස්ටේජ් එකේදි, ඒ කියන්නෙ ප්‍රක්ෂිප්තයට අවශ්‍ය චාලක ශක්තිය රොකට් ඉන්ධන දහනයේ උඩුකුරු තෙරපුම මගින් ලබා දෙමින් මිසයිල පෘතුවි කක්ෂ ගත කරන ස්ටේජ් 1 සහ 2 අවස්ථා වලදි මේ දෙවර්ගයේම ක්‍රියාන්විතය බොහෝ දුරට සෛද්ධාන්තිකව එකයි.....
වෙනස පටන් ගන්නෙ එහි ඉන්ධන දහනයේ දෙවනි අදියර අවසන් කළාට පස්සෙ....බොහෝ විට ඒ වනවිට එය පියාසැරියේ උපරිම උන්නතාංශය ලබාගෙන තියෙන්නෙ....එතැන් සිට කරන්නෙ ගුරුත්වජ ගතිකයන් භාවිතා කරමින් ශබ්දයේ වේගය මෙන් කිහිප ගුණයක ප්‍රවේගයකට පැමිණ, යුද ශීර්ෂ සහිත රි-එන්ට්‍රි වෙහික්ල්ස් සිය ඉලක්ක වෙත යන පරාවක්‍රයන් වෙත මුදා හැරීමයි......එහිදීත් කුඩා ප්‍රමාණයේ ඔක්සිලරි බූස්ටර්ස් මගින් අදාළ ශීර්ෂ කුටීරයේ ගමන් මග අවශ්‍ය පරිදි වෙනස් කරනු ලබනවා....එක් යුද ශීර්ෂයක් එහි ඉලක්ක පරාවක්‍රයට යවනු වෙනුවට මේ පද්ධති වලදි යුද ශීර්ෂ කිහිපයක් ඉලක්කගත ප්‍රක්ෂේපණයකට යොමු කරනු ලබනවා.....
බූස්ටර් ස්ටේජස් දෙක ගැළවී ගියාට පසුව ( ඒකට අපි කියනවා "ජෙටිසන්" ( Jettison ) වෙනවා හෙවත් අපක්ෂේපනය වෙනවා කියලා ) අදාළ රි-එන්ට්‍රි සිස්ටම් එක එහි ඩිප්ලෝයිමන්ට් මොඩියුල් එක මගින් ඉලක්ක පථයට ස්ථාන ගත කර ස්ථාවර කරනවා.....ඒකෙ ඔක්සිලර් බූස්ටර්ස් සබ් සිස්ටම් එක තමයි ඒ කාර්ය්‍යෙදි අවශ්‍ය ආනති සහ අංශක සකස් කරන්න පැති සහාය එහෙම ලබා දෙන්නෙ.....ඉන් පසුව මෙතෙක් රි-එන්ට්‍රි සිස්ටම් එක ආවරණය කළ එහි ඉදිරිපස පියන හෙවත් ෂ්‍රවුඩ් එකත් අපක්ෂේපනය කරනවා....අනතුරුව ගෑස් ජෙනරේටර් මගින් එකී යුද ශීර්ෂ සහිත රි-එන්ට්‍රි කොටස අධිවේගී පරිභ්‍රමණයකට පත් කරනවා....එහෙම කරන්නේ අදාළ පථය ගන්න අවශ්‍ය උන්නතාංශය සහ ආනතියට ආවාට පසුව, පෘතුවි ගුරුත්ව ක්ෂේත්‍රයේ බලපැම අවම කර, කේන්ද්‍රාපසාරී බලයක් එයට ප්‍රතිවිරුද්ධව යොමුකරමින් ඒ යුද ශීර්ෂ සහිත කුටීරයේ ඉලක්ක පථය නිවැරදිව පවත්වා ගන්න......
අදාළ යුද ශීර්ෂ ප්‍රවාහක යළිත් වායුගෝලයේ ඝණ ස්ථරයන් වෙත ඇතුළු වෙනකොට එහි මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 3500 - 4500 ක් අතර පරාසයකට රත්වෙනවා....මෙසේ රත්වීමේදි යුද ශීර්ෂයට හානියක් නොවී ආරක්ෂා කරගන්න අවශ්‍ය කාබන් ආවරණයක් මේ ප්‍රවාහකයන් සතුව තිබෙනවා....එම ආවරණ මගින් යුද ශීර්ෂ කුටීරයේ උෂණත්වය සෙල්සියස් අංශක 50 - 60 අතර රඳවාගන්නවා......එසේ කරන්නෙ ඒ කාබන් ආවරණයත් ක්‍රමයෙන් විසංයෝජනයට ලක් වෙමින්....මේ රි-එන්ට්‍රි එකේදි අදාළ රි-එන්ට්‍රි වෙහිකල් එක එහි උපරිම ප්‍රවේගයට හෙවත් තප්පරයට කිලෝමීටර් 3 - 5/ 6 පමණ ප්‍රවේගයක් ලබාගන්න පුලුවන්....අග්නි 5 මිසයිලයේ නම් එය තප්පරයට කිලෝමීටර් 5.1 ක් ලෙස වාර්ථා වී තිබෙනවා.... ඉන්පසුව ඝණ වායුගෝලය තුළදී ප්‍රති-පීඩනය නිසා මෙම ප්‍රවේගය තරමක් අඩුවෙනවා.....
මෙසේ එක් එක් යුද ශීර්ෂ සහිත රි-එන්ට්‍රි වෙහිකල්ස්, ඒ ඒ ඉලක්කයන්ට අදාළ පෙරගණනය කරන ලද පථයන් ඔස්සේ යලි වායුගෝලයට ඇතුලුවෙනවා....
පෙරේදා දිනයේදි සිය පළමු වැනි කුටීර අත්හදා බැලීම කරපු අග්නි - 5 ව්‍යාපෘතියේ මිසයිලයට එහි උපරිම ශක්‍යතාවය අනුව කිලෝ 15,000 ටී.එන්.ටී සමාන ශක්තියක් මුදාහරින න්‍යෂ්ඨික යුද ශීර්ෂ 4 ක් පමණ ගෙන යන්න තමයි සැළසුම් කරල තියෙන්නෙ....නමුත් අත්හදා බැලීමෙදි ගෙනගියේ එක ඩමි වෝ හෙඩ් එකක් පමණයි.....එහෙම උනත් ඒකත් MIRV System එකක් ලෙස සළකනු ලබනවා.....
මේ ක්‍රමයෙන් එක අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිලයක ප්‍රොපල්ෂන් යොදාගෙන කක්ෂ ගත කරන න්‍යෂ්ඨික යුද ශීර්ෂ කිහිපයක් භාවිතා කර එකවර වැදගත් ඉලක්ක කිහිපයක්ම සමතලා කර දමන්න පුලුවන්....මෙවැනි මිසයිල පද්ධති අතුරින් බලවත්ම පද්ධතිය ලෙස දැනට පිළිගනු ලබන්නේ ඇමරිකා එක්සත් ජනපදය සතුව පැවති LGM-118A Peacekeeper යන මිසයිල පද්ධතිය.....
මේ මිසයිල් පද්ධතිය සතු රි-එන්ට්‍රි සිස්ටම් එකේ එකවර යුද ශීර්ෂ 10 ක් පමණ සහිත රි-එන්ට්‍රි වෙහිකල්ස් ගෙන යාමේ හැකියාව පවතිනවා......2005 වසරේදි එක්සත් ජනපදය මෙම අන්තර් මහාද්වීපික මිසයිල පද්ධතිය භාවිතයෙන් ඉවත් කරනු ලැබුවා....
ඉස්සෙල්ලා බලමු මොනවද මේ රි-එන්ට්‍රි වෙහිකල්ස් කියන්නෙ කියලා...
අග්නි මිසයිලය අදියර 3 ක මිසයිලයක්... සාමාන්‍යයෙන් එවැනි අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක අදියර තුන / කොටස් තුන පහත පරිදියි
- Boost System
- Post Boost System
- Re-entry system / Re-entry vehicles system
මෙතන රි-එන්ට්‍රි සිස්ටම් එකේ අදියර / කොටස් තුනක් තියෙනවා
- Deployment module - රි එන්ට්‍රි ට්‍රැජෙක්ටරි එක අරගෙන, එයට අවශ්‍ය චලිතයන් සිදු කිරීම කරන කොටස
- Warheads - යුද ශීර්ෂ
- Protective shrouds - මූලික ප්‍රක්ෂේපණය තුළ යුද ශීර්ෂ ආරක්ෂා කරන කොටස ( මිසයිලයේ ඉහළම කොටස )
පෘතුවියේ යම් ලක්ෂ්‍යයක සිට ඉහළට ඝණ හෝ ද්‍රව ඉන්ධන භාවිතයෙන් විද, පහළ භූ කක්ෂයක ( Low Earth Orbit - LEO - 600 - 900 Kms up from the surface) කක්ෂ ගත කරනු ලබන මිසයිලය, ඒ වෙන තෙක් ගෙනගොස්, අදාළ ගගණ චලිතයන් සිදුකරන අදියර දෙක තමයි අපි ඉහත කියපු "බූස්ටර්" ( මූලික ගුවන් ගත කිරීමේ බලය සහ චාලක ශක්තිය ලබාදෙන කොටස ) සහ "පෝස්ට් බූස්ටර්" ( අධි ගගණ හැසිරවීම් සඳහා කක්ෂයේ ස්ථානගත කර , ස්ථාවර කරන කොටස )
අදියර දෙක...
ඒ වනවිට මේ මිසයිලය පෘතුවි වායුගෝලයේ ඝණ ස්ථරයන්ගෙන් ඔබ්බේ පවතින්නෙ.....ඒක තමයි ඒ පියාසැරියේ උපරිම උන්නතාංශය.....
එහෙම පවතින යුද ශීර්ෂ යළි යම් කුටීරයක් සමග පොළවේ තිබෙන ඉලක්ක කරා එන්න ඕන....අන්න ඒ ඒමේදි නැවත වායුගෝලයේ ඝණ ස්ථරයන්ට ඇතුලු වීමට අපි කියනවා " රි- එන්ටර්" වෙනවා කියලා....එසේ ශීර්ෂ ගෙන එන කුටීරය තමයි "රි-එන්ට්‍රි වෙහිකල්ස්" කියන්නෙ....
Multiple Independently Targetable Reentry Vehicles (MIRVs) සිස්ටම් එකේ තියෙන විශේෂත්වය මේකයි....
සාමාන්‍ය රි-එන්ට්‍රි වෙහික්ල්ස් වල ගෙන යා හැක්කේ එක යුද ශීර්ෂයක් පමණයි....ටී.එන්.ටී කිලෝ 15,000 - 17,000 ක පමණ ශක්තියක්

මුදා හැරිය හැකි න්‍යෂ්ඨික යුද ශීර්ෂ 1 ක් පමණක් ගෙනියන්න පුලුවන්.....නමුත් මේ MIRVs සිස්ටම් එකේදි "එකිනෙකට ස්වාධීන වූ ඉලක්ක මත ස්වාධීන චලිත පරාවක්‍රයක් ඔස්සේ පතනය කළ හැකි න්‍යෂ්ඨික යුද ශීර්ෂ කිහිපයක් සහ ඒ ශීර්ෂ දරන රි-එන්ට්‍රි ( ඒ කියන්නෙ පෘතුවිය වටා ඇති යම් කිසි කක්ෂයක , බොහෝ දුරට එකේ කිලෝමීටර් 600-900 ක් පමණ ඉහළින් කක්ෂගතව සිට නිවැරදි පථයන් වලදි පෘතුවියේ ඉලක්ක කිහිපයක් කරා යුද ශීර්ෂ යැවිය හැකි
) වෙහික්ල්ස් කිහිපයක්ම මෙහි තිබෙනවා.....ඒ කියන්නෙ සරලවම කිව්වොත් "න්‍යෂ්ඨික බෝම්බයක් තනි ඉලක්කයක් කරා යවනු වෙනුවට, එකම අන්තර් මහාද්වීපික බැල්ස්ටික් මිසයිලයක ප්‍රක්ෂේපණය, ප්‍රවේගය, ත්වරණය සහ ගුරුත්වජ චලනය උපයෝගී කරන බෝම්බ කිහිපයක් නගර හෝ ඉලක්ක කිහිපයක් වෙත යවන්න පුලුවන් පද්ධතිය" තමයි Multiple Independently Targetable Reentry Vehicles (MIRVs) කියලා කියන්නෙ....බූස්ටර් ස්ටේජ් එකේදි, ඒ කියන්නෙ ප්‍රක්ෂිප්තයට අවශ්‍ය චාලක ශක්තිය රොකට් ඉන්ධන දහනයේ උඩුකුරු තෙරපුම මගින් ලබා දෙමින් මිසයිල පෘතුවි කක්ෂ ගත කරන ස්ටේජ් 1 සහ 2 අවස්ථා වලදි මේ දෙවර්ගයේම ක්‍රියාන්විතය බොහෝ දුරට සෛද්ධාන්තිකව එකයි.....