සුපිරි_TV_series _එකක්_බලමු

thomian

Well-known member
  • May 20, 2011
    12,366
    17,379
    113
    සුපිරි_TV_series _එකක්_බලමු

    GOT වලට පස්සෙ මම බලපු සුපිරිම TV series එකක් ගැන තමයි මේ කියන්නෙ. Inception , Matrix, Fight club , shutter island , Interstellar වගේ ෆිල්ම් වලට ආස යට නම් මේක එලටම සෙට් වෙයි . දැනට මේකේ ඇවිත් තියෙනේ Season 03 ක් විතරයි. 04 වෙනි එක මේ අවුරුද්දේ එනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි හැම episode එකකටම එකිනෙකට වෙනස් ම කතාවක් තියෙන්නේ.. ඒ කියන්නේ එක කතාවක් එක episode එකකින් ඉවර වෙනවා..මේ series එක පුරාම දිවෙන්නේ අනාගතයේ තාක්ෂනය දිවුණු විම සමග දැනට පවතින මිනිස් සමාජය මොන වගේ වේවිද කියන දේ..කොහොම උනත් කියන්න ඕන මේක මේ වෙනකම් තිබුන Sci-Fi movies / dramas වලට වඩා ගොඩක් ම වෙනස්..පටන් ගනිපු වෙලාවේ ඉදලා ඉවර වෙනකම්ම කෘතුහලයෙන් බලන්න පුළුවන්. IMDB වල 8.9 වගේ ඉහල අගයක් අරගෙන තියෙනවා. ඒ වගේම හැම season එකක් ම episodes 4 වගේ ගානක් තමයි තියෙන්නේ.


    BlackMirrorTitleCard.jpg



    මේ පහලින් දාල තියෙන්නේ ඒ ඒ කතා ගැන පොඩි විස්තරයක්

    Season 1



    EP 1. එක් අවස්තාවක රජ පවුලේ කුමාරිකාවක් යම්කිසි අපරාධ කරුවන් පිරිසක් විසින් පැහර ගැනීමට ලක් වෙනවා..කුමරියව නිදහස් කිරීමට නම් ඔවුන් විසින් අමුතුම අකාරයේ ඉල්ලීමක් අගමැති වරයා වෙත ඉදිරි පත් කරනවා ;)

    EP 2. අනාගත ලෝකයේ පැවැත්වෙන රියලිටි තරගයක් කොහොම වෙයි ද ? ඒ වෙනුවෙන් මොන වගේ කැපකිරීම කරන්න සිද්ද වෙයි ද ? මේකෙන් ඒ ගැන බලන්න පුළුවන් :baffled:

    EP 3. අනාගතයේ දී ලෝකයේ වෙසෙන පුද්ගලයන් හට ඔවුන්ගේ සියලුම මතකයන් රෙකෝඩ් කර ගැනීමට ඉඩ ලැබෙනවා. ඉන් පසු ඔවුන්ට අවශය විටක youtube වීඩියෝවක් නරබන ආකාරයෙන් එය බැලීමට ඉඩ ලැබෙනවා..නමුත් මෙය හැම මොහොතකම හොද වෙයිද ?


    Season 02





    EP 1.ගම් බද ප්‍රදේශයක වාසය කරන ආදරණිය තරුණ යුවලක් සිටිනවා. නමුත් අවාසනාවන්ත ලෙස එම තරුණයා රිය අ නතුරකින් මිය යනවා. මින්පසු නිවසේ තනිවන බිරිද මොන වගේ දෙයක් කරාවිද ? අහිමි උන ආදරවන්තයා වෙනුවෙන්.

    EP 2. මතකය අහිමි උන තරුණියක් නිවසක සිටියදී අවදි වෙනවා..ටික වෙලාවකින් අබිරහස් කණ්ඩායමක් ඇයව මරා දැමීමට උත්සාහ කරනවා..ඇය උදවු ඉල්ලා සිටියත් කිසිවෙකු ඇයට උදව් කරන්නට ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන සියලු දෙනාම ජංගම දුරකථන වලින් මේ දර්ශනය වීඩියෝ කරනවා පමණයි.:dull::dull::angry::confused:

    EP 3. මේකේ තියෙන්නේ අනාගත ලෝකයේ දේශපාලන ප්‍රචාරණ කටයුතු කොහොම වෙයි ද කියන එක ගැන.:rofl::rolleyes:

    EP 4. සිතල නත්තල් කාලයේ යම් අබිරහස් ගොඩනැගිල්ලක් තුල පුද්ගලයන් දෙදෙනෙක් ආහාර ගනිමින් සිටිනවා..ආහාර ගන්න අතරතුර ඔවුන තමන් ජිවිත කාලයේ කරන ලද නොයෙක් අමුතු දේවල් ගැන කතා කිමට පටන් ගන්නවා. :shocked::shocked::shocked:




    Season 03




    EP 1. මේක නම් අද කාලෙටත් ගැලපෙන කතාවක් තියෙන්නේ. මේකේ එන විදියට අනාගත ලෝකයේ සියලුම දේවල් තීරණය වෙන්නේ social media හරහායි. ඒ කියන්නේ අපට ලැබෙන likes / ratings වලට අනුව තමයි අපේ ජීවිතය තීරණය වෙන්නේ. අපේ ජිවන තත්වය , අපට සමාජයේ ලැබෙන වරප්‍රසාද වගේ හැම දෙයක්ම තීරණය වෙන්නේ අපේ social media profile quality එකේ තත්වය අනුවයි.:rofl::rofl::P:P:nerd::nerd::baffled:

    EP 2. අනාගත ලෝකයේ පරිගණ ක්‍රීඩා සහ සැබෑ ලෝකය අතර වෙනස මොන වගේ වෙයිද ? ඒ වෙනස අපිට අදුන ගන්න පුළුවන් වෙයිද ? :confused::confused::rolleyes:

    EP 3. තරුණයෙකුගේ රහසිගත වීඩියෝවක් පරිගණ හැකර් කෙනෙකු විසින් ලබා ගන්නවා . මින් පසු එම තරුණයාට කුමන ඉරණමකට මුහුණ දෙන්න සිදුවෙයිද ?:dull::dull::frown:

    EP 4. කාල සහ අවකාශ නීතියට ආදරය යටත් වෙයිද ? මේ කතාවෙන් ඒක බලා ගන්න පුළුවන්. :love::love::love::love:

    EP 5. අනාගත ලෝකයේ සිටින හමුදාව මොන වගේ තාක්ෂණයක් යොදා ගනිවිද තමන්ගේ සතුරා විනාශ කිරීමට ? ඒ ක්‍රම කොතරම් සාධාරණ වේවිද ?:oo: :yes::yes::(:(:shocked::shocked:



     
    Last edited by a moderator:

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    අඩෝ පට්ට ඇති බලන්න ඕනෙ. westworld සෙට් වෙන්නෙ නෑ. :(
     

    kjRfue

    Active member
  • Sep 10, 2014
    288
    55
    28
    ekakata ekak sambandayak naha . eka eka charitha inne .patta series ekak .man nam baluwe season 3 witarai .
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,366
    17,379
    113


    අඩෝ පට්ට ඇති බලන්න ඕනෙ. westworld සෙට් වෙන්නෙ නෑ. :(

    අඩෝ පට්ට ඇති බලන්න ඕනෙ. westworld සෙට් වෙන්නෙ නෑ. :(


    :cool::cool::cool:

    මේක සුප්පා බන්...වෙස්ට් වොර්ල්ඩ් වලට වඩා නම් මට මේක සිය ගුණයක් ගොඩක් හොදයි. :yes::yes: එකම එපිසෝඩ් එකකදී වත් කම්මැලි හිතෙන්නේ නෑ :yes:
    :yes::love::love:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඕක අර මිස්ටර් රොබට් වගේ ඔලුව විකාර වෙන එකක්ද බන්. :nerd:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අඩෝ පට්ට ඇති බලන්න ඕනෙ. westworld සෙට් වෙන්නෙ නෑ. :(

    අඩෝ පට්ට ඇති බලන්න ඕනෙ. westworld සෙට් වෙන්නෙ නෑ. :(

    westworld මුලින් චොන්ෆුසින්ග් දිගට බලද්දී තම නැගල යන්නේ බන්, උබල දැන් ඔහොම කිව්වට කවදාහරි බලන්නම වෙනවා එක එතරන්ම් හිට් වෙනවා :P
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    westworld මුලින් චොන්ෆුසින්ග් දිගට බලද්දී තම නැගල යන්නේ බන්, උබල දැන් ඔහොම කිව්වට කවදාහරි බලන්නම වෙනවා එක එතරන්ම් හිට් වෙනවා :P
    ukana seen thiyanawa ne naginna:dull:
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo


    EP 4. සිතල නත්තල් කාලයේ යම් අබිරහස් ගොඩනැගිල්ලක් තුල පුද්ගලයන් දෙදෙනෙක් ආහාර ගනිමින් සිටිනවා..ආහාර ගන්න අතරතුර ඔවුන තමන් ජිවිත කාලයේ කරන ලද නොයෙක් අමුතු දේවල් ගැන කතා කිමට පටන් ගන්නවා. :shocked::shocked::shocked:

    EP 3. තරුණයෙකුගේ රහසිගත වීඩියෝවක් පරිගණ හැකර් කෙනෙකු විසින් ලබා ගන්නවා . මින් පසු එම තරුණයාට කුමන ඉරණමකට මුහුණ දෙන්න සිදුවෙයිද ?:dull::dull::frown:



    Nothing can beat these two. :yes:

    I was deeply moved and horrified by the first one.

    The second one was equally magnificent.

    Two of the best episodes ever produced for a TV series.
     
    Last edited: